බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Sunday, April 29, 2018

ධම්ම පදය 13 ගාථා රත්නය.






අප්පමත්තෝ අයං ගන්ධෝ - යායං තගරචන්දනී
යෝ ච සීලවතං ගන්ධෝ - වාති දේවේසු උත්තමෝ 

සඳුන් තුවරලා වාගේ මල්වල තියෙන සුවඳ ටිකයි . ඒ වුණාට සිල්වත්  ගුණ සුවඳ ඊට වඩා උතුම්. දෙව්ලොවටත් එය හමා ගෙන යනවා.

ජේතවනාරාමයේ දී මහා කස්සප තෙරුන් අරභයා වඳාළ ගාථාවකි.


Fragrance Of Virtue Wafts To Heaven

Faint is this fragrance
of lavender and sandalwood,
but fragrance of the virtuous
soars sublime amongst the gods.
Explanation: The fragrance of lavender and sandalwood is quite slight. Why? Because it is limited in this world. Such a fragrance can spread only on earth. This way it is a very slight fragrance. But, the sweet smell of virtue is, in contrast, supreme, because it spreads not only throughout the earth, it rises even to the highest heavens.


 පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා පුණ්‍යවන්ත උත්තමයන් පැවිදි වෙලා සිටියා. එ් අතරේ මහා කස්සප මහරහතන් වහන්සේ පරම ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ සියලු තපස් ගුණයන්ගෙනුත් අග‍්‍ර වුණා. වැඩි කාලයක් වාසය කළේ මහා වනාන්තරයේමයි. උන්වහන්සේට දෙවිවරු ඉතාමත් ආදරෙයි.
ඇතැම් දිනවලදී උන්වහන්සේ කුටියෙන් එළියට වඩින විට කුටිය අවට ලස්සනට ඇමදලා තියෙනවා. භාජනවල පැන් පෙරා තියෙනවා. හැමතැනම ලස්සනට මල් අතුරලා තියෙනවා. එ්වා කරපු කෙනෙක් නෑ. එ් සියල්ල කරන්නේ උන්වහන්සේට මහත් සේ ආදර ගෞරව දක්වන දෙවිවරුන් විසිනුයි.
එක දවසක් මහා කස්සප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. පින්වතුනේ, පින්වත් දරුවනේ, නිරෝධ සමාපත්තිය කියන්නේ හරිම ආශ්චර්යවත් සමාධි බලයක්. එ් සමාධියට කෙනෙක් සමවැදුන විට ඉතාම පහසුවෙන් එකම ඉරියව්වෙන් සතියක් ගත කරන්න පුළුවන්. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එ් නිරෝධ සමාපත්තිය තුළ සතියක් ගත කළා. එ් සතිය ඇවෑමෙන් සමාධියෙන් නැගිට්ටා. රජගහ නුවර පිඬුසිඟා වඩින්නට පිටත් වුණා.
එවේලෙහි සක්දෙව් රජතුමා ගේ පිරිවර වූ පන්සියයක් දිව්‍ය අප්සරාවන් මෙහෙම කතා බස් කරගත්තා.
“පින්වත් අප්සරාවියනි, එන්න යන්න. අපගේ පරම පූජනීය ආර්යයන් වහන්සේ වන මහා කස්සප මහරහතන් වහන්සේ අන්න දින හතක් සමාධියෙන් වැඩසිට රජගහ නුවර පිණ්ඩපාතයේ වඩිනවා. අපි උන්වහන්සේට දානයක් පූජා කරමු.”
සියලු දිව්‍ය අප්සරාවියන් හරි සතුටු වුණා. ඉතින් එ් සියළු දෙනා ඉතාම ප‍්‍රණීත ආහාරපාන ඍද්ධි බලයෙන් මවාගෙන මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වඩින මාවතේ පහළ වුණා.
“ස්වාමීනී, මේ පිණ්ඩපාතය පිළිගන්නා සේක්වා! අපටද අනුග‍්‍රහ කරන සේක්වා!”
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙහෙම වදාළා.
“පින්වත් දෙවිවරුනි, ඔබට පින් තියෙනවා. පින නිසයි ඔබ දෙවියන් අතර ඔය සැප විඳින්නේ. එ් නිසා ඔබ මෙතනින් යන්න. මම මේ සූදානම් වන්නේ ඉතාම දිළිඳු මිනිසුන්ට පින් කරගන්නට අවස්ථාවක් ලබාදෙන්නටයි.”
“අනේ ස්වාමීනී, එහෙම කියන්නට එපා! අපටත් අනුකම්පාවෙන් උපකාර කළ මැනැව.”
එසේ කියමින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කරදර කරන්නට පටන් ගත්තා. එවිට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එම දිව්‍ය අප්සරාවියන්ට මෙහෙම කිව්වා.
“එම්බා අප්සරාවියනි, ඇයි මගේ වචනය අහන්නේ නැත්තේ? තමන්ගේ ප‍්‍රමාණය දන්නේ නැද්ද? යනවා යන්න මෙතනින්.”
එතකොට එ් අප්සරාවියන්ට තෙරුන් වහන්සේ ඉදිරියේ සිටින්නට බැරිව ඉතා දුකින් අතුරුදහන් වුණා. දෙව්ලොවටම ගියා. ශක‍්‍ර දෙවියන්ට මේ කරුණ සැළකළා. ශක‍්‍ර දෙවියන් එම අප්සරාවියන් ගෙන් විමසුවා
“අප්සරාවියනේ, මහා කස්සප මහරහතන් වහන්සේ ඉතාමත් කරුණාවන්තයි. උන්වහන්සේගේ සිතේ තියෙන්නේ ඉතා දුගී දුප්පත් මනුෂ්‍යයන් හට දුර්ලභ පිනක් අත්පත් කර දෙන්නයි. එ්කයි උන්වහන්සේ එහෙම කළේ. ඉතින් ඔබ උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටියේ කොහොමද?”
“දේවේන්ද්‍රය, අපි දිව්‍ය වස්ත‍්‍රාභරණයෙන් සැරසිලයි උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටියේ.”
ශක‍්‍ර දෙවියන් සිනහ වුණා.
“අනේ… අනේ… මහා කස්සප මහරහතන් වහන්සේට නුඹලා කොහොම නම් දන් දෙන්නද? හැබැයි අප්සරාවියනි, මමත් ආසයි උන්වහන්සේට දානෙ ටිකක් පූජා කරගන්නට.”
පින්වතුනේ, පින්වත් දරුවනේ, ඊට පස්සේ ශක‍්‍ර දෙවියන් ඉතාමත්ම දුර්වල, ජරා ජීර්ණ වූ මහල්ලෙකුගේ වේශයකින් රජගහ නුවර රෙදි වියන මිනිසුන් සිටින වීදියේ කොණක පහළ වුණා. එතන පුංචි පැල්පතක් මැවුණා. ශක‍්‍ර දෙවියන්ගේ බිසව වන සුජම්පතී දිව්‍යාංගනාව ඉතා දුගී මැහැල්ලියකගේ වේශයෙන් එතන පහළ වුණා. දැන් අර මහල්ලා නූල් කටිනවා. මැහැල්ලී බොහෝම අමාරුවෙන් හැළි වළන් පිරිසිදු කරනවා.
මහා කස්සප මහරහතන් වහන්සේ එ් රෙදි වියන මිනිසුන්ගේ වීදිය දෙස බලද්දී ඉතා අසරණව සිටින මේ ජෝඩුව දැක්කා. දැකලා මෙහෙම කල්පනා කළා.
‘අනේ…. මෙතරම් වයසට ගිහිනුත් මේ තැනැත්තා වැඩ කරනවා. මේ වයසක උපාසිකාවත් වෙහෙස මහන්සි වෙනවා. මේ ඇත්තන්ට පින් පිණිස මේ පැල්පතටයි පිඬු සිඟා පැමිණිය යුත්තේ. මේ ඇත්තන්ටමයි උපකාර කළ යුත්තේ. මේ වෙලාවේ කුඩු රොටියක් පූජා කළත් මේ ඇත්තන්ට පින් ලැබෙනවා.’
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පැල්පත ඉදිරියට වැඩම කළා. අර මහල්ලා අමාරුවෙන් කෙඳිරි ගගා මෙහෙම කියනවා.
“හාමිනේ, ……. මෙහෙට එන්න. අපගේ ආර්යයන් වහන්සේ නමක් වැඩම කරලා සිටිනවා. අපි පිණ්ඩපාත දානෙ ටිකක් පූජා කරගනිමු” කියලා මහල්ලා තෙරුන් වහන්සේට වන්දනා කළා. අමාරුවෙන් වගේ ඇස් දෙක පොඩිකර නළලට අත තබා තෙරුන්ගේ මුහුණ දෙස බැලූවා.
“හප්පේ…. මේ අපගේ මහා කස්සප තෙරුන් වහන්සේ නොවැ. අනේ…. වාසනාවන්! අපගේ මේ දුගී පැලටත් වැඩියා නොවැ. හාමිනේ පූජා කරගන්න මොනවා හරි ගෙදර තියෙනවාද?”
“ස්වාමීනී, තියෙනවා.”
“අනේ පින්වත් ආර්යයන් වහන්ස, රස නීරස නොබලා අප කෙරෙහි අනුකම්පාවෙන් අපට අනුග‍්‍රහ කරන සේක්වා!” කියමින් දෝතින්ම පාත‍්‍රය ලබා ගැනීම පිණිස දෑත දිගුකළා. මහා කස්සප මහරහතන් වහන්සේ ‘අනේ… මේ ඇත්තන්ට පිහිටක් වෙන්නම ඕන’ කියා සිතමින් පාත‍්‍රය දුන්නා. එ් මහල්ලා පැල්පත ඇතුළට ගොස් අනේක රස මසවුළු පිරි ප‍්‍රණීත භෝජනයක් පුරවා පාත‍්‍රය රැගෙන එන විට රජගහ නුවර හාත්පස සිසාරා මිහිරි සුවඳක් පැති ගියා.මහා කස්සප මහරහතන් වහන්සේට මෙහෙම සිතුණා.
‘ම්….. මේ කෙනා බොහොම දුගී කෙනෙක් නෙව. එ් වුණාට පිණ්ඩපාත දානය නම් මහේශාක්‍යයයි. ශක‍්‍ර දෙවියන්ගේ භෝජනය වගෙයි. එතකොට මෙයා කවුද?’
සැණෙකින්ම මොහු ශක‍්‍ර දෙවියන් බව තෙරුන් වහන්සේ හඳුනාගත්තා.
“පින්වත් දෙවිඳ, කරපු වැඩේ නම් හරි නෑ. අසරණ දුගී කෙනෙකුට ලබන්න තියෙන සම්පත්තිය නේද ඔය පැහැර ගත්තේ? අද යම්කිසි දුගී දුප්පතෙක් මේ දානය පූජා කරගත්තා නම් ඔහුට සිටු තනතුර ලැබෙනවා.”
“අනේ ස්වාමීනී, මමත් දුගී කෙනෙක් තමයි.”
“පින්වත් දෙවිඳ, ඔබ දුගියෙක් වෙන්නෙ කොහොමද? දෙව්ලොව රාජශ‍්‍රීයෙන් දිව්‍ය සැප අනුභව කරන කෙනෙක් නෙව.”
“අනේ ස්වාමීනී, මම අබුද්ධෝත්පාද කාලයක කරපු පින්වලිනුයි මේ දිව්‍ය සම්පත් ලැබුවේ. එ් වුණාට මේ බුද්ධෝත්පාද කාලයේදී පින් කරපු බොහෝ දෙනෙක් දෙව්ලොව ඉපදිලා සිටිනවා. ඔවුන් මට වඩා තේජවන්තයි. ඔවුන්ගේ පුණ්‍ය වාසනාව හරිම බලවත්. එ් නිසා මමත් දුගියෙක් නේද?”
“පින්වත් දෙවිඳ, එ් වුනාට මීට පස්සෙ නම් මෙවැනි වංචා කොට දන් දෙන්න එපා!”
“අනේ ස්වාමීනී, එහෙනම් මේ ප‍්‍රශ්නයට මට උත්තරයක් දෙන්න. වංචාවෙන් හරි මං ඔබවහන්සේට දානෙ ටිකක් පූජා කරගත්තා. මේකෙන් මට පිනක් තියෙනවාද? නැද්ද?”
“දෙවිඳ, පිනක් තියෙනවාමයි.”
“එහෙමනම් ස්වාමීනී, එ් පින කිරීමේ වාසනාව මට ලැබුනා නොවේද?” කියා සුජම්පතී දිව්‍යාංගනාව සමඟ දිව්‍ය වේශයෙන් තෙරුන් වහන්සේ වන්දනා කොට අහසට පැන නැගී ”අහෝ…! කස්සප මහරහතන් වහන්සේට පූජා කළ දානයමයි උතුම්. එය මනා කොට පිහිටි දානයක්මයි.” කියා උදම් ඇනුවා.
එතකොට වේළුවනයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ මෙය දිවැසින් දැක්කා. මේ සියලු කතාබහ දිව්‍ය ශ‍්‍රවණයෙන් ඇසුවා.
“මහණෙනි, මහා කස්සපයන්ගේ සිල් සුවඳට වශීකෘත වූ සක් දෙවිඳුන්ද පිණ්ඩපාත දානය පූජා කිරීමට නොයෙකුත් වෙස් ගන්නවා” කියා වදාරමින් මෙම ගාථා රත්නය වදාළා. පින්වත් දරුවනේ, එ් නිසා ඔබත් ඉතාම ගුණවත් කෙනෙක් වෙන්න. සිල්වත් කෙනෙක් වෙන්න. හොඳින් තිසරණයෙහි පිහිටි කෙනෙක් වෙන්න. හැකි සෑම මොහොතකම පින් දහම් රැස් කරන්න. බුද්ධානුස්සති භාවනාවෙහි යෙදෙන්න. මෛත‍්‍රිය පුරුදු කරන්න. දයානුකම්පාව දියුණු කරගන්න. ආඩම්බර වෙන්න එපා. අනුන්ගේ දියුණුව දැක සතුටු වෙන්න. ඊර්ෂ්‍යයා කරන්න එපා. නිහතමානී සිතින් වාසය කරන්න. එවිට ටිකෙන් ටික ඔබේ ජීවිතයත් සුවඳ හමන මලක් වගේ වේවි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

The Story of Thera Mahakassapa Thera.

While residing at the Veluvana monastery in Rajagaha, the Buddha uttered  with reference to Thera Mahakassapa.
Arising from nirodhasamapatti*, Thera Mahakassapa entered a poor section of the city of Rajagaha for alms-food. His intention was to give a poor man an opportunity of gaining great merit as a result of offering alms-food to one who had just come out of nirodhasamapatti. Sakka, king of the devas, wishing to take the opportunity of offering alms-food to Thera Mahakassapa, assumed the form of a poor old weaver and came to Rajagaha with his wife Sujata in the form of an old woman. Thera Mahakassapa stood at their door; the poor old weaver took the bowl from the thera and filled up the bowl with rice and curry, and the delicious smell of the curry spread throughout the city. Then it occurred to the thera that this person must be no ordinary human being, and he came to realize that this must be Sakka himself. Sakka admitted the fact and claimed that he too was poor because he had had no opportunity of offering anything to anyone during the time of the Buddhas. So saying, Sakka and his wife Sujata left the thera after paying due respect to him.
The Buddha, from his monastery, saw Sakka and Sujata leaving and told the bhikkhus about Sakka offering alms-food to Thera Mahakassapa. The bhikkhus wondered how Sakka knew that Thera Mahakassapa had just come out of nirodhasamapatti, and that it was the right and auspicious time for him to make offerings to the thera. This question was put up to the Buddha, and the Buddha answered, "Bhikkhus, the reputation of a virtuous one as my son, Thera Mahakassapa, spreads far and wide; it reaches even the deva world. On account of his good reputation, Sakka himself has come to offer alms-food to him."

Then the Buddha spoke in verse as follows:
*The scents of rhododendron and of sandal wood are very faint; but the scent (reputation) of the virtuous is the strongest; it spreads even to the abodes of the deva.