Tuesday, June 14, 2011

මිහින්තලාවේ ලොව්තුරු දහම් අමාවේ!

මිහින්තලාවේ ලොව්තුරු දහම් අමාවේ
සිසිල් සුලං ගතේ වැදී නිවයි විඩාවේ
හෙමින් හෙමින් පය තබලා නගින මේ නඩේ
නිවන් පතා පින් පුරවා ගමන නිමාවේ


සසර මගේ හමුවී ඇති සෑම දෙනා මේ ලෙසේ
උපන් බිමේ පිනටම අපි පැමිණි විලාසේ
නවතන මේ සසර ගමන එකම එක ලෙසේ
බවුන් වඩා සිල් පුරවා නිවන් පතමු මේ ලෙසේ


දහම් අමාවේ සිසිලස ලොවට බෙදාදී
තිස්ස නිරිඳු පෑ මහිමය තවම සුවඳ දී
මහ රහතුන් වැඩිය මගම යමුද පේ වෙවී
සසර ගමන නිමා කරමු නිතර පින් දිදී

2 comments:

  1. මේ සඳ දැක ඇත අනන්ත‍‍
    මුනිවරු දෙසනා බණවර
    අනුබුදු හිමියන් පිරිවර
    මිහින්තලාවේ සිට එන
    මේ සඳමයි ඒ අසිරිය දුටුවේ
    ඒ මහ පිරිසම මගපළ ලැබුවේ..
    පොසොන් ස‍ෙඳේ..මිහින්තලේ...

    ReplyDelete
  2. මේ සඳ දැක ඇත අනන්ත‍‍
    මුනිවරු දෙසනා බණවර
    අනුබුදු හිමියන් පිරිවර
    මිහින්තලාවේ සිට එන
    මේ සඳමයි ඒ අසිරිය දුටුවේ
    ඒ මහ පිරිසම මගපළ ලැබුවේ..
    පොසොන් ස‍ෙඳේ..මිහින්තලේ...

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...