Sunday, June 16, 2013

පොසොන් උදානය




දෙව්ලොව දෙවියන් අදටත් වඩිනා මිහින්තලාවේ
අනුබුදු හිමි දෙසූ දහම් නිති  අසන මිනිසුනේ
රාග ද්වේශ මෝහ නසා නිවන පතන්නේ
මේ බිම අපි සැම දෙනා ම පිනට උපන්නේ

මහමෙවුනා උයන පුරා සාදු කාර දී
දහසක් දන වැතිර වැටී මුණිදු වඳිත් දී 
මහ කරුණා මුණිදු දහම සිහියට එත්දී
කෙලෙස් මලෙන් දුරුවන සිත් පිරිසිදු වෙත්දී



වෙනසක් නෑ සියළු දෙනා එකසේ රැස් වේ
ගල් පඩි නඟිමින් යන මේ මිහින්තලාවේ
සාදු සාදු  හඬ පැතිරේ ගුවන් තලාවේ
දෙවිවරු සැම රැස් වී හිඳ දහම් සභාවේ

මල් වරුසා වස්සවමින් සාදු කාරදී
පාපෙන් මුදවා යහමඟ අපට කියාදී
රකිමින් නිති  සැදැහැවතුන් නිතර පිං දිදී
දිවැස් හෙලයි බැලුම් බලා වඬින තුරු නිතී

8 comments:

  1. පොසොන් කිට්ටුවටම ඇවිල්ලා. අන්තිමට මිහින්තලේ ගියෙ අවුරුදු දෙකකට විතර උඩදි.
    කවිවලින් මතක් කළහම, ආසයි ආයෙමත් යන්න. හැබැයි සෙනග කාලෙ පහු වෙලා තමා.

    ReplyDelete
    Replies
    1. මාත් කාලෙකින් ගිහින් නෑ. යන්න ආසයි දැන් නම්. අපි පුතාල පොඩි කාලෙ ගියා. හැම තැනම ඇවිද්දා එයාල එක්ක.

      Delete
  2. හුඟ කාලයකට පසුව විඩාබර මනසට සිසිලසක් දැනුනා.පිං අක්කේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ගයනි නංගි.

      Delete
  3. පොසොන් ළගම එනවා නේද.. හදාගන්න ඕන දුන්නයි ඊතල ටිකයි

    ReplyDelete
    Replies
    1. ඔහ්, අර මක්කටැයි දේශක තුමෝ, ඔය පව්කාරකම් දැන්වත් අත් හරිනවා හොඳා.

      Delete
  4. මිහින්තලාව තරණයකරන්න ඇති කියන්න බැරි තම් වතාවක්. ඒ හැම මොහොතකම හිතේ උපන් සිතුවිල් මේ කවි වගේම තමා.. තබන හැම පියවරක් පාසා සිතට දැනෙන්නෙ සැහැල්ලුවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දයා මල්ලි. සැබැවින්ම මිහින්තලාව සිත පහන් කරන තැනක්ම තමා.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...