Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Tuesday, June 2, 2015

පොසොන් උදානය



දෙව්ලොව දෙවියන් අදටත් වඩිනා මිහින්තලාවේ
අනුබුදු හිමි දෙසූ දහම් නිති  අසන මිනිසුනේ
රාග ද්වේශ මෝහ නසා නිවන පතන්නේ
මේ බිම අපි සැම දෙනා ම පිනට උපන්නේ

මහමෙවුනා උයන පුරා සාදු කාර දී
දහසක් දන වැතිර වැටී මුණිදු වඳිත් දී 
මහ කරුණා මුණිදු දහම සිහියට එත්දී
කෙලෙස් මලෙන් දුරුවන සිත් පිරිසිදු වෙත්දී


වෙනසක් නෑ සියළු දෙනා එකසේ රැස් වේ
ගල් පඩි නඟිමින් යන මේ මිහින්තලාවේ
සාදු සාදු  හඬ පැතිරේ ගුවන් තලාවේ
දෙවිවරු සැම රැස් වී හිඳ දහම් සභාවේ

මල් වරුසා වස්සවමින් සාදු කාරදී
පාපෙන් මුදවා යහමඟ අපට කියාදී
රකිමින් නිති  සැදැහැවතුන් නිතර පිං දිදී
දිවැස් හෙලයි බැලුම් බලා වඬින තුරු නිතී

කලින් පළකරපු නිර්මාණයක්.

Sunday, June 16, 2013

පොසොන් උදානය




දෙව්ලොව දෙවියන් අදටත් වඩිනා මිහින්තලාවේ
අනුබුදු හිමි දෙසූ දහම් නිති  අසන මිනිසුනේ
රාග ද්වේශ මෝහ නසා නිවන පතන්නේ
මේ බිම අපි සැම දෙනා ම පිනට උපන්නේ

මහමෙවුනා උයන පුරා සාදු කාර දී
දහසක් දන වැතිර වැටී මුණිදු වඳිත් දී 
මහ කරුණා මුණිදු දහම සිහියට එත්දී
කෙලෙස් මලෙන් දුරුවන සිත් පිරිසිදු වෙත්දී



වෙනසක් නෑ සියළු දෙනා එකසේ රැස් වේ
ගල් පඩි නඟිමින් යන මේ මිහින්තලාවේ
සාදු සාදු  හඬ පැතිරේ ගුවන් තලාවේ
දෙවිවරු සැම රැස් වී හිඳ දහම් සභාවේ

මල් වරුසා වස්සවමින් සාදු කාරදී
පාපෙන් මුදවා යහමඟ අපට කියාදී
රකිමින් නිති  සැදැහැවතුන් නිතර පිං දිදී
දිවැස් හෙලයි බැලුම් බලා වඬින තුරු නිතී

Tuesday, June 14, 2011

මිහින්තලාවේ ලොව්තුරු දහම් අමාවේ!

මිහින්තලාවේ ලොව්තුරු දහම් අමාවේ
සිසිල් සුලං ගතේ වැදී නිවයි විඩාවේ
හෙමින් හෙමින් පය තබලා නගින මේ නඩේ
නිවන් පතා පින් පුරවා ගමන නිමාවේ


සසර මගේ හමුවී ඇති සෑම දෙනා මේ ලෙසේ
උපන් බිමේ පිනටම අපි පැමිණි විලාසේ
නවතන මේ සසර ගමන එකම එක ලෙසේ
බවුන් වඩා සිල් පුරවා නිවන් පතමු මේ ලෙසේ


දහම් අමාවේ සිසිලස ලොවට බෙදාදී
තිස්ස නිරිඳු පෑ මහිමය තවම සුවඳ දී
මහ රහතුන් වැඩිය මගම යමුද පේ වෙවී
සසර ගමන නිමා කරමු නිතර පින් දිදී

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...