Thursday, May 19, 2011

ධම්ම පදය


ධම්ම පදය!

මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා

මනසා චෙ පදුට්ඨෙන - භාසතිවා කරොති වා

තතො නං දුක්ඛමන්වෙති - චක්කංව වහතො පදං


Manopubbangma dhamma – manosettha manomaya

Manasa ce padutthena – bhasati va karoti va

Tato nam dukkamanveti – chakkam va vahato padam


All thoughts begin in the mind; mind is supreme and mind –made are they. If one speaks or acts with impure mind pain follows him like the wheel the hoof of the ox.

(If you speak or act with the corrupted heart , then suffering follows you as the wheel of the cart, the track of the ox that pulls it.)

Tuesday, May 17, 2011

අද වෙසක් පුන් පොහෝදායි. ඔබ සැමට අද දින මහ රහතුන් වහන්සේලා ගමන් ගත් මග අනුගමනය කිරීමට ලැබේවා!

නත්ති පුත්තසම සූත‍්‍රය .

දරුවන්ට සමාන දෙයක් නැතැයි මුල් කොට වදාල දෙසුම.

දෙ
වියන් '' දරු සෙනෙහසට සම කරන්නට තරම් වෙන ආදරයක් . ගව සම්පතට සමාන වෙන ධනයක් නෑ. හිරු එලියට සමාන වෙන එලියක් නෑ. මහ සයුරට සමාන වෙන විලක් නෑ".

භාග්‍යවතුන් වහන්සේ " තමන්ටම ආදරය කිරීම හා සමාන වෙන ආදරයක් නෑ. ධ්‍යානයට සමාන වෙන ධනයක් නෑ. ප‍්‍රඥාවට සමාන වෙන එළියක් නෑ. ඇත්තෙන්ම වර්ෂාවට සමාන වෙන විලකුත් නෑ.”



Saturday, May 14, 2011


ඔබ සැමට සම්බුදු හිමි සරණ ලැබෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

වෙසක් අසිරිය!

වෙසක් අසිරිය!

සිල් සුවඳයි අද මේ ලුම්බිණියේ
මායා දේවිය ගිමන් නිවන්නේ
පින්වත් පුතෙකුයි ලොවට බිහි වුනේ
සියපත් හතකයි පියවර මැන්නේ

සඳරැස් වැටිලා ගයා තීරයේ
ඇසතු රුක මුලයි හිමි වැඩ සිටියේ
මරසෙන් පරදා බුදුබව ලැබුවේ
සදහම් සිසිලයි ලොවටම බෙදුවේ

මල්ල රජුන්ගේ ඒ සල් උයනේ
බුදුහිමි සුවසේ වතිරී සිටියේ
මල් වැසි වස්සා ලොවම කැළබුනේ
ඒ වෙසඟේ පිරිනිවන සිදුවුනේ

දෙදහස් හයසිය වසරක් ගෙවිලා
සම්බුදු දහමින් ලොවම බැබලුනා
සැමදා සැම සිත් සැනසුම ලැබුවා
නිවන් මගේ සැම පියවර මැන්නා

Thursday, May 12, 2011

සංයුක්ත නිකාය


නන්දති සූතරය

සතුටුවීම ගැන වදාළ දෙසුම.

දෙවියන් –- “දරුවො ඉන්න කෙනා සතුටු වෙන්නේ දරුවන් නිසාමයි . වගෙම ගව පට්ට් හිමියා සතුටු වෙන්නේ ගවයන් නිසාමයි . මේ කෙලෙස් තියෙන නිසයි මිනිසුන්ට සතුටක් තියෙන්නෙ, යම් කෙනෙක්ට කෙලෙස් නැති නම් එයාට ජීවිතයේ සතුටක් නෑ.

භාග්යවතුන් වහන්සේ - නෑ , දරුවො ඉන්න කෙනා අන්තිමේදී දරුවො නිසාම ශෝක වෙනවා. වගෙම ගව පට්ටි හිමියා ගවයන් නිසාම ශෝක වෙනවා. මේ කෙලෙස් නිසා මිනිසුන්ට තියෙන්නේ ශෝකයමයි .

යම් කෙනෙකුට කෙලෙස් නැති නම් එයාට ශෝකයන් උපදින්නේ නෑ .” කියල පිළිතුරු දුන්නා .



Tuesday, May 10, 2011

සංයුක්ත නිකාය නන්දන වග්ගය

1 නන්දන සූත‍්‍රය.
නන්දන වනය මුල්කොට වද්‍රාළ දෙසුම .

මෙය දෙවියන් දෙදෙනෙකු අතර ඇතිවූ සංවාදයකි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිසේ සැවැත් නුවර ජේතවනයේ. එද්‍ර භාග්‍යවතුන් වහන්සේ "පින්වත් මහණෙනි!", කියල භික්‍ෂූ සංඝයා ඇමතුවා " පින්වතුන් වහන්ස!" කියල භික්ක්‍ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ‘‘පින්වත් මහණෙනි , ඉස්සර මෙහෙම දෙයක් සිද්ද උනා. තව්තිසා දිව්‍ය ලෝකෙ දෙවි කෙනෙක්, එයා දිව්‍ය අප්සරාවන් පිරිවරා පංච කාම ගුණයෙන් සතුටු වෙමින් ඉන්න වෙලාවක මෙන්න මේ ගාථාව නන්දන වනය ගැන කීවා”
" පිරිවර සම්පත් ඇති තව්තිසා දෙවියන් ගේ දිව්්‍ය විමාණ තියෙන ලස්සන! නන්දන වනය කෙනෙක් දකින්නේ නැතිිනම් ඇත්තෙන්ම ඔහු සැපය කුමක්ද කියලා නොදනී'’
එවිට තව දෙවි කෙනෙක් පළමු කී දෙවියන්ට මෙහෙම පිළිතුරු දුන්නා.
"අනේ! අනේ! මෝඩයෝ, ඔහේ රහතුන් වහන්සේලා ගේ වචන දන්නේ නෑ නොවැ, හැම සංස්කාරයක්ම අනිත්‍යයයි, ඇතිවෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියල දන්නෙ නැත්ද? ඇතිවෙන නැතිවෙන සංස්කාර සංසිදී යාමම තමයි හැබෑම සැපය ” .



Tuesday, May 3, 2011

සංයුක්ත නිකාය 10

මේ සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැහෙන කාලයයි.
එන්න, ධර්මය දකින්න. ඔබ සැමට තෙරුවන් සරණයි!

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...