Thursday, January 24, 2013

ධම්ම පදය - අප්පමාද වර්ගය 5

 



 උට්ඨානේන්'ප්පමාදේන - සඤ්ඤමේන දමේනච
දීපං කයිරාථ මේධාවී - යං ඕඝෝ නාභිකීරතී

බුද්ධිමත් ශ්‍රාවකයා වීරියෙන් නැගී සිටිමින් අප්‍රමාදයෙන් යුක්තවෙනව. සංවර වෙනව. දමනය වෙනව. කෙලෙස් සැඩපහරට යටවෙන්නෙ නැති "ඒ අමා නිවන " නැමති දිවයින ඒ තුළින් ම යි ඔහු හදාගන්නෙ.

(වේළුවනාරාමයේදී චුල්ලපන්ථක තෙරුන් අරභයා වදාල ගාථාවකි. )

 

Island Against Floods

By energy and heedfulness,
by taming and by self-control,
the one who’s wise should make as isle
no flood can overwhelm.
Explanation: The whole world is full of defilements. The sensualities of life are a vast and forceful flood. But the wise person builds steadfastly for himself an Island that cannot be washed away by those vast floods. The Island is built of steadfastness, mindfulness, restraint and discipline. Once steadily established on that island, the flood cannot overwhelm the wise.

 The Elder Cūḷapanthaka
A monk named Cūḷapanthaka could not memorize a verse of four lines despite trying for four months. He was advised by his brother monk to leave the Saṅgha. But he was reluctant to do so. The Buddha understanding his temperament, gave him a clean piece of cloth and asked him to handle it gazing at the morning sun. By his constant handling of it with his sweating hands it soon got soiled. This perceptible change made him reflect on the impermanence of
life. He meditated and attained Arahantship.



ඔබට මතකයිනෙ චුල්ලපන්ථක හාමුදුරුවන් ව. මහාපන්ථක හාමුදුරුවන් මේ හාමුදුරුවන්ට මහණකම හැරදා යන්න කියනවා. ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ මේ ගැන දැනගෙන පිරිසිදු රෙදි කඩක් දී එය නිතර නිතර පිරිමදිමින් ඉන්න කියල කියනවා . කාලයක් යත්දි මේ රෙදිකඩ කිලුටු වෙනව. මේ අස්තීර බව ගැන සිතා බවුන් වඩා චුල්ලපන්ථක තෙරුන්වහන්සේ අරහත් ඵළය ලබා ගන්නවා.

6 comments:

  1. ස්තුතියි මේ අගනා මෙහෙයට..

    ReplyDelete
  2. පියුම්විලට පැමිණ සිත නිවා ගත්තෙමි අදත්...! අක්කාට බොහොම පින්..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වගේම පිං! චන්දන මල්ලි.

      Delete
  3. හිත නිවා සනසා ගත්තෙමි.. ඔබටත් ඒ පිනම අනුමෝදන් කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! වගේම පිං!දයානන්ද මල්ලි.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...