Monday, August 19, 2024

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

     






න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති

ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ

පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන්

සැණෙකින් පල නොදෙන නමුත් – එය අළු යට ගින්නක්මයි

පව මතු වී පල දෙන විට – ගිනි දැල්වල වෙලෙනා විට

පවිටු කෙනා එ් පවින්ම – බොහො දුක් ගිනි විඳවන්නේ


සර්ප පේ‍්‍රතයාගේ කථා වස්තුව

 

“කළ කම් නැත සැණෙකින් පල දෙන්නේ – අළු යට ගිනි ලෙස කලටයි එන්නේ.”


පින්වතුනේ , අකුසල කර්මයන්ගේ විපාක පල දෙන හැටි හරි පුදුමයි. බොහෝ පුද්ගලයන් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවය ගැන හිතලා එය සපුරා ගන්න කල්පනා කරලා එ් වෙනුවෙන් ඉතා අනුවණ තීරණ ගන්නවා. පව් රැස් කරගන්නවා. තමන් හිතන්නේ තමන්ගෙ පැත්තෙන් හරිදෙයක් කළා කියලයි. මෙය පිනක්ද, මෙය පවක්ද කියලා නුවණින් කල්පනා කරන්නේ නෑ. වැරදුණාට පස්සේ නිවැරදි කිරීමක් කරනවාට වඩා සිදුවන්නේ එ්කෙ විපාකය විඳිමින් දුක් විඳීමයි. මෙනිසා යමක් කරන්නට පළමුව නුවණින් කල්පනා කිරීම කළ යුතුමයි. එ් නිසා තමයි අපේ අත්තලා මුත්තලා ඉස්සර කිව්වෙ ‘පනින්ට පෙර සිතා බලනු!’ කියලා.

මෙයත් එවැනි කථාවක්. නුවණින් නොසලකා අනුවණ ක‍්‍රියාවක් කළ පුද්ගලයෙක් අපායේ දුක් විඳින ආකාරය ගැන මෙහි සඳහන් වෙනවා.

එදා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත්, ලක්ඛණ මහරහතන් වහන්සේත් ගිජුකුළු පර්වතයේ සිට පහළට වඩිමින් සිටියා. එතකොට මුගලන් මහරහතන් වහන්සේට සිනහවක් පහළ වුණා. ලක්ඛණ තෙරුන් සිනහ පහළවෙන්න කාරණාව විමසුවා.

“ප‍්‍රිය ආයුෂ්මතුනි, මේ වෙලාවේ ඕක අහන්න එපා! බුදුරජාණන් වහන්සේ ළඟදි ඔය කාරණය අහන්න.”

ඉතින් එ් ස්වාමීන් වහන්සේලා රජගහ නුවර පිණ්ඩපාතේ වැඩම කරලා සවස් වරුවේ බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. ඊට පස්සේ ලක්ඛණ තෙරුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“ප‍්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, අද උදේ ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ඔබවහන්සේට සිනහා පහළ වුණේ ඇයි?”

එතකොට මුගලන් මහරහතන් වහන්සේ මෙහෙම පිළිතුරු දුන්නා.

“ප‍්‍රිය ආයුෂ්මත් ලක්ඛණ, මං පුදුමාකාර සත්වයෙක්ව දැක්කා. හරිම අද්භූත පේ‍්‍රතයෙක්. සර්ප පේ‍්‍රතයෙක්. ඔහුගේ මුහුණ මිනිහෙකුගේ වගේ. ඔහුගේ ශරීරය යොදුන් විසි පහක් විතර දිග ඇති. සර්පයෙකුගේ ඇඟක් තමයි තියෙන්නේ. ඔහුගේ ඔළුවෙන් ගිනිදැල් මතුවෙනවා. නගුට දක්වා පිච්චි පිච්චී යනවා. නගුටෙන් ගිනිදැල් මතුවෙනවා. ඔළුව දක්වා පිච්චෙනවා. ඇඟ වටේටත් ගිනිදැල් එතෙනවා. එතකොට එ් සර්ප පේ‍්‍රතයා එහාට මෙහාට ඇඹරෙනවා.”

එතකොට බුදුරජාණන් වහන්සේ මේ පේ‍්‍රතයාගේ අතීත ජීවිත කථාව හෙළිදරව් කොට වදළා.

“පින්වත් මොග්ගල්ලාන, ඔය පේ‍්‍රතයා මා කලින් දැක්කා. වෙන කවුරුත් නොදුටු නිසා මා කිව්වේ නෑ. ඔය පේ‍්‍රතයා දුක් විඳින්නේ තමන් විහින් කරගත්තු දෙයක් නිසා.

ඉස්සර බරණැස් නුවර ගංගා නදිය අසබඩ එක්තරා කුටියක පසේබුදුරජාණන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ නගරයට පිඬු සිඟා වඩිනවා. නගරවාසී මිනිස්සු හවසට බණ අසන්නට උන්වහන්සේගේ කුටියට එනවා. එ් එන පාර අයිනේ එක්තරා ගොවියෙකුට අයත් කුඹුරු යායක් තිබුණා. ඔය කුඹුර අස්වද්දලා තියෙද්දී ගොයම් පැහිලා තියෙද්දී දවසක් නගරයේ ඉඳලා පසේබුදුරජුන් බලන්නට ලොකු පිරිසක් ආවා. එ් අයගේ නොසැලකිල්ල නිසා ගොයම් ගස් කීපයක් පොඩිවෙලා ගියා.

පහුවදා කුඹුරට ආපු අර ගොවියාට පොඩි වූ ගොයම් ගස් දකින්නට ලැබුණා. එතකොට ඔහුට පුදුමාකාර කේන්තියක් ඇතිවුණා.

“මේ හැම දෙයක්ම වෙන්නෙ අර කුටියෙ ඉන්න ශ‍්‍රමණයා නිසා. උන්දෑ ගමේ ඉඳන් නගරෙට යනවා. නගරෙ මිනිස්සු මෙහෙ එනවා. මේක මහ මනස්ගාත වැඩක්. අන්තිමේදි මගේ ගොයම තමයි තැලෙන්නෙ. ඕන එකෙක් ඕන තැනක තපස් රැකපුවාවෙ. එ්කට ගැලපෙන තැනක් හොයාගන්න එපායැ. මගේ කුඹුර ළඟ පාරෙන් ගිහින් තපස් රකින්න මං එකෙකුටවත් ඉඩ තියන්නෙ නෑ” කියල පසේබුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්තා.

පසුවදා පසේබුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතෙ වැඩියා. අර ගොවියා ද්වේෂයෙන් පුපුර පුපුර පොල්ලක් අරගෙන ඇවිදින් කුටියේ බඩු මුට්ටු පොඩි කළා. සෑම දෙයක්ම ගිනි තිබ්බා. ගෙදර ගියා.

පසේබුදුරජාණන් වහන්සේ පිඬු සිඟා ගොස් ආපසු වඩිද්දී කුටිය ගිනිගන්නා අයුරු දකින්න ලැබුණා. ළං වෙලා බලද්දී බඩු මුට්ටු පොඩිකරලා තිබුණා. විනාශ කරලා තිබුණා. කවුරු හරි තමන් මෙතන ඉන්නවාට විරුද්ධ බව උන්වහන්සේට තේරුණා. උන්වහන්සේ විල අත්හැර යන හංසයෙක් වගේ වෙන ප‍්‍රදේශයකට වැඩියා.

ගොවියාට හරි සතුටුයි. ඔහු හිතුවේ විශාල හිසරදයකින් ගැලවුණා කියලයි. නිදහසේ ගොවිතැන්බත් කරගන්න අවස්ථාව ලැබුණා කියලයි. නමුත් මරණින් මතු ඔහුට වුණේ කුමක්ද? අතිවිශාල සර්ප ශරීරයක් ඇති ගිනි ගෙන දැවෙන පේ‍්‍රතයෙක් බවට පත්වුණා.”

මේ සිද්ධිය අරභයා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාරත්නය වදාළා.

  න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති

ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ


පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන්

සැණෙකින් පල නොදෙන නමුත් – එය අළු යට ගින්නක්මයි

පව මතු වී පල දෙන විට – ගිනි දැල්වල වෙලෙනා විට

පවිටු කෙනා එ් පවින්ම – බොහො දුක් ගිනි විඳවන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහරු පව් කරනවා. නමුත් එයා හොඳින් ඉන්න බව තමයි පිටට පෙනෙන්නේ. එතකොට සමහරු එයාට මෙහෙම කියනවා.


“අසවල් කෙනා පව් කරනවා. ඔය මොකුත් වෙලා නැහැ නෙව. ඔය අපූරුවට ඉන්නෙ. පව් විපාක දෙනවා නම් කෝ විපාක දුන්නා?” කියල ප‍්‍රශ්න කරනවා. නමුත් මේ බුද්ධ දේශනාවෙන් පව්වල විපාක දෙන ආකාරය ගැන යම් තේරුමක් ඇතිකරගන්න පුළුවනි.

ඇතැම් පව් කිරිමිදෙනවා වගේ ඉක්මනටම විපාක දෙන්නෙ නෑ. අළු යට ගිනි වගේ තැන්පත් වෙලා තියෙනවා. තමන් මරණයට පත්වෙන මොහොතේ අන්න එ් කර්ම විපාකය ඉස්සරහට එනවා. ඇවිදින් එයාව නිරයට ගෙනියනවා. පේ‍්‍රත ලෝකෙට ගෙනියනවා. තිරිසන් අපායට ගෙනියනවා. ගෙනිහින් බොහෝ දුක් උපදවා දෙනවා.

දැන් අර ගොවියා ගැන චුට්ටක් හිතන්න. ගොවියා හිතපු විදිහ බැලූ බැල්මට සාධාරණයි. නමුත් ගොවියාට තිබුණා ඒ මිනිස්සුන්ට කියලා එ්ක විසඳගන්න. එක්කො වැටක් ගහන්න තිබුණා. එක්කො කාරුණික ඉල්ලීමක් කරන්න තිබුණා. එ් එකක්වත් නෙවෙයි මෙයා කළේ. පසේබුදුරජාණන් වහන්සේට වෛර කිරීම.

මෙයින් පෙනෙන්නේ මේ ගොවියා හරි අහංකාර පුද්ගලයෙක්. මාන්නක්කාරයෙක්. හිතට ගත්තු කෙනෙක්. නිහතමානීව මැදිහත්වෙන්න ලැජ්ජයි. මේ පුද්ගලයා හිතුවේ තමන් මහා වීර ක‍්‍රියාවක් කරනවා කියලයි. මැර බලයෙන් කටයුතු කිරීම හරි කියලයි මෙයා හිතුවේ. නමුත් එය අවසන් වුණේ කොතනින්ද? මෙය නුවණින් තොරව කටයුතු කරන කාටත් හොඳ පාඩමක්. මැර බලය යොදවලා සාධාරණ මනුෂ්‍යයින්ට හිංසා පීඩා කිරීම තුළ කෙනෙක් තාවකාලිකව සතුටක් ලැබුවත් ඒවා එයාට විපාක දෙන්නේ අළු යට තියෙන ගිනි වගේ.                                                       

                                                             Na hi papam katam kammam

                                                                   sajju khiramva muccati

dahantam balarnanveti
bhasmacchannova pavako.

  An evil deed does not immediately bear fruit, just as the newly-drawn milk does not curdle at once; but it follows the fool burning him like live coal covered with ashes.


The Story of Ahipeta*

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (71) of this book, with reference to a peta-ghost.

The Chief Disciple Maha Moggallana was on one occasion going on an alms-round with Thera Lakkhana in Rajagaha. On seeing something, he smiled but said nothing. When they were back at the monastery, Thera Maha Moggallana told Thera Lakkhana that he smiled because he saw a peta-ghost with the head of a human being and the body of a snake. The Buddha then said that he himself had seen that very peta-ghost on the day he attained Buddhahood. The Buddha also explained that, a very long time ago, there was a paccekabuddha, who was respected by many. People going to his monastery had to traverse a field. The owner of the field, fearing that his field would be damaged by too many people going to and from the monastery, set fire to it. Consequently, the paccekabuddha had to move to some other place. The disciples of the paccekabuddha, being very angry with the land-owner, beat him and killed him. On his death he was reborn in Avici Niraya. In his present existence, he was serving out the remaining term of the evil consequences (kamma) as a peta-ghost.

In conclusion, the Buddha said, "An evil deed does not bear fruit immediately, but it invariably follows the evil doer. There is no escape from the consequences of an evil deed."

Then the Buddha spoke in verse as follows:

Verse 71: An evil deed does not immediately bear fruit, just as the newly-drawn milk does not curdle at once; but it follows the fool burning him like live coal covered with ashes.

Ahipeta = Ahi + petaahi  = snake + peta  =  peta-ghost, an ever-hungry spirit or ghost. In this instance a ghost with the head of a human being and the body of a snake.

1 comment:

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...