Showing posts with label දඹදිව වන්දනා. Show all posts
Showing posts with label දඹදිව වන්දනා. Show all posts

Monday, August 7, 2017

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 20 - අසිරිමත් ගයාවේ


අද මේ ලියන්නේ අප ගයාවෙ ගතකල අවසන් දිනයයි. ශීලසමාදානයෙන් පසුව අප නැවතී සිටි නවාතැනට එනවිට බොහෝ රෑ බෝවී තිබුනා. වෙහෙසත් සමග සිතේ සතුටත් සමග අපේ ගමනාන්තයට ලක්වන බව වැටහුනා. දැන් බුද්ධගයාවේ නවාතැන් බොහොමයක් තියෙනවා.  ඉන්දියාවේ මහා බෝධි සමාගමේ නවතැන්පලවල් වල ඉතාම සාධාරණ මුදලකට නවාතැන් ගත හැක. ඔබට පහත සදහන් මහා බෝධි සමාගමේ දුරකථන අංකයෙන් විස්තර ලබා ගතහැක. 
ඉන්දියාවේ මහා බෝධි සමාගම 0091-631-2200742
0091-631-2200716  ඊ මේල්- mbsi_1891@yahoo.com


බුද්ධගයාව තරම් සිත් පහන් කරන තැනක් මේ මිහිපිට ඇතැයි මට නොසිතේ. දින කීපයක් මෙහි ගතකරන්නට තිබුනානම් කියා නොයෙක් වර සිතුණි. මෙහි ශ්‍රී මහා බෝධිය අසල තියෙන සිසිලස හා සෙවන අනුරපුර අප ශ්‍රී මහා බෝධි සෙවනේ මෙන් ගත සිත සිසිල් කරයි. මෙහිදී අප සියළු දෙනාටම සැදැහැවත් කුලපුත්‍රයෙක්, කුලවමියක් ලෙස හදුන්වා සහතික පත්‍රයක් ලැබුණි. 

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිදුහත් කුමරු උපන් අවස්ථාවේම පහලවූ වස්තූන්ගෙන් එකකි. 

අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පළමුසතිය නිවන්සුව විඳිමින් ද දෙවන සතියේ එම වෘක්ශයට ගරුකිරීමක් ලෙස අනිමිසලෝචන පූජාවෙන් පිදූ සේක. මෙලෙස පිදුම් ලැබූ බෝධීන් වහන්සේට පළමුවෙන්ම උවදුරක් සිදුවන්නේ අශෝක රජුගේ කාලයේය. 
පසුව ධර්මාශෝක රජතුමාගේ පසුකාලෙක බිසවවූ තීක්ෂණ රක්ෂිතා නම් කුමරියක විසින් බමුණන් ලවා විසකටු ගසා බෝධීන්වහන්සේ මරාදැමීමට කටයුතු යෙදූහ.  එහෙත් විස්මයකට මෙන් බෝධීන් වහන්සේ නැවත් එම ස්ථානයේන්ම පැන නැගුණි.  රජතුමාගේ අවසන් කාලයේ මහත් ශ්‍රද්ධාවෙන් සත්කාර කල බව කියැවේ.

පසුකාලෙක දි බටහිර බෙංගාලයේ ශශංක නම් රජතුමා ද බෝධීන් වහන්සේ කපා දමා ගිනිතබා උක්පැණි වත්කර විනාශ කළහ. පසුව මගධයේ රජවූ පූර්ණවර්ධන නම් රජතුමා කල සත්කාර නිසා මුල් වලින් නැවතත් එක් අංකුරයක් පැන නැගුණි. එය ප්‍රවේශම් කිරීම සඳහා අඩි විසි හතරක් උස තාප්පයක් බඳවා ආරක්ශා කෙරුණි.

නාලන්දා විශ්වවිද්‍යාලය විනාශකල මුස්ලිම් ආක්‍රමණ සමයේ යළිත් ගිණිබත් වූ බෝධීන් වහන්සේ යලිත් පැන නැගී ඇත. 

ඉතා ආශ්චර්යවත් ව යලිත් මහා සුළිකුණාටුවකට පසුව හත්වෙනිවරටත් විරාජමාණව අසිරිමත්ව නැගී සිටියහ.  
අද අපි වන්දනාමාන කරන්නේ එම ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේටය.





  බුද්ධගයා පරිශ්‍රයේ කුඩා විහාර දහ හතක් වේ. වරින් වර රජ වූ රජ වරුන් විසින් මේවා ඉදිකර ඇතැයි විශ්වාස කෙරේ. 


අද අපහට මෙම විහාර පරිශ්‍රය වැදපුදා ගැනීමට හැකිවන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාළ තුමාහට පින් සිදුවන්නටය.

අප නවාතැනට පැමිණ රාත්‍රී ආහාරයෙන් පසුව ශාලාවේ සියළු දෙනා එක්ව අපහට අනේක විධ අයුරින් උපකාර කල ඉන්දියානු දරුවන්ට ස්තූති කිරීමක්ද සිදුකරන ලදී. 





අප විසින් කුඩා තිළිණ ප්‍රදානයක් ද කෙරුණි. සැම දෙනාම පසුදා යලි මව්බිම බලා යාමට සූදානම් විය යුතු විය.






මෙය මේ චාරිකාවේ අවසන් සටහනයි. මේ සටහන මට නිමා කරන්නට වන්නේ ඉතාම කණගාටු දායක ආරංචියකින් මයි. අප සමඟ අපේ ගමන් නියමුවාවූ අජිත් ක්‍රිශාන්ත මහතා පසුගිය සතියේ අප අතැර ගියේ ජීවිතයේ අනියත බව පසක් කරමින්. ඉතාම මහත්මා ගතිගුණයන්ගෙන් පිරි මිනිසෙකු අපහට ඇසුරු කිරීමට ලැබීමත් භාග්‍යක් සේ සලකමි. 

ඔබ අප මේ වන්දනාවෙන් සිදුකර ගත්තාවූ සියළුම පුන්‍ය ධර්මයන් එතුමාට අත්පත් වේවා!  ඉතා කෙටිකලකින් සසර දුක් නිවා නිවනේ සැනසීම ලැබේවා!  

මේ සදහා අපහට උපකාර කල සියළුම දෙනාට මේ පින් අත්පත් වේවා.
 හැමටම සසර දුක් නිමාවී නිවනේ සැනසීම ලැබේවා!




Monday, April 6, 2015

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 19 - අසිරිමත් ගයාවේ


බුද්ධ ගයාව. 

හරිම අසිරිමත් තැනක්. ලෝකෙ සියළුම බුදුවරයන් වහන්සේලා බුද්ධත්වය ලබන ස්ථානය. 

බුද්ධගයා හි පිහිටාඇති මහාබෝධි විහාරය (බුද්ධගයා විහාරය ලෙස ශ්‍රී ලංකාවේ භාවිතාවේ) යනු බුදුරජාණන් වහන්සේවූ සිද්ධාර්ථ ගෞතමයන්, බුද්ධත්වයට පත්වූ ස්ථානයවූ බුද්ධගයාවෙහි පිහිටි බෞද්ධ විහාරයකි. බුද්ධ ගයාව පිහිටා ඇත්තේ ඉන්දියාවේ, බිහාර ප්‍රාන්තයේ, පට්නා නගරයේ සිට කිමී 96 (සැතපුම් 60) පමණ ඈතිනි. විහාරය පසෙකින්, එහි බටහිර පසට වන්නට, පූජනීය බෝධි වෘක්ෂය පිහිටා ඇත. පාලි ත්‍රිපිටකයෙහි, මෙම ස්ථානය හැඳින්වෙන්නේ බෝධිමන්ද ලෙසින් වන අතර, එහි ඇති ආරාමය බෝධිමන්ද විහාරය වේ.

බෞද්ධ අටුවා ලියවිලි අනුව, බුද්ධගයාවෙහි බෝධි වෘක්ෂය පිහිටි ස්ථානය සියළු බුදුවරුන් සඳහා පොදු වෙයි . ජාතක කථාවන් අනුව, එය පෘථිවියෙහි නාභිය නිර්මාණය කරන අතර  , බුද්ධත්වයට පත්වීමෙහි මහා විශ්මිත  බව වෙන කිසියම් ස්ථානයකින් හෝ දරා ගැනුමට නොහැකි බව කියැවේ. 

මෙම ස්ථානයෙහි බෝ වෘක්ෂයක් නොවැඩෙන අවස්ථාවකදී, බෝධි වෘක්ෂය අවට රාජකීය ක්‍රොෂ් එකක දුරක් වන තුරු කිසිම පැලෑටියක්, තණ ගසක් හෝ නොවැවෙන බවත්, සුමුදු වැලි වලින් පිරි රිදී තැටියක් වැනිව සුමුදු වනු බවත් පැවසේ. මෙම භූමි භාගය වට කොට තණ, වැල් සහ වෘක්ෂ පමණක් පවතින බවත් පැවසේ. මෙම පෙදෙසට මෑත අහසින් වුවද කිසිවෙකුට ගමන් කල නොහැකි බවද ශක්‍රයාට වුවද එසේ කල නොහැකි බවද කියැවේ  

කල්පාන්තයෙහිදී ලෝකය විනාශවන කල්හී, අවසානයට අතුරුදහන් වන ස්ථානය බෝධිමන්ද වේ; ලෝකය නැවත පැවතීමට ආරම්භ වන විට, හටගන්නා පළමු දෙයද එය වේ. එය දර්ශනපථයට ගෙන ඒම සඳහා, එහි නෙළුමක් මතු වන අතර, එවන විට ඇරඹුනු කල්පයෙහි බුදු කෙනෙකු ඉපදීම සිදුවීමට තිබේ නම්, බුදුවරුන් ගණන අනුව, නෙළුම පුෂ්ප දරන බව කියැවේ.

ගෞතම බුදුරජාණන් වහන්සේ විෂයෙහි, එතුමාණන්ගේ බෝධි වෘක්ෂය බුදුරජාණන් වහන්සේ උපත ලද දිනයෙහිදීම  පැණ නැග ඇත .





බුද්ධගයා මහා විහාරය වජ්‍රාසනව විහාරය නමින් මුලින්ම ගොඩ නංවන ලද්දේ වීරදේව නම් භික්ෂූන් වහන්සේ විසිනි. පසුව ඉතා ප්‍රසිද්ධ හින්දු බ්‍රාහ්මණයෙකු විසින් විහාරය තරමක් විශාල කරන ලදී. ඉන් කාලයකට පසුව ධර්මාශෝක රජ තුමා  විසින් මේ විහාරය අඩි එකසිය හැත්තෑවක් උසට කරවන ලදී. පෙලින් පෙළ කරන ලද කුහරයන් තුල රන් ආලේපිත හා රන් පිළිම වහන්සේලා තැන්පත් කර තිබූ බවට සාක්ෂි ඇත. 

 පහත මාලයෙහි මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ භූමි ස්පර්ශ මුද්‍රා පිළිම වහන්සේ තැන්පත්කර ඇති අතර ඉහල මාලයෙහි මෛත්‍රිය හා අවලෝකිතෙශ්වර යන බෝසතුන්ගේ අඩි දහයක් උසැති රිදී රූප දෙකක් තැන්පත් කර ඇත. මුළු මහා විහාර බිත්ති පුරාම බුදු පිළිම වහන්සේලා මෙන්ම තාරා දේවි වැනි පිළිම දැකිය හැක. 

විහාරය දෙවනවරට කරවූ බ්‍රාහ්මණයා විසින් ජීවමාන බුදු රදුන් ආකාරයට පිළිමයක් නෙලන්නට සමත් අයෙක් ඇත්නම් ඉදිරිපත් වන ලෙස දන්වා සිටියහ. නමුත් මේ සඳහා කිසිවෙකුත් ඉදිරිපත් උනේ නැත.  හේතුව බුදුරදුන් වැනි මහා බලසම්පන්න කෙනෙකුගේ රූපයක් සෑදීම ඉතාම අපහසු කාර්යයක් වූ නිසාය. 



එක් දිනක් බ්‍රාහ්මණයෙක් පැමිණ, බුදුරජුන් ගේ මහා පුරිස ලක්ෂණ සහිත පිළිම වහන්සේ නමක් මම ඉදිකර දෙන්නෙමියි කියා ඉදිරිපත්විය. ඒ සඳහා සුවඳ කැවූ මැටි ගොඩක් හා දැල්වූ පහනක් ඉල්ලා සිටියා. මේ සියල්ල සපයා දී තමා ඇතුලට දමා දොරවල් වසා, මාස හයකට පසුව දොරවල් අරිනු මැනවයි ඉල්ලා සිටියහ.   නමුත් නියමිත කාලයට පෙර බමුණා ගේ කුතුහලය නිසාම දොර ඇර බැලූහ. 
විහාරය තුල ජීවමාන බුදුරුවක් දැකීමට තිබුණි. මේ දුටු පිරිස ආශ්චර්යයට පත්වූහ. නැගෙනහිර දෙසට මුහුණ ලා නෙලා තිබුණ මෙකී පිළිම වහන්සේ ගේ වම් ශ්‍රී හස්තය උකුල මතද දකුණ ශ්‍රී හස්තය භූමි ස්පර්ශයෙන් ද දැකීමට තිබුණි. පිළිම වහන්සේ සම්පූර්ණයෙන්ම අඩි එකොළහයි අඟල් පහක් උසට සාදා තිබුණි. මහා පුරුෂ ලක්ෂණ ඉතාම අලංකාරව පැහැදිළිව දැකීමට තිබුණි. මුහුණ ඉතාම සෞම්‍ය අතිශයින් ශෝභාවත්ව දැකීමට තිබුණි. 
නමුත් පය පත්තේ සම්පූර්ණයෙන් මට්ටම් කොට නොතිබුණි.

 ඊට හේතුව  -


ශිල්පියා දකීමට නොසිටි නිසා මේ සිද්ධිය මහා ආශ්චර්යයක් සේම ප්‍රාතිහාර්යයක් ලෙස කවුරුත් සිතූහ. පිළිම ගෙය සෑදූ දින පටන් එක් භික්ෂුවක් එහි ආවතේව සඳහා නිතරම වැඩ සිටියහ. එකී භික්ෂුවට බ්‍රාහ්මණ ශිල්පියා සිහිනෙන් පෙණී සිට "  මම මෙතේ බෝසත් වෙමි. සාමාන්‍ය මිනිසෙකුට බුදුරජුන්ගේ සම්පූර්න අංග ලක්ෂණ යොදා මෙවෙන්නක් නෙළීමට බැරි හෙයින් මම ඉදිරිපත් වුනෙමි" කියා සිටිහය. තවද පිළිමයේ දකුණත බිමට දිගුකොට ඇත්තේ වසවර්ති මාරයා සමඟ වජ්‍රාසනයට අයිතිය කියා පෑමේදී තමන් ගේ සාක්ෂියට මිහිකත පමණයි කියා දකුණත බිමට දික් කිරීමෙන් භූමි  ස්පර්ශ මුද්‍රාව දක්වීමෙන් ඔබට මේ කාරනය තේරුම් ගත හැකියයි කීහ.
කාරණය තේරුම් ගත් භික්ෂුන් වහන්සේ ඉතා සතුටට පතව වැඩ නොනිමවා තිබූණ තැන වැසෙනසේ වටිනා මැණික් මාලයක් එල්ලා, හිසට මැණික් එබ්බවූ ඔටුන්නක් පැළද වූහ.

අවුරුදු අට සියයක් අයිතිකාරයෙක් නැතිව තිබූ දඹදිව බුදුසසුනේදිත් නිරුපද්‍රිතව අදත් බුද්ධගයා පිළිම වහන්සේ විරාජමානව වැඩ වාසය කරයි. 


ඔබ කෙදිනක හෝ මේ පිළිම වහන්සේ වන්දනා කලේ ද, එවිට ඔබට මේ පිළිම වහන්සේ ගේ ආශ්චර්යය දැක ගැනීමට හැකිවෙනු ඇත.














බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග්රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.


1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්යෝදය පිරිවෙණේ බුද්ධ ගයා මහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප්රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප්රචාරක කටයුතු වලට බාධාවක් විය.


1906 ඇරැඹුණු “සිංහල බෞද්ධයා” පත්රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප්රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි්රයා කළේ ය. 1933 අපේර්ල් 29 දා මේ ශ්රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප්රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය.


කල්කටාවේ අග්රවිනිශ්චකාර ශ්රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප්රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප්රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.





සියලු කෙලෙස් මරුන් පරදා බුද්ධගයා බෝධි මණ්ඩලයේදී දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාර්ය  සත්‍ය ධර්මයන් ආර් අෂ්ඨාංගික මාර්ගයෙන්, මැදුම් පිළිවෙතින් අවබෝධකර උතුම් වූ නිර්වාණ ධාතුවට පැමිණි උත්තමයින් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

බෝධි වෘක්‍ෂ මූලයේදී චක්ඛුං උදපාදි, ඤාණංඋදපාදි, පඤ්ඤාඋදපාදි, විජ්ජාඋදපාදි, ආලෝකෝඋදපාදි යන පංච ධර්මයන් ලැබීමෙන් අත්ථ, ධම්ම, නිරුත්ති, පටිභාන, යන චතුපටිසම්භිදා ඤාණලාභිව පෙර නොඇසූ විරූ සිවුසස් දහම් තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ බැවින් ඒ භාග්‍යවතුන්වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.චතුරාර් සත්‍යය නම් වූ ලෝකයේ උතුම්ම ආර් සත්‍යයන් හතර සත්‍ය ඤාණ ,කෘත ඤාණ,කෘත ඤාණ නම් පරිවර්ත තුනකින් යුතුවද ආකාර දොලසකින් යුතුවද අවබෝධ කර වදාළ නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.

ඨානා ඨානා ඥානය (ස්ථාන අස්ථාන දන්නා නුවණ) කම්ම විපාක ඥානය, සබ්බත්ත ගාමිණී පටිපදා ඥානය, නානා ධාතු ලෝකධාතු ඥානය, නානාධිමුත්ති ඥානය, ඉන්ද්‍රිය පරෝපරිය ඥානය, ධ්‍යාන සංඛක්ලේශාදී ඥානය, පුබ්බේනිවාසානුස්සති ඥානය, දිබ්බචක්ඛු ඥානය, ආසවක්ෂය ඥානය යන දසබල ඥාන තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

දීපංකර බුදු පියාණන් වහන්සේගේ පාදමූලයේ විවරණ ලබා ඒකාන්තයෙන්ම මම බුද්ධ රාජ්‍යයට පැමිණ දුක් විඳින, සියලු සත්ත්වයා දුකින් එතෙර කරමියි යන දැඩි ආධිෂ්ඨානයෙන් යුතුව දස පාරමි, දස උප පාරමි, දස පරමත්ථපාරමී යන පාරමී තිහක් පුරා සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්ගෙන්ද, තෙසැත්තෑ ඤාණයන්ගෙන්ද අෂ්ඨ විද්‍යාවන්ගෙන්ද, සමන්නාගත සියලු සතුනට අනන්තවූ කරුණා මෛත්‍රිය පෑ නිදුකාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් බුද්ධගයා පින් බිම වන්දනා කිරීම

යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
ජෙත්වා ස්වාසන කිලේස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණමවගම්ම විහාසි සම්මා
තං බෝධිචේතිය මහා සිරසා නමාමි.

වාඩි වී වජිරාසනේ මත

— වීරියෙන් දිනු බුදු රජාණෙනි
නේක දොස් ඇති සියළු කෙලෙසුන්
— නසා ජය ගත් මුනි රජාණෙනි
ඤාණබලයෙන් යුතුව සම්බුදු
— බවට පත් වූ සිහරජාණෙනි
බෝධිචේතිය වඳිමි සිරසින්

— සිතා සම්බුදු ගුණ සුවාමිනි



උදෑසන කිරි ආහාර පූජා කල දර්ශන.














අශෝක ස්ථම්භය.




අපට විස්තර කියා දුන් ස්වාමින් වහන්සේ. 







පුන්‍යාණුමෝදනා, 
බුද්ධගයා විහාරයේ වැඩ වාසය කරනා ගරුතර ස්වාමීන් වහන්සේලාට, මගේ ආදරණීය මහත්තයා සහ දරුවන්ට. දෙමාපියන්ට, අජිත් මහතා අතුළු සැමට.

Wednesday, February 18, 2015

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 18 - අසිරිමත් ගයාවේ මහමෙව්නාව.

ඉතින් කාලෙකින් ලියන්න විවේකයක් තිබුනෙ නෑ. 
ඒ උනත් මේ ගමනෙ නිමාවක් දකින්න ඕනෙ නේද කියල ලියන්න හිතුනා.

දැන් එන්න එන්නම අපි ගමනෙ නිමාවට සෙන්දු වෙනව. මේ පරිසරයෙන් ඈත්වෙන්න ඇත්තෙන්ම දුකයි. අපි ගයාවේ හෙරිටෙජ් හෝටලයේ නවාතැන් ගත්තෙ. හරිම සුන්දර තැනක්.

 ගයාව හරිම සුන්දර ප්‍රදේශයක්. කෙත්වතු වලින් ගහකොල වලින් ගහන ප්‍රදේශයක්. අද පාන්දර අපි කිරිපිඬු පූජාවට ලැහැස්ති වෙනව. ඒ ගැන විස්තර පසුවට ඔබට කියන්නම්. මේ ඒ අතරේ ගිය වටිනාම තැනක් ගැන විස්තරයක්. මම යන්න ගොඩාක් ආසාවෙන් හිටිය තැනක්. කාලයක්ම හිතේ ලොකු ආසාවක් තිබුන තැනක්. 

ගයාවේ අපේ ලොකුස්වාමින් වහන්සේ විහාරයක් හදන බව දැනගත්තාම ඇත්තටම ඇති උනේ හරිම සතුටක්. ඒ විහාරය බලන්න මට තිබුන උවමනාව නිසා රැය පහන් කලේත් නොනිදාම. 
සුජාතා ගම හරහා අපි විහාරයට ලංවෙන කොට මගේ නෙත් කඳුලින් පිරී ගියා. ඇත්තෙන්ම ඈතට විහාරය දැක්කම ඇතිවෙන සතුට කියල නිම කරන්න බැහැ. විහාරයට ඇතුල් වෙන කොටම කුඩා දරුවන් පිරිසක් මිදුල අමදිනව. ඉක්මනින්ම අපිව පිළිගන්න ආවෙ වැඳ නමස්කාර කරමින්. වෙන දේශයක උපන් ඔවුන් අපේම දරුවන් වූ හැටි!.


සුජාතාව කිරි පිඬු පූජාකල ස්ථානය අදටත් සුරක්ෂිතව.




වෙල්යායවල් මැදින් බුදු නුවණ අසපුව බලා.


ඉන්දියානු ජාතික ස්වාමින්වහන්සේ අපිව ආදරෙන් පිළිගත්තෙ උන්වහන්සේ ලංකාවෙ හය මසක් ගෙවූ බව කියමින්.



විහාරයට ඇතුල්වූ අපහට දරුවෙන් ගෙන් සිසිල් පැන් සංග්‍රහයක් ලැබුණි.





විහාර මන්දිරයේ ඇතුලත.



නේරංජරා නදිය අසබඩ පිහිටි අසිරිමත් පුණ්‍ය භූමිය...බුදු නුවණ අසපුව - බුද්ධගයාව.    බුද්ධගයාව (මහමෙව්නාව) බුදුනුවණ අසපුවේ වැඩසිටින පින්වත් ස්වාමින් වහන්සේලා බොහෝ මිනිසුන්ගේ යහපත පිණිස බුදු රජාණන් වහන්සේගේ පිරිසිඳු ධර්මය ගමින් ගම ගොස් මිනිසුන්ට කියදෙති. 

ගම්මාන 20 ක පමණ දැනට දහම් වැඩසටහන් පවත්වාගෙන යන අතර ඒ ගම්වාසින් තථාගත දහමින් ඉමහත් සතුටක් ලබති. නිරන්තරයෙන් පවු වලටම නැබුරු වී සිටි අය පන්සිල් සුරැකීමට දැන් මහන්සි ගනිති. කිව නොහැකි අතිශය දුෂ්කරතාවයකින් මෙම දහම් කටයුතු කරනු ලබන අතර මිනිසුන්ට ඒ යහපත දැක ස්වාමින් වහන්සේලා ඉමහත් සතුටක් ලබති.
 ලංකාවේ මෙන් නොව ඉන්දියාවේ මිනිසුන්ට යහමග පෙන්වීම අතිශය දුෂ්කරය.

අද ළමුන් 1400 ක් පමණ දහම් අධ්‍යාපනය ලබන පින්වන්ත දහම් පාසලකි බුද්ධග්‍යාන් දහම් පාසැල. ශ්‍රී ලාංකික පින්වතුන්ගේ නොමද උපකාරයෙන් පවත්වනු ලබන මෙම පාසැල තුල සෑම ආගමකම දූ දරුවන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සීල, සමාධි, ප්‍රඥා ගුණ දහම් පුරුදු කරති.
තවද වෙනත් ගම් හරහා ද මෙම ස්වාමින් වහන්සේලා පාද යාත්‍රා කරති.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ උතුම් සම්බුද්ධත්වය ලබා ප්‍රථම දහම් දේශනයට බරණැස ඉසිපතනයට වඩින ගමනේ  ගුරුවා නමැති නගරයේ විවේකයෙන් වැඩසිට විවේක ඇත. පසු කාලීනව මෙම පුජනීය ස්ථානය උතුම් රහතන් වහන්සේලාගේ සෙනසුනක් බවට පත්වී ඇත.   ඉන් පසු මහායානිකයින් මෙහි වාසය කර ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මේ ගම්මානයේ ඉන්නේ ශාක්‍ය වන්ශිකයිනුයි. ඒ ගම්වාසීන් හින්දු වුනාට භාග්‍යවතුන් වහන්සේට වැඩිවශයෙන් ගෞරව සම්මාන දක්වති. බුද්ධගයා අසපුවේ පින්වත් ස්වාමින් වහන්සේලා ඒ ගුරුවා ගමේ ධර්ම දේශනා ආරම්භ කර ඇත. සෑම පහසුකමක්ම මෙම පුණ්‍ය භුමියේ අද ද දක්නට ඇත. මෙහි පැන් පොකුණු අදටත් නියම කාලයටවත් හිදෙන්නේ නැති අතර ඉතා ප්‍රණීත ජල උල්පත් දෙකක් මෙහි පිහිට ඇති අතර මේ උල්පත් කිසිදිනක හිදෙන්නේ නැත. 
මේ ගුරුවා ගම්වාසීන්ට තථාගතයන් වහන්සේ ගැන  ඉහල විශ්වාසයක් හා ගෞරවයක් ඇත.

ඒ පිරිසිඳු දහම සියලු දෙව් මිනිසුන්ට නිරන්තරයෙන් ලැබේවා!!! ජාති 

භේදයකින් තොරව, ආගම් භේදයකින් තොරව, සියලුම දෙනා සුවපත් 

වෙත්වා!!!.  මහමෙවුනා බුද්ධ ගයා අසපුවේ වැඩ වාසය කරන පින්වත් 

ස්වාමීන් වහන්සේලාට මාගේ නම්ස්කාරය වේවා!



අපිත් එක්ක ගිය මුම්ටාස්දේවිය කියා ආදරෙන් ඇමතූ ආන්ටි උස්සාගෙන දුර්ගේශ්වරී නැග්ග හැටි.



දුර්ගේශ්වරී කඳු මුදුණ. 

එහි ඇති දුෂ්කර ක්‍රියා කරනා  කාලයේ බුදුරුව සහිත පිළිම වහන්සේ.




අමාදම් සිසිල ඔබ සැමට ලැබේවා!

Saturday, July 12, 2014

සත් සතිය

සත් සතිය

පළමු සතිය - බෝරුක මුල

 දෙවන සතිය - අනිමිසලෝචන පූජාව

තෙවන සතිය - රුවන් සක්මන

සිව්වන සතිය - රැවන් ගෙය

පස්වන සතිය - අජපල් නුග රුක මුල

 හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ

සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල


පළමු වන සතිය




(බෝ රුක අසල)

"මම සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි චතුරාර්ය සත්‍යය (දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග) අවබෝධ කර ගැනීමට ඉමහත් වෙහෙසක් දැරීමි. ඒ වීර්යය තුළින් මම ජයග්‍රහණය කෙළෙමි. මේ වනාහි මා ජයග්‍රහණය කළ වීර්ය පර්යංකයයි. මා සියලු කෙලෙසුන් නසා සිවුසස් අවබෝධ කර ගත්තේ මේ පර්යංකයෙහි (පළඟෙහි) " යයි සිතා බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ම එහි වැඩ සිට සිය දහස් ගණන් සමාපත්තිවලට සමවදිමින් පුරා සතියක්ම එහි කල් යැවූ සේක.

දෙවන සතිය


(අනිමිස ලෝචන පූජාව)



















බුදුරජාණන් වහන්සේ බෝරුක මුල වැඩ සිට එයට මඳක් ඊසාන පැත්තේ සිට තමනට බුදු බව ලබා ගැනීමට උපකාර වී සෙවණ ලබා දුන්නේ මෙම බෝ රුක බව සලකා කෘත ගුණ සැලකීම් වශයෙන් සතියක් ඇසි පිය නොසොල්වා ඒ දෙස බලා ගෙන ඇසින් පූජා කළහ.

(පහත  ඈතින් පෙනෙන අනිමිස ලෝචන පූජාව කල ස්ථනයේ දර්ශනය අන්තර්ජාලයෙනි.)


 


තෙවන සතිය - රුවන් සක්මන

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් අනිමිසලෝචන චෛත්‍යයත් අතර පියුම් සහිත වේදිකාව රුවන් සක්මන කල ස්ථානය හැටියට සැලකේ. සක්මන්භාවනාව කරමින් මෙම සතිය මෙහි ගතකලහ.





  
සිව්වන සතිය - රුවන් ගෙය

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන් පසුව සතිපට්ඨානය  සිහිකරමින් ඊලඟ සතිය ගතකල ස්ථානය රුවන් ගෙය නම්වේ. පුංචි කුටියක ස්වරූපයකින් මෙය අද දකිය හැකිය.

(පහත දර්ශන 2 අන්තර්ජාලයෙනි.)



පස්වන සතිය - අජපල් නුග රුක මුල

පස්වන සතිය ගතකලේ බෝධීන් වහන්සේට තරමක් දුරින් පිහිටි අජපාල නුග රුක මුලයි. මාරදූවරු දෙවනවරටත් පැමිණ පැරදී පලා ගියබව සඳහන් වේ. මේ නුගරුක වෙනුවට දැනට අළුත් නුගරුකක් මහාවිහාරයට වම් පැත්තේ දැකිය හැකිය.





 හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ

එතැනින් නැගීසිටි බුදුරජුන් මුචලින්ද රුක මුලට වැඩම කොට සතියක් එහි ගතකල සේක. මේ කාලය තුල වැසි සහිත මහා සුළඟක් ඇති වූයෙන් අසල සිටි මහානාග රාජයෙක් උන්වහන්සේට සෙවන දුන්හ. එය සංකේතවත් කිරීමට වම්පසින් විලක් තනවා මූර්තියක් සාදා ඇත. අදටත් මුචලින්ද නමින් ගමක් බුද්ධගයාවේ ඇත.







සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල

රාජායතන නම්වූ කිරිපළු රුක මුල සමාපත්ති සුවයෙන් වැඩ වසන කලිහි තපස්සු භල්ලුක යන වෙළඳ දෙබෑයන් ඒ අසලින් යත්දී උන්වහන්සේ දැක පැහැදී විළඳ හා මීපැණි කලවම් කර සකසා පිදූහ. බුද්ධ ධම්ම සරණ ගිය මුල්ම උපාසකයෝ මේ දෙදෙනා වෙති. තමන්ට පිදීමට යමක් ඉල්ලූවිට හිස පිරිමැද කේශ ධාතු ස්වල්පයක් ලබා දුන්හ.  එය නිදන්කොට චෛත්‍යයක් තැනවූ බව සඳහන් වේ. ලංකාවේ තිරියායේ හිරිගඩු (ගිරිහඩු) සෑය මෙම සෑරදුන් වේයැයි ද , නො එසේ නම් බුරුම රටේ ස්වේදගොන් චෛත්‍ය වේ යැයි ද මත පවතී.

බුද්ධගයා මහා විහාරය ඉදිරිපිට රාජායතනය තුබූ බවට සටහනක් ඇත.





සියළු දර්ශන මගේ කැමරා කාචයෙනි.

පුන්‍යාණුමෝදනා බැතිසිතින් :- මහා විහාරයේ ස්වාමින්වහන්සේට. 

මගේ ආදරණිය මහත්තයාට හා මග පෙන්වූ අජිත් මහතාට.


ඔබ සැමට පින්බර ඇසල පොහොයක් වේවා!


How the Buddha spent the 'Sath Sathiya'


First week: Under the bodhi tree - During the first week after Enlightenment, the Buddha sat under the bodhi tree, experiencing the happiness of freedom and peace. Throughout the week, He sat in one posture, experiencing the Bliss of Emancipation (Vimukthi Suva).

Second week: Gazing at the bo tree - In gratitude to the tree that had sheltered Him during His struggle for Buddhahood, the Buddha stood without moving His eyes as He meditated on the bodhi tree (Animisalochana Pooja), thus teaching a great moral lesson to the world. Buddhists who follow this example pay their respects not only to the original bo tree, but also other bo trees.

Third week: Golden bridge - The Buddha saw through His mind's eye that the gods were not sure whether He had attained Enlightenment, as the Buddha had not given up His temporary residence at the bo tree. To clear their doubts, He created, by His psychic powers, a golden bridge in the air, and walked up and down it for a whole week.

Fourth week: In the jewelled chamber - The Buddha created a beautiful jewelled chamber (ratanaghara) and sitting inside it, meditated on what was later known as the 'Detailed Teaching' (Abhidhamma).
His mind and body were so purified that rays of six colours came out of His body - blue, yellow, red, white, orange and a mixture of these five. Each colour represented one noble quality of the Buddha: yellow for holiness, white for purity, blue for confidence, red for wisdom and orange for defeat of desire.

The mixed colour represented all these noble qualities. Today these six colours make up the Buddhist flag.

Fifth week: With a Brahmana and three girls - While meditating under the Ajapala banyan tree, the Buddha replied to a Brahmana, who came to see Him, that one becomes a perfect Brahmana by one's deeds and not by birth.
Three charming girls called Tanha, Rati and Raga (the daughters of Mara) came to disturb His meditation. They danced around the Buddha and tried to distract Him, but soon got tired and left Him alone.

Sixth week: Under the muchalinda tree - The Buddha started meditating under a muchalinda tree. It began to rain heavily and the huge Muchalinda Nagaraja (cobra king) came out and coiled his body seven times around the Buddha to keep Him warm and placed his hood over the Buddha's head to protect Him from the rain.

After seven days, the rain stopped and the snake changed into a young man who paid his respects to the Buddha.

Seventh week: Under the Rajayatana tree - The Buddha meditated under the Rajayatana banyan tree. Two merchants, Tapassu and Bhalluka, came into His presence and offered the Buddha rice cakes and honey.
The Buddha told them some of what He had found in His Enlightenment. These two merchants, by taking refuge in the Buddha and His Dhamma, became the first lay followers in the Buddhist world. There was no Sangha (order of monks and nuns) then.

They asked the Buddha for something sacred and the Buddha wiped His head with His right hand and pulled out some hair to give them. These hair relics (Kesa Datu) were brought home and enshrined by the merchants.


ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...