Showing posts with label සංයුක්ත නිකාය -. Show all posts
Showing posts with label සංයුක්ත නිකාය -. Show all posts

Friday, January 25, 2013

ස්ත්‍රීන්ට ආවේණික වූ දුක ගැන වදාළ දෙසුම.



අනුපිලිවෙළින් බැහැර වෙලා අද අලුත් දෙයක් කියවන්න. මේ දේ අදටත් ගැලපෙන හැටි මෙනෙහි කරන්න. මේ ආශ්චර්යමත් දහම් කරුණු වදාල සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

ස්ත්‍රීන්ට ආවේණික වූ දුක ගැන වදාළ දෙසුම.

පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ දුක් පහක් තියෙනවා.
 ඒ කවර දුක් පහක්ද යත්, පින්වත් මහණෙනි, මෙහිලා ස්ත්‍රිය තරුණ කාලයේදී ස්වාමියාගේ ගෙදරට යනවා. නෑදෑයන්ගෙන් වෙන් වෙනවා. පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ පළමු දුක මෙයයි. 

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය ඔසප් වෙයි. පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ දෙවෙනි දුක මෙයයි.

 පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය ගැබ් ගන්නවා. පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ තෙවෙනි දුක මෙයයි.




පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය දරුවන් වදනවා.  පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ හතරවෙනි  දුක මෙයයි.

 පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය පුරුෂයාගේ උපස්ථානයට එළඹෙනවා. පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ පස්වෙනි  දුක මෙයයි. 

  

පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ දුක් පහ මෙයයි. 

සාදූ! සාදූ!!  සාදූ!!!

Monday, November 26, 2012

සංයුක්ත නිකාය - ජරා වර්ගය - 1


අද ට නියමිත සතුල්ලපකායික වර්ගයයි. ඒක ටිකක් දිග සූත්‍ර. ඒ නිසා පොඩ්ඩක් පස්සට දැම්ම. අපි අද කෙටි සූත්‍ර ටිකක් පටන් ගමු. 



 










ජරා වර්ගය - 1

ජරා - ජීර්ණ වීම ගැන වඳාළ දෙසුම.
සැවැත් නුවර ජේතවන අසපුවේදී. .............

දෙවියා:-

 
 ජරා ජීර්ණ වෙලා යනතෙක්ම පුරුදු කරන්ට හොඳ මොකක් ද?


කුමක් මත පිහිටීම ද හොඳ?

මනුස්සයන්ට තිබෙන මාණික්‍යය කුමක් ද? 


හොරුන් ට පැහැර ගන්ට බැරි දේ මොකක් ද?

භාග්‍යවතුන් වහන්සේ:-

 
ජරා ජීර්ණ වෙලා යනතාක්ම  හොඳ සිල් රැකීම තමයි.


ශ්‍රද්ධාව මත පිහිටීම තමයි හොඳ. 

මිනිස්සුන්ගේ මාණික්‍යය  කියන්නේ ප්‍රඥාවට යි.


 පින තමයි සොරුන්ට පැහැර ගන්ට බැරි.

සාදූ ! සාදූ!! සාදූ!!!

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...