Wednesday, December 26, 2012

සංයුක්ත නිකාය - ජරා වර්ගය - 2


දිරාපත් නොවීම ගැන වදාල දෙසුම.
(අජරසා සූත්‍රය )


සැවැත් නුවර ජේතවන අසපුවේදී. ............



දෙවියා:-

 " නොදිරන දේවල් අතර හොඳ මොනවද?
හිතේ පිහිටුවාගන්නට හොඳ මොකක්ද?
මිනිසුන්ගේ මාණික්‍යය මොකක් ද?
හොරුන්ට පැහැර ගන්නට බැරි දේ මොකක් ද? "

භාග්‍යවතුන් වහන්සේ:-

 "නොදිරන සීලය තමයි හොඳ. 

ශ්‍රද්ධාව හිතේ පිහිටුවා ගැනීම තමයි හොඳ.
මනුෂ්‍යයන්ගේ මාණික්‍යය ප්‍රඥාවයි.  

පින තමයි හොරුන්ට පැහැර ගන්නට බැරි. "

සාදූ ! සාදූ!! සාදූ!!!

14 comments:

  1. මේක ලියන්නෙත් චාන්දී අක්කියෝ ඔයාද?ඔයාටනම් පට්ට පින් අක්කියෝ.....ගොඩාක් පින්...අහිංසක අපේ පුංචි රටේ අපේ බෞද්ධ ආගමට මේක ලොකු සේවයක්......

    ReplyDelete
    Replies
    1. දසුන්;
      මට අක්කා කීවට මම ඔයාගෙ අම්මා වගේ වෙන්නත් පුලුවන්. මගෙ ලොකු පුතාට දැන් වයස විසි හතක්. ඉතින් කමෙක් නෑ කවුරු නැන්දා , අම්මා , අක්කා කීවත් බොහොම සුහදව බාරගන්නවා හොඳේ. අගය කිරීම ගැන නිහතමානීව සතුටු වෙනවා. මේ කරන්නේ හැම පොහොයකටම මගෙන් විය යුතු සේවයක්. මහත්තයා හැම පෝයටම ධර්ම සාකච්ඡාවක් කරනවා. මම මේ දේ කරනවා. දෙන්නාම බොහොම ආසාවෙන් මේ දේ කරන්නෙ. ඔබ වැනි දරුවන් ධර්මයේ සිටීම ගැන අවංකවම සතුටු වෙනවා. මේ යහපත් දේ කවදා හෝ ඔබේ ජීවිත වලට ආභාරණයක් වේවි. නිබඳවම මෙහි රැදේවි කියල හිතනවා.

      Delete
  2. Replies
    1. සංජය;
      ස්තූතියි පැමිණීමට. ඔබටත් බොහෝ පිං අත්වේවි ධර්මය හැදෑරීම නිසා.

      Delete
  3. බුදුන් වහන්සේ කෙටියෙන් වදාළ දහම් කරුනු අතර සංයුක්ත නිකායේ එන දෙසුම් සරළ වගේම පැහැදිලියි . එය කියවා ඒ ඔස්සේ කෙනෙකුට හිත ගැඹුරට විහිදවන්න පුලුවන්නම් ඔහුට/ ඇයටසැබෑම සර්ධාව හිතේ පහල කරගන්න පුළුවන්.

    මේ පින්බර පොහෝ දවසේ...ඔබ අත්කරගත්තා වූ මේ කුසලයෙන් යහපතක්ම සිදුවේවා...

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ වදන් බොහොම ශක්තියක් දයානන්ද මල්ලී. බොහෝ පිං මේ ඔවදන් වලට.

      Delete
  4. ධර්ම දානය උතුම්ම දානයයි........
    ඔබට බොහොම පිං!

    ReplyDelete
    Replies
    1. බොහෝ පිං! මේ වදන් වලට දුව.

      Delete
  5. ජීවිතයට ලං කර ගත හැකි මෙවැනි දහම් කරුණු අන්තර්ජාලය තුල ලියා තැබීම බොහොම වැදගත්. අක්කාට පින් සිදුවේවා..!

    ReplyDelete
    Replies
    1. චන්දන හැමදාම කියනවා වගේ මේ පැමිණීම අගය කරනවා. ඔබ වැනි තරුණයින් අතලොස්සයි මේ ධර්මය දකින්න එන්නෙ. ස්තූතියි! ඉන්නා තැන කීවට. ලඟදී අපේ මහත්තයා මුනගැසෙන්න කෙනෙක් ආවා. එයාත් චන්දන කියල පුතෙක්. මට පොඩි සැකයක් ආවා ඒ ඔයා ද කියල. ඒකයි එහෙම ඇහුවේ. හැඩහුරු කමිනුත් ටිකක් සමානයි. මේකෙ දාල තියෙන පින්තූර කෑල්ලෙන් හොයන්න බැහැ නෙ.

      Delete
  6. පටලැවිල්ල ඇත්තේ "හොඳ" "පින" සහ "ප්‍රඥාව" තමන් කැමති විදියකට අර්ථ දක්වන්න හැකි යැයි බහුතරය විසින් සිතන එකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අරුණි නංගි, ධර්මය තමන්ට ඕනෙ විදිහට කෙනෙක් හරවා ගන්න පුරුදු වෙලා. සමහර ස්වාමීන් වහන්සේලාත් එහෙම කරනවා. මේ අර්ථ දැක්වීම් කොහොම උනත් තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තාම නොනැසී තියෙනවා අපට ගලපා ගන්න. ඒ නිසා ඒ ගැන තැවන්න අවශ්‍ය නෑ නේ ද?
      බොහෝ පිං මේ ඔවදන් වලට.

      Delete
  7. සුවද විලවුන් ගන්නාට සීලය තරම් සුවදකුත් නැත.ආභරණ පළදින්නාට සීලය තරම් ආභරණයකුත් නැත.
    (සද්ධර්ම රත්නාවලිය)

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත වර්ෂා දුවේ.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...