Posts

Showing posts from August, 2014

ධම්ම පදය - චිත්ත වර්ගය 7

Image
7. අනවස්සුතචිත්තස්ස – අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස – නත්ථි ජාගරතෝ භයං


කෙනෙකුගේ සිත තුළ – නොවැගිරෙයි නම් රාගය
ද්වේෂයෙන් කිසි කලක – පහර කන සිත් නැති විට
පින් පව් හැමදෙයම – දුරු කළ සිතින් සිටිනා
නිදිවරන ඒ රහතුන් – කිසිදිනක තැති නොගනිති

මම මේ වැඬේ කරනවා කියලා තමා කරන කටයුත්ත ගැන ස්ථිරව සිත පිහිටුවා ගන්නෙ නැත්නම්. කිසි දෙයක් සාර්ථක කරගන්නට බැහැ. පොඩි දරුවන්ට පොත පත පාඩම් කිරීමට වුනත් එහෙම තමයි. තමන් තුළ ලොකු අධිෂ්ඨානයක් තිබෙන්නට ඕන. එතකොට බාහිර දේවල් වලට සිත යොමුවෙන්නෙ නැහැ. ටීවී බල බල ඉන්න සිත යොමු වෙන්නෙ නැහැ. සෙල්ලමටම සිත යොමු වෙන්නෙ නැහැ. විකාර දේවල්වලට යොමු නොවී පොත පතේ වැඩ වුනත් හොඳින් කරගන්නට පුළුවන්. 

පැවිදි කෙනෙකුට  මෙය විශේෂයෙන්ම බලපානවා. එහෙම නැතිවුනොත් තමන් පැවිදි වූ අරමුණ කලක් යන විට මුළුමනින්ම වෙනස් වෙලා යනවා. එහෙම වෙනස් වුනොත් ධර්මය අවබෝධ කරනවා තියා චතුරාර්ය සත්‍යය යන නම ඇහෙන කොටත් කේන්ති යනවා. මාර්ග ඵල ලබනවා යන නම ඇහෙන කොටත් තරහා එනවා. නිවන කියන වචනයටත් විහිළු කරනවා. මේකට හේතුව සිත තුළ පැවිදි ජීවිතය නිවන් මඟට යෙදවීමේ අධිෂ්ඨානය නැතිකමයි. එතකොට හිත පහදින්නෙ නැහැ. ශ‍්‍රද්ධාව පිහිටන්…

විශාඛා කුමරිකාවෝ - 2

Image
පලමු කොටසට මෙතැනින්      http://piyumvila.blogspot.com/2013/06/blog-post_11.html



ගෞතම බුදුරජාණන් වහන්සේ මාගධ රාජ්‍යයේ අඟුරට, භද්දිය නගරයට වැඩම කළ දා...
ගෞතම බුදුරජාණන් වහන්සේ සම පන්තිස් වියෙහි දී, වෙසක් මස පුර පසොලොස්වක් පොහෝ දින සම්බෝධිඥානය ලබාගෙන සත් සතියක්ම නේරංජනා ගං ඉවුරේ ගතකොට පස්වග මහණුන්ට දම්දෙසා ඒ අය හා අනතුරුව යස කුල පුත් ඇතුළු පිරිසට ද දම් දෙසා ලොව පළමු රහත් හැට නමට මේ උතුම් දහම ලොවට කියා දෙනු පිණිස එක් එක් දිසාවන්ට පිටත් කොට තමන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කල සේක. භද්‍ර වර්ගික කුමාර වරුන් ද, උරුවෙල් කාශ්‍යප ගයා කාශ්‍යප හා නදී කාශ්‍යපයන්ද රහතුන් බවට පත්කොට රජගහ නුවරට වැඩම කලහ. එහිදී බිම්බිසාර මහ රජතුමා ඇතුළු බොහෝ පිරිසක් ආර්‍ය ශ්‍රාවකයන් බවට පත් විය. මේ සමයෙහි කෝලිත හා උපතිස්ස කුමාරවරුන්ද මහරහත් බව ලැබූහ. 

බිම්බිසාර මහරජුගේ මාගධ රජ්‍යයට ම අයත්වූ භද්දිය නම්වූ නගරයක් විය.  මෙය මෙණ්ඩක මහ සිටුවරයා ගේ වාස භූමිය විය.
ධනඤ්ජය සිටුවරයා ඔහුගේ පුත්‍රයා විය. මේ ධනඤ්ජය සිටුවරයා හා සුමනා කුමරියගේ දියණිය විශාඛා කුමරිය වූවාය. මේ වනවිට ඕතොමෝ සත් හැවිරිදි වූවාය. දිනක් ගෞතම බුදුරජාණන් වහන්සේභද්…