නන්දන වනය මුල්කොට වද්‍රාළ දෙසුම .
මෙය දෙවියන් දෙදෙනෙකු අතර ඇතිවූ සංවාදයකි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිසේ සැවැත් නුවර ජේතවනයේ. එද්‍ර භාග්‍යවතුන් වහන්සේ "පින්වත් මහණෙනි!", කියල භික්‍ෂූ සංඝයා ඇමතුවා " පින්වතුන් වහන්ස!" කියල භික්ක්‍ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ‘‘පින්වත් මහණෙනි , ඉස්සර මෙහෙම දෙයක් සිද්ද උනා. තව්තිසා දිව්‍ය ලෝකෙ දෙවි කෙනෙක්, එයා දිව්‍ය අප්සරාවන් පිරිවරා පංච කාම ගුණයෙන් සතුටු වෙමින් ඉන්න වෙලාවක මෙන්න මේ ගාථාව නන්දන වනය ගැන කීවා”
" පිරිවර සම්පත් ඇති තව්තිසා දෙවියන් ගේ දිව්්‍ය විමාණ තියෙන ලස්සන! නන්දන වනය කෙනෙක් දකින්නේ නැතිිනම් ඇත්තෙන්ම ඔහු සැපය කුමක්ද කියලා නොදනී'’
එවිට තව දෙවි කෙනෙක් පළමු කී දෙවියන්ට මෙහෙම පිළිතුරු දුන්නා.
"අනේ! අනේ! මෝඩයෝ, ඔහේ රහතුන් වහන්සේලා ගේ වචන දන්නේ නෑ නොවැ, හැම සංස්කාරයක්ම අනිත්‍යයයි, ඇතිවෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියල දන්නෙ නැත්ද? ඇතිවෙන නැතිවෙන සංස්කාර සංසිදී යාමම තමයි හැබෑම සැපය ” .

No comments:
Post a Comment