Posts

Showing posts from November, 2012

ථේර ගාථා 27

Image
හෙට ඉල් පොහෝ දවසයි.  
 වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක් පොහොයයි.
 මෛති‍්‍රය බෝසතුන් වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධර්ම දූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධර්ම ර්‍ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, චීවර මාසයේ අවසාන පොහොය වීම, සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධර්මය  අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම, ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය. මෙම සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට වැදගත් වේ.

සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම ට අවසර ඉල්ලීම.


මේ නිසා මේ ටිකේ පොස්ට් ටිකක් ලඟ ලඟ වැටුනා. එවා හැම දෙයක්ම කියවන්න සුපින්වත් ඔබට හැකිනම් එයයි මා ලද සතුට!


ජම්බුගාමික පුත්ත තෙරුන්ගේ ගාථාව.

 ඔබ සිවුරු වලට රෙදි සොය සොයා කල් ගෙවන්නේ නෑ නේද? ඇඟපත සරසන්නට කැමති කෙනෙක් නොවේ නේද? ඔබෙන් ඔය හමන්නෙ සිල් සුවඳ නේ? අනෙක් උදවිය ගෙන් නම් එවැනි සුවඳක් හමන්නේ නෑ.

මේ වනාහී ජම්බුගාමික පුත්ත නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.

ථේරි ගාථා - දුක නිපාතො - 3

Image
සුමංගල මාතා තෙරණිය ගේ ගාථා.
හැම දේකින් ම මිදුනු ඔයා, මෝල් ගහෙනුත් නිදහස් වුණ එකමයි හොඳ. මගේ සැමියා කිසිම ලජ්ජාවක් නැති මිනිහෙක්. මං ඒ මිනිහාගෙ කුඩේට වත් කැමති නෑ. මං බත් උයපු හැළියෙත් පිළුණු ගඳ ආවෙ. 

"චිටි චිටි" සද්දයෙන් මං මේ රාග ද්වේෂ ත් නැති කරල දැම්ම. මං දැන් ගහක් සෙවනට ගියාම,  හප්පා! තියෙන සැපයක්!  මං හරිම සැපසේ ධ්‍යාන වඩනව.

මේ වනාහී සුමංගල මාතා නම් රහත් තෙරණිය වඳාල ගාථාවයි.

සංයුක්ත නිකාය - ජරා වර්ගය - 1

Image
අද ට නියමිත සතුල්ලපකායික වර්ගයයි. ඒක ටිකක් දිග සූත්‍ර. ඒ නිසා පොඩ්ඩක් පස්සට දැම්ම. අපි අද කෙටි සූත්‍ර ටිකක් පටන් ගමු. 













ජරා වර්ගය - 1

ජරා - ජීර්ණ වීම ගැන වඳාළ දෙසුම.
සැවැත් නුවර ජේතවන අසපුවේදී. .............

දෙවියා:-


 ජරා ජීර්ණ වෙලා යනතෙක්ම පුරුදු කරන්ට හොඳ මොකක් ද?


කුමක් මත පිහිටීම ද හොඳ?

මනුස්සයන්ට තිබෙන මාණික්‍යය කුමක් ද? 


හොරුන් ට පැහැර ගන්ට බැරි දේ මොකක් ද?

භාග්‍යවතුන් වහන්සේ:-


ජරා ජීර්ණ වෙලා යනතාක්ම  හොඳ සිල් රැකීම තමයි.


ශ්‍රද්ධාව මත පිහිටීම තමයි හොඳ. 

මිනිස්සුන්ගේ මාණික්‍යය  කියන්නේ ප්‍රඥාවට යි.


 පින තමයි සොරුන්ට පැහැර ගන්ට බැරි.

සාදූ ! සාදූ!! සාදූ!!!

සංයුක්ත නිකාය - භික්ඛුණී සංයුක්තය - භික්ඛුණී වර්ගය - විජයා සූත්‍රය

Image
විජයා භික්ෂුණිය මාරයාට  පැවසූ  දෙසුම.

(විජයා සූත්‍රය )

සැවැත් නුවරදී.....

එදා විජයා  භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර පින්ඩපාතෙ කරගෙන    දානෙ වළඳල ,දවල් කාලෙ  ගත කරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුලට ගිහින් එක්තරා රුක් සෙවනක දවල් කාලෙ ගත කරන්න හිතාගෙන  වාඩි වෙලා හිටිය.

එදා පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා.

 " විජයා   භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. තැති ගන්වන්නට ඕනෙ , මවිල් කෙලින් කරවන්ට ඕනෙ. සමාධියෙන් දුරු කරවන්ට ඕනෙ" කියල. ඊට පස්සෙ මාරයා විජයා   භික්ෂුණිය ළඟට ගියා. ගිහින් විජයා භික්ෂුණියට  ගාථාවක් පැවසුවා.

" ඒයි  ලස්සන තැනැත්තී, ඔයා තාම තරුණයි. මමත් යෞවන වයසෙ ඉන්න තරුණයෙක්. එන්න පංචාංගික තූර්ය නාදයෙන් සතුටු වෙමින් අපි ප්‍රීතියෙන් ඉඳිමු.

එතකොට විජයා   භික්ෂුණියට මෙහෙම හිතුණා.

 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ.

එතකොට  විජයා  භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පවිටු මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, සමාධියෙන්  දුරු කරවන්ට කැමති වෙලා තමයි ඔය ගාථා කිය…

අප්පමාද වග්ග 2.

Image
එතං විසෙසතො ඤත්වා
අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදෙ පමොදන්ති
අරියානං ගොචරෙ රතා

ආර්ය නමැති බුදු - පසේබුදු- රහතුන් නිතර ආශ්‍රය කරන සතිපට්ඨානාදී ධර්මයන්හි ඇලුණු , නුවණැත්තෝ (කලින් ගාථාවේ කියවුණු සේ) අප්‍රමාදයෙහි ඇති මේ කාරණය විශේෂයෙන් දැන අප්‍රමාදයෙහි ඇලෙත්. එනම් ප්‍රමාද - අප්‍රමාද දෙකේ වෙනස හොඳට දන්නවා. ඒ නිසා ආර්යයන් වහන්සේලාගේ නවාතැන වන සත්තිස් බෝධිපාක්ෂික  ධර්මයේම ඇලෙමින් අප්‍රමාදී ගුණය ගැනම සතුටු වෙනව.

තෙ ඣායිනො සාතතිකා
නිච්චං  දළ්හපරක්කමා
ඵුසන්ති ධීරා නිබ්බානං
යොගක්ඛෙමං  අනුත්තරං

ධ්‍යාන වඩන්නා වූ, නිරතුරු පැවති වීර්යෙන් හා දැඩි උත්සාහයෙන් යුක්ත වූ ඒ නුවණැත්තෝ කාමබන්ධනාදී බන්ධනයන්ගෙන් නිදහස් වූ අත්‍යුත්තම වූ නිවණ ලබත්. එනම් සියළු බන්ධන වලින් නිදහස් වී අනුත්තර වූ ඒ අමා නිවනම සාක්ෂාත් කර ගන්නව.

Evaṃ  visesato ñatvā, appamādamhi paṇḍitā
Appamāde pamodanti, ariyānaṃ gocare ratā.

Distinctly understanding this, the heedful wise ones rejoice in
heedfulness, delighting in the realm of the Noble Ones.

Explanation: Those who are truly wise are especially aware of the need for sanity. They take deli…

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා - 4 - කොසබෑ නුවර හරහා කාන්පූර් ගමන.

Image
කාන්පූර් බලා:-







19/10/2012  උදේපාන්දරමඔන්නඒකියන්නෙ, මහපාන්දර 3.30 ටබසයටනැංගකාන්පූර්බලායන්න. කටිටියවෙලාවටලැහැස්තිවෙලාහිටියනිසාමකරදරයක්නැතිවයන්නපුලුවන්. පංචශීලයසමාදන්වෙලාබුදුගුණවන්දනාවකරලටිකක්විවේකයක්ලබුනනිදාගන්න. 

මමයන්තම්එළියවැටෙනවිටනැඟිටලාඑළියබලාගෙනහිටිය. මෙහෙමරටකටආවෙනිදාගන්නයැ. මේපරිසරයවිඳගත්තෙනැත්නම්වැඩක්නැහැනෙ. මීදුමවැටිලතැනිතලාවෙහරිමලස්සනයි . එළියවැටීගෙනඑනවිටහරිමසුන්දරපරිසරයක්.


පාන්දරහතපමණවෙනවිටඅලහාබාද්නගරයපසුකලෙමු. එය