Friday, January 26, 2018

මේ සටහන දහම් පාසැල් දරුවන් උදෙසායි.

බෞද්ධ ස්තූපයක කොටස් --

බෞද්ධ ස්තූපයක කොටස්.JPG

  1. චූඩා මාණික්‍යය
  2. කොත
  3. කොත් කැරැල්ල
  4. හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව
  5. ගර්භය
  6. වාහල්කඩ
  7. පේසා වළලු
  8. සලපතල මළුව
  9. වැලි මළුව
  10. සඳකඩ පහන



දැනට ලංකාවේ දක්නට ලැබෙන චෛත්‍ය වර්ග-
   
අද වන විට බෞද්ධ ස්තූපය ක්‍රමක්‍රමයෙන් විකාශනයවී විවිධ හැඩ සහ ආකෘති වලින් ස්තූප ගොඩනැගෙන්නට විය. ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ක්‍රි:ව:07 වන සියවසට අයත් මංජු ශ්‍රී වාස්තු විද්‍යා ශ්‍රාස්ත්‍රය‍ට අනුව ස්තූප වර්ග ප්‍රධාන වශයෙන් පහක් දක්නට ලැබේ. එහෙත් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ පහත ස්තූප වර්ග දක්නට ලැබේ.

01.ධාන්‍යාකාර


 


 අභයගිරිය ස්තූපය.
වී ගොඩක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:- කැලණි ස්තූපය.
අභයගිරිය ස්තූපය. ජේතවනාරාම ස්තූපය.
පොළොන්නරුව දෙමළ මහා සෑය



02.පද්මාකාර



නෙළුම් මලක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
උදා:-කොට වෙහෙර ධාතු ගර්භයෙන් හමුවූ චෛත්‍යය.
පොළොන්නරුව දෙමළ මහා සෑය.

03.ඝණ්ටාකාර



 


 ථූපාරාමය
ඝණ්ටාරයක හැඩයට තනන ලද ස්තූප මේ නමින්හඳුන්වනු ලැබේ. ආසියාව තුළ මේ හැඩයට තනන ස්තූප බෙහෙව්න් ජනප්‍රියතත්‍වයට පත්ව ඇත.

උදා:-11 සියවසට අයත් මහියංගණය ස්තූපය. අනුරාධපුර ථූපාරාම ස්තූපය.


04.බුබ්බුලාකාර






 රුවන්මැලි මහාසෑය
දිය බුබුළක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:-ක්‍රි:පූ:2වන සියවසට අයත්රුවන්මැලි මහාසෑය. පොලොන්නරුව කිරිවෙහෙර ස්තූපය. රන්කොත් වෙහෙර.



05.ඝඨාකාර





කළයක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.මේ ආකාරයේ චෛත්‍ය හැඩය තිබ්බතයේ බෙහෙවින් ජනප්‍රිය ය.
උදා:-තිස්සමහාරාමයෙන් මේ ආකාරයේ ධාතු කරඬුවක් හමුවී ඇත. සිතුල්පව්ව ස්තූපය. සෝමාවතිය ස්තූපය. මඟුල්මහාවිහාරය.



06.ආම්ලාකාර






නෙල්ලි ගෙඩියක හැඩය ගන්නා ස්තූප මේ ඝණයට අයත් වේ.
උදා:-දැදිගම කොට වෙහෙරින් හමුවූ ස්තූපය.


මීට අමතරව ශ්‍රී ලංකාව තුළ පහත ස්තූප වර්ගද දක්නට ලැබේ.



07.අණ්ඩාකාර:-


බිත්තරයක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
උදා:-රුවන්මැලි සෑයෙන් මෙවැනි ස්තූපයක් හමුවී ඇත.




08.පලාජස්ඩවාකාර :-





ළූණු ගෙඩියක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
උදා:- නැදිගමපල ස්තූපය.



09.චතුරස්‍රාකාර





සමස්ථ ඉදිකිරීම චතුරස්‍රාකාරව/හතරැස්ව ගොඩනැගීම මෙ‍ම චෛත්‍ය වල විශේෂතත්‍වයයි.
උදා:-බුරුමය ස්වේදගොන් පැගෝඩා.(බෞද්ධ රටවල මෙම ස්තූප පැගෝඩා නමින් හඳුන්වයි.) අනුරාධපුර නකා වෙහෙර.




10.සිලින්ඩරාකාර:-



සිලින්ඩරයක හැඩයට සමස්ථ ස්තූපයම ගොඩනැගීම මෙ‍ම චෛත්‍ය වල විශේෂතත්‍වයයි.
උදා:- අම්පාර දිස්ත්‍රික්කයේ කුඩුම්බිගලින් මේ ආකාරයේ ස්තූපයක් හමුවූ බව විමල් ජයරත්න මහතාගේ මතයයි. ඉන්දියාවේ කුසිනාරා නුවර සම්බුද්ධපරිනිර්වාණය සිදුවූ ස්ථාන‍යේමේ ආකාරයේ චෛත්‍යයක් දක්නටලැබේ.

11.අෂ්ඨාකාර



Monday, January 1, 2018

ථේරි ගාථා 49





උබ්බිරී තෙරණිය ගේ ගාථා.

උබ්බිරී දැන් ඔයා හඬ හඬා ඉන්නව මේ වනයට ඇවිදින් "මගෙ දුවේ ජීව" කිය කියා. ඔයා දන්නවද ? අසූහාර දාහක් ජනතාව මේ සොහොනේ පුච්චලා තියෙනවා. ඒ ඔක්කෝටම තිබුනේ "ජීව" කියන නම තමයි. ඉතින් ඔයා හඬන්නේ ඒ ගොල්ලන් ගෙන් කවුරු ගැන ද? 

එතකොටම මගේ හදවතේ වේදනා ගෙනත් දීපු කාටවත් නොපෙනෙන දරු දුක නම් වූ යම් ශෝක හුලක් තිබුණ ද ඒ ශෝක හුල මං ඉවත් කර ගත්ත. 
අද මං ඉන්නෙ ඒ ශෝක හුල උදුරල දාල. තෘෂ්ණාව නැති කරල දාල නිවිල ගිහින්. බුදු සමිඳුන් වත්, සද්ධර්මයත්, ආර්ය සඟරුවනත් මං සරණ කර ගත්ත.

මේ වනාහී උබ්බිරී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධම්මපදය – පුප්ඵ වර්ගය 8 - 9

 Siddhartha Gautama Buddha visited Sri Lanka thrice, first to Mahiyangana in the 9th month of His Enlightenment, the second to Nagadipa in the North, the third and last visit to Kelaniya in the eighth year of His Enlightenment.
The important significance of Duruthu Pura Paslosvaka Poya Day, marks Buddhas first visit to Sri Lanka. 
The Buddhist believed after the passing away of Buddha, Arahat Sarabhu Maha Thera, brought the collar bone relic of Gautama Buddha and deposited in the Mahiyangana stupa. This event also took place on a Duruthu Full Moon Poya Day. Therefore, on the Duruthu Purapaslosvaka Poya day, thousands and thousands flock to the Buddhist Temples to pay their gratitude and homage to the Triple Gem. As this is the first Purapaslosvaka Poya Day of the year 2018, the temples of Sri Lanka, will be filled to the rafters.
The Sri Lankan Buddhists consider 16 (sixteen) important places of worship. Many devotees recite a popular stanza. It starts with Mahiyangana Chetiya. It shows the importance of Mahiyangana Chetiya.







51 යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං අගන්ධකං
එ්වං සුභාසිතා වාචා – අඵලා හෝති අකුබ්බතෝ
සිත්කළු ලස්සන මලක් තිබෙන්නේ – එහෙත් සුවඳ මල් පැණි නොතිබෙන්නේ
එලෙසින් බුදුබණ ගැන පවසන්නේ – නොහැසිරෙනා විට ඵලක් නොවන්නේ


52 යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං සගන්ධකං
එ්වං සුභාසිතා වාචා – සඵලා හෝති පකුබ්බතෝ
සිත්කළු ලස්සන මලක් තිබෙන්නේ – මල් පැණි බර වී සුවඳ හමන්නේ
එලෙසින් බුදුබණ ගැන පවසන්නේ – හැසිරෙන විටමයි ඵල ලැබදෙන්නේ්


බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් ශ‍්‍රද්ධාවෙන් බණ අහපු අය හිටියා. ශ‍්‍රද්ධාවෙන්ම එ් ධර්මය පාඩම් කරගත්තු අයත් හිටියා. එහි අර්ථ මෙනෙහි කළ අයත් හිටියා. එ් වගේම සමහර උදවිය බණ ඇහුවා විතරයි. පාඩම් කරගත්තෙත් නැහැ. අර්ථ මෙනෙහි කළෙත් නැහැ. ඇත්තෙන්ම ධර්මය කියන්නේ අපේ ජීවිතයට සැප ලබාගන්න, මග පෙන්වන දෙයයි. එ් ධර්මය අපි ඉතා ශ‍්‍රද්ධාවෙන්මයි ඇසිය යුත්තේ. ශ‍්‍රද්ධාවෙන්මයි පාඩම් කරගත යුත්තේ. ශ‍්‍රද්ධාවෙන්මයි අර්ථ දැනගත යුත්තේ.
එ් ගැන විස්තර වෙන ලස්සන කතාවක් දැන් ඔබට අසන්නට ලැබෙනවා. සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලයේ ඡත්තපාණී නම් පින්වත් උපාසක මහත්මයෙක් සිටියා. මෙතුමා අනාගාමී තත්වයට සිත දියුණු කළ ගිහි ශ‍්‍රාවකයෙක්.
පින්වතුනේ, පින්වත් දරුවනේ, ධර්මය අවබෝධ වීමේ පියවර සතරක් තියෙනවා. පළමුවෙනි පියවරට කියන්නේ සෝතාපන්න වෙනවා කියලයි. දෙවන පියවරට කියන්නේ සකදාගාමී වෙනවා කියලයි. තුන්වන පියවරට කියන්නේ අනාගාමී වෙනවා කියලයි. සතරවෙනි පියවරට කියන්නේ අරහත් වෙනවා කියලයි. එතනින් ධර්ම මාර්ගය සම්පූර්ණයි. අරහත්වයෙන් එහාට කළ යුතු දෙයක් නැහැ.
ගිහි ජීවිතය ගත කරන සැදැහැවත් ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් අතරින් සෝතාපන්න වූ බොහෝ දෙනෙක් සිටියා. සෝතාපන්න කියන්නේ කුමක්ද? පින්වතුනේ, පින්වත් දරුවනේ, ‘සෝත’ කියන්නේ සැඩ පහරට කියන නමක්. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් සෝත කියලා ප‍්‍රකාශ කළා. සැඩපහරක් ඍජුවම මහා සාගරය බලා ගමන් කරනවා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඍජුවම නිවන කරා යොමු වෙනවා. ඉතින් යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම පිණිස පළමුවෙනි මාර්ග අංගය වන සම්මා දිට්ඨිය ඇතිකර ගන්නවාද, එයාට සෝතාපන්න කියලා කියනවා. එ් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුන කෙනා කියන අර්ථයයි.
සකදාගාමී කියන්නේ එ් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුන කෙනා, එ් කියන්නේ සෝතාපන්න කෙනා තවදුරටත් ධර්මය ප‍්‍රගුණ කිරීමේදී කාම ලෝකයේ එක වතාවක් පමණක් ඉපදී නිවන් දැකීමට සුදුස්සෙක් වෙනවා. සකදාගාමී කියන වචනයේ තේරුම එකවරක් පමණක් කාම ලෝකයට පැමිණෙන තැනැත්තා යන්නයි.
අනාගාමී කියන්නේ කාම ලෝකයට නොඑන තැනැත්තා යන්නයි. අනාගාමී කෙනෙක් උපදින්නේ බ‍්‍රහ්ම ලෝකවලයි. අනාගාමී උතුමන් උපදින බ‍්‍රහ්ම ලෝකවලට කියන්නේ සුද්ධාවාස බ‍්‍රහ්ම ලෝක කියලයි. එ් උතුමන් නැවත වෙන ලෝකයක උපදින්නේ නැහැ. සුද්ධාවාස බඹ ලොවදීම පිරිනිවන් පානවා. අරහත් කියන්නේ කිසිම ලෝකයක උපදින්නේ නැහැ. මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා.
මේ ඡත්තපාණී උපාසකතුමා අනාගාමී තත්වයට පත්වෙලයි හිටියේ. මෙතුමා ඉතා හොඳින් ධර්මය ඉගෙන ගත් කෙනෙක්. බණ භාවනා කළ කෙනෙක්. එ් වගේම සැදැහැවතුන් අතර ආදර ගෞරවයට පාත‍්‍ර වූ කෙනෙක්.
එදා පොහොය දවසක්. ඡත්තපාණී උපාසකතුමා උපෝසථ සිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ එ් ඡත්තපාණී උපාසකතුමා සමඟ දහම් කථාවෙහි යෙදුණා. එ් අතර වාරයේදී කොසොල් රජතුමාත් එතනට පැමිණුනා. එතකොට ඡත්තපාණී උපාසකතුමාට මෙහෙම හිතුණා.
‘දැන් කොසොල් රජතුමා පැමිණුනා. සාමාන්‍යයෙන් අපගේ රජ්ජුරුවන් වහන්සේ පැමිණෙද්දී අප සියලු දෙනාම නැගිට්ට යුතුයි. නමුත් මා දැන් වාඩි වී සිටින්නේ තුන් ලෝකයට අග‍්‍ර රාජ වූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ, ධර්ම රාජයන් වහන්සේ ඉදිරියේයි. ඉතින් මං දැන් නැගිට්ටොත් එ් ධර්මරාජයන් වහන්සේට අගෞරවයක් කළා වෙනවා. රජතුමා මං ගැන කිපී මට මොනවා කළත් කමක් නැහැ. මං මේ විදිහටම ඉන්නවා’ කියල කල්පනා කොට එ් විදිහටම සිටියා. තමන් පැමිණෙද්දී නොනැගිටින මේ අහංකාර පුද්ගලයා කවුද? මොහු තමන් ගැන සිතාගෙන සිටින්නේ කොයි ආකාරයෙන්ද? මගේ යටත්විජිතයේ යටත්වැසියෙක් නොවෙයිද? ආදී සිතුවිලි සිතමින් කොසොල් රජතුමා මොහු දෙස බලනවා. බුදුරජාණන් වහන්සේ දෙස බලනවා. හැබැයි කටින් කිසිවක් කිව්වේ නැහැ. නමුත් ඡත්තපාණී උපාසකතුමාගේ හැසිරීම ගැන රජතුමා කිපුණු බව බුදුරජාණන් වහන්සේ දිවැසින් දැක වදාළා.

“පින්වත් මහරජ, ඔබතුමා සමහර විට මේ උපාසකතුමා ගැන නොදන්නවා ඇති. මේ උපාසක උදේ වරුවේ පමණක් දන් වළඳන කෙනෙක්. මිල මුදල් පරිහරණයෙන් වැළකුණු කෙනෙක්. බ‍්‍රහ්මචාරී කෙනෙක්. සමාහිත සිත් ඇති කෙනෙක්. ඉතාම සිල්වත් කෙනෙක්. මේ උපාසකතුමා ඉතා වටිනා ගුණධර්මයන්ගෙන් සමන්විතයි. මෙවැනි උපාසක කෙනෙක් හඳුනාගෙන සිටීමත් ප‍්‍රයෝජනයි.”
බුදුරජාණන් වහන්සේගේ මෙම ප‍්‍රකාශය සමඟ කොසොල් රජතුමාගේ සිත මෘදු වුණා. තරහ ගතිය නැතිවුණා. කොසොල් රජතුමාත්, ඡත්තපාණී උපාසක සමඟ සතුටින් කතාබස් කළා.
දිනක් ඡත්තපාණී උපාසකතුමා රජමාළිගයේ මිදුලේ ගමන් කරමින් සිටියා. එවේලෙහි ඔහු සෙරෙප්පු දෙකක් දාගෙන සිටියා. කුඩයක් ඉහලාගෙන සිටියා. කොසොල් රජතුමා සඳළුතලයට ඇවිදින් පහළ බලද්දී ඡත්තපාණී උපාසකතුමා රජමිදුල හරහට ගමන් කරමින් සිටියා. ඡත්තපාණී උපාසකතුමාත් රජතුමාව දැක්කා. දැකලා කුඩය හැකිළුවා. සෙරෙප්පු දෙක ගැලෙව්වා. රජතුමාට වන්දනා කළා. ස්වල්ප වෙලාවකින් රාජපුරුෂයෙක් ඡත්තපාණී උපාසකතුමා ළඟට පැමිණුනා. රජතුමා තමන්ව මාළිගයට කැඳවන බව දැනුම් දුන්නා. මාළිගයට පිවිසුණු ඡත්තපාණී උපාසකතුමා රජතුමාට වන්දනා කොට එකත්පස් ව සිටගත්තා.
“එම්බා උපාසකය, එදා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මා එන බව දැන දැනත් නොනැගිට සිටියේ මක් නිසාද?”
“පින්වත් දේවයන් වහන්ස, කමා කරන සේක්වා! එදා මා ඔබවහන්සේ සැපත් වෙද්දී නොනැගිට සිටියේ අර්ථයක් ඇතුවයි. ඔබවහන්සේ අධිපතිබව දරන්නේ මේ කෝසල රාජ්‍යයට පමණයි. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ සමස්ත පෘථිවියටත්, සියලු කාම, රූප, අරූප යන ලෝකයන්ටත් අධිපතිබව දරනවා. දෙවියන්ට හා මිනිසුන්ට ශාස්තෘත්වය දරනවා. උන්වහන්සේ ධර්මරාජයන් වහන්සේ. උන්වහන්සේගේ ධර්ම රාජ්‍යය දෙවි මිනිස් ලෝකය පුරා පැතිරගොස් තිබෙනවා. ඉතින් මා සිතුවේ ඔබවහන්සේ සැපත් වෙද්දී මා නැගිට සිටියොත් එය ධර්මරාජයන් වහන්සේට මදිපුංචි කමක් වේය කියලයි. එසේ නැතුව ඔබවහන්සේට අගෞරව කිරීමේ අදහසක් මට කිසිසේත්ම තිබුණේ නෑ. එ් හේතුවෙන් ඔබවහන්සේගේ සිතට යම් අපහසුවක් ඇතිවුණේ නම් මට කමා කළ මැනව.”
මේ ප‍්‍රකාශයෙන් රජතුමා බොහොම පැහැදුණා. පැහැදිලා මෙහෙම කියනවා.
“එම්බා උපාසක, බොහොම හොඳයි. කල්පනා කරපු විදිහ හරි. එහෙම නම් මං දැන් තමුන්ට වැඩක් පවරනවා. මාගේ අන්තඃපුරයේ සිටින බිසවුන් වහන්සේලාට බණ කියන්නට කෙනෙක් සොය සොයා මං හිටියේ. දැන් සුදුස්සා මුණ ගැසුනා. එහෙම නම් ඔබ එ් අන්තඃපුර බිසවුන්ට බණ කියන්නට ඕන.”
“අනේ දේවයන් වහන්ස, මට කමා කළ මැනව. අන්තඃපුරය යනු ගිහි උදවිය හැසිරිය යුතු තැනක් නොවෙයි. එ් නිසා බොහෝ අරමුණු ඇති අන්තඃපුරය වැනි තැනකට, වඩාත්ම සුදුසු වන්නේ ඉන්ද්‍රිය දමනය බලවත්ව පවත්නා ස්වාමීන් වහන්සේ නමක් වැඩමවාගෙන ධර්ම දේශනා කරවීමයි. එ් අදහස ඔබවහන්සේ සලකා බලත්වා!”
“එ්කත් බොහොම හොඳයි” කියා පිළිතුරු දුන් කොසොල් රජතුමා එම කාරණය බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට එම වගකීම බාර දුන්නා. 
දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා වදාළා.
”පින්වත් ආනන්දය, උපාසිකාවන් හොඳින් ධර්මය ඉගෙන ගන්නවාද?”
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මල්ලිකා දේවිය ඉතාමත් හොඳින් ධර්මය ඉගෙන ගන්නවා. ඉතාමත් හොඳින් සජ්ඣායනා කරනවා. ඉතාමත් හොඳින් ධර්මයේ අර්ථ කියනවා. නමුත් ඔබවහන්සේගේ ඤාති දියණියක් වන වාසභඛත්තියා බිසවුන් වහන්සේ ධර්මය ඉගෙන ගන්නට කිසි උනන්දුවක් නැහැ. ඇය උත්සාහයකින් සජ්ඣායනා කරන්නේ නැහැ. ධර්මයෙහි අර්ථ කියන්නෙත් නැහැ.”
“පින්වත් ආනන්දය, මා විසින් පවසන ලද්දා වූ ධර්මය ශ‍්‍රද්ධාවෙන් ශ‍්‍රවණය කරන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් ග‍්‍රහණය කරගන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් සජ්ඣායනා කරන්නෙත් නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් දේශනා කරන්නෙත් නැත්නම්, ඉතාමත් ලස්සන මලක් සුවඳ රහිතව තියෙනවා වගෙයි. එ්කෙන් ප‍්‍රයෝජනයක් නැහැ. නමුත් ශ‍්‍රද්ධාව මුල් කරගෙන ධර්මශ‍්‍රවණය, ධර්මධාරණය, සජ්ඣායනය, අර්ථ මෙනෙහි කිරීම, දේශනය සහ හැසිරීම කරනවා නම් ලස්සන වගේම සුවඳිනුත් යුක්ත මලක් වගෙයි.”
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරය විහිදුවමින් මෙම ගාථාරත්නයන් වදාළා.

Yathapi ruciram puppham
vannavantam agandhakam
evam subhasita vaca
aphala hoti akubbato.


Just as a beautiful flower, lacking in scent, cannot give the wearer the benefit of its scent, so also, the well-preached words of the Buddha cannot benefit one who does not practise the Dhamma.

Yathapi ruciram puppham
vannavantam sagandhakam
evam subhasita vaca
saphala hoti kubbato.


Just as a flower, beautiful as well as fragrant, will give the wearer the benefit of its scent, so also, the well-preached words of the Buddha will benefit one who practises the Dhamma.

The Story of Chattapani, a Lay Disciple
While residing at the Jetavana monastery, the Buddha uttered Verses (51) and (52) of this book, with reference to the lay disciple Chattapani and the two queens of King Pasenadi of Kosala.
A lay disciple named Chattapani who was an anagami* lived in Savatthi. On one occasion, Chattapani was with the Buddha at the Jetavana monastery respectfully and attentively listening to a religious discourse, when King Pasenadi also came to the Buddha. Chattapani did not stand up because he thought that by standing up, it might mean that he was paying respect to the king, but not paying due respect to the Buddha. The king took that as an insult and was very much offended. The Buddha knew exactly how the king was feeling; so he spoke in praise of Chattapani, who was well-versed in the Dhamma and had also attained the Anagami Fruition. On hearing this, the king was impressed and favourably inclined towards Chattapani.
When the king next met Chattapani he said, "You are so learned; could you please come to the palace and give lessons of the Dhamma to my two queens?" Chattapani declined but he suggested that the king should request the Buddha to assign a bhikkhu for this purpose. So, the king approached the Buddha in connection with this, and the Buddha directed the Venerable Ananda to go regularly to the palace and teach the Dhamma to Queen Mallika and Queen Vasabhakhattiya. After some time, the Buddha asked the Venerable Ananda about the progress of the two queens. The Venerable Ananda answered that although Mallika was learning the Dhamma seriously, Vasabhakhattiya was not paying proper attention. On hearing this the Buddha said that the Dhamma could be of benefit only to those who learn it seriously with due respect and proper attention and then practise diligently what was taught.

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...