බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Friday, April 5, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 11 බුදුන් උපන් දේශයේ විසිතුරු.



සාරාසංක්‍යය කල්ප ලක්ෂයක් දස පාරමී පුරා බුදු බව පතන බෝසතුන් මනුෂ්‍ය ලොව පහල වීමට පෙර කරුණු පහක් පිළිබඳව සලකා බැලීම සිරිත වේ.
කාලය - බුදුවරයෙකු ලොව පහල වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අඩුත් නැති වැඩිත් නැති කාලයකයි. ඒ මිනිසුන්ගේ ආයුෂ වැඩිකල ආඩම්බරයත්, අඩු කල මෝඩ කමත් අධික වීම නිසා ධර්මය අවභෝධ කර ගැනීම අපහසු නිසාය.

දීපය -  බුද්ධ වංශය අනුව දස පාරමී පුරණ උතුමන් දඹදිව හැර වෙන කිසිම තැනක උපදින්නේ නැත.

දේශය - බෝසත්වරු උපදින්නේම දඹදිව උතුරු කරයේමය.

කුලය - දඹදිව කුලභේදය සමාජ පරිහානියට වගකිව යුතුය. දඹදිව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර යනුවෙන් කොටස් හතරකට බෙදේ. බ්‍රහ්මණ කුලයේ අය පූජක පක්ෂය වේ. සම්මතයේ හැටියට බ්‍රහ්මණයින් පහළ වෙන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙනි.  ක්ෂත්‍රිය කුලය රට පාලනය හා යුධ කටයුතු වල නිරත වෙයි. වෛශ්‍ය අය වෙළඳාම් වල යෙදෙයි. ශුද්‍ර කුලයේ අය හම්වැඩ, වැසිකිළි, කැසිකිළි සුද්ද කිරීමේ යෙදේ. සැමට සෞම්‍ය නිසා බෝසත් වරු උපදින්නේ ක්ෂත්‍රිය කුළයේය.

මව -  බුදු බව ලබනා අන්තිම ජන්මයේ බෝසත්තුමා උපදින කුසයේ තවත් කෙනෙකුට ඉපදීමට ඉඩක් නොතැබේ. ඒ බුද්ධනියාමක ධරමතාවකි. බෝසතුන් ඉපදීමෙන් පසුව සත් දවසකින් මව්තුමිය මිය යෑමද සිදුවිය යුතුමය.
සුදොවුන් රජතුමා විසින් බෝසත් කුමාරයා මව්කුස පිළිසිඳ ගැනීමෙන් පසුව මාස ගණන සම්පූරණ වීමත් සමඟම මහාමායා දේවිය දෙව්දහ නුවරට පිටත් වීමට කටයුතු සම්පාදනය කරන ලදී. කපිලවස්තුපුරයේ සිට දෙව්දහ නුවර යන අතරමග රුමෙන්ද්‍රා හෙවත් ලුම්බිණී උයන පිහිටා ඇත. රුමෙන්දා නම් දෙවඟන සඳහා තනනා ලද දේවාලය නිසා මේ උයන රුමෙන්ද්‍රා උයන ලෙසද හඳුන්වයි.


මහාමායා දේවිය මේ උයනේ විවේකය සඳහා නතරවූ අවස්ථාවේ විළිරුදා ඇතිවිය. සේවිකාවන් තිර ඇදීමෙන් පසුව මායා දේවිය පින්වත් කුමරෙකු ලොවට බිහිකලාය. අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් පරිදි පින්බර ධර්ම කථිකයාණන් කෙනෙක් ධර්මාසනයෙන් බැසයන්නේ යම් සේද ,
අග්ගෝ හමස්මිං ලෝකස්ස
ජෙට්ටෝ හමස්මිං ලෝකස්ස
සෙට්ඨෝ හමස්මිං ලෝකස්ස
අයමන්ති මා ජාති නත්ථි දානි පුනබ්බවෝ ති 
යනුවෙන් අභීත සිංහනාද කර සත් පියුම් මත වැඩම කළ සේක. ලුම්බිණී උයනේ වෙහෙස නිවාගෙන දෙව්දහ නුවරට යන ගමන අතර මඟ නවතා දේවිය ඇතුළු පිරිස යළි කපිලවස්තුව බලා පිටත් විය.




 මේ මායා කුමරියගේ පිළිරුවයි. මෙය හින්දු භක්තිකයින් විසින් දරුවන් ලැබීම උදෙසා ගලගාගෙන වතුර ගෙනයාම නිසා විනාශ වෙලා. මේ ස්ථානය ඇතුලේ පින්තූර ගන්න දෙන්නේ නෑ.
 මේ ඇතුලේ ඒ කියන්නෙ සුදු පාට විහාරය ඇතුලේ පින්තුර අන්තර් ජාලයෙන් ගත් ඒවායි.


මේ සිදුහත් කුමරුගේ පා සටහන් යැයි විශ්වාස කෙරෙන තැනයි. එතන ආරක්ශා සහිතව වීදුරු පෙට්ටියක දමා මැද මිදුලේ තබා තියෙනවා. පින්තුර ගන්න දෙන්නේ නෑ. මේ පා සටහන මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ ධ්‍යානයකට සමවැදී ධර්මාශෝක රජතුමාට බෝසත් කුමරා උපන් ස්ථානය පෙන්වීම සදහා කල පා සටහනයැයි ද කියවෙනවා. 

අපි ලුම්බිණියට යත්දි හිටියේ හරිම වෙහෙස වෙලා. ඒ උනාට මේ උයනට ගිහාම පුදුම සනීපයක් දැනුනා. ශ්‍රී ලංකාරාමයේ නෙමින්ද ස්වාමීන්වහන්සේ තමා අපිට විස්තර කියා දුන්නෙ. උන්වහන්සේට බොහෝ පිං. 

සිද්ධාර්ථ කුමරු උපන් වේලාවේ මහ පොළව කම්පාවී නිරයේත් ආලෝකය පැතුරුණ බව කීයවෙනවා. ඒත් සමඟම යශෝදරා දේවිය, කන්තක අශ්වයා චන්න ඇමති වැනි සහජාත වස්තු එකම අවස්ථාවේ ඇතිවූ බවද කියවේ.








වර්ථමාන නේපාලයේ ‍‍භෟරව දිස් ත්‍රික්කයේ රැමිමින්දෙයි (ලුම්බිණී) නමි ගමෙහි ක්‍රි.පූ. 566 දී පමන සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ උපත ලබා ඇත.

ඉතාමත් සතුටු දායක ලෙස බුද්ධ චරිතයට අයත්, ස්ථාන සියල්ලම පුරා විද්වතුන් විසින් තහවුරැ කර ඇත. සිද්ධාර්ථ ගෞතම බෝසතානන් වහන්සේ ශාක්‍ය වංශයට අයත් සුද්ධෝදන නමි රජ කෙනෙකුගේ පුතෙකි. මව මහමායා.

 සිද්ධාර්ථ ගෞතම බෝසතානන් වහන්සේ උපත ලැබු‍ෙව ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සොන්රැලි දිස්ත්‍රික්කයේ නේපාල දේශ සීමා‍ෙව සිට කි.මි.10 නේපාලයතුලට ගිය පසු භෛෟරව දිස්ත්‍රික්කයේ රැමිමින්දෙයි (ලුම්බිනි) නමි ගමෙහිය.

 ක්‍රි.ව.1896 දී රැමිමින්දෙර් හි කැණීමි කරන ලදී. එහිදී ශිලාලේඛනයක් සහිත අශෝක අධිරාජ්‍යා පිහිට වූ ශිලා ස්ථමිභයක්ද හමුවිය. සිදුහත් උපත සිදු වූ ස්ථානය නිශ්ච්තව දැන ගැනීමට හැකි හොදම සාදකය වන්නේ එකී ලුම්බිනි ශිලා ලිපියයි. එහි සිංහල පරිවර්ථනය මෙසේය,

“....අභිෂේක කළ විසිවස් ඇත්තාවූ (ක්‍රි.පූ. 248 වසර ) දී දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු (හෙවත්, අශෝක අධිරාජ්‍යා: ක්‍රි.පූ. 268- 237 ) මෙහි ශාක්‍යමුණි වූ භාග්‍යවතුන් වහන්සේ උපන් සේකැයි තමා විසින්ම ඇවිත් පූජා කරන ලදී. ලුමිබිණි ග්‍රාමය අය බද්දෙන් නිදහස් කරන ලදී. ........”

ඉහත ශිලා ලේඛන‍ෙය් සදහන් ‘ලුමිබිණි ග්‍රාමය’ සහ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්තවල සදහන් සිදුහත් උපත සිදු වූ බව කියන ‘ලුමිබිණිය’ පැහැදිළිවම එකම ස්ථනයකි. ශිලා ලිපියේ සදහන් “ශාක්‍යමුණි වූ භාග්‍යවතුන් වහන්සේ” ලෙස හදුන්වා ඇත්තේ බුදුන් වහන්සේ බව නිරවුල්ව හදුනාගෙන ඇත. ‍ෙමි අනුව, වත්මන් නේපාලයේ භෛෟරව දිස්ත්‍රික්කයේ රැමිමින්දෙර් (ලුම්බිනි) නමි ගමෙහි ක්‍රි.පූ. 566 දී පමන සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ උපත ලබා ඇත.






 ලෝකයේ මෙතෙක් උපත ලද ආගමික ශාස්තෘන් වහන්සේලා අතරින් උපන් ස්ථානය ශිලා ලේඛන සාක්ෂි සහිතවම දැන ගැනීමට හැකිවී ඇති එකමස්ථානය මෙකල නේපාල රාජ්‍යයට අයත් වන ලුම්බිනි පුදබිම හෙවත් රුම්මින්දෙයි නමින් අතීතයේ දී හඳුන්වන ලද මහා සල් උයනය. සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ මෙම ලුම්බිනි සල් උයනේ බව (ථෙරවාද) බෞද්ධ සාහිත්‍යයෙහි මෙන් මහායාන බෞද්ධ සාහිත්‍යයෙහිද ඉතා පැහැදිලි ලෙසින්ම සඳහන් වෙයි.
 මේ ශිලා ලේඛනය පිහිටා ඇත්තේ ශිලා ස්තම්භයකය. (ශිලා ටැඹකය) ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබීමට සියවස් තුනකට පෙර මෙම ශිලා ලේඛනය සහිත වූ ස්තම්භය පිහිටුවන ලද පුද්ගලයා ගැන ද ඔහු එම ස්ථානයට පැමිණි බවද එම ශිලා ස්තම්භයේ සටහන් කර තිබීම බෞද්ධ අපට ඉතා වැදගත් කාරණයක් වන්නේය. 

භාරතයේ පුදබිම් පිළිබඳ විමසා බලන විට මෙම පුදබිම බෞද්ධ සංචාරකයන්ගේ පමණක් නොව අන්‍ය ආගමික සංචාරකයින්ගේද ගෞරව බහුමානයට හේතු වූ පුදබිමක් ලෙසින් ලුම්බිනි සල් උයන ඉතා වැදගත්ය.






මේ මයා පොකුණයි. මේ පොකුණෙන් කුමරා නැහැවූ බව විශ්වාස කෙරේ.

වර්ථමාන ඉන්දියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් පිපිරහාවා ප්‍රදේශය   අතීත කපිලවස්තු නගරයයි.

ඉන් පසුව වයස 27 තෙක් සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ ජීවත්ව ඇත්තේ සුද්ධෝදන පිය රජුට අයත් කිබුල්වත් නුවරය. ෆා - හියං නමි චීන ජාතික දේශාටක භික්ෂුව ක්‍රි.ව. 5 සියවස කිබුල්වත් නුවරට ගොස් ඒ ගැන වාර්තා කර ඇත. ෆා- හියං වාර්තා අනුව ලුමිබිණියට  කි.මී. 50ක් පමණ  දුරින් කිබුල්වත් නුවර පිහිටා ඇත. 

මෙම ඉපැරණි නගරය ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ්   ප්‍රාන්තයේ   සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් පිපිරහාවා ප්‍රදේශය ලෙස ක්‍රි. ව. 1971 දී එහි කැණීමි කළ කේ. එමි. ශ්රී  වාස්තව නැමැති පුරාවිද්වතා හදුනාගෙන ඇත. පිපිරහාවා ග්‍රාමයේ තිබූ එක් ඉපැරණි ස්ථුපයක කරඩුවක තිබී අගනා ශිලා ලිපියක් හමු විය. එහි සිංහල පරිවර්ථනය මෙසේය,
“මෙය භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ ධාතූන්වහන්සේලා ශාක්‍ය සුකිට් සහෝදරවරැන්, සොහොයුරියන් පුත්රයන් සහ පතිනිවරැන් සමගින් පුදකරන ලද දානයයි.........”

මෙම ධාතු කරඩුව පිහිටි ප්‍රදේශය කොතැනද එය බුදුරජානන් වහන්සේගේ “ශාක්‍ය ” ඥාතීන් වාසය කළ ප්‍රදේශය බව කිසිම සැකයක් නැත. 

එබැවින් , බුදුරජානන් වහන්සේගේ “ශාක්‍ය” ඥාතීන් පිළිබද සදහන් මුද්‍රාවේ  ඵලක හමු වූ පිරහාව ස්ථූපය අවට ප්‍රදේශය අතීත ශාක්‍යයන්ගේ  ජනපදය ලෙස හදුනාගත හැකිය. පිපිරහාවා ස්ථුපයට නුදුරැ තැනක තිබු ගොඩනැගිල්ලක  භික්ෂූන් ලියූ මැටි මුද්රා ඵලක කීපයක්ම හමුවිය. ඒවායේ, "කපිලවස්තු භික්ෂු සංඝස්ස ” සහ “ මහ කපිලවස්තු භික්ෂු සංඝස්ස ” යන වැකි සහිත මුද්රාම ඵලක කීපයක්ම හමුවිය. ඒවායේ සදහන් “කපිලවස්තු” නැමැති ස්ථානය සහ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සදහන් සුද්ධෝධන රජුගේ අගනුවර වූ කපිලවස්තු (කිබුල්වත් නුවර) එකම ස්ථානයක් ලෙස නිරවුල්ව පිළිගත හැකිය. “ කපිලවස්තු භික්ෂු ”න් වහන්සේලා පිළිබද සදහන් මුද්රා ඵලක හමු වූ පිපිරහාවා ස්ථූපය අවට ප්‍රදේශය අතීත කපිලවස්තු නගරය බව වඩ-වඩාත් තහවුරැ විය. 

සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ වසර 27 පුරා ජීවත්ව ඇත්තේ, මෙම වත්මන් ඉංදියාවෙ උත්තර ප්‍රදේශ  ප්‍රාන්තයේ සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් පිපිරහාවා ප්‍රදේශයේය.

 යාන්තම් මම ඉන්න පින්තූරයක් තියෙනවා. වමේ ඉන්නෙ මම.


අශ්ව රූපය සහිත ස්ථම්භයෙන් නිරූපනය වන්නේ වේගයෙන් ගමන්කරන සංසාරයේ බුදුන්වහන්සේගේ ජීවිතයවන්නට ඇති යි කියා හිතනවා. මේ විහාරයේ හතරැස් කොටුවේ ඇස් දෙකක් නිරූපණය වෙනවා. ඒ මෝහාන්ධකාරය දුරු කොට ලොවට ප්‍රඥාව පහලවූ ස්ථානය මේ නිසායි. යුනෙස්කෝව මඟින් ලෝක උරුමයක් ලෙස මේ ස්ථානය නම් කරල තියෙනවා. අපි මෙතැන ඉඳලා දරුප්‍රසූති කරන්නට බලා ඉන්නා ලෝකවාසී සියලූම මෑණිවරුන්ට සෙත් පැතුවා. ඒක හරිම වටිනවා. අජිත් මහත්තයා ඒ වන්දනාව සිදු කලේ. 



ඊට පස්සෙ අපි හැමෝම එකතු වෙලා දෙමාපිය වන්දනාවක් කලා. ඒකත් හරිම වටිනවා. අපේ අම්මලා එතන හිටියේ නෑ. නමුත් එතැන හිටිය හැම වැඩිහිටියෙකුටම අපි වැන්දා. මට වඩා දවසක් හරි වැඩිමල් නම් අපි හැමෝම වන්දනා කලා. හරීම සංවේදී අවස්ථාවක්, හැමෝගෙම ඇස් වල කඳුළු දැක්කා. ඒ අය අතරේ කවමදාකවත් තමන්ගේ ස්වාමියාට වන්දනා නොකල අය හිටියා. එයාලා බොහොම සංවේදී වුණා මේ වෙලාවේ. මටත් මගේ දෙමාපියන්,  මහත්තයාගේ දෙමාපියන් හා මගේ ආදරණීය මහත්තයාවත් මතක් වුණා. 










මේ දැනට සල්ගස කියල ඉන්දියාවෙ තියෙන ගසයි. ඒක අපේ සල්ගස වගේ නෙවෙයි.


13 comments:

  1. මම ආව කමක් නැහැනේ ...

    ReplyDelete
    Replies
    1. ඇයි ? එන්න එපා කියල තිබුනද? තෙරුවන් සරණයි.

      Delete
  2. Ithama wedagath post ekak.

    ReplyDelete
    Replies
    1. boma pin. me paththe avata sthuuthiyi!

      Delete
  3. //සැමට සෞම්‍ය නිසා බෝසත් වරු උපදින්නේ ක්ෂත්‍රිය කුළයේය.// ඔන්න මට ප්‍රශ්නයක්. මේක එහෙමම නෙවෙයි නේද අක්කා. කුකසඳ බුදුන් වහන්සේ, කෝණාගමන බුදුන් වහන්සේ, කාශ්‍යප බුදුන් වහන්සේ, බ්‍රාහ්මණ කුලයේ නේද බෝසතුන් විදිහට ඉපදුනේ. මා වැරදි නම් නිවැරදි කරන්න.

    //යාන්තම් මම ඉන්න පින්තූරයක් තියෙනවා. වමේ ඉන්නෙ මම.// ඔන්න කොහේදී හරි දැක්කොත් කතා කරන්න පුළුවන් දැන්. :)

    අර පා සටහන ගැන වැඩි විස්තරයක් නැද්ද.. කැනීම් කරද්දී ද හමු වෙලා තියන්නේ. ? ශ්‍රී පාදයේ නම් මැණික් ගලක් මත නේ පා සලකුණ පිහිටෙව්වා කියන්නේ.

    //මේ ස්ථානය ඇතුලේ පින්තූර ගන්න දෙන්නේ නෑ.// එතැන තවම සංරක්ෂණ කටයුතු කරලා අවසන් නැති තැනක් ද ? ඒ වගේ පෙනෙන්නේ.

    විස්තර වලට පින්..!

    ReplyDelete
    Replies
    1. 1. 1. ඔබ කියන දේ හරි මල්ලී. එක එක කුලවල ඉපිද තියෙනවා. මේ සටහන මම ඉන්දියාවෙන් ගත්ත පොතේ තිබුනේ. සවිස්තර දඹදිව බෞද්ධ සිද්ධස්ථාන සහ දඹදිව වන්දනා ගාථා- ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන්ගෙ. මම එහමම ලීවා. ඒක යි. සත්බුදු වරයන් වහන්සේලා ගැන ලියාපු සටහනේ එහෙම තියෙනවා නෙ.
      2. ඔව්, දැන් හඳුනාගැනීමට පුළුවනි නේ.
      3. පා සටහන ගැන පොතේ වත් විස්තරයක් නෑ.

      1995: Excavation work by the Department of Archaeology, the Lumbini Development Trust and the Japanese Buddhist Federation during which the Marker Stone, set by Emperor Asoka to mark the exact location of the birth of Lord Buddha, is discovered in 1995.

      This stone conglomerate located deeply buried in the sanctum sanctorum pinpoints the exact birth spot of the Buddha, which was discovered after a meticulous excavation of the old Maya Devi Temple in 1996. The Marker Stone was found in the same distance and direction as mentioned by Hiuen Tsang, the Chinese traveler in his travel account. The size of the marker stone is 70cmx40cmx10cm.


      ඔය ටික තමා අන්තර්ජලයෙන් ගත්තෙ.

      4. තාමත් හරියටම සංරක්ෂණ කටයුතු ඉවර නෑ. මේක විශාල ප්‍රදේශයක්. දැන් සමහර දේවල් කලින් කීවා වාගේ කාලයේ වැලිතලාවෙන් වැහිලා. අපි ගියේ ස්වල්ප දුරක්. පස්සෙයි දන්නෙ ලුම්බිනියේ තව ගොඩාක් තැන් බලන්න තියෙනවා කියල.

      Delete
    2. ස්තුතියි අක්කා... :)

      Delete
  4. කොහේද අප්පේ හිටියේ මෙච්චර කල්.. මම ඊයේ හීනෙනුත් දැක්කා.. හැක්..

    ReplyDelete
    Replies
    1. අසනීපෙන් හිටියා දේශක තුමා. දැන් ටිකක් හොඳයි. මාව හීනෙනුත් පේන අය ඉන්නවා එහෙනම් D; ස්තූතියි ආවට.

      Delete
  5. අගනාම විස්තරයක්..දඹදිව චාරිකාව ගැන. ඇත්තෙන්ම මෙවැනි ගමන් පූර්ව දැනුමකින් යන විට හොදයි ඒක හොද දැනිමක් වගේම චාරිකාව සැළසුම් කර ගැනිමටත් පහසුයි.

    මම නොදැන හිටිය එක කාරනයක් තමයි ඇයි සිදුහත් බෝසතාණන් බිහිවු පසු සතියකින් මව මියගියේ කියන කාරණය. ඒකත් පැහැදිලිවම අද දැනගත්තා

    මට හිතෙන විදියට මේක වෙන්න ඇති දිගම සටහන.

    ඔබට බෙහෙවින්ම පිං... මේ දහම් දැනුම බෙදා දීමේ කුසලයක්

    ReplyDelete
    Replies
    1. බොහොම පින්, ඔබටත් දයා මල්ලී. පොතේ තියෙන විදිහට බුදු බව ලබන අවසන් ජන්මයේ බෝසතුන් උපදින කුසයේ තව කෙනෙකුට ඉපදීමට ඉඩක් නොතැබීම සිරිතකි. බුදුබව යනු ඉතාම ශ්‍රේෂ්ඨ තත්වයයි.බුදුවන අන්තිම ආත්මයේ මවගේ කුසයේ තව කෙනෙකුන් ඉපදුන හොත් ඊට වඩා අඩු ගුණයෙන් යුක්ත වීම ස්වාභාවිකය. සමාජය මේ දෙදෙනාව සංසන්දනය කිරීම අනිවාර්‍යයෙන්ම සිදුවන්නෙකි. මවද ඉතාම පිරිසිදු කෙනෙක් විය යුතුය. මේ අංග සියල්ලෙන්ම පරිපූර්ණ වූ පාරමිතා පුරණ බෝසත් සමයේ පටන් අවසන් ජ්නමය දක්වා පැමිණි මව් කෙනෙකු විය යුතුය. මේ කරුණු සියල්ලම බුද්ධ නියාම ධර්ම වේ."
      ඔව් මල්ලී මේක වෙන්නැති දිගම සටහන. මේ විහාරයට දකුණු පසින් නාගයින් විසින් කුමරා නැහැවූ ස්ථානයේ අශෝක රජතුමා විසින් කරවූ ස්තූපයත්, ඉන් නැගෙනහිර බෝසතුන් උපන් වේලාවේ පොළවෙන් පැන නැගි උණු හා සිසිල් දිය උල්පත් දෙකත්, ශක්‍රයා විසින් රන්දැලින් පිළිගත් ස්ථානයේ අශෝක රජතුමා විසින් කරවූ ස්තූපයත් සිව්වරම් රජ දරුවන් පිළිගත් ස්ථානයේ කරවූ චෛත්‍ය සතරත් දැකිය හැකියි.

      Delete
  6. //දරුවන් ලැබීම උදෙසා ගලගාගෙන වතුර ගෙනයාම නිසා විනාශ වෙලා. මේ ස්ථානය ඇතුලේ පින්තූර ගන්න දෙන්නේ නෑ//

    මේක නම් ඉතාම හොඳ දෙයක් අක්කා. නැත්නම් ඒ ලැබෙන දරුවන්ට යම් දිනක වන්දනා කර ගැනීමට කිසිවක් ඉතිරි වෙන එකක් නැහැ.

    අදනේ අක්කව හරියටම දැක්කේ. මා මෙතෙක් වෙන කෙනෙක්නේ අනුමාන කරන් ඉදලා තියෙන්නේ..:D

    අක්කාට බොහෝම පින් මේ විස්තර අප හා බෙදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. මල්ලී, ඔබටත් බොහෝ පින් මේ දේවල් කියවනවාට. දැක්කානෙ ගල උනත් ගෙවිල තියෙන හැටි. මේවා නම් අන්ධ විශ්වාස නිසා. දැන් අළුත් දේවල් මෙහෙත් තියෙනවා,බෝධි ප්‍රාකරය වටේ පළතුරු වට්ටි තියන්නට පටන් අරන්. දැක්කාම හරිම දුකයි හිතට. මෙච්චර දියුණු වලාත් මේවගේ වැඩ කරන්නෙ ඇයි? මන්දා. වැඩි කාලයක් නොදී මේ ගමන යන්ට ලැබේවා ඔබටත්. බොහොම ස්තූතියි! මට සෙත් පැතුවාට.

      Delete