Saturday, July 12, 2014

සත් සතිය

සත් සතිය

පළමු සතිය - බෝරුක මුල

 දෙවන සතිය - අනිමිසලෝචන පූජාව

තෙවන සතිය - රුවන් සක්මන

සිව්වන සතිය - රැවන් ගෙය

පස්වන සතිය - අජපල් නුග රුක මුල

 හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ

සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල


පළමු වන සතිය




(බෝ රුක අසල)

"මම සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි චතුරාර්ය සත්‍යය (දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග) අවබෝධ කර ගැනීමට ඉමහත් වෙහෙසක් දැරීමි. ඒ වීර්යය තුළින් මම ජයග්‍රහණය කෙළෙමි. මේ වනාහි මා ජයග්‍රහණය කළ වීර්ය පර්යංකයයි. මා සියලු කෙලෙසුන් නසා සිවුසස් අවබෝධ කර ගත්තේ මේ පර්යංකයෙහි (පළඟෙහි) " යයි සිතා බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ම එහි වැඩ සිට සිය දහස් ගණන් සමාපත්තිවලට සමවදිමින් පුරා සතියක්ම එහි කල් යැවූ සේක.

දෙවන සතිය


(අනිමිස ලෝචන පූජාව)



















බුදුරජාණන් වහන්සේ බෝරුක මුල වැඩ සිට එයට මඳක් ඊසාන පැත්තේ සිට තමනට බුදු බව ලබා ගැනීමට උපකාර වී සෙවණ ලබා දුන්නේ මෙම බෝ රුක බව සලකා කෘත ගුණ සැලකීම් වශයෙන් සතියක් ඇසි පිය නොසොල්වා ඒ දෙස බලා ගෙන ඇසින් පූජා කළහ.

(පහත  ඈතින් පෙනෙන අනිමිස ලෝචන පූජාව කල ස්ථනයේ දර්ශනය අන්තර්ජාලයෙනි.)


 


තෙවන සතිය - රුවන් සක්මන

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් අනිමිසලෝචන චෛත්‍යයත් අතර පියුම් සහිත වේදිකාව රුවන් සක්මන කල ස්ථානය හැටියට සැලකේ. සක්මන්භාවනාව කරමින් මෙම සතිය මෙහි ගතකලහ.





  
සිව්වන සතිය - රුවන් ගෙය

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන් පසුව සතිපට්ඨානය  සිහිකරමින් ඊලඟ සතිය ගතකල ස්ථානය රුවන් ගෙය නම්වේ. පුංචි කුටියක ස්වරූපයකින් මෙය අද දකිය හැකිය.

(පහත දර්ශන 2 අන්තර්ජාලයෙනි.)



පස්වන සතිය - අජපල් නුග රුක මුල

පස්වන සතිය ගතකලේ බෝධීන් වහන්සේට තරමක් දුරින් පිහිටි අජපාල නුග රුක මුලයි. මාරදූවරු දෙවනවරටත් පැමිණ පැරදී පලා ගියබව සඳහන් වේ. මේ නුගරුක වෙනුවට දැනට අළුත් නුගරුකක් මහාවිහාරයට වම් පැත්තේ දැකිය හැකිය.





 හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ

එතැනින් නැගීසිටි බුදුරජුන් මුචලින්ද රුක මුලට වැඩම කොට සතියක් එහි ගතකල සේක. මේ කාලය තුල වැසි සහිත මහා සුළඟක් ඇති වූයෙන් අසල සිටි මහානාග රාජයෙක් උන්වහන්සේට සෙවන දුන්හ. එය සංකේතවත් කිරීමට වම්පසින් විලක් තනවා මූර්තියක් සාදා ඇත. අදටත් මුචලින්ද නමින් ගමක් බුද්ධගයාවේ ඇත.







සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල

රාජායතන නම්වූ කිරිපළු රුක මුල සමාපත්ති සුවයෙන් වැඩ වසන කලිහි තපස්සු භල්ලුක යන වෙළඳ දෙබෑයන් ඒ අසලින් යත්දී උන්වහන්සේ දැක පැහැදී විළඳ හා මීපැණි කලවම් කර සකසා පිදූහ. බුද්ධ ධම්ම සරණ ගිය මුල්ම උපාසකයෝ මේ දෙදෙනා වෙති. තමන්ට පිදීමට යමක් ඉල්ලූවිට හිස පිරිමැද කේශ ධාතු ස්වල්පයක් ලබා දුන්හ.  එය නිදන්කොට චෛත්‍යයක් තැනවූ බව සඳහන් වේ. ලංකාවේ තිරියායේ හිරිගඩු (ගිරිහඩු) සෑය මෙම සෑරදුන් වේයැයි ද , නො එසේ නම් බුරුම රටේ ස්වේදගොන් චෛත්‍ය වේ යැයි ද මත පවතී.

බුද්ධගයා මහා විහාරය ඉදිරිපිට රාජායතනය තුබූ බවට සටහනක් ඇත.





සියළු දර්ශන මගේ කැමරා කාචයෙනි.

පුන්‍යාණුමෝදනා බැතිසිතින් :- මහා විහාරයේ ස්වාමින්වහන්සේට. 

මගේ ආදරණිය මහත්තයාට හා මග පෙන්වූ අජිත් මහතාට.


ඔබ සැමට පින්බර ඇසල පොහොයක් වේවා!


How the Buddha spent the 'Sath Sathiya'


First week: Under the bodhi tree - During the first week after Enlightenment, the Buddha sat under the bodhi tree, experiencing the happiness of freedom and peace. Throughout the week, He sat in one posture, experiencing the Bliss of Emancipation (Vimukthi Suva).

Second week: Gazing at the bo tree - In gratitude to the tree that had sheltered Him during His struggle for Buddhahood, the Buddha stood without moving His eyes as He meditated on the bodhi tree (Animisalochana Pooja), thus teaching a great moral lesson to the world. Buddhists who follow this example pay their respects not only to the original bo tree, but also other bo trees.

Third week: Golden bridge - The Buddha saw through His mind's eye that the gods were not sure whether He had attained Enlightenment, as the Buddha had not given up His temporary residence at the bo tree. To clear their doubts, He created, by His psychic powers, a golden bridge in the air, and walked up and down it for a whole week.

Fourth week: In the jewelled chamber - The Buddha created a beautiful jewelled chamber (ratanaghara) and sitting inside it, meditated on what was later known as the 'Detailed Teaching' (Abhidhamma).
His mind and body were so purified that rays of six colours came out of His body - blue, yellow, red, white, orange and a mixture of these five. Each colour represented one noble quality of the Buddha: yellow for holiness, white for purity, blue for confidence, red for wisdom and orange for defeat of desire.

The mixed colour represented all these noble qualities. Today these six colours make up the Buddhist flag.

Fifth week: With a Brahmana and three girls - While meditating under the Ajapala banyan tree, the Buddha replied to a Brahmana, who came to see Him, that one becomes a perfect Brahmana by one's deeds and not by birth.
Three charming girls called Tanha, Rati and Raga (the daughters of Mara) came to disturb His meditation. They danced around the Buddha and tried to distract Him, but soon got tired and left Him alone.

Sixth week: Under the muchalinda tree - The Buddha started meditating under a muchalinda tree. It began to rain heavily and the huge Muchalinda Nagaraja (cobra king) came out and coiled his body seven times around the Buddha to keep Him warm and placed his hood over the Buddha's head to protect Him from the rain.

After seven days, the rain stopped and the snake changed into a young man who paid his respects to the Buddha.

Seventh week: Under the Rajayatana tree - The Buddha meditated under the Rajayatana banyan tree. Two merchants, Tapassu and Bhalluka, came into His presence and offered the Buddha rice cakes and honey.
The Buddha told them some of what He had found in His Enlightenment. These two merchants, by taking refuge in the Buddha and His Dhamma, became the first lay followers in the Buddhist world. There was no Sangha (order of monks and nuns) then.

They asked the Buddha for something sacred and the Buddha wiped His head with His right hand and pulled out some hair to give them. These hair relics (Kesa Datu) were brought home and enshrined by the merchants.


14 comments:

  1. දඹදිව වන්දනාවෙ ගිය කෙනෙකු විදියට ඔබ මේ තැන් සියල්ලම නැවත සජීවිව අපටත් දැකගන්න කියා දුන් එක අගෙයි

    ReplyDelete
  2. බොහොම පින්! දයා මල්ලි.

    ReplyDelete
  3. මේ බුද්ධ කප්පයේ දෙවන බුදුන් වූ කොන්දඥ බුදුන්ගේ ගිහි ජීවතේ පුත්ගේ නම විජිත සේන වන අතර . තුන්වන බුදුන් වූ මංගල බුදුන්ගේ ගිහි ජීවිතේ අගමෙහෙසියගේ නම යසවතී වේ. ඉන්දියානු ඉතිහාසයට අනුව ඔවුන්ගේ අශෝක රජු රජ වී ඈත්තේ කි.පූ 268 වන අතර ශ්‍රී ලංකාවේ ඉතිහාසයට අනුව දේවානම්පියතිස්ස රජතුමා මියගොස් ඈත්තේ කි .පූ 267 දීය . 2012 නීලගිරි සෑය කැනීම් වලදී හමුවුන සෙල්ලිපි දෙකකින් හෙලිවුන කරුණු අතර දේවානම් පියතිස්ස යනු කූට කන්න ගාමිණී අබය ගේ පියයි. යුව රජ උපතිස්ස යනු දේවානම් පියතිස්ස රජුගේ මුනුබුරාද , කූට කන්න ගාමිණී අබයගේ පුතුනුවන්ද වේ. එළාර සමග යුද වැදුනේ සිංහල ඉතිහාසයට අනුව කූට කන්න ගාමිණී අබය වන අතර මහළු පියරජතුමා මියගිය පසු ගාමිණී අබයට කිරුළ හිමිවේ .
    ඒ යුගය වනවිට සිව් හෙළයේ යටපත්ව තිබුන බුදු දහම යක් හෙළයේ යලි පිපිදී තිබුණි. යක් හෙළයේ යක්කුන් යනු නොදියුණු කොට්ටාසයක් යයි 05 වෙනි සියවසේදී ඉන්දියානු ජාතික මහානාම හා බුද්ධගෝෂ අපට කියා ආතත් යක්කුන්ගේ යක් වංශයේ මහා රාවණයන් ගුවන් යානා තාක්ෂනය පවා අතැතිව සිටී ග්‍රහ ලෝක හතක් පාලනය කල ප්‍රබල රජෙකි. ඉන්දියානුවන් 05 වෙනි සියවසේ අපට කියපු පරිදී පුලස්ති ඍෂි වරයාටත් මහා රවණයනුත් අකුරු දැනන් හිටියේ නැතිලු. 05 වෙනි සියවසේදී ඉන්දියානුවන් හා යටත් විජිත සමයේ සිව් හෙළයේ ඉතිහාසය ගැන මෙලෝ හසරක් නොදන්නා විදේශිකයන් කියාදුන් ඉතිහාසය නොව සිහළුන්ගේ සැබෑ ඉතිහාසය සැබෑ සිංහලයකු සේ පැරණි ග්‍රන්ථ කියවා පුරාවිද්‍යාවෙන් සොයා ලිකිත ගත කර ඇති සෙල්ලිපි කියවා සැබෑ ඉතිහාසය සොයාගන්න. මහා සම්මත මනු රජු යනු හෙළයන්ගේ අරම්බ්භය මෙන්ම මනුලොව පළමු රජද ඔහුයි. ඔබ නොදන්නා ඉතිහාසය බොහෝයි.

    ReplyDelete
    Replies
    1. යම් කිසි දිනෙක ඇත්ත ඇතිසැටියෙන් දැනගත් කල සිංහලයන් ජාතියක් විදියට නැගිටි. එය බොහෝ දුර නොවෙවයි ප්‍රර්ථනා කරමු. සතෙක් පුද්ගලයෙක් නොමැති බව සහසුද්දෙන් පසක් කල බුදුන්වහන්සේ සති හතක කාලයක් මෙසේ ගත කරයි දැයි සොයා බැලිය යුතුය.

      Delete
    2. Sadhu sadhu !!!godak pin ...🙏🙏

      Delete
  4. Godak pin....me thorathuru walata...

    ReplyDelete
  5. Mee karunu tika mata godak wadhagath una. Sthuthi

    ReplyDelete
  6. බොහෝම පිං ,,🙏

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...