Posts

Showing posts from 2012

සංයුක්ත නිකාය - ජරා වර්ගය - 2

Image
දිරාපත් නොවීම ගැන වදාල දෙසුම.
(අජරසා සූත්‍රය )

සැවැත් නුවර ජේතවන අසපුවේදී. ............


දෙවියා:-

 " නොදිරන දේවල් අතර හොඳ මොනවද?
හිතේ පිහිටුවාගන්නට හොඳ මොකක්ද?
මිනිසුන්ගේ මාණික්‍යය මොකක් ද?
හොරුන්ට පැහැර ගන්නට බැරි දේ මොකක් ද? "

භාග්‍යවතුන් වහන්සේ:-

 "නොදිරන සීලය තමයි හොඳ. 
ශ්‍රද්ධාව හිතේ පිහිටුවා ගැනීම තමයි හොඳ.
මනුෂ්‍යයන්ගේ මාණික්‍යය ප්‍රඥාවයි.  
පින තමයි හොරුන්ට පැහැර ගන්නට බැරි. "

සාදූ ! සාදූ!! සාදූ!!!

ථේර ගාථා - 28

Image
හාරිත තෙරුන් ගේ ගාථාව.


පින්වත් හාරිත,  ඔය සිත කම්මැලිකමින් ගොඩගන්න. හී වඩුවෙක් ඊයක ඇද හැර කෙළින් කරන විදිහට ඔබත් ඔය සිත සෘජු කරගන්න. ඔබටත් පුළුවනි අවිද්‍යාව නැතිකර දමන්නට.

මේ වනාහී අයුෂ්මත් හාරිත නම් රහත් මුණිඳුන් වදාළ ගාථාවයි.

සංයුක්ත නිකාය - භික්ඛුණී සංයුක්තය - භික්ඛුණී වර්ගය - උප්පලවණ්ණා සූත්‍රය

Image

ථේරි ගාථා - දුක නිපාතො - 4

Image
අඩ්ඪකාසි තෙරණිය ගේ ගාථා.



අඩ්ඪකාසි තෙරණිය ගේ ගාථා.

කාශී ජනපදයට ලැබෙන බදු ආදායම වගේ ම ආදායමක් ඉස්සර මට ලැබුණ. ඒ පුංචි නගරෙ සිටි මිනිස්සු  ඒ ආදායමේ අගය මැනල. ඒකෙන් භාගයක වටිනාකම තක්සේරු කරල මාව "අභිචාරිකා" තනතුරේ තිබ්බ.

එහෙත් මං දැන් අවබෝධයෙන්ම යි රූපය ගැන කළකිරිල ඉන්නෙ.  ඒ නිසාමයි විරාගයට පත් වෙලා ඉන්නෙ. නැවත , නැවත, සැරිසරන ඉපිද ඉපිද යන මේ සංසාරෙට නම් මං ආයෙත් දුවන්නෙ නෑ. මං ත්‍රිවිද්‍යාව  ලබාගත්ත. බුදු සසුන සම්පූර්ණ කරගත්ත. 

මේ වනාහී අඩ්ඪකාසී නම් රහත් තෙරණිය වදාල ගාථාවන්ය. 










ධම්ම පදය - අප්පමාද වර්ගය 4

Image
උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ - අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති.


නැගී - සිටින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ අප්‍රමාදී පුද්ගලයාගේ කීර්ති රාවය ඉහළින්ම පැතිරෙනව.

(වේළුවනාරාමයේ දී කුම්භඝෝෂක අරභයා වදාල ගාථාවකි.)

Glory Of The Mindful Increase  Uṭṭhānavato satīmato,  sucikammassa nisammakārino
Saññatassa ca dhammajīvino,
appamattassa yaso’bhivaḍḍhati.
Assiduous and mindful,
pure kamma making, considerate,
restrained, by Dhamma heedful living,
for one such spread renown. Explanation: If a person is persevering, attention focused within, if his physical and spiritual actions are unblemished, if he is restrained and if he is living in accordance with the Teaching and is sane, his glory will grow. 


The Millionaire Kumbhaghosaka


For fear of having his great wealth co…

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 7 iii - දෙවුරම් වෙහෙරේ පහන් සිතින් සැරි සැරුවෙමි.

Image
දෙවුරම් වෙහෙර බිමේ ඉතිරි විස්තර අද ලියන්නෙ. අපි ඊළඟට ගියේ අට කොන් ලිඳ  බලන්න.
මේ තමයි අට කොන් ලිඳ.  ජේතවනයේ සියළුම පානීය ජල අවශ්‍යතා ලබා ගත්තේ මේ ළිඳෙනුයි.  අදටත් පිරිසිදු ජලය ඇත. ජලය ගැනීමට අත් පොම්පයක් සවිකර ඇත.





මෝගල් අධිරාජ්‍යයන් විසින් විනාශ කරන ලද මහරතුන්ගේ භෂ්මාවශේෂ  නිදන් කොට අෂ්ඨ ස්තූප සාදවා ඇත.



රාජිකාරාමය- එකල භික්ෂූන් ගේ වෛද්‍ය ශාලාව ලෙසින් ගත් කුටියයි. මෙය කොසොල් රජ තුමා විසින් කරවන ලදී.  සල්ලාගාර කුටිය ලෙසද හඳුන්වයි.








පොකුණ හා කාමර සංකීර්ණය. භික්ෂූන් වහන්සේලා  පැන් පහසුවූ පොකුණයි මේ. මේ ළඟින්ම  ආගන්තුක භික්ෂු ආරාම ගොඩනැඟිලක් තිබූ බව සඳහන් වේ. තට්ටු කිහිපයකින්  සමන්විත වූ මෙම ගොඩනැඟිල්ලෙහි ආගන්තුක භික්ෂූන් වැඩ සිටි බව කියවේ. භික්ෂූන්  වහන්සේලා 1,500 ක් 2,000 කට එක්වර ලැඟුම් ගන්නට පිලිවන් විය.








එක කාලයක දී මුලු සැවැත් නුවරම ජලය සිදී ගොස් ජේත පොකුනෙහිද යන්තමට ජලය ටිකක් ඉතිරිවී තිබුනි. ඒ අවස්ථාවේ දී  බුදු හිමියන් " ආනන්දය , මාගේ අඳනකඩය, පැන් පහසුව සඳහා රැගෙන එන්නැ" යි ආනන්ද හිමියන්ට වදාලා. එවිටම අහස් කුස පුරාම වැහි වළාකුළු මතුවී පොකුණට ශ්‍රී පාද පදමය ස්පර්ෂවූ සැනින්ම ධාරනිප…

ජේත කුමාරයා ගෙන් ජේත වනය මිළට ගත් හැටි

Image
ජේතකුමාරයාගෙන්ජේතවනයමිළටගත්හැටිකියන්නඕනෙකියලහිතුනඅද. කලින් පොස්ට් එකේ නලිනි නංගි අහල තිබුන ප්‍රශ්නෙටත් පිලිතුරු එක්ක ඔයාල හැමෝටම විස්තර දැන ගන්න පුලුවන් මේ සටහන කියෙව්වහම . මමත් හිතාගෙන හිටියෙ නැහැ ජේතවනය මේ තරම් විශාල තැනක් කියල. 






සැවැත්නුවරකෝසලජනපදයේඅගනුවරයි. පසේනදීකොසොල්රජතුමාගේප්‍රධානසිටුතුමාසුදත්තනම්වේ.  දවසක්රජගහනුවරබුදුහිමියන්වැඩඉන්නාඅතරෙසුදත්තසිටුතුමාඑතුමාගේනැගණියබලන්නටරජගහනුවරටයනවා. එදාමේසිටුමාළිගයමලින්සරසාත්බෙනුදැකමේමංගල්‍යයකුමක්දැයිසිතමින්සිටිනවා. සාමාන්‍යයෙන්ඉන්දියාවේ නිවෙසක් මලින්සරසන්නෙමංගල්‍යයකටනමුත්එතුමාටනොදන්වානැගණියගේසිටුමැඳුරේපවත්වනමංගල්‍යයකුමක්