Posts

Showing posts from July, 2017

ධම්ම පදය – 04. පුප්ඵ වර්ගය 4

Image
පහුගිය ධම්ම පද ගාථා රත්නයට පාදක වුන කථා ප්‍රවුත්තිය අද ඔබට කියන්නේ බොහොම සතුටින්. වෛරය අපේ ජීවිත වලට කොයි තරම් බලපානවද කියල ඔබටම හිතා ගත හැකි. මේ ගථාරත්නය අද කාලයට කොයිතරම් ගැලපෙනවාද කියල ඔබට තේරේවි.
“ආශාව පසුපස ගිහින් මාරයාට ගොදුරු වෙනකම් දන්නෙම නෑ”
විඩූඩභගේ අවසානය පිළිබඳව අනුවේදනීය කතාව  තමයි දැන් ඔබට අසන්නට ලැබෙන්නේ. කාමයන්  පසුපස යන මිනිසා නවතින්නේ නිරයේ බව  කිසිකෙනෙකුට සිතාගන්නටවත් බැහැ.  කාමයන් වටා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, බද්ධ වෛරය,  පළිගැනීම, එකට එක කිරීම පෙළගැසෙන්නේ  තමාටත් නොදැනීමයි. රජවරුන්ගේ ජීවිතවල සිට  සාමාන්‍ය මනුෂ්‍යයාගේ ජීවිතය දක්වා වෙලී ඇති  කාමාශාව විසින් ඔවුන්ව ඉතාමත් සංකීර්ණ වූ  දයාවිරහිත වූ විකෘති පළිගැනීම් තෙක් ගෙන යනවා.  එහි අනිෂ්ට විපාක පොදු ජනයාට විඳවන්නට සිදුවන  ආකාරය විඩූඩභගේ සිද්ධිය තුළින් දිස්වෙන්නේ  කැඩපතකින් දකින්නාක් පරිද්දෙන්. කොසොල් රජ්ජුරුවන්ට විඩූඩභ කියලා පුතෙක්  සිටියා. එ් පිළිබඳව පසුබිම් කථාව මේකයි.  අනේපිඬු සිටුතුමා, විශාකා මහෝපාසිකාව, සුප්පියා  උපාසිකාව ආදීන් දිනපතා භික්ෂූන් වහන්සේලාට  දන් දුන්නා. අනේපිඬු සිටු මාළිගාවේ දිනපතා  දෙදහසක් භික්ෂූන්ට දන් දුන්නා. විශාඛාව ද සු…