බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Friday, May 19, 2017

ථෙරි ගාථා තික නිපාතෝ 3.2 45 - 47

උත්තමා තෙරණිය ගේ ගාථා.

බුදු සමිඳාණන් තමයි අමා නිවනට පමුණුවන මේ සප්ත බොජ්ඣ ංග ධර්මයන් වඳාලෙ. මං ඒවා ඔක්කොම  ඒ විධිහටම අනුගමනය කලා.

මං කැමති විදිහට  ශූන්යතා සමාපත්ති, අනිමිත්ත සමාපත්ති ලබා ගත්තා. දැන් මං බුදු සමිඳුන් ගෙ හදවතින් උපන් දියණියක්.  මං හැම තිස්සෙම නිවනට ඇලිලයි ඉන්නෙ. 

දිව්‍ය මානුෂික , හැම කාමයක්ම මුලින්ම නසල දැම්ම. ඉපදෙන සංසාරය  ගෙවල දැම්ම.  දැන් ඉතින් ආයෙමත්  භවයක් නෑ.  

මේ වනාහී උත්තමා නම් මහ  රහත් තෙරණිය  වඳාළ ගාතාවන් ය.



Wednesday, May 17, 2017

ථේර ගාථා 36

ථේර ගාථා 36  

කුමා පුත්ත තෙරුන් ගේ ගාථාව.

බණ ඇසීම කොයි තරම් හොඳ ද. අහපු බණට අනුව ජීවත් වීම ඊටත් වඩා හොඳයි. හැම තිස්සෙම තණ්හාවෙන් තොරව ජීවත් වෙන එක හරිම හොඳයි. අහන බණ වල ōඅර්ථ නුවණින් විමසීමත් ඒ වගේම හොඳයි.  ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම  ම මොන ,තරම් හොඳ දෙයක්ද, අන්න එයාට තමා කෙලෙස් නැති  පුද්ගලයා ගේ "මහණකම " කියලා කියන්නෙ.  

මේ වනාහී   කුමා පුත්ත රහත් මුණිඳුන් වඳාල  ගාථාවයි. 

ථෙරි ගාථා තික නිපාතෝ 3.2 42- 44




ථෙරි ගාථා තික නිපාතෝ 3.2   42 - 44


උත්තමා තෙරණිය ගේ ගාථා. 

මටත් චිත්ත සමාධියක් ලබා ගන්ට බැරි වුණා. සිත දමනය කර ගන්ට බැරි වුණා. එතකොට  මං දවසට හතර පස් වතාවක් ආරාමයෙන් පිටත් වෙලා ගියා.


මං ශ්‍රද්ධාව  පිහිටුවා ගෙන හිටිය එක්තරා භික්ෂුණියක් ගැන. මං ඒ භික්ෂුණිය ළඟට ගියා.  ඇය  මට ස්කන්ධ,  ධාතු ආයතන ගැන ධර්මය දේශණා කළා. 

ඇය මට  අණුසාසනා කරපු විදිහටම  ඇගේ ධර්මාණුශාසනාව  හොඳට අසාගෙන ඉන්න කොට  මගේ හිතට සැපයක් ඇති වුණා. මං එක පළඟින් දවස්  හතක්ම හිටිය.  මේ අවිද්යා අන්ධකාර  කෙලෙස් කඳ  පළල දාල , අට වෙනි දවසෙ තමයි කකුල් දිග හැරියෙ. 

මේ වනාහී උත්තමා නම් රහත් තෙරණිය වඳාළ ගාථාවන්.

Thursday, May 11, 2017

ධම්ම පදය පුඵ්ප වග්ගය 4







පුප්ඵානි හේව පචිනන්තං – බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝ’ව – මච්චු ආදාය ගච්ඡති

මල්වලටම ආසා කොට – මල් සොයමින් යන මිනිසා
මල්ම සොය සොයා යන්නේ – එයම රැස්කරනා ලෙසින්
කාමයන් පසුපස යන – කාමයෙන් මත් වූ මිනිසා
මාරයා රැගෙන යන්නේ – ඔහු නොසිතනා මොහොතේ
නිදා සිටි ගම්වැසියන් – ගසාගෙන යන සැඩ පහර සේ



පංච කාම සැපයට ආශා කරනා පුද්ගලයා එයමයි සොය සොයා යන්නේ. මොනතරම් දේවල් ලැබුණත්, ඔහු සෑහීමකට පත්වෙන්නේ නෑ. දැසිදස්සන්, කෙත් වතු, යාන වාහන, රන් රිදී මුතු මැණික් ආදී මොනතරම් දේවල් ලැබුණත් ඔහුගේ ආශාව ඉවරයක් වෙන්නෙ නෑ. මල්කාරයෙක් මේ ගසින් මල් නෙළනවා. ඊළඟට අනිත් ගසට යනවා. එතනින් මල් නෙළනවා. තව ගසකට යනවා. එතනින් මල් නෙළනවා. මේ විදිහටයි ඔහු දිගින් දිගට මල් නෙළන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයා කාම වස්තූන් රැස්කරන්නෙත් එ් විදිහටයි. මේ තුළින් ඔහු ප‍්‍රමාදයට පත්වෙනවා. පින් පව් සොයන්නෙ නෑ. හොඳ නරක සොයන්නෙ නෑ. සාධාරණය සොයන්නෙ නෑ. අනුන් සතු දේවලුත් තමා සතු කරගන්න කල්පනා කරනවා. එ් වෙනුවෙන් කේලාම් කියනවා. බොරු කියනවා. මායා දක්වනවා. අනුන්ව රවට්ටනවා. කුමන්ත‍්‍රණ කරනවා. එ් සියල්ල තුළින් ඔවුන් රැස් කරගන්නේ පව්. අන්තිමේදී ඔහු මරණයට පත්වෙලා නිරයේ උපදිනවා. ගම්වැසියන් නිදා සිටිද්දී මහා සැඩ පහරක් ඇවිදින් එ් සියලුදෙනාම මුහුදට ගසාගෙන යනවා වගෙයි.

Pupphāni hē'va pacinantaṁ - byāsattamanasaṁ naraṁ 
fits-gāmaṁ mahōghō'va - maccu income gacchati
Malkārayek, a great tree at a time will be searching for flowers like this until the person æḷuṇu merit goes looking for sex. Finally, while she was sleeping in the village people came like a flood washed them go into the sea, by Mara goes sad person in low Apa.
(Stanza ranking eunuchs said viḍūḍabha sævæt in New ෴)

As a mighty flood sweeps away the sleeping village, so death carries away the person of distracted mind  who only plucks the flowers (of pleasure)