සුක්කා තෙරණිය ගේ ගාථා .
54. සුක්කා භික්ෂුණිය දේශනා කරන්නේ බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මයයි. ඉතින් ඒ ධර්මය අහන්නට මේ මිනිස්සු එන්නෙ නැත්නම් , මේ රජගහනුවර මිනිස්සු ඉන්නෙ මත්පැන් බීලා වෙරි වෙලා නිදා ගෙන ඉන්න උදවිය වගෙයි.
55. බුද්ධිමත් උදවිය නම් මේ ධර්මය අත්හරින්නේ නෑ. මේ ධර්මය ස්වභාවයෙන් ම රසවත් , ගුණධර්ම නැමති රසවත් ඕජාවෙන් යුක්තයි. මේ සද්ධර්මය අහන්ට ඕනෙ කාන්තාරයක වැසි ජලය පානය කරන කෙනෙක් වගෙයි.
56. සුක්කා භික්ෂුණිය ඉන්නෙ , කුසල් දහම්වලින් යුක්තවයි. වීතරාගීවයි. සමාහිත සිතිනුයි . සේනා සහිත මාරයාව ඈ පරාජය කළා. ඈ දැන්මේ දරා ගෙන ඉන්නෙ අන්තිම සිරුරයි.
මේ වනාහී සුක්කා නම් මහ රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
No comments:
Post a Comment