Friday, January 25, 2013

ස්ත්‍රීන්ට ආවේණික වූ දුක ගැන වදාළ දෙසුම.



අනුපිලිවෙළින් බැහැර වෙලා අද අලුත් දෙයක් කියවන්න. මේ දේ අදටත් ගැලපෙන හැටි මෙනෙහි කරන්න. මේ ආශ්චර්යමත් දහම් කරුණු වදාල සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

ස්ත්‍රීන්ට ආවේණික වූ දුක ගැන වදාළ දෙසුම.

පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ දුක් පහක් තියෙනවා.
 ඒ කවර දුක් පහක්ද යත්, පින්වත් මහණෙනි, මෙහිලා ස්ත්‍රිය තරුණ කාලයේදී ස්වාමියාගේ ගෙදරට යනවා. නෑදෑයන්ගෙන් වෙන් වෙනවා. පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ පළමු දුක මෙයයි. 

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය ඔසප් වෙයි. පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ දෙවෙනි දුක මෙයයි.

 පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය ගැබ් ගන්නවා. පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ තෙවෙනි දුක මෙයයි.




පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය දරුවන් වදනවා.  පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ හතරවෙනි  දුක මෙයයි.

 පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය පුරුෂයාගේ උපස්ථානයට එළඹෙනවා. පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ පස්වෙනි  දුක මෙයයි. 

  

පින්වත් මහණෙනි, පුරුෂයින්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රීන්ට පමණක් ආවේණික වූ දුක් පහ මෙයයි. 

සාදූ! සාදූ!!  සාදූ!!!

18 comments:

  1. බොහොම පිං ...සියලු දානයටන් වඩා උතුම් ධර්ම දානයයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබට නලින් මල්ලි.

      Delete
  2. දහම් කරුණු බෙදා දෙනවට අක්කාට පින්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබට මල්ලි.

      Delete
  3. ඔබට බොහොම ස්තුතියි෴

    ReplyDelete
  4. මෙවන් කෙටි නමුත් පැහැදිලි ධර්ම කොටස් දීර්ඝ ධර්ම කොටස් වලට වඩා අපේ සිත් ගන්නවා..

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම පිං අමිල. ඔව් මේවා හරිම සරලයි. ඇසූ සැනෙන් තේරුම් ගන්න පුලුවන්.

      Delete
  5. ඒක නං නියම තමා... දෙන්ටකෝ පෝයටවත් ඔය වගේ දහම් කරුණු ටිකක් නිකං ඔළුවටම වදින්න... ස්තුතියි චන්දි

    ReplyDelete
    Replies
    1. හැම පොහොය දිනකම කාලයක් තිස්සෙ මේ සත්කාරය කරගෙන එන්නෙ දේශක තුමා. ඔබේ පැමිණීම සතුටක්.

      Delete
  6. ම්ම්ම්..... ඇත්ත නේන්නං......

    ReplyDelete
    Replies
    1. සමනළී ඔබටත් බොහෝම පිං දුවේ.

      Delete
  7. සබ්බ දානං ධමං දානං ජිනාති කියනවනේ ගොඩක් පිං

    ReplyDelete
  8. ඇතැම් ස්ත්‍රීන් නිසා පුරුෂයන්ට දුක හට ගනී.......

    ReplyDelete
    Replies
    1. ම්..... දෙපැත්තක් තියෙනවනේ. අනෙක් අතටත් එහෙම තමා. සසර දුකම තමා.

      Delete
  9. මේ බුදුවදන් අපහමුවේ තබනවට ගොඩක් පිං..!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහෝම පිං! නන්ඳු.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...