Posts

Showing posts from April, 2013

ධම්ම පදය - අප්පමාද වර්ගය 6 - 7

Image
පමාද මනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජන
අප්පමාදංච මේධාවී – ධනං සෙට්ඨං ව රක්ඛතී
නුවණින් තොර උදවිය ලොව – මෝඩ කමින් ඉන්නේ
නිසරු දෙයට වසඟ වෙමින් – ප‍්‍රමාදයෙන් ඉන්නේ
එනමුදු නුවණැති ජනයා – නුවණින් සලකන්නේ
නොපමා බව සුරකත් නිති – ධනයක් විලසින්නේ
Treasured MindfulnessFoolish folk of little wit
in heedlessness indulge,
the one who’s wise guards heedfulness
kin to the greatest wealth.

Explanation: Those who are foolish and indiscriminating indulge in heedlessness. But the wise cherish mindfulness as a great treasure. The foolish people live a life of sensual pleasure. They indulge in pursuits that are not at all conductive to spiritual advancement. To obtain worldly acquisitions, people need wealth. In the same way, to obtain high spiritual acquisitions we need some wealth, and that wealth is mindfulness.
මෙම ගාථාවෙහි ‘බාලා, දුම්මේධිනෝ’ යන වචන සඳහන් වෙනවා. මෙතන බාලයන් කියන්නේ කුඩා දරුවන්ට නොවෙයි.  බාලයන් කියන්නේ මෝඩ පුද්ගලයන්ටයි. සරු දෙය, නිසරු දෙය තෝරා බේරා ගත නොහැකි පුද්ගලයන්ටයි.  දුම්මේධිනෝ කියන්නෙත් නුවණ…

ථේර ගාථා 29

Image
උත්තිය තෙරුන් ගේ ගාථාව. 

මට ලෙඩ වුණ ගමන් සිහිනුවණ ඉපදුනා. " මං දැන් ලෙඩ වෙලා ඉන්නෙ. දැන් ඉතින් පමා නොවී මේ ධර්මයේ හැසිරෙන්නට යි කාලය උදා වුණේ."

මෙය වනාහී උත්තිය නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.

***පොහොය දිනට දමන සූත්‍ර ටික එක ලඟ දමන්නෙ. එවා සේරම කියවන්න. සැමට තෙරුවන් සරණයි!
http://piyumvila.blogspot.com/2013/04/3.html
http://piyumvila.blogspot.com/2013/04/6.html

සංයුක්ත නිකාය -ජරා වර්ගය - 3 මිත්ත සූත්‍රය

Image
යහළුවා ගැන වදාළ දෙසුම. (මිත්ත සූත්‍රය )

දෙවියා :- 

" ගෙදරින් බැහැර ඉන්න යහළුවා කවුද? තමන් ගෙ ගෙදර ඉන්න යහළුවා කවුද? හදිසි අවස්ථාවක දී ඉන්නා යහළුවා කවුද? පරලොවදී ඉන්න යහළුවා කවුද? " 

භාග්‍යවතුන් වහන්සේ :-

"තවලම තමයි ගෙදරින් බැහැරව ඉන්න යහළුවා. තමන් ගෙ ගෙදර ඉන්න යාළුවා තමයි අම්මා. හදිසි අවස්ථාවකදී  උපකාර කරන කෙනා තමයි නැවත නැවතත් යහළුවා වෙන්නෙ. පරලොව දී ඉන්න යහළුවා තමයි තමා විසින් රැස්කරන පින."

සාදු!  සාදූ!!  සාදූ!!!


***පොහොය දිනට දමන සූත්‍ර ටික එක ලඟ දමන්නෙ. එවා සේරම කියවන්න. සැමට තෙරුවන් සරණයි!

http://piyumvila.blogspot.com/2013/04/6.html

ථේරි ගාථා - - දුක නිපාතෝ 6

Image
මෙත්තිකා තෙරිණියගේ ගාථා.

මං ගොඩාක් දුකට පත් වෙලා හිටියෙ. දුර්වල වෙලා හිටියෙ. තරුණ කාලෙ ගෙවිල ගිහින් හිටියෙ. ඒ වුණත් මං හැරමිටියෙ එල්ලී ගෙන ගිජුකුළු පර්වතයට නැග ගත්තා.


පාත්තරේ මුනින් නවල පැත්තකින් තිබ්බ.  දෙපට සිවුරත් පැත්තකින් තිබ්බ. ගල්පර්වතේ මත වාඩි වුණා.  එතනදී තමයි මගේ සිත ආශ්‍රවයන් ගෙන් නිදහස් වුණේ. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්ත. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.  

මේ වනාහී මෙත්තිකා නම් රහත් තෙරිණියගේ ගාථායි. 

අලුත් අවුරුදු සුබ පැතුම්!

Image
ඔබ සැමට  අලුත් අවුරුදු සුබ පැතුම්!  සෙනෙහසින්.

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 12 - අසිරිමත් කුසිනාරාව

Image
                 සැවැත් නුවර සිට කිඹුල්වත් පුරයට ආව අපි එතැන්සිට ලුම්බිනියට ගියෙමු. සවස් කාලය නිමාවන විට බොහෝ වෙහෙස වී සිටියත් යායුතු මග බොහෝදුර බැවින් වේලාසන පිටත්වීමු. නමුත් දුර්ගා පූජාවට පවත්වන්නා වූ පෙරහැර නිසා මග දෙපස ජනීජනයා පිරී මාර්ගය  අවහිර වී තිබුණි. මහ රෑ බෝවන තෙක් අප මහමග සිටියෙමු.
 රාත්‍රියේ අප කුසිනාරාවේ ජපන් පන්සලට පැමිණියෙමු. එය ඉතාම පිරිසිදු පන්සල් භූමියකි. මෙහි වැඩ වාසය කරන අස්සජී හිමියන් බැහැ දැක්කෙමු.

  වේලාවේ හැටියට ඉක්මනින් පිළියෙල කරගත හැකි ආහාරයක් අපට ලැබුණි.

 නින්දට වැටුනු අපි පාන්දර නැගිට බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරා නුවර විහාරයට ගියෙමු. ඉතාම සංවේගයෙන් දහම් කවි කියමින් ගමන් ගත් මේ ගමන මගේ මතකයෙන් කිසිදා නොමැකෙනු ඇත. විහාරගෙය මත හිසතබා කඳුළු පිරි නෙතින් වන්දනා කලෙමි. හරිම සංවේගයක් උපදින්නෙ මේ වෙහෙර බිමේ. ඒක මටත් තේරුම් ගන්න බැරි වූණා. උදෑසන සිසිලෙන් වෙහෙර බිම නැහැවිලා මනස්කාන්ත දර්ශනයක් මවා පෑවා.





කුසිනාරාවේ පින් බිම ළඟ මේ - සම්මා සම්බුදු සමිඳුන් සිහිවේ
අතීතයට මේ සිත යන මොහොතේ - කඳුළින් මාගේ නෙතු අග තෙත් වේ
...............
................
දහම් අමා ගඟ නැවතී යනවා…

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 11 බුදුන් උපන් දේශයේ විසිතුරු.

Image
සාරාසංක්‍යය කල්ප ලක්ෂයක් දස පාරමී පුරා බුදු බව පතන බෝසතුන් මනුෂ්‍ය ලොව පහල වීමට පෙර කරුණු පහක් පිළිබඳව සලකා බැලීම සිරිත වේ. කාලය - බුදුවරයෙකු ලොව පහල වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අඩුත් නැති වැඩිත් නැති කාලයකයි. ඒ මිනිසුන්ගේ ආයුෂ වැඩිකල ආඩම්බරයත්, අඩු කල මෝඩ කමත් අධික වීම නිසා ධර්මය අවභෝධ කර ගැනීම අපහසු නිසාය.
දීපය -  බුද්ධ වංශය අනුව දස පාරමී පුරණ උතුමන් දඹදිව හැර වෙන කිසිම තැනක උපදින්නේ නැත.
දේශය - බෝසත්වරු උපදින්නේම දඹදිව උතුරු කරයේමය.
කුලය - දඹදිව කුලභේදය සමාජ පරිහානියට වගකිව යුතුය. දඹදිව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර යනුවෙන් කොටස් හතරකට බෙදේ. බ්‍රහ්මණ කුලයේ අය පූජක පක්ෂය වේ. සම්මතයේ හැටියට බ්‍රහ්මණයින් පහළ වෙන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙනි.  ක්ෂත්‍රිය කුලය රට පාලනය හා යුධ කටයුතු වල නිරත වෙයි. වෛශ්‍ය අය වෙළඳාම් වල යෙදෙයි. ශුද්‍ර කුලයේ අය හම්වැඩ, වැසිකිළි, කැසිකිළි සුද්ද කිරීමේ යෙදේ. සැමට සෞම්‍ය නිසා බෝසත් වරු උපදින්නේ ක්ෂත්‍රිය කුළයේය.
මව -  බුදු බව ලබනා අන්තිම ජන්මයේ බෝසත්තුමා උපදින කුසයේ තවත් කෙනෙකුට ඉපදීමට ඉඩක් නොතැබේ. ඒ බුද්ධනියාමක ධරමතාවකි.බෝසතුන් ඉපදීමෙන් පසුව සත් දවසකින් මව්තුමිය…