බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Wednesday, April 24, 2013

සංයුක්ත නිකාය -ජරා වර්ගය - 3 මිත්ත සූත්‍රය





යහළුවා ගැන වදාළ දෙසුම. (මිත්ත සූත්‍රය )

දෙවියා :- 

" ගෙදරින් බැහැර ඉන්න යහළුවා කවුද? තමන් ගෙ ගෙදර ඉන්න යහළුවා කවුද? හදිසි අවස්ථාවක දී ඉන්නා යහළුවා කවුද? පරලොවදී ඉන්න යහළුවා කවුද? " 

භාග්‍යවතුන් වහන්සේ :-

"තවලම තමයි ගෙදරින් බැහැරව ඉන්න යහළුවා. තමන් ගෙ ගෙදර ඉන්න යාළුවා තමයි අම්මා. හදිසි අවස්ථාවකදී  උපකාර කරන කෙනා තමයි නැවත නැවතත් යහළුවා වෙන්නෙ. පරලොව දී ඉන්න යහළුවා තමයි තමා විසින් රැස්කරන පින."

සාදු!  සාදූ!!  සාදූ!!!


***පොහොය දිනට දමන සූත්‍ර ටික එක ලඟ දමන්නෙ. එවා සේරම කියවන්න. සැමට තෙරුවන් සරණයි!

6 comments:

  1. මම ද කියවන්නෙක්මි..ඔබට පිං

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම පිං!

      Delete
  2. අක්කට බොහොම පින්..! (කලින් පෝස්ට් එක මං කියවල නෑ වාගේ. ඒකත් බලල එන්නම්.)

    ReplyDelete