බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Friday, December 21, 2012

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 7 iii - දෙවුරම් වෙහෙරේ පහන් සිතින් සැරි සැරුවෙමි.


දෙවුරම් වෙහෙර බිමේ ඉතිරි විස්තර අද ලියන්නෙ. අපි ඊළඟට ගියේ අට කොන් ලිඳ  බලන්න.

මේ තමයි අට කොන් ලිඳ.  ජේතවනයේ සියළුම පානීය ජල අවශ්‍යතා ලබා ගත්තේ මේ ළිඳෙනුයි.  අදටත් පිරිසිදු ජලය ඇත. ජලය ගැනීමට අත් පොම්පයක් සවිකර ඇත.






මෝගල් අධිරාජ්‍යයන් විසින් විනාශ කරන ලද මහරතුන්ගේ භෂ්මාවශේෂ  නිදන් කොට අෂ්ඨ ස්තූප සාදවා ඇත.




රාජිකාරාමය- එකල භික්ෂූන් ගේ වෛද්‍ය ශාලාව ලෙසින් ගත් කුටියයි. මෙය කොසොල් රජ තුමා විසින් කරවන ලදී.  සල්ලාගාර කුටිය ලෙසද හඳුන්වයි.








 පොකුණ හා කාමර සංකීර්ණය. භික්ෂූන් වහන්සේලා  පැන් පහසුවූ පොකුණයි මේ. මේ ළඟින්ම  ආගන්තුක  භික්ෂු ආරාම ගොඩනැඟිලක් තිබූ බව සඳහන් වේ. තට්ටු කිහිපයකින්  සමන්විත වූ මෙම ගොඩනැඟිල්ලෙහි ආගන්තුක භික්ෂූන් වැඩ සිටි බව කියවේ. භික්ෂූන්  වහන්සේලා 1,500 ක් 2,000 කට එක්වර ලැඟුම් ගන්නට පිලිවන් විය.








එක කාලයක දී මුලු සැවැත් නුවරම ජලය සිදී ගොස් ජේත පොකුනෙහිද යන්තමට ජලය ටිකක් ඉතිරිවී තිබුනි. ඒ අවස්ථාවේ දී  බුදු හිමියන් " ආනන්දය , මාගේ අඳනකඩය, පැන් පහසුව සඳහා රැගෙන එන්නැ" යි ආනන්ද හිමියන්ට වදාලා. එවිටම අහස් කුස පුරාම වැහි වළාකුළු මතුවී පොකුණට ශ්‍රී පාද පදමය ස්පර්ෂවූ සැනින්ම ධාරනිපාත වර්ෂාවක් ඇතිවී පොකුණ පිරී ගිය බව සඳහන්වේ. මෙයින් පසුව කිසිම දිනෙක මෙම පොකුණේ පැන් නොසිඳෙන බව කියැවේ. 


ඊළඟට අපි ගියේ කරේරු කුටියටයි. ලුණුවරණ ගස් කපා සෑදූ කුටිය. කරේරු කුටිය නම් වේ. මැද මිදුලක් සහිතව වටේට කාමර සාදා තිබුනු කුටියකි. දිනකට එක් වරක් වත් මෙහි බුදු හිමියන් වැඩම කල බව කියවේ. පූර්ව ජන්මය, කර්මය ගැන , සත්බුදුවරුන්ගේ පූර්ව ජන්ම කර්මය ගැන කියවුන  හා පධාන සූත්‍රය, ඇතුළු සූත්‍ර ගනනාවක් වදාල ස්ථානයයි. සංවර ශීලයේ විනය නීති බොහොමයක් ද මාපිය උපස්ථානය භික්ෂූන්ට අනුදැන වදාලේ ද මේ කරේරු කුටියේ දීය.







දහවල් දානය සඳහා නව ජේතවන විහාරයේ ශ්‍රී ලංකාරාමයට ගියෙමු. සිව් වණක් පිරිස හමුවේ දන් පැන් පිදුවෙමු. මහත් සතුටකින් හා ශ්‍රද්ධාවකින් දානයෙන් පසුව ධාතූන් වහන්සෙලා  වන්දනා කෙරුවෙමු.  











විහාරයේ උඩට ගොස් චිංචි මානවිකාව අපාගතවූ තැන සහ දෙව්දත් තෙරුන් අපා ගතවූ තැන් නැරඹුවෙමු.  මේ වලවල් දෙකෙහිම අදටත් සතෙකුවත් වතුර නොබොන බව කියවේ. කොතරම් ගැඹුරු දැයි කිව නොහැක. මෙය ඇසීමට තරම් විශ්මය ජනකය. ජලය තද කොලපැහැතිය. දුර්වර්ණය. 



  චිංචි මානවිකාව අපාගතවූ තැ .








දෙව්දත් තෙරුන් අපා ගතවූ තැන  ඈතින් පෙනේ.


දෙවුරම් වෙහෙර තරම් මනරම් භූමියක් මේ දඹදිව් තලයේම නැතිව ඇති. පාවහන් ගලවා තබා මේ පින් බිම වන්දනා කරන්න ඇවිද යනවිට දැනෙන සනීපේ කියා නිම කරන්නට බැහැ. දෙපා තබමින් ඇවිද යත්දි හිතෙන්නෙම අනේ මේ බුදු හිමියන් සමඟ මහරහතුන් වහන්සේලා කොපමණ මේ බිමේ ඇවිද යන්නට ඇත්ද? මේ බිම මේ තරම් සුවයක් දෙන්නෙ ඒ නිසා නේද? මේ තරම් සීසිල් මේ නිසාම නේද? කියලමයි. මේ දැන් බුදු හිමියන් වැඩ හිටියා වාගේ සිහිලසක් හිතටත් ගතටත් දැනෙන්නෙ. වෙහෙසක් දැනුනේම නෑ.

ඊලඟට............... ආනන්ද  බොධි වන්දනාව හා සත්බුදු වන්දනාව.



22 comments:

  1. මෙහෙම හරි මේ දේවල් දැක ගැනිමට අපිත් පිං කර ඇත.චිංචි මානවිකාව, දෙව්දත්ලා අදත් ඉන්නවා.ඇයි ඒදා වගේ ඒ අය අපාගත නොවන්නේ.එහෙම නොවෙන නිසා නොව මේ තරම් පව්කාර දේවල් අද වෙන්නේ.
    මගේ එකම බලාපොරොත්තුව මගේ ආච්චි දඹදිව යවන එක මා යම් කුසලයක් කරන්නේද ඒ පිනේන් ඇයව මට දඹදිව යැවිමට ශක්තියක්ම වේවා!මේ පිං බිමේදි එය මම අධිෂ්ඨාන කරමි.
    ඇත්තටම අක්කේ ඔබේ ‍මේ පිටුව පං බිමකි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ගයනි, ඒ උතුම් ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා! කියල මාත් සෙනෙහසින්ම ප්‍රාර්ථනා කරනවා නංගි. ඔබ මෙහි පැමිණෙන කුසල බලයෙන්ම එය ඉටුවේවා! ඔයාගේ අඩවියට ආවට නංගි එය හරියට ඇරෙන්නෙ නෑ මට. ඊයෙ කමෙන්ටුවක් දමන්න වෙච්ච වදයක්. අද බලන්නම්.

      Delete
    2. අපේ අම්මගේ ගෙවත්ත තියෙන්නේ. බලන්න.

      Delete
  2. ලෝකේ ගොඩක් දැකලා තිබ්බට, තව දකින්න ආස තැන් තියෙද්දී, ඉන්දියාවේ යන්න කිසිදාක කැමැත්තක් පහළ වූයේ නැහැ .... චාන්දි අක්කාගේ පින්තූර හා සටහන් දැක්කාම යාන්තමින් මේ තැන් බලන්න යන්න දෝ කියල හිතන්න මම පටන් ගෙන :)

    ReplyDelete
    Replies
    1. නංගී, ඔබේ මේ සිතුවිල්ලම මට මහත් සතුටක් ගෙනාවා. මම මේ කරනා සද්කාර්යයෙන් ලැබූ මහඟු ඵළයක් ඒ.
      මාත් ඇත්තෙන්ම රටවල් විස්සකට කිටිටුව ඇවිදලා තියෙනවා මේ වනවිට. හරියටම මතකත් නෑ. අප්‍රිකාවෙ රටවල් බොහොමයක ඇවිද්දා නෙ. ඒ ඇරෙන්න තායිලන්තෙ , සිංගප්පූරුවෙ හා මැලේසියාවෙ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගත්තා.
      නමුත් මේ තරම් ශ්‍රද්ධාවන්ත හැඟීමක් මට ඇත්තෙන්ම ලැබුනේ නෑ. මෙහෙට ගිහාම එන සිතුව්ල්ල හරිම වෙනස්.
      අනේ නංගී, ඉක්මනින්ම ඔයාටත් මේ බුදු හිමියන් ගේ පා පහස ලැබූ හැම තැනක්ම බලන්න යන්නෙ ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා.

      Delete
  3. බුදුරජාණන් වහන්සේට අච්චර කරදර කරපු දෙව්දත්ලා වගේ අය අපාගත වුනු තැන තියෙන ජලය සත්තුන්ටවත් බොන්න හිතෙන්නේ නැතුව ඇති.....
    ඔය දෙව්දත්ලා අදටත් අපායේ දුක් විදිනවා කියලයි මම අහල තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔව්! සමනළී ඒ අය අදටත් නිරයේ දුක් විඳිනවා. බොහොම පින්! ඔයාට මේ පැත්තෙ ආවට.

      Delete
    2. @ සමනළී

      දෙව්දත්, චිංචි මානවිකාව, සුප්‍රබුද්ධ රජතුමා, උත්පලවණ්ණා තෙරණිය දූෂණය කළ සිටු පුත්‍රයා, සැරියුත් තෙරුන්ට ටොක්කක් ඇන්න යක්ෂයා ආදී වූ පිරිස තමා අවීචියේ දුක් විදින ප්‍රකට පුද්ගලයන්

      Delete
  4. සුවිශාල ආරාම සංකීර්ණයක්නෙ. මේ මට්ටමින් හරි රැකිලා තියෙන එක කොච්චර දෙයක්ද? බොහොම ස්තුතියි අක්කා.

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී, මේ විහාර සංකීර්ණය මහා විශ්මිත නිර්මාණයක්. අපි ඇත්තෙන්ම ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේවා මේ විදිහට ලස්සනට පිරිසිදුවට පවත්වාගෙන යනවාට. මම ජේතවනය ගැන පැහැදිලි විස්තරයක් කලින් ලීවා ඔයා නිසාම. එය කියවන්න. කලින් අසා තිබුන ප්‍රශ්ණයට පිලිතුරු එහි ඇති. http://piyumvila.blogspot.com/2012/12/blog-post.html

      අනෙක් තැන් වලට සාපෙක්ෂව මේ බෞද්ධ විහාර බොහොම පිරිසිදුවත් පිලිවෙලටත් තබාගන්නවා. එය අගය කල යුතුයි. සමහර තැන් ඔවුන් ශරීරසුවතාවය සඳහා ඇවිදීමට යොදාගෙන. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමුවෙනවා නම් හොඳයි. විශේෂයෙන් මූලගන්ධකුටි විහාරය හා බුද්ධගයාව. අනෙක් තැන් එහෙම නැහැ.
      බොහෝ පිං අත්වේවි මෙහි පැමිනියාට.

      Delete
  5. මේවා දකින කොට නටබුන් වෙන්න කලින් කොහොම තියන්න ඇති ද කියල හිතෙනවා.. "කරේරු කුටිය" දක්වල තියන පින්තුරයේ පසුබිමින් පෙනෙන දාගැබ මොකක්ද අක්කේ.. ?
    තොරතුරු වලට බොහොම පින්..!

    ReplyDelete
    Replies
    1. මල්ලී ඒ තායි පන්සල. ඒ දාගැබ තායිලන්ත භික්ෂූන් වහන්සේලා විසින් ඉඳිකරන ලද්දක්. ලොකු භාවනා ධර්ම ශාලාවක් එතන තියෙනවා. ඉස්සර අපේ අයට යන්න ඉඩ දීලා තියෙනවා. නමුත් දැන් අපිරිසිදු හැසීරීම නිසා යන්න දෙන්නේ නෑ. ලංකාවෙ නම ඉවරයි, වගේ. උපාසක අම්මලාගෙ අවිනීත හැසිරීම මෙයට හේතුව.
      ඒ උනත් අපේ කණ්ඩායම දාගැබ හා බුදු පිළිමය වන්දනා කලා එතනට ගිහින්.

      Delete
  6. හරිම අගෙයි චාන්දි.බොහොම අගේට විස්තර හා සේයා රු ඉදිරිපත්කොට තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම පින් නලීන් මල්ලි. ඔයාගෙ ගමන කොහොමද? හොඳින් ගිහින් ආවා නේ. විස්තර ලිව්වා ද?

      Delete
  7. යන්න මාර ආසයි.. කොහොම උනත් යනව නම් මං යන්නෙ නාකි වෙන්න කලින්. ගොඩක් අය යන්නෙ වයසට ගියාමනේ..

    ReplyDelete
  8. ඒක නම් හොඳ අදහසක් යසිත්. ඇවිද ගන්න බැරි උනාම නම් ගිහින් වැඩක් නැහැ. මේ ගමන හිතන තරම් ලේසි නැහැ යන්න. හරිම දුෂ්කර ගමනක්. ඔබටත් ඉක්මනින්ම දඹදිව වන්දනාවෙ යන්න ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා ඉතින් මේ පැත්තෙ ආවට බොහෝ පිං.

    ReplyDelete
  9. මේ විස්තරය කියවනවිට දැණුන සතුට නිමක් නෑ චන්දි අක්කා. ලියා ඇති විදිහ, පිංතූර..මාව ආයෙමත් ජේතවනයේ ඇවිද්දෙව්වා! අපි ගියපු කාලෙ (2005 දි)ලංකාරාමෙ වැඩවාසය කල දීපාලෝක ස්වාමීන් වහන්සේ අපිව තායි පන්සලට එක්ක ගියා. වචනයට නගන්න බැරිතරම් අපූරු තැනක්. දුකයි අක්කට යන්න බැරිවුණු එක ගැන. ඒත් ඊට වඩා වැදගත් ස්ථාන කීයක් නම් බැලුවද නේද.

    ReplyDelete
    Replies
    1. නංගියෙ අපි විහාරෙට ගියා. ධර්ම ශාලාවට පමණයි යන්න බැරි උනේ. භාවනාවට යන්න දැන් දෙන්නෙ නෑ. උපාසක අම්මලාගෙ හැසිරීම නිසා. කෑ ගහනවනෙ ගිය තැන. බොහොම පිං! මේ සටහන් කියවන්න ආවට නංගි.

      Delete
  10. හැමදාමත්වගේ මනසින් දඹදිව සැරිසරමින් ඔබේ මේ අගනා විස්තරය කියවා සිතින් බුදුන් දකිමි.

    සහමර ස්ථාන නම් පිළිහකර නොකරන නිසා අභාවයට යමන් පවතිනවා වගේ..

    ReplyDelete
  11. බොහොම පින්! දයානන්ද මල්ලි. මේ දේවල් ඒ විදිහටම සංරක්ෂණය කරල තියෙන්නෙ. මොනම හේතුවකටවත් අළුත් කරන්න බැහැ. මල් පුදන්න එහෙම පුළුවන්. ඒවා හවසට අස්කරනවා. තායිලන්තෙ අයට රත්‍රං පාට කොලයක් අලවන්න ඉඩ දීල තියෙනවා සමහර තැන් වල. ඒ නිසා ඒ තැන් අවලස්සන වෙලා කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  12. කාලෙකට කලින් දෙනගම සිරිවර්ධන මහත්මයා සිළුමිණ පත්තරේට ලියපු දඹදිව වන්දනා ලිපි පෙළකින් දෙව්දත් හා චිංචි මානවිකාව අපායට ගිය තැන් දැකගන්න ලැබුණා. ඔබතුමී නිසා ඕන් ආයි දැකගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම පිං හසිත පුතා.

      Delete