Posts

Showing posts from February, 2016

ධම්ම පදය – 04. පුප්ඵ වර්ගය

Image
*සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ අද වගේ නවම් පුන් පොහෝ දිනක ය.

*ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද අද වගේ නවම් පුන් පොහෝ දිනක ය
*බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද අද වගේ නවම් පුන් පොහෝ දිනක ය.
*බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද අද වගේ නවම් පුන් පොහෝ දිනකදී ය. 

04. පුප්ඵ වර්ගය (මල් උපමා කොට වදාළ කොටස) 44.   කෝ ඉමං පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
        කෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති

මේ පෘථිවිය ජයගන්නෙ කවුද? අපාය ජයගන්නෙ කවුද? දෙවියන් සහිත වූ මේ ලෝකය ජයගන්නෙ කවුද? දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරාගෙනම නෙලාගන්නව වගේ මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙ කවුද? 
(සැවැත් නුවරදී පෘථිවිය ගැන කථා කර කර සිටි පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි   45.  සේඛෝ පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං            සේඛෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති
ඒ අමා නිවන් මගේ ගමන් කරන කෙනා තමයි මේ පෘථිවිය දින…