Tuesday, January 10, 2012

ථේර ගාථා 20

නිග්‍රෝධ තෙරුන් ගේ ගාථාව.

සසංසාර දුකට මගේ කිසිම බියක් නෑ. අපගේ ශාස්තෘන් වහන්සේ අමා මහ නිවන් ලබාදෙන්නට අතිශයින්ම දක්ෂයි. සසර දුක් නැති තැන වන ඒ අමා නිවන වෙත භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.

මෙය වනාහී ආයුශ්මත් නිග්‍රෝධ නම් රහත් මුණිදුන් වදාළ ගාථාව යි.

Sunday, January 8, 2012

ථේරි ගාථා 10

උපසමා තෙරණිය ගේ ගාථාව .


පින්වත් උපසමා, මේ මාරයාගේ රාජධානියෙන් මිදෙන්ට අතිශයින්ම දුෂ්කරයි. කොහොම හරි සසර සැඩ පහරින් එතෙර වෙන්න. සේනා සහිත මාරයාව පරදවා දාන්න. අවසන් සිරුරක් දරන කෙනෙක් වෙන්න.


මේ වනාහී උපසමා නම් රහත් මෙහෙණිය වදාල ගාථාවයි.


ථේර ගාථා! 19


අජිත තෙරුන්ගේ ගාථාව .


මට නම් මරණය ගැන කිසිම බියක් නෑ. ජීවත් වීම ගැන අමුතු ආශාවකුත් නෑ. ඉතා හොඳින් සිහියත් නුවණත් පිහිටුවා ගෙන ම යි මේ ශරීරය මං අත්හැර දමන්නේ.


මෙය වනාහී ආයුශ්මත් අජිත නම්වූ රහත් මුණිුන් වÞල ගාථාවයි.


මේ එක ගාථාව බැගින් වඳාල කොටසේ දෙවන භාගයයි.

සංයුක්ත නිකාය සත්ති වර්ගය 4



මනස වැළැක්වීම ගැන වදාල දෙසුම. (මනෝ නිවාරණ සූත්‍රය )


සැවැත් නුවර ජේතවන අසපුවේදීය.


එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.


“ යම් යම් අරමුණකින් මනස වලක්වා ගත්තොත් , ඒ ඒ අරමුණෙන් ඇතිවන දුක් ඇති වෙන්නේ නෑ. ඉතින් ඔහු සිය¿ අරමුණින් ම මනස වළක්වා ගත්තොත් " එතකොට ඔහු සිය¿ දුකින් නිදහස් වෙනවාZZ


භාග්‍යවතුන් වහන්සේ: “ නෑ. හැම අරමුණින්ම මනස වළක්වන්ට ඕනෙ නෑ. කොටින්ම සංවර වෙච්ච මනසේ වළක්වන්ට දෙයක් නෑ. යම් යම් අරමුණක් නිසා අකුසල් සිදුවෙනව නම් , ඒ ඒ අරමුණිනුයි මනස වැළැක්විය යුත්තෙ.”


සාදූ! සාදූ! සාදූ!

Saturday, January 7, 2012

ධම්ම පදය 8

Spiritual Strength is Undefeatable

8. Asubhānupassi viharanta, indriyesu susavuta

Bhojanamhi ca mattaññu, saddha āraddhavīriya

Ta ve nappasahati māro, vāto selava pabbata.



අසුභානුස්සිං විහරන්තං - ඉන්ද්‍රියේසු සුසංවුතං,

භෝජනම්හි ව මත්තඤ්ඤුං - සද්ධං ආරද්ධ වීරියං,

තං වෙ නප්පසහති මාරො - වාතො සෙලං ව පබ්බතං




රූපාදී අරමුණු අශූභ වශයෙන් සලකමින් , ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව , කෑමෙහි පමණ දැන , සදැහැතිව , සම්පූර්ණ වීර්ය ඇතිව වසන පුද්ගලයා, වාතයට ගල් පර්වතයක් නොසෙල්විය හැක්කා සේ කෙලෙස් මාරයාට ද සෙලවිය නො හැක.


One who foulness contemplates,
whose faculties are well-restrained,
in food does moderation know,
is full of faith, who's diligent:
that one no Mara overthrows,
as wind does not a rocky mountain.


Explanation: Those who dwell on the unattractiveness of sensual enjoyment, and live with the senses well guarded, and are moderate in eating, they are devoted to the Teaching and to persistent methodical practice.

Such persons are not overpowered by emotions just as a rocky mountain is not shaken by the wind.

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...