බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Wednesday, December 12, 2012

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 7 - දෙවුරම් වෙහෙරේ පහන් සිතින් සැරි සැරුවෙමි.

සැවත් නුවර

සංකස්ස නුවරින් පිටත් වුණේ පාන්දර හතරට.  බොහොම සංවේගයෙන් ඒ විහාරය අත්හැරල ආවෙ. හරීම සිත නිවෙන තැනක්. වෙනදා වගේම බුද්ධ වන්දනාව කලා. ඊට පස්සෙ පොඩි විවේකයක්. 
ඊළගට විස්තරයක් කලා සැවැත් නුවර ගැන. 










අතරමග වෙනදා වගේම හරිම සුන්දරයි. ඒ වගේම නෙතට කඳුලක් ඉනුව මේ පුංචි පුතාව දැක්කම නම්. 






පර්දේශී , පර්දේශී ජනානහී............ 





ගන්ඩබ්බ රුක්ඛ මූලය.




දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති බණත් අහන්නැති ඒ කාලෙ......නිවන් දකින්නට පින් මදිවෙන්නැති  ඒකයි  තවමත්   සංසාරේ.......



සැවත් නුවරට යන්න කළින් අතරමඟදි අපිට යන්න තියෙන්නෙ ගන්ඩබ්බ රුක්ඛ මූලයට. 


බුදුරදුන්  සැවත් නුවර වැඩ වාසය කරන අවස්ථාවෙදී ලෝකයේ රහතුන් සිටී දැයි දැන ගැනීම පිනිස එවකට  සැවැත් නුවර සිටි මහා ධනවතුන් පිරිසක් තනි සඳුන් ලීයෙන් පාත්‍රයක් කරවා එය හැට රියන් කණුවක් මත තබා මෙය අහසින් ඇවිත් ගන්නේ කවුරුද? අපි උන් වහන්සේට සළකමු'යි සිතා සාකච්චා කළහ. අන්‍ය තීර්තකයෝ හෙවත් නිගන්ඨනාත පුත්ත අනුගාමිකයෝ ද , අනෙකුත් අන්‍ය ආගමික යෝ ද ,මේ පිරිස තමන් පැත්තට හරවා ගැනීමට හොඳම අවස්ථාව බව සිතා නොයෙකුත් උපක්‍රම යොදා එය ලබා ගැනීමට තැත් කලත් එය නිශ්ඵල විය. මේ බව සැවැත් නුවර වැඩ විසූ පිණ්ඩෝල භාරද්වාජ  නම් රහතන් වහන්සේ ට දැන ගන්නට ලැබී උන්වහන්සේ අහසින් වැඩම කොට පාත්‍රය ලබා ගත් සේක. මේ කාරණය දැන ගත් බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාර සඳහා අනුන් පහදවා ගැනීම සඳහා ප්‍රාතිහාර්‍යය නොපාන ලෙස නීතියක් පැනවූහ. 

ඉන් පසුව උන්වහන්සේ එම ස්ථානයට වැඩම කරත්දී නිඝණ්ඨයන්ගේ දැඟළීමෙන් මුළු ප්‍රදේශයම දූවිල්ලෙන් වැසී සියළු දෙනාගේම ශරීරය දූවිල්ලෙන් වැසී ගොස් තිබුණි. බුදුරජාණන් වහන්සේ ගේ අධිෂ්ඨාන ශක්තියෙන් වර්ෂාවක් මැවීය. ඒ වර්ෂාව වැටුන නිඝන්ඨයින්ගේ ශරීර වල පුල්ලි පුල්ලි මතුවී අමුතුම දර්ශණයක් මැවීය. මේ නිසා හිස්ලූ ලූ අත පලාගිය නිඝන්ඨයින් දුටු ජනයා සතුටට පත්ව බුදුරජාණන් වහන්සේට අඹ පූජා කළේය. අඹ වළදා අඹ ඇටයක් බිම දමා ශ්‍රී හස්තය දෝවනය කර එකී අඹ ඇටයට දමන ලදී. ඉනික්බිතිව  එම අඹ පැලය පැලවී අඹ සෑදෙන ලෙස අධිශ්ඨාන කළහ. ඒ අනුවම  සිදුවිය. 



මෙහිදී බුදුරජාණන් වහන්සේ  තීර්ථක දමණය සඳහා යමක මහා ප්‍රාතිහාර්‍යය පැ බව සඳහන් වේ. මෙය සිහිවීම පිණිස ධර්මාශෝක රජ තුමා චෛත්‍යයක් කෙරවූ බව ඉතිහාසයේ සඳන් වේ. මේ පෙළහර පෑමෙන් පසුව  තමයි බුදුරදුන් මාතෘ දිව්‍යරාජයාට දහම් දෙසන්නට දෙව් ලොවට වැඩම කලේ.






අනාථපිණ්ඩික සිටු තුමාගේ සිටු මැදුර









ඊළගට අපි ගියේ පූර්වාරාමය බලන්න. ඔයාලට මතකයි නේ විශාඛාව ගේ මේළ පළඳනාව දවසක් ධර්මශ්‍රවණයෙන් පස්සෙ ජේතවන විහාරයේ දී අමතකවී ගියා. මේ පළඳනාව විකුණා නව කෝටියක් ධනය වියදම් කර ඉඩමක් මිලට ගෙන ඉතිරි නව කෝටියක් ධනය යොදවා දර්ශණීය විහාරයක් තනවා බුදුපාමොක් මහා සංඝයා උදෙසා පූජා කලා. කාමර දහසක් මේ විහාරයේ තිබී ඇත. මෙතැන ඒ විහාරය මෙතැනයි කියා  සොයා ගෙන නැතිවූවත් අනාථපිණ්ඩික සිටු තුමාගේ සිටු මැදුරත් ඊට ඉදිරිපසින් අංගුලිමාල චෛත්‍යයත් දැකිය හැකිය. 





අනාථපිණ්ඩික සිටු තුමාගේ සිටු මැදුරෙහි රන්කහවණු පිරවූ කුටි තුනක් තිබී ඇත. ඒවා අද ද පැහැදිළිව දැකිය හැක. ඒවා පිලිස්සී හිය ගඩොලින් යුක්තව ගැඹුරු වලවල් සේ පෙනේ. 












මෙම ප්‍රදේශය ඉතා විශාල බැවින් තවමත් සමහර ස්ථාන සොයාගෙන නැත. අචිරවතී නදිය අසබඩ පිහිටි මනරම් භූමියක මේ සිටු මැදුර පිහිටා ඇත. මේ ප්‍රදේශය කෝසල දේශයයි. කොසොල් රටේ අග නුවර ශ්‍රාවස්ථිය හෙවත් සැවැත් නුවරයි. කෝටි හතක් ජනයාගෙන් කෝටි පහක්ම බෞද්ධයන් වූ බව සටහන්වේ.


 බුදුරදුන් වස්කාල 25ක් සැවැත් නුවර ගතකල බවත් , ඉන් 19ක්ම ජේතවනයේ සිටි බවත් වස්කාල 6ක් පූර්වාරාමයේ ගතකල බවත් කියවේ. 








 පොඩි ධාතු චෛත්‍යය


ඊළඟට අපි ආව අංගුලිමාල චෛත්‍යය බලන්න. එතන වන්දනා කරල වටේම අපි ඇවිද්ද. මේ චෛත්‍යය මැද්දෙන් ගුහාවක් තියෙනව අනික් පැත්තට යන්න. පැත්තකින් අංගුලිමාල රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කල පොඩි ධාතු චෛත්‍යයක් තියෙනවා.





අපි එතන ලොකේ සිටිනා සියළුම ගැබිණි මව්වරුන්ට සෙත් පතා අංගුලිමාල පිරිත  බොහොම බැති සිතින් කීවා . 


හැන්දෑ වෙන කොට සැවැත්නුවර ශ්‍රී ලංකාරාමයට අපි ආව. එහේ දී අපේ කිළිටි රෙදි සෝදා දෙන්න කෙනෙක් ආව. ඔහු හරිම කරුණාවන්තයි. වයස හැටක් වගේ. කොහොම උනත් ඒක අපිට පහසුවක්. අද ටිකක් සීතලයි. ඒ නිසා වැඩිය එළියෙ ඇවිද්දෙ නෑ.  රෑට රසවත් ආහාර වේළක් වෙනදා වගේම. පාන්දර නැඟිටින්න ඕනෙ නිසා ඉක්මනින්ම නින්දට ගියා. දෙවුරම් වෙහෙරෙ සිල් සමාදම් වෙන්නෙ හෙට උදේට.  කොච්චර ආසාවෙන්ද හිටියෙ දෙවුරම් වෙහෙර දැක ගන්න. එහෙට අපි ඊළඟ ට යමු. 

දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ...මා.. සිටියා නම්.... සමිඳුනි ඔබ පිළිසරණ පතා...මම එමි භවඳුරු කතර ගෙවා.............


21 comments:

  1. ගන්ධබ්බ රුක්ඛ මුලය, පූර්වාරාමය, වගේ එහි ‍ඓතිහාසික විසත්රයත් අගෙයි. මේ පින්තුර ටිකනම් දඹදිව නොගියත් ගියා වගේ පහන් සිතුවිල්ලක් ඇති වුනා.

    පින් සිදුවේවා..

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහෝ පින්! අත්වේවි මල්ලි, මේ දේවල් කියවන්න ඇවිත්. ඉක්මනින්ම මෙහෙම යන්ට ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා.

      Delete
  2. විස්තර සමඟින් දුර්ලභ ඡායාරූප බෙදාගත්තට බොහොම පින් චාන්දි අක්කාට!!!!

    ReplyDelete
    Replies
    1. නංගි ඔයාටත් බොහෝ පින් අත්වේවි! පහන් සිතින් මේ සටහන් කියවන්නට ආවට.

      Delete
  3. අක්කේ සුන්දර වටිනා චාරිකාවක්නේ මේ. සදා වාසනාවන්.

    ReplyDelete
    Replies
    1. නලීන්, ඔබේ සටහන් ටික දැම්මාද? ඔබටත් පින්! මල්ලි මේ පැත්තෙ සැරි සරන්නට ආවට.

      Delete
  4. ඇත්තටම බොහොම පරිස්සමට ගමන විස්තර කරලා තියෙනවා.. බෙස්ට් ලයිෆ් ආයතනය තෝරා ගැනීම ගැනනම් මගේ ඒ හැටි පැහැදීමක් නෑ.. කොහොම වුණත් අක්කා ඉතා අගනා පින් රැසක් එක්කාසු කරගෙන තියෙනවා වගේ මේ ගමනින්..

    තෙරුවන් සරණයි අක්කා..

    ReplyDelete
    Replies
    1. චතුර මල්ලී,
      ආයතනය ගැන වෙන විස්තර කියන්නට මා දන්නේ නැහැ, ඔබ මෙසේ කීවේ හේතුවක් ඇතිව වෙන්න ඇතිනෙ මල්ලී.
      නමුත් අපි මේ ගිය වන්දනා ගමනෙ කළමණාකාර තුමා හරිම හොඳ බෞද්ධයෙක්. එතුමා ගේ සේවය අපිට උපරිම වශයෙන් ලබා දුන්නා. නමින් අජිත් ක්‍රිශාන්ත මහතා. මම ආයෙ කවදාහරි මේ ගමන යනවා නම් යන්නේත් එතුමා සමඟින්ම තමයි. ඒ තරම් හොඳින් අපිට වන්දනාවෙ විස්තර හරිම ශ්‍රද්ධාවෙන් කියා දුන්නා වගේම වන්දනා මාන කෙරෙව්වා. ඒ වගේම කිසිම කෙනෙකුට සුළු හෝ අසනීපයක් ඒ කියන්නෙ බඩේ අමාරුවක් තරම වත් හැඳුනේ නැහැ. ඉතාම පිරිසිදුව කෑම ටික ලැබුනා. ඔබ දන්නවාද? ඉන්දියාවට යන බොහොමයක් මේ ආහාර ප්‍රශ්ණය නිසා අසනීප වෙනවා. හොඳ නවාතැන් දුන්නා. ඒ මදැයි නේද?
      මල්ලී, ස්තූතියි! වගේම පින්! මේ සටහන් කියවන්න ආවට. තෙරුවන් සරණයි!

      Delete
  5. "ගන්ධබ්බ රුක්ඛ මූලය" පිහිටලා තියන්නේ පොඩි කඳු ගැටයක් වගේ තැනකද.. ඒ වගේ පෙනෙන්නේ. පහල ඉඳල තුන් වෙනි පින්තුරේ තියන්නෙත් පූර්වාරාමයේම කොටසක් ද..? ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නේ මොකද..?
    අනවශ්‍ය ප්‍රශ්නද මන්දා මං අහන්නේ, ගැටළුවක් ආවම අහන එක මගේ පුරුද්දක්..:)

    මේ ලිපිය කියවද්දී එතන ඉන්නවා වගේ මට දැනුනේ.

    අක්කට පින්!!

    ReplyDelete
    Replies
    1. මුලින්ම බොහෝ පින්! අත්වේවි චන්දන මල්ලි. ඔබ අසනා ප්‍රශ්ණෙ වලට මම නම් කැමතියි. මොකද මගෙත් ඔය කුතුහලය තියෙනවා. ඒක ඇර ගන්න නිතරම උත්සාහ කරන නිසා. අහන්නෙ නැතිව කොහොමද ? දැන ගන්නෙ.
      මල්ලී ඒතන ධර්මාශෝක රජ තුමා කරවාපු චෛත්‍යය තමයි මේ තියෙන්නෙ. ඒක දැන් කන්දක් සේ වල් වැවිලා. උඩ කොටසේ යන්තම් අත්තිවාරමක් වැනි ගඩොල් බැම්මක් පේනවා. ඔබට අවශ්‍යය නම් මෙයට නඟින්නට පුළුවන්, නමුත් වෙහෙර වහන්සේ පෑගීම නුසුදුසු නිසා අපි කවුරුත් ගියේ නම් නෑ.

      ඔබට පෙනෙන ස්වාමීන් වහන්සේ කිහිප තැනක ඉන්නවා නේ ඒ අය ඉන්දීය අන්‍යාගමික අය. බොදුනුවන් සේ ගාථා කියමින් ඉන්නවා අපි ගිය විගසම ඇවිත් එහෙම තැන් වල වාඩි වෙනවා. අපි මුදල් දේවි කියා. නමුත් අපිව දැනුවත් කලා මේ අයට කිසිවක් නොදෙන්න කියා. හිඟන්නො වගේ හැම තැනම් ඉන්නවා. එයාල මහා හඬින් අපේ පිරිත් කියනවා මිනිසුන් රවටා ගන්න. මේ අය හුගක් ජෛන ආගම තමයි අදහන්නෙ. පෙනුමෙන් අපේ ස්වාමීන් වහන්සෙලා වගේ නමුත් අපේ ස්වාමීන් වහන්සේලා මේ වගේ තැන් තැන් වල ඉන්නේ නෑ.

      Delete
    2. තොරතුරු වලට බොහොම ස්තුතියි අක්කට..!

      Delete
  6. මගෙත් බලාපොරොත්තුවක් තියෙනව කවදාක හරි දෙව් රම් වෙහෙර ඇත්තටම ඇස් දෙකින් දකින්න.
    ඔයාට බොහොමත්ම ස්තුතියි අක්කේ

    ReplyDelete
    Replies
    1. නංගිගෙ ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා! කියල සෙනෙහසින්ම පතනවා. බොහොම පින්! මේ පැත්තෙ ආවට.

      Delete
  7. මම ආයෙමත් වන්දනාවෙ යනවා චන්දි අක්කා එක්ක. මේ නටඹුන් රැතගන්න ඉන්දියානු රජය ගන්නාවූ උත්සාහය අගය කරන්නම ඕන. මේ තැන්වල පරිසරයත් ඉන්දියාවෙ අනිත් තැන් එක්ක සංසන්දනය කරොත් ගොඩක්ම පිරිසිදුයි.
    ආසාවෙන් ඉන්නවා සැවැත්නුවරත් යන්න ඉක්මනටම.

    ReplyDelete
    Replies
    1. කොච්චර සතුටක් ද? මෙහෙම අහන එක. ඒක ඇත්ත නංගි මේ තැන් අනික් තැන් එක්ක බලන කොට හරිම පිරිසිදුයි. ඒත් සමහර තැන් ඉන්දියානුවො පාවිච්චි කරන විදිහ ගැන නම් මගෙ කිසිම පැහැදීමක් ඇති උනේ නැහැ. බුද්ධගයාව හා මූලගන්ධ කුටි විහාරයෙ එයාලා ශරීර සුවතාව පවත්වාගෙන යන ස්ථාන කරගෙන. අපේ ඇගේ හැපි හැපී ව්‍යායාම සඳහා ඇවිද්දෙ. ඒ ගැන නම් කනගාටුයි.
      සැවැත් නුවර ඉක්මනින්ම යන්න ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා. සුධර්මා මෑණියන්වහන්සේව ගිය විටෙක හමුවන්න නංගී. ඇය ජේතවන විහාරයේ වැඩ වසන්නෙ. දැනට අසනීපයෙන් ඉන්නෙ පිළිකාවකට ගොඳුරුව. නමුත් ඇය සතු චිත්තශක්තිය හරිම පුදුමයි!.

      Delete
  8. ළිහිණි නංගිව ආදරෙන්ම පිළිගන්නවා ඔන්න. ලොකු සතුටක් නංගියා මේ පැත්තට ආව එක.

    ReplyDelete
  9. වෙනදා වගේම හරවත් පින්බර ලිපියක්..... පින්තූර ටිකත් අපුරුයි..... බොහොම පිං....

    ReplyDelete
  10. ඔයාටත් බොහෝම පින්! සමනළී.

    ReplyDelete
  11. ජයන්ත, ඔබවත් බොහොම සෙනෙහසින් පිළිගන්නවා මේ අඩවියට මල්ලි.

    ReplyDelete
  12. //...මේ නිසා හිස්ලූ ලූ අත පලාගිය නිඝන්ඨයින් දුටු ජනයා සතුටට පත්ව බුදුරජාණන් වහන්සේට අඹ පූජා කළේය. අඹ වළදා අඹ ඇටයක් බිම දමා ශ්‍රී හස්තය දෝවනය කර එකී අඹ ඇටයට දමන ලදී. ඉනික්බිතිව එම අඹ පැලය පැලවී අඹ සෑදෙන ලෙස අධිශ්ඨාන කළහ. ඒ අනුවම සිදුවිය....//

    මේ කතාව මීට වඩා වෙනස් ආකාරයෙන් තමා පූජාවලියේ තියෙන්නේ. දවසක ඒ ගැන ලියන්න ඉන්න නිසා වැඩි යමක් නොලියා ඉන්නම්. ඒත් මේ ටික කියන්නම්කෝ. බුදුන් වහන්සේ තමන් අඹ රුකක් මුල පෙළහර පානවා කියපු නිසා තීර්ථකයෝ මුළු නුවරම තිබුණු අඹ ගස් විනාශ කරනවා. එක අඹ ගහක්වත් ඉතුරු වෙන්නේ නැහැ. රජතුමාගේ උයනේ තිබුණු අඹයක් උයන්පල්ලා බුදුන්ට පූජා කරලා ඒක වළදපු බුදු හාමුදුරුවෝ ඒක රෝපණය කළාම බුද්ධානුභාවයෙන් ඒක පැළවෙලා විශාල ගහක් වුණාය කියනවා.

    ReplyDelete
  13. හොඳ ලිපියක්.බොහොම පින් අත්දැකීම් බෙදාගත්තට

    ReplyDelete