බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Monday, December 17, 2012

ජේත කුමාරයා ගෙන් ජේත වනය මිළට ගත් හැටි


ජේත කුමාරයා ගෙන් ජේත වනය මිළට ගත් හැටි කියන්න ඕනෙ කියල හිතුන  අද.  කලින් පොස්ට් එකේ නලිනි නංගි අහල තිබුන ප්‍රශ්නෙටත් පිලිතුරු එක්ක ඔයාල හැමෝටම විස්තර දැන ගන්න පුලුවන් මේ සටහන කියෙව්වහම . මමත් හිතාගෙන හිටියෙ නැහැ ජේතවනය මේ තරම් විශාල තැනක් කියල. 







 සැවැත් නුවර කෝසල ජනපදයේ අග නුවරයි. පසේනදී කොසොල් රජ තුමාගේ ප්රධාන සිටු තුමා සුදත්ත නම් වේදවසක් රජගහ නුවර බුදු හිමියන් වැඩ ඉන්නා අතරෙ සුදත්ත සිටු තුමා එතුමාගේ නැගණිය බලන්නට රජගහ නුවරට යනවා. එදා මේ සිටු මාළිගය මලින් සරසා ත්බෙනු දැක මේ මංගල්යය කුමක්දැයි සිතමින් සිටිනවා. සාමාන්යයෙන්   ඉන්දියාවේ නිවෙසක් මලින් සරසන්නෙ මංගල්යයකට නමුත් එතුමාට නොදන්වා නැගණිය ගේ සිටුමැඳුරේ පවත්වන මංගල්යය කුමක් ? සිතමින් සිටි සුදත්ත සිටු තුමාට බුදුපාමොක් මහ සංඝයාට දානය සඳහා එළබෙන දිනයේ සූදානම් වන බව දැන ගන්නට ලැබුණි.



 බුදුහිමියන් ගේ නම ඇසූ පමණින් පෙර සසරේ පුරුදු අනුව එතුමාට බුදු හිමියන් දකින්නට ආශාව ඇති විය. බුදුරජාණන් වහන්සේ යන නාමය ඇසූ පමණින්ම මේ සුදත්ත සිටුතුමා උද්දාමයට පත් වුනා. රෑ බෝවී තිබුන බැවින් පසුදා පහන් වූ පසුව යන්නෙමියි සිතා ගත්තේය. සයනේ වැතිරී සිටියත් නින්ද නො ආවේය. නමුදු සඳ රැස් වැටී මුළු රජගහ නුවරම එකාලෝක වී තුබුන බැවින් රැය කියා නොසිතා යන්නට සූදානම් විය . මද දුරක් ගොස් රැය වැඩියයි සිතා ආපසු එයි.  මෙළෙස කිහිප විටක්ම හැරී ඇවුදින් පාන්දර යාමේ වෙළුවනාරාමයට පැමිණේ.






 මහා කරුනා  සමාපත්තියෙන් වැඩ වාසය කරන බුදුහිමියන්ට බුදු ඇසින් සුදත්ත සිටුතුමාව පෙනේ.  ලඟට පැමිණියාට පසුව "සුදත්ත" යැයි අමතා "සුදත්ත ඔබට රාත්රියෙහි නින්ද ලැබුනාද" යි ඇසුවා. පසඟ පිහිටුවා බුදු හිමි පාමුල වැඳ වැටී ශ්රී පාද පද්මය වන්දනා කර එකත් පසෙක හිඳ" නැත ස්වාමීනී, මුළු රැයම අවදියෙන් සිටියෙමි" යි පැවසුවේය.



ඇත්තෙන්ම එදා මෙයාට නින්දා ගියේ නැහැ. බුදු ගුණ ගැනම හිත හිතා හිටියා. රාතිරයේ අවදි වුනා. වටපිට බලද්දී හොඳට එළිය වැටිල වගේ පෙනුනා. මෙතුමා එළිවුනා කියල හිතාගෙන බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න පිටත් වුනා. අතරමගදි සොහොන ළඟින් ගමන් කරද්දී සිතට පොඩි බයක් ආවා. එතකොටම කළුවර වෙලා ගියා. සුදත්ත සිටුතුමාට එළි වෙලා වගේ පෙනුනේ බුදු ගුණ සිතීමෙන් සිතේ ඇති වුන රසන්න බව නිසයි. නමුත් ඇත්තටම තවමත් කළුවරයි. එකවරටම කළුවර වැටුණු වෙලාවේ සුදත්ත සිටුතුමා නැවතුනා. අහසින් හඬක්, මේ හඬ ඇසෙනවාත් සමඟම සුදත්ත සිටුතුමාට අයෙමත් බුදු ගුණ මතක් වෙන්න පටන් ගත්තා. භය නැතුව ගියා. කළුවර නැතුව ගියා. පාර තොට පැහැදිලිව පෙනෙන්න පටන් ගත්තා. ඔය විදිහට තුන් වතාවක්ම කළුවර වුනා. තුන් වතාවක්ම ඔය ගාථාව ඇසුනා. වේළුවනාරාමය දෙසට යද්දී බුදුරජාණන් වහන්සේ රුක් සෙවණක වැඩසිටියා.



 මෙය ඇසූ බුදුපියාණන් පෙර සසරෙ කල මහා පින් මහිමයෙන් මෙලෙස එන්නට යෙදුන බව පවසා දහම් දෙසූහ. එකෙනෙහිම සෝවාන් බවට පත්වූ සිටුතුමා යලිත් තම මස්සිනාගේ සිටු මැඳුරට ගියේය. දන් වළදා අවසන කල බුද්ධ අනුමෝදනාව අසා බුදුපාමොක් මහ සංඝයාට සැවැත් නුවරට වඬින්නට ආරාධනා කලේය. ආරාධනාව සතුටින් පිළිගත් බුදුහු එහි වඬින  බව පැවසූවා.










ආපසු සැවැත් නුවර බලා පිටත් වුන සුදත්ත සිටුතුමා සැවැත් නුවරට වඩින බුදුරජාණන් වහන්සේ රධාන රාවක සංඝරත්නයට නිරතුරුව දන්පැන් පිදුවා. දුගී මගී අසරණ අයටත් දන්සැල් දුන්නා. මේ නිසාම මේ සුදත්ත සිටුතුමා අනේපිඬු සිටුතුමා නමින් රසිද්ධ වුනා. පස්සෙ කාලෙක අනේපිඬු සිටුතුමා තමා පදිංචිව සිටි සැවැත් නුවරින් බුදුරජාණන් වහන්සේ උදෙසා ආරාමයක් තනවා පූජා කරන්න කල්පනා කළා. ජේත නම් කුමාරයෙකුට අයිති ඉතාම ලස්සන උද්යානයක් තිබෙනවා. සැවැත් නුවරට දුරත් නැහැ. ළඟත් නැහැ. නිශ්ශබ්දතාවයත් තිබෙනවා.



අනේපිඬු සිටුතුමාගේ සිත ගියේ මේ ජේත කුමාරයාගේ උද්යනයටමයි. ජේත කුමාරයා මේ උයනට හරි ආසයි. කිසිසේත් විකුණන්න කැමැති වුනේ නැහැ. දිනක් අනේපිඬු සිටුතුමා ජේත කුමාරයා මුණ ගැහෙන්න ගියා. උද්යානය විකුණනවා නේද කියලා බල කරමින් අහන්න පටන් ගත්තා.
අන්තිමේ දී ජේත කුමාරයා කිව්වා සිටුතුමනි, ඔහොම නොවේ, මං මගේ උද්යනය පුරාවට රන්කාසි ඇතිරුවත් දෙන්නේ නැහැ කියලා

එතකොට අනේපිඬු සිටුතුමා කිව්වා ජේත කුමාරයාහරි හරිඔන්න එහෙනම් මං උද්යනය ගත්තා.” 

ජේත කුමාරයා මෙහෙම ඇහුවාසිටුතුමනි, කොහොමද?” 

ඇයි කුමාරය, දැන් ඔබ කිව්වේ රන්කාසි ඇතිරුවත් දෙන්නෙ නැහැ කියලා. දැන් මං හෙට උදේ ඉඳලා රන්කාසි අතුරන්න පටන් ගන්නවා.” ජේත කුමාරයා විශ්වාස කළේ නැහැ.



මේ ගැඹුරු වලවල් වල තමයි රන්කාසි තැන්පත් කර තිබුනාය කියන්නෙ. 



පසුවදා උදේ බලද්දී අනේපිඬු සිටුතුමාගේ සේවකයන් කරත්තවලින් රන්කාසි පටවාගෙන ඇවිදින් ජේත කුමාරයාගේ උයනේ අතුරන්න පටන් ගත්තා. අන්තිමේදී ජේත කුමාරයාගේ උයනේ කොටසක් ඉතුරුවෙද්දී රන්කාසි ඉවර වුනා.

ජේත කුමාරයා කල්පනා කළාමේක නම් මහා පුදුම දෙයක්. රද්ධාව තියෙනවා කියලා කෙනෙකුට මෙහෙම වියදම් කරන්න පුළුවක්ද. රන්කාසි අතුරාගෙන යද්දී සිටුතුමා පීරතියෙන් සිනහ වුනා. හරිම පුදුමයි. මේ මනුස්සයාට ලෝභකම කියල දෙයක් නැද්ද? හම්බකරපු දේවල් මෙහෙම වියදම් කරන්න නම්, මීට වඩා වටිනා දෙයක් මෙයාට ලැබිලා ඇති.”


ජේත කුමාරයා අනේපිඬු සිටුතුමා ඇමතුවා පින්වත් සිටුතුමනි, ඇත්තෙන්ම ඔබේ මේ පරිත්යාගය ගැන මට පුදුමයි. අර ඉතුරු වෙච්ච කොටසට රන්කාසි අතුරන්න ඕන නැහැ. හැබැයි මං පොඩි ඉල්ලීමක් කරන්නම්. විහාරෙ හැදුවට පස්සෙ මේ උද්යානයට මගේ නම දාන්න කැමැතිද?”  අනේපිඬු සිටුතුමා එයට කැමැති වුනා


ඊට පස්සේ ජේත කුමාරයාගේ වනයේ සැදූ ආරාමය යන නමින් ජේතවනාරාමය වශයෙන් හැඳින්වූවා.



  

අනේ පිඬු සිටුතුමා ජේත නම් කුමරාට අයිති එම භූමියේ කහවණු අතුරා එම කුමරා සතුටුකොට වෙනුවෙන් ඇතුරූ දහ අට කෝටියක් කහවණු ජේත කුමරාට පරිත්යාග කොට භූමියේ තවත් කහවණු දහඅට කෝටියක් වැය කොට ජේතවනාරාමය කරවීය. සිය ගණන් ගැල් යොදවා නගරයෙන් නගරයට ගොස් ධාර්මික වෙළඳාම මගින් විශාල ධනස්කන්දයක් මොහුට හිමිවුවත් මොහුගේ නිහතමානීකම ජීවිතයටම වෙනස් නොවීය.





අනේපිඬු සිටුතුමා තිස්හය කෝටියක් වැය කර ජේතවනාරාමය සෑදීමට පෙළඹු ,  සැවැත් නුවර , කෝටි හතක් ජනතාව විසූ බවත් එයින් කෝටි පහක් මාර්ගඵල ලැබූ බවත් මෙයින් වැඩි පිරිසක් ජේතවනාරාමය ඇසුරු කොටගෙන ඇති බවත් පැවසේ







ගැල් සිය ගණනක් සතු මහා වෙළඳ ව්යාපාරයක් හිමි සැවැත් නුවර ලොකුම ධනවතා මොහු වුවද එය පසෙක දමා දිනපතාම බුදු හිමි බැහැ දැකීම මොහුගේ සිරිතවන අතර බුදුරදුන් ප්රමුඛ මහා සඟ රුවනට දුගී මගී යාචකයන්ට නිතරම දන් දීමද මොහුගේ සිරිත විය. දන් දෙන්නන් අතර අග්‍ර ස්ථානය ලැබූ  වේ,  අනේපිඬු සිටුතුමා වේ.


සියලු දේ අනියත බව පෙන්වමින් මෙතුමාගේ අවසාන කාලයේ ධන සම්පත් හීනවී සේවක සේවිකාවන් ඉවත් වී එක සේවකයෙකු පමණක් ඉතිරි වූ බවත් තමන් රෝගී අවසාන අවස්ථාවේදී එම සේවකයා බුදු හිමි හමුවට යවා තමන් ගිලන්ව සිටින බව බුදුහිමියන්ට දන්වා සිටුවරයාගේ අවසාන අවස්ථාවට සැරියුත් මහ රහතන් වහන්සේ හා ආනන්ද හිමියන් වැඩම කරවා ගත් බව පැවසේ.




දහම් දෙසූ පසුව ආනන්ද හිමියන් සමඟ සැරියුත් තෙරුන් ජේතවනයට වැඩම කලහ.  ටික වේලාවකින් අනේපිඬු සිටු තුමා මරණයට පත්ව  ඒ මොහොතේම තුසිත දෙව්ලොව උපන්නා. 

එදා රත්‍රියෙහි මුළු ජේතවනයම බුබුළුවාගෙන  ආලෝකමත් දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට ආවා. වන්දනා කරල ගාථා හතරකින් වර්ණනාවක් කලා. සංඝ ඝෘෂීන් වහන්සේලා වැඩ සිටින ධර්මරාජයන් වහන්සේ වැඩ වෙසෙන ජේතවනය දකිනකොට මට මහත් ප්‍රීතියක් ඇතිවෙනවා.





සත්වයන් කවදාවත් උපන් ජාතිය නිසා හෝ ධනය නිසා හෝ පිරිසිදු වෙන්නේ නැහැ. පිරිසිදු වන්නේ ක්‍රියාවෙන් ,අවබෝධයෙන් ,ධර්මයෙන් ,ශීලයෙන්.  ඒ නිසා නුවන තියෙන කෙනා තියෙන කෙනා, යහපත කැමති නම් යෝනිසෝ මනසිකාරයේම යෙදී පිරිසිදු වෙන්න උත්සාහ කරන්න ඕනෙ. සංසාරෙන් එතෙර වෙච්ච භික්ෂූන් වහන්සේලා අතර සීලයෙන් සංසිදීමෙන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අග්‍ර යි කියල නොපෙනී ගියා. 

අදටත් මේ දෙවියන් ජේතවනය වන්දනා කරන්නට එන බව අපිට කීවෙ මෑණියන් වහන්සේ   යි. 

රන් කහවනු අතුරා ජේත උයන මිලට ගත් බව "භාරුත්"හි  ක්‍රි.පූ. තුන්වන ශතවර්ශයේ සංකේතවත් කර ඇත. මුලු වියදම මසුරන් කෝටි පනස් හතර දහසක් බව කියවේ.

  විශාල ගොඩනැඟිලි සංකීර්ණයකි. මහල් කිහිපයකින් සමන්විත වූ ගොඩනඟිලි ද වූ බව සටහන් වේ.  මුලු භූමි ප්‍රමාණය අක්කර විසි පහකට වැඩිය.

 ආරාම සංචිතයේ බොහොමයක් පැහැඳිළි ලෙස හඳුනා කනිංහැම් තුමා විසින් පැහැඳිළිවම මේ ඒ තැන් යැයි සටහන් කර ඇත. 









 බුදුහිමියන් වස්සාන කාල 25ක් සැවැත් නුවර ගත කර ඇත.

 මහා මංගල සූත්‍රය , දසදම්මඛන්ධ පරිත්ත, ගිරිමානන්ද - ඉසිගිලි, වසල, පරාභව, චන්ද , සූර්‍යය , මෙත්ත, ආදී බොහෝ සූත්‍ර මෙහෙදී දේශනා කර ඇත.

 සබ්බං අත්ථී , "සියල්ල ඇත" සාවස්ති නම් වේ. මේ නගරයේ ශස්ශ්‍රීකතවය මෙයින් පෙනේ.

 මැඳුම් සඟියේ සූත්‍ර එකසිය පනහෙන් හැට පහක්මත්, සංයුක්ත නිකාය අංගුත්තර නිකායේ සූත්‍ර වලින් හතරෙන් තුනකට වඩා දේශනා කර ඇත්තේ සැවැත් නුවරයි. විනය නීති වැඩි ප්‍රමාණයක් පනවා ඇත්තේ ද මෙහි දීය. 



6 comments:

  1. සම්බුදු සසුන පවතින තාක් සැවැත්නුවර ජේතවනාරාමය කියන නම ඇහෙද්දීම අපේ සිහියට එන්නේ අනේපිඬු සිටුතුමා. එතුමා සැබවින්ම භාග්‍යවන්තයෙක්

    ReplyDelete
    Replies
    1. බොහොම පිං හසිත පුතා.

      Delete
  2. සදු...සදු...සදු...

    ReplyDelete
  3. බොහොම පිං විශ්ව, ස්තූතියි මේ පැත්තෙ ආවට. ඉතිරි සටහන් ටිකත් ඉවර ඇති විටෙක කියවන්න එන්න කියල ආරාධනා කරනවා.

    ReplyDelete
  4. හුඟක් පිළිවෙලට, ලස්සනට සංරක්ෂණය කර ඇති තැනක් නේද? ස්තුතියි අක්කා විස්තරයටත් රූපවලටත්.
    මම අහලා තියෙනවා, ඔය අනේපිඬු සිටුතුමාගෙ අවසන් අවස්ථාවට වැඩිය සැරියුත් හාමුදුරුවො බොහොම ගැඹුරු දහම් කරුණු දේශනා කළා කියලා. අනේපිඬු සිටුතුමා හුඟක් පැහැදිලා ඇහුවලු, ඇයි මේවගෙ දහම් කරුණු ගිහියන්ට දේශනා නොකරන්නෙ කියලා. ඒවා ගිහියන්ට සැර වැඩියි කියලා හිතලා හාමුදුරුවරු දේශනා නොකළත්, ඒ දේවල් තේරුම් ගත හැකි, තේරුම් ගැනීමට කැමැත්තෙන් ඉන්න අය ගිහියන් අතරත් ඉන්න බව කිව්වලු.

    ReplyDelete
    Replies
    1. නලිනි, ඒ අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේ දි නේද? ඒ සූත්‍රයේ දී කියැවෙනවා අපි හොඳට මතක තියා ගන්න ඕනෙ, හැම කෙනෙක්ම ධර්මය කරා යන්න බුද්ධිමත් නෑ, ධර්මය කරා යන්නෙ මේ සසර දුකින් නිදහස් වෙන්න ඕනෙ කියන අදහස ඇතිවුන එක්කෙනා ම තමයි කියල.මෙතන දී කියනව "අනේ ස්වාමීනී සුදු වස්ත්‍ර අඳින ගිහි අයටත් මේ ගැඹුරු ධර්මය මේ විදිහටම වැටහේවා!" කියල. සොතාපන්න වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමා තුසිත දෙව් ලොව ඉපිද ජේතවනය බුබුළුවා ගෙන ඇවිත් කරපු ගාථාවන් හතරක් තියෙනවා. මම වෙලාවක මේ සූත්‍රය ලියන්නම්.

      Delete