බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Friday, July 27, 2018

සිත නිවන පියුම් විල: ධම්ම පදය, පුප්ඵ වර්ගය 15 ගාථාව

යථා සංකාරධානස්මිං – උජ්ඣිතස්මිං මහාපථේ
පදුමං තත්ථ ජායේථ – සුචිගන්ධං මනෝරමං

මහපාර අයිනෙ කුණු දාන ලොකු වතුර වළවල් තියෙනවා. ඔය මඩ වතුරෙ නෙළුමක් පිපෙනවා. ඒ නෙළුම් මල හරිම සුවඳයි. හරිම ලස්සනයි. 

කසල ගොඩක මහපාරේ – මඩවගුරක පිපෙනා

නෙළුම දිලෙයි සුවඳ දිදී – හැමට සතුට රැගෙනා



එ්වං සංකාරභූතේසු – අන්ධභූතේ පුථුජ්ජනේ
අතිරෝචති පඤ්ඤාය – සම්මාසම්බුද්ධසාවකෝ
මේ අන්ධබාල පෘතග්ජනයන්ගෙ ලෝකෙත් ඔය විදිහමයි. කුණු දාන වතුර වලක් වගෙයි.  නමුත් ඔය ලෝකෙ මයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෙ ශ්‍රාවකයා ප්‍රඥාවෙන් බබලන්නෙ. හරියට මඩේ පිපිච්ච නෙළුමක් වගේ.
නුවණක් නැති පුහුදුන් අය – එලෙසින් ඇති ලෝකේ
සම්බුදු ශ‍්‍රාවක බබළයි – නුවණින් මේ ලෝකේ




පි
න්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා අමුතු ආකාරයේ අර්බුද ඇතිවෙලා තියෙනවා. එය ආගමික වශයෙන් වැරදි මත පැතිරීම නිසා ඇතිවෙන දෙයක්. නුවණින් කටයුතු නොකළොත් බොහෝ දෙනෙකුට පව් රැස්වෙනවා. තම තමන්ගේ ආගම්වලට පිරිස් හරවා ගන්නට මහන්සි ගත්ත අය එ් කාලෙත් හිටියා. එය සමාජ අර්බුදයක් බවට පත්වුණා. මේ දැන් අපි කියන්නට හදන්නේ එවැනි කථාවක්.

සැවැත් නුවර සිරිගුත්ත හා ගරහදින්න නමින් යහළුවන් දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනා අතරින් සිරිගුත්ත තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයෙක්. ඉතාම ශ‍්‍රද්ධාවන්ත කෙනෙක්. ගරහදින්න නිගණ්ඨ නාතපුත‍්‍රගේ ශ‍්‍රාවකයෙක්. නමුත් මේ දෙදෙනා අතරේ කවදාවත් වාද විවාද හටගත්තේ නෑ. හොඳ මිත‍්‍රත්වයක් තිබුණා. එහෙත් නිගණ්ඨයන් ගරහදින්නට නිතරම මෙහෙම කියනවා.“එම්බා ගරහදින්න, සිරිගුත්ත ඔබගේ යහළුවා නෙව. ඔහුට මෙහෙම කියන්න. ‘ශ‍්‍රමණ ගෞතමයන් ළඟට අසවල් දේකට යනවද? ඔහුගෙන් ඔබට මොනවද ලැබෙන්නේ’ කියල පුළුවන් තරම් සිත කඩන්න. අපහදවන්න. එතකොට ඔහු අපේ පැත්තට එ්වි. ඔබ එ් විදිහට නොවෙයිද අවවාද කළ යුත්තේ?”
ගරහදින්නට දිගින් දිගටම මේ විදිහට අවවාද ලැබුණා. ඔහුගේ සිතත් ටිකෙන් ටික වෙනස් වුණා. සිරිගුත්ත හමුවන හැම වාරයේදීම ඔහුට බලකරන්නට පටන් ගත්තා.
“ප‍්‍රිය මිත‍්‍රය, මං ඔබේ හොඳටයි කියන්නේ. ශ‍්‍රමණ ගෞතමයන් ළඟට ගිහින් මොනවා ලබන්ටද? දැන්වත් ඔය ගමන අත්හැර දමන්න. ඔබ කළ යුත්තේ නිගණ්ඨයන්ට දන්පැන් ටිකක් දීම නොවේද?”
මිත‍්‍රත්වය නිසා සිරිගුත්ත නිහඬ වුණා. උත්තර දුන්නේ නැහැ. නමුත් දිගින් දිගටම බලපෑම් කරද්දී ඔහුට එ් ගැන කළකිරීමක් ඇතිවුණා.
“අනේ… ගරහදින්න. ප‍්‍රිය මිත‍්‍රය, ඇයි ඔබ මට මෙහෙම කියන්නේ? මං හමුවන සෑම අවස්ථාවේදීම ඔබ බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. භික්ෂූන් වහන්සේලාට දොස් කියනවා. නිගණ්ඨයින්ට දන්පැන් දෙන්න කියනවා. ඇයි ඔබ මට මෙහෙම බලකරන්නේ? මං ඔබෙන් එහෙනම් ප‍්‍රශ්නයක් අහන්නම්. ඔබගේ නිගණ්ඨයන් වහන්සේලා මොන වගේ දෙයක්ද අවබෝධ කොට තිබෙන්නේ?”
සිරිගුත්ත ඉතාම සාමකාමී කෙනෙක්. ඔහුගේ මිත‍්‍රත්වයට පවා අනිසි බලපෑම් කරන්නට තරම් නිගණ්ඨයන් පෙළඹුණු නිසා දැන් සිදුවන්නේ කුමක්දැයි අපි බලමු.
ඉතින් ගරහදින්න මෙහෙම කිව්වා.
“හා… හා…. සිරිගුත්ත, ඔබ දන්නෙ නෑ. එහෙම සුළුවෙන් තකන්න එපා… මගේ ආර්ය වූ නිගණ්ඨයන් වහන්සේලා නොදන්නා දෙයක් නෑ. අතීත, අනාගත, වර්තමාන සෑම දෙයක්ම දන්නවා. සිත, කය, වචනයෙන් සිදුවන සෑම ක‍්‍රියාවක්මත් දන්නවා. යමක් වෙන්න තියෙනවා නම් එ්කත් දන්නවා. යමක් වෙන්න නැත්නම් එ්කත් දන්නවා. විය හැකි දේත් දන්නවා. නොවිය හැකි දේත් දන්නවා. නිගණ්ඨයන් වහන්සේලාගේ අවබෝධය පුදුමාකාරයි. ඉතින් සිරිගුත්ත, ඔබ වැරදි පාරක ගිය නිසයි නිගණ්ඨයන් වහන්සේලා ගැන තේරුම් ගන්නට බැරි වුණේ.”
“ඇත්තෙන්ම ගරහදින්න, ඔබේ නිගණ්ඨයන් වහන්සේලාට ඔය කියන අවබෝධය හැබෑවටම තියෙනවාද?”
“ඔබ මොනවද අහන්නේ මිත‍්‍රයා? හැබෑවටම තියෙන අවබෝධයක් ගැන තමයි මේ කියන්නේ.”
“ප‍්‍රිය මිත‍්‍ර ගරහදින්න, එ්ක එහෙම නම් ඔබ ඔය කිව්වේ ඉතාමත්ම බරපතල කථාවක්. මෙතෙක් කාලෙකට මම නම් එවැනි දෙයක් අහල නෑ. නමුත් අද මං ඔබගේ නිගණ්ඨයන් වහන්සේලාගේ ඤාණානුභාවය දැනගත්තා. එහෙම නම් මං කියන්නම් වැඩක්. ඔබ යන්න. ගිහින් මගේ වචනයෙන් හෙට දානයට ආරාධනා කරන්න.”
ගරහදින්න ගොඩාක් සතුටුවුණා. තම මිත‍්‍රයාව නිගණ්ඨ ආගමට හරවා ගන්නට ඔහුට පුළුවන් වුණා කියා ඔහු සතුටු වුණා. කෙළින්ම නිගණ්ඨයන් කරා ගියා. ගිහින් සියල්ල සැළ කළා. හෙට දිනයේ දානයටත් ආරාධනා කළා. නිගණ්ඨයන්ට හරි සතුටුයි. ගරහදින්නට බොහොම ප‍්‍රශංසා කළා.
“එම්බා ගරහදින්න, එහෙම නම් ඔබේ කටයුත්ත සාර්ථක වුණා නේද? සිරිගුත්ත අපට පැහැදුණා කියන්නේ ලොකු ජයග‍්‍රහණයක්. ඔහුගේ සියලු සැලකිලි, සම්මාන දැන් ඉතින් අප සතුයි.”
එදා සිරිගුත්ත නිවසට ආවා. තම යහළුවා නිගණ්ඨයන්ගේ ඤාණය ගැන කියූ දේවල් සිතේ දෝංකාර දුන්නා. ඔහුට මෙය මහා ප‍්‍රහේලිකාවක්.
‘හැම මොහොතෙම පවතින ඤාණයක්. වෙන්න තියෙන හැම දේම දකින ඤාණයක්. තුන් කල් දකින ඤාණයක්. එහෙම නම් නිගණ්ඨයින්ට සෑම අනතුරකින්ම ගැලවෙන්න පුළුවන් නෙව. මට මෙය අත්හදා බලන්න ඕන. මෙය හැබෑවක්ද? බොරුවක්ද? හරි…. මං දන්නවා කරන වැඩේ.’
ඊටපස්සේ සිරිගුත්ත තමන්ගේ නිවාස දෙකක් අතරේ ගැඹුරට දිගට පළලට අගලක් සෑරෙව්වා. කුණු මඩ වලින් පිරෙව්වා. එ් අගල දෙපැත්තේ කණු හිටෝලා ලණු බැන්ඳා. ලණු උඩ පැදුරු එලුවා. එ් මත ආසන පැණෙව්වා. වාඩිවුන ගමන් එ් කෙනාව මුනින් අතට වළට වැටෙනවා. ඊටපස්සේ ලොකු භාජන කෙසෙල් කොළ වලින් වැහුවා. එ්වායේ කිසිම ආහාරයක් නැහැ. ආහාර පානවල සුවඳ විතරක් පැතිරෙන්නට ඉඳුල් තැවරුවා.
ගරහදින්න පාන්දරින්ම ඉක්මනට ආවා.
“කොහොමද යාළුවා. අපගේ ආර්යයන් වහන්සේලාට දන් පැන් පූජා කරන්නට සූදානම් නේද?”
“එසේය මිත‍්‍රය. සියල්ල සූදානම්.”
ගරහදින්න නිගණ්ඨාරාමයට ගියා. ගිහින් නිගණ්ඨයින්ව ඉතාම ගරුසරු ඇතිව කැඳවාගෙන ආවා. සිරිගුත්තද නිවසින් එළියට ඇවිදින් නිගණ්ඨයින් හට වන්දනා කරමින් මෙහෙම සිතුවා.
‘ඔබවහන්සේලා සැබෑවටම සියල්ල දන්නවා නම්, ගරහදින්න විසින් මට කියූ ආකාරයත් දන්නවා නම්, දැන් වෙන්නට යන සියල්ලත් දන්නවා නම් මාගේ නිවස ඇතුළට එන්න එපා! මාගේ නිවස තුළ තමුන්නාන්සේලා උදෙසා කිසිම දානයක් සකස් කර නැහැ. හැබැයි තමුන්නාන්සේලා අවබෝධයකින් තොරව ගෙට ඇතුළු වුනොත් කුණු මඩේ තමයි වැටෙන්න වෙන්නේ.’
මේ විදිහට සිතෙන් අධිෂ්ඨාන කළා. එතකොට එ් නිගණ්ඨ පිරිස කිසි වගක් නැතුව නිවස ඇතුළට පිටත් වුණා. වාඩිවෙන්නට සූදානම් වුණා.
“හා… හා…. ස්වාමීනී, මේ පැත්තට වඩින්න. එක පාරට වාඩිවෙන්න එපා! සියලු දෙනාම එක පේළියට වාඩිවෙන්න.”
එතකොට නිගණ්ඨයිනුත් සියලු දෙනා එක පේළියට හිටගෙන එකවර වාඩිවුණා. ඔවුන් එකවර වාඩිවෙනවාත් සමඟ කණුවල ගැටගසා තිබූ ලණු කැඞී කුණු මඩ පිරුණු වලේ හිස පහතට කැරකී මුනින් වැටුණා.
එතකොට සිරිගුත්ත හයියෙන් කෑ ගහලා මෙහෙම කිව්වා.
“අයියෝ! තමුන්නාන්සේලා අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලයම නොදන්නවාද? විය හැකි දේ, නොවිය හැකි දේ නොදන්නවාද?”
එතකොට නිගණ්ඨයින් ඇඟපුරා කුණු මඩ තවරාගෙන ”ධී…. ධී….” යන හඬින් පිළිකුල් කරමින් වැටි වැටී දිව්වා. නිගණ්ඨයින් කෙලින්ම දිව්වේ ගරහදින්නගේ ගෙදරටයි.
“එම්බා ගරහදින්න, නුඹ මේ කුමක්ද කළේ? සිරිගුත්තයාව අපේ ආගමට ගත්තා කියා නුඹ අපිව රැවැට්ටුවා නොවේද? නුඹගේ යාළුවාට කරන හරිය දැනගනින්.”
නිගණ්ඨයින් කෙළින්ම රජතුමා ළඟට ගියා. පැමිණිලි කළා. සිරිගුත්තගෙන් කහවණු දහසක වන්දියක් ඉල්ලා සිටියා. රජතුමා මේ පැමිණිල්ල විභාග කළා. සිරිගුත්ත සියලු විස්තර හෙළි කළා. හෙළිකොට රජ්ජුරුවන්ට මෙය කියා සිටියා.
“දේවයන් වහන්ස, මෙහි සත්‍යය විමසා දඬුවම් කරනු මැනැව.”
ගරහදින්න මෙය සත්‍යය බව පිළිගත්තා. එවිට සිරිගුත්තට නියම කළ දඬුවමෙන් ඔහුව නිදහස් කළා.
එතැන් පටන් දෙසතියක් යනතුරු ගරහදින්න සිරිගුත්ත සමඟ කතාබස් කළේ නැහැ. නමුත් ඔහුගේ සිතේ ලොකු වෛරයක් තිබුණා.
“මොහු මට අයුත්තක් කළා. මා විසිනුත් මෙවැනි දෙයක් මොහුට කළ යුතුයි. නමුත් තරහා වෙලා කරන්නට බැහැ. යහළු විය යුතුයි.”
එදා ගරහදින්න සිරිගුත්ත සොයාගෙන ගියා.
“ප‍්‍රිය මිත‍්‍ර සිරිගුත්ත, අපේ වාද විවාද අපි අමතක කරලා දාමු. අපි පරණ විදිහට කතා බස් කරමු. හිතවත්ව ඉම්මු.”
ඉතින් මේ දෙදෙනා නැවත මිත‍්‍ර වුණා. දිනක් සිරිගුත්ත ගරහදින්නට මෙහෙම කිව්වා.
“ප‍්‍රිය මිත‍්‍ර ගරහදින්න, ඔය නිගණ්ඨයින් ළඟට යන එකේ තේරුම මොකක්ද? අපගේ ශාස්තෘන් වහන්සේව බැහැදකින්නට යමු. දන් පැන් වලින් වුණත් උපස්ථාන කරන්නට අවස්ථාව තියෙනවා.”
“ප‍්‍රිය මිත‍්‍ර සිරිගුත්ත, ශ‍්‍රමණ ගෞතමයන් මොනවද දන්නෙ?”
“හා… හා…. ප‍්‍රිය මිත‍්‍රය, එහෙම කියන්න එපා! මාගේ ශාස්තෘන් වහන්සේ නොදන්නා දෙයක් නම් නැහැ. තුන් කල් දන්නවා. සත්වයාගේ සිත දහසය ආකාරයකින් විග‍්‍රහ කරන්නට දන්නවා.”
“එහෙම නම් ප‍්‍රිය මිත‍්‍රය, ඔබ මෙතෙක් කල් මෙය මට නොකිව්වේ මන්ද? ඔබගේ ශාස්තෘන් වහන්සේට දානයක් දෙන්නට මමත් කැමතියි. එ් ශාස්තෘන් වහන්සේ ප‍්‍රධාන භික්ෂූන් වහන්සේලා පන්සීයකටත් එක්කයි මම දානය පිළියෙල කරන්නේ. මං වෙනුවෙන් ආරාධනා කරන්න.”
එතකොට සිරිගුත්ත බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ගරහදින්න කියල මගේ යහළුවෙක් ඉන්නවා. ඔහු භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රධාන පන්සියයක් භික්ෂූන් වහන්සේලාට දානයට ආරාධනා කරනවා. හැබැයි ස්වාමීනී, මා විසින් ඔහුගේ නිගණ්ඨයින් හට මෙවැනි දෙයක් කළා. එ් නිසා එයට ප‍්‍රතික‍්‍රියාවක් වශයෙන් මෙයා කුමක් කරාවිද දන්නෙ නැහැ. පිරිසිදු හිතකින් දන් දෙනවද දන්නෙත් නෑ. නුවණින් මෙනෙහි කොට පිළිගත යුත්තක් නම් පිළිගත මැනැව. නැත්නම් නොපිළිගත මැනැව.”බුදුරජාණන් වහන්සේ එම ආරාධනාව පිළිගත්තා. එවිට සිරිගුත්ත ගරහදින්නට මේ කරුණ දැනුම්දුන්නා.
“ප‍්‍රිය මිත‍්‍රය, ලෝකනාථයන් වහන්සේට සත්කාර කොට පින් රැස්කරගන්න” කියල. ගරහදින්නද ‘කළ යුතු දෙය මං නෙව දන්නෙ’ කියා සිතමින් සිරිගුත්ත කළ පරිද්දෙන්, එයට වඩා දරුණු අගලක් සෑරෙව්වා. ගැල් අසූවක දර පුරවා ගිනිතබා ගිනි අඟුරු වලක් සකස් කළා. එ් මත අමු දර අඩමානයට තබා ගොම අතුරා සැණෙකින් වැටෙන ආකාරයට සකස් කළා. සිරිගුත්ත කළ ආකාරයෙන්ම හිස් භාජනවලට කෙසෙල් කොළ බැන්ඳා.
සිරිගුත්ත, ගරහදින්න සොයාගෙන පැමිණුනා.
“ප‍්‍රිය යහළුව, දානය සූදානම්ද?”
“එසේය ප‍්‍රිය මිත‍්‍රය”
ගරහදින්න විසින් නිගණ්ඨයින්ට මේ සියලු දේ දැනුම් දුන්නා. ඔවුන් බුදුරජාණන් වහන්සේව අනතුරේ හෙලන්නට සිහින මවමින් සිටියා.
පසුවදා පන්සියයක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ගරහදින්නගේ නිවසට වැඩම කළා. එවිට ඉදිරියට පැමිණි ගරහදින්න බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මෙසේ අධිෂ්ඨාන කළා.
“ස්වාමීනී, නුඹවහන්සේ තුන් කල් දන්නවා නම්, සත්වයන්ගේ සිතේ ස්වභාවය දහසය ආකාරයකින් දන්නවා නම්, මගේ මිත‍්‍රයා පැවසූ දෙය සත්‍ය නම්, මගේ ගෙට නම් පිවිසෙන්න එපා! මෙහි කිසිම දන්පැන් සූදානමක් නැහැ. හැබැයි ඔබවහන්සේලා සියලු දෙනාටම වැටෙන්නට වෙන්නේ ගිනි අඟුරු වළකටයි.”
බුදුරජාණන් වහන්සේ පෙරට වඩින විට ගරහදින්න මෙහෙම කිව්වා.
“ස්වාමීනී, එකනමක් කලින් වඩින්න. උන්වහන්සේ වාඩි වූ පසු අනිත් නම වඩින්න.”
මොහුගේ සිතේ දැන් තිබෙන්නේ එක නම බැගින් ගිනි අඟුරු වළට දැමීමටයි. බුදුරජාණන් වහන්සේ පෙරට වැඩියා. ගිනි අඟුරු වළ මත එලා තිබූ පැදුරෙහි පා තැබුවා. සැණෙකින් එ් අඟුරු අතුරුදහන් වුණා. එ් වලෙන් අතිවිශාල නෙළුම් මල් පැනනැංගා. බුදුරජාණන් වහන්සේ එ් නෙළුමක් මත වාඩිවුණා. භික්ෂූන් වහන්සේලා ඒ එ් නෙළුම මත වාඩිවුනා. ගරහදින්නගේ ශරීරයෙන් දහඩිය ගලන්න පටන්ගත්තා. ඔහු සිරිගුත්ත වෙත දිව ඇවිත් බැගෑපත් වෙන්න පටන් ගත්තා.
“අනේ යහළුවේ, මං මොකද කරන්නේ…? අනේ…. මට පිහිටවෙන්න…. මං කිසිම දානයක් සූදානම් කරල නැහැ.”
“ඔබ මොකක්ද සූදානම් කළේ?”
“අනේ…. මං කළේ ගිනි අඟුරු වළක් සූදානම් කරපු එකයි. නමුත් දැන් එ්ක නැහැ. නෙළුම් මල් මතුවුණා. එ් මත සියලුදෙනා වැඩසිටිනවා.”
“එහෙම නම් ඔබ ගිහින් බලන්න. භාජනවල ආහාරපාන තිබෙනවාද කියා.”
ගරහදින්න දුවගෙන ගිහින් කෙසෙල් කොළ ඉවත් කොට බැලුවා. ප‍්‍රණීත ආහාරපාන වලින් සියලු බඳුන් පිරී තිබෙනවා. ගරහදින්න ඉතාම ශ‍්‍රද්ධාවෙන් යුක්තව දන් පැන් පූජා කළා. දන් වළඳා අවසානයෙහි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළා.
පින්වතුනේ, පින්වත් දරුවනේ, මිථ්‍යා දෘෂ්ටික මත දරන, පෘථග්ජන මිනිසුන් සිටින ලෝකය බුදුරජාණන් වහන්සේ දුටුවේ මහපාරේ කසල පිරෙන මඩවගුරක් වගෙයි. ඔවුනට නුවණැසක් නෑ. නුවණින් කල්පනා කිරීමේ හැකියාවක් නෑ. චතුරාර්ය සත්‍යය ගැන කතා කරන විට ඔවුන්ට කේන්ති යනවා. ඔවුන් කෑ ගගහ කියන්නේ මේ ජීවිතයේ සැපසේ සිටියාම ඇති කියලයි. ධර්මය අවබෝධ කරන්න කලබල වෙන්න ඕන නෑ කියලයි. එ් නිසා එබඳු මිථ්‍යා දෘෂ්ටි මත දරන සමාජය තුළ යම් කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා නම් මඩ වගුරක පිපී සුවඳ හමන නෙළුමක් වගේ ඔහු මේ සමාජය තුළ බබළනවා.
ඔබත් චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට මහන්සි ගන්න. පළමුවෙන්ම චතුරාර්ය සත්‍යය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා හොඳින් කියවන්න. එතකොට ඔබට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන චිත්තප‍්‍රසාදයක් ඇතිවේවි. එය ඔබගේ ධර්ම මාර්ගයේ මුල වන ශ‍්‍රද්ධාව බවට පත්වීම කාටවත් වළක්වන්න බැහැ. ඉන්පසු එ් ගැන නුවණින් විමසන්න. ටිකෙන් ටික තමා තුළින් තේරුම් ගන්නට මහන්සි ගන්න. එතකොට ඔබටත් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක් වශයෙන් ප‍්‍රඥාවන්ත ජීවිතයක් ගතකරන්නට අවස්ථාව ලැබේවි. අන්ධබාල පෘථග්ජනයන් පිරි ලෝකයේ ඔබ කෙලෙහිගුණ දත් සත්පුරුෂ නුවණැත්තෙක් වශයෙන් බබලන්නට පටන් ගනීවි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
Yatha sankaradhanasmim
ujjhitasmim mahapathe
padumam tattha jayetha
sucigandham manoramam.
Evam sankarabhutesu1andhabhute puthujjane2atirocati pannaya
sammasambuddhasavako.
 As a sweet-smelling and beautiful lotus flower may grow upon a heap of rubbish thrown on the highway, so also, out of the rubbish heap of beings may appear a disciple of the Buddha, who with his wisdom shines forth far above the blind (ignorant) worldlings.

The Story of Garahadinna.

While residing at the Jetavana monastery, the Buddha uttered ,with reference to a rich man named Garahadinna and the miracle of the lotus flowers.
There were two friends named Sirigutta and Garahadinna in Savatthi. Sirigutta was a follower of the Buddha and Garahadinna was a follower of the Niganthas, the ascetics who were hostile to the Buddhists. At the instance of the Niganthas, Garahadinna often said to Sirigutta, "What benefit do you get by following the Buddha? Come, be a follower of my teachers." Having been told thus many times, Sirigutta said to Garahadinna, "Tell me, what do your teachers know?" To this, Garahadinna replied that his teachers knew everything; with their great power they knew the past, the present and the future and also the thoughts of others. So, Sirigutta invited the Niganthas to his house for alms-food.
Sirigutta wanted to find out the truth about the Niganthas, whether they really possessed the power of knowing other people's thoughts, etc. So he made a long, deep trench and filled it up with excreta and filth. Seats were then placed precariously over the trench; and big empty pots were brought in and covered up with cloth and banana leaves to make them appear as if they were full of rice and curries. When the Niganthas arrived, they were requested to enter one by one, to stand near their respective seats, and to sit down simultaneously. As all of them sat down, the flimsy strings broke and the Niganthas fell into the filthy trench. Then Sirigutta taunted them, "Why don't you know the past, the present and the future? Why don't you know the thoughts of others?" All the Niganthas then fled in terror.
Garahadinna naturally was furious with Sirigutta and refused to talk to him for two weeks. Then, he decided that he would have his revenge on Sirigutta. He pretended that he was no longer angry, and one day asked Sirigutta to invite, on his behalf, the Buddha and his five hundred disciples to partake of alms-food. So Sirigutta went to the Buddha and invited him to the house of Garahadinna. At the same time, he told the Buddha about what he had done to the Niganthas, the teachers of Garahadinna. He also expressed his fear that this invitation might be a reprisal and so the invitation should be accepted only after due consideration.
The Buddha, with his supernormal power, knew that this would be the occasion for the two friends to attain Sotapatti Fruition, and therefore accepted the invitation. Garahadinna made a trench, filled it with live coals and covered it with mats. He also kept some empty pots covered with cloth and banana leaves to make them appear as if filled with rice and curries. The next day, the Buddha came followed by five hundred bhikkhus in single file. When the Buddha stepped on the mat over the trench, the mat and live coals miraculously disappeared, and five hundred lotus flowers, each as large as a cart wheel, sprang up for the Buddha and his disciples to sit upon.
Seeing this miracle, Garahadinna was very much alarmed and he said rather incoherently to Sirigutta, "Help me, dear friend. Out of my desire for revenge, I have truly done a great wrong. My bad designs have had no effect at all on your Teacher. The pots in my kitchen are all empty. Please help me." Sirigutta then told Garahadinna to go and look at the pots. When Garahadinna found all the pots filled with food he was astounded and at the same time very much relieved and very happy. So the food was offered to the Buddha and his disciples. After the meal, the Buddha expressed his appreciation (anumodana) of the meritorious act and then said, "Ignorant worldlings, lacking in knowledge, do not know the unique qualities of the Buddha, the Dhamma and the Samgha and so they are like the blind; but the wise, having knowledge, are like people with sight."

At the end of the discourse, both Garahadinna and Sirigutta attained Sotapatti Fruition.
End of Chapter Four: Flowers (Pupphavagga)

පුප්ඵ වර්ගය  නිමි.