බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Monday, November 26, 2012

ථේරි ගාථා - දුක නිපාතො - 3



සුමංගල මාතා තෙරණිය ගේ ගාථා.

හැම දේකින් ම මිදුනු ඔයා, මෝල් ගහෙනුත් නිදහස් වුණ එකමයි හොඳ. මගේ සැමියා කිසිම ලජ්ජාවක් නැති මිනිහෙක්. මං ඒ මිනිහාගෙ කුඩේට වත් කැමති නෑ. මං බත් උයපු හැළියෙත් පිළුණු ගඳ ආවෙ. 

"චිටි චිටි" සද්දයෙන් මං මේ රාග ද්වේෂ ත් නැති කරල දැම්ම. මං දැන් ගහක් සෙවනට ගියාම,  හප්පා! තියෙන සැපයක්!  මං හරිම සැපසේ ධ්‍යාන වඩනව.

මේ වනාහී සුමංගල මාතා නම් රහත් තෙරණිය වඳාල ගාථාවයි.

4 comments:

  1. ථේරි ගාථාවත්, එහි සරල අදහසත් මේ සමගම සටහන් කාලනම් හොඳයි කියල හිතුනා. ඔබේ මේ උතුම් ධර්ම දානය ඔබටත් අපට යහපතක්ම වේවා. සිත් නිවී පහන් වේවා...!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන සලකාබලන්නම් දයානන්ද මල්ලි. ඔබේ අදහස් වටිනවා මට. බොහෝ පින්! මේ පැත්තෙ ආවට. බලා ඉන්නවා ධම්ම පද ගාථා එක්ක පොස්ට් එක එනකල්.

      Delete
  2. අක්කෙ, මම ආව පියුම් විලට... ඒත් මේක විඳින්නට තරම් මගෙ හිත සංසුන් වෙලාවක නෙවි, ඒ හින්දා ආව බව විතරක් කියල යන්නං.

    ReplyDelete
    Replies
    1. බොහෝම පින්! නංගි. මොන දේ උනත් හිත සසල කර ගන්න එපා නංගි. ජීවිතය කියන්නෙම කරදර ගොඩක් තමා. ඒව හිමින් ජය ගන්න එක තමයි අපි කරන්නෙ. ඒ වෙලාවට මනස නිරවුල්ව තියාගන්න එකම තමයි හොඳ? ධර්මයම තමයි එකම සැනසීම. බොහෝ ප්‍රශ්ණ වලට පිළිතුරු ධර්මයේම තියෙනවා. ලොකෙ හැම දේම වෙනස් වෙනව කියල වටහාගත්තාම හරිම ලේසියි නොතැවී ඉන්න. මොකද? හැම මොහොතෙම හැම දේම වෙනස් වෙනව නේ. ඒක දැනගත්තාම හිත සැලෙන්නෙ නෑ නංගි.මෙහිදී, දරුවො, දෙමාපියො, ආදරේ හැම දෙයම වෙනස් වෙනව කියලම හිතන්න. අපි ආදරෙන් අල්ලා ගන්න දෙයම ම තමයි අපිට දුක් ගෙනෙන්නෙ.

      Delete