Posts

Showing posts from April, 2015

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 19 - අසිරිමත් ගයාවේ

Image
බුද්ධ ගයාව. 
හරිම අසිරිමත් තැනක්. ලෝකෙ සියළුම බුදුවරයන් වහන්සේලා බුද්ධත්වය ලබන ස්ථානය. 
බුද්ධගයා හි පිහිටාඇති මහාබෝධි විහාරය (බුද්ධගයා විහාරය ලෙස ශ්‍රී ලංකාවේ භාවිතාවේ) යනු බුදුරජාණන් වහන්සේවූ සිද්ධාර්ථ ගෞතමයන්, බුද්ධත්වයට පත්වූ ස්ථානයවූ බුද්ධගයාවෙහි පිහිටි බෞද්ධ විහාරයකි. බුද්ධ ගයාව පිහිටා ඇත්තේ ඉන්දියාවේ, බිහාර ප්‍රාන්තයේ, පට්නා නගරයේ සිට කිමී 96 (සැතපුම් 60) පමණ ඈතිනි. විහාරය පසෙකින්, එහි බටහිර පසට වන්නට, පූජනීය බෝධි වෘක්ෂය පිහිටා ඇත. පාලි ත්‍රිපිටකයෙහි, මෙම ස්ථානය හැඳින්වෙන්නේ බෝධිමන්ද ලෙසින් වන අතර, එහි ඇති ආරාමය බෝධිමන්ද විහාරය වේ.
බෞද්ධ අටුවා ලියවිලි අනුව, බුද්ධගයාවෙහි බෝධි වෘක්ෂය පිහිටි ස්ථානය සියළු බුදුවරුන් සඳහා පොදු වෙයි . ජාතක කථාවන් අනුව, එය පෘථිවියෙහි නාභිය නිර්මාණය කරන අතර  , බුද්ධත්වයට පත්වීමෙහි මහා විශ්මිත  බව වෙන කිසියම් ස්ථානයකින් හෝ දරා ගැනුමට නොහැකි බව කියැවේ. 
මෙම ස්ථානයෙහි බෝ වෘක්ෂයක් නොවැඩෙන අවස්ථාවකදී, බෝධි වෘක්ෂය අවට රාජකීය ක්‍රොෂ් එකක දුරක් වන තුරු කිසිම පැලෑටියක්, තණ ගසක් හෝ නොවැවෙන බවත්, සුමුදු වැලි වලින් පිරි රිදී තැටියක් වැනිව සුමුදු වනු බවත් පැවසේ. මෙම භූමි…

ථේර ගාථා 33

Image
සාමඤ්ඤකානි තෙරුන් ගේ ගාථාව.

ඔහු වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මග තමා අමා නිවනට පමුණුවන සෘජු මාවත. සැප කැමතිව පිළිවෙත් පුරද්දි ලැබෙන්නේ සැපම යි. ඔහුගේ කීර්තියත් පැතෙරෙන්න පටන් ගන්නවා, යසසත් වැඩෙනවා.

මේ වනාහී ආයුශ්මත් සාමඤ්ඤකානි නම් මහ රහත් තෙරුන් වදාළ ගාථාවයි.

සාමා තෙරණියගේ ගාථා. දුක නිපාතෝ 10

Image
සාමා තෙරණියගේ ගාථා.

ඉස්සර මට චිත්ත සමාධියක් තිබුණේම නෑ. සිත කොහෙත්ම දමනය කරගන්න බැරි වුණා. මම දවසට හතර පස් වතාවත් ආරාමෙන් නික්මිලා ගියා.

ඒත් මම මේ වතවෙදි අටවෙනි රාත්‍රිය ගෙවෙන කොට තණ්හාව මුලින්ම නැති කරලා දැම්මා.  මං මේ දුක් සහිත ජීවිතය නිසාමයි අප්‍රමාදයේ ඇලී වාසය කලේ. දැන් තණහාව ක්ෂය වුණා. නිවන අවභෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා.

මේ වනාහී සාමා නම් රහත් මෙහෙණිය වදාළ ගාථාවන් ය. 

ගාථා දෙක බැගින් වදාළ කොටස නිමා විය.