
අද ට නියමිත සතුල්ලපකායික වර්ගයයි. ඒක ටිකක් දිග සූත්‍ර. ඒ නිසා පොඩ්ඩක් පස්සට දැම්ම. අපි අද කෙටි සූත්‍ර ටිකක් පටන් ගමු.

ජරා වර්ගය - 1
ජරා - ජීර්ණ වීම ගැන වඳාළ දෙසුම.
සැවැත් නුවර ජේතවන අසපුවේදී. .............
දෙවියා:-
ජරා ජීර්ණ වෙලා යනතෙක්ම පුරුදු කරන්ට හොඳ මොකක් ද?
කුමක් මත පිහිටීම ද හොඳ?
මනුස්සයන්ට තිබෙන මාණික්‍යය කුමක් ද?
හොරුන් ට පැහැර ගන්ට බැරි දේ මොකක් ද?
භාග්‍යවතුන් වහන්සේ:-
ජරා ජීර්ණ වෙලා යනතාක්ම හොඳ සිල් රැකීම තමයි.
ශ්‍රද්ධාව මත පිහිටීම තමයි හොඳ.
මිනිස්සුන්ගේ මාණික්‍යය කියන්නේ ප්‍රඥාවට යි.
පින තමයි සොරුන්ට පැහැර ගන්ට බැරි.
සාදූ ! සාදූ!! සාදූ!!!
සාධු!!!... සාධු!!!...
ReplyDeleteඅදයි ආවේ... යහපත් දෙයක්...
යාන්ත්‍රික හිතකටත් ධර්මය වටහා ගන්න අමාරු නෑ. ඉතින්, ආව එක හරිම වටිනවා. බොහොම සෙනෙහසින් පිළිගන්නවා මේ අඩවියට.
Deleteවටිනා ලිපියක් ..සාදු..සාදු ..සාදු
ReplyDeleteකොච්චර හොඳයිද ආව එක චමී. ගොඩක් පින් ඔබට. මේ පැත්තෙ ආවට ස්තූතියි!
Delete