Saturday, December 15, 2012

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 7 ii - දෙවුරම් වෙහෙරේ පහන් සිතින් සැරි සැරුවෙමි.

දෙවුරමේ දිනක් ගෙවූවෙමි. 


උදේ පන්දර 3.00 ට අපි ඇහැරුනා. අද අපි කිරි පිඬු දානයක් හදා ගෙන යනවා දෙවරම් වෙහෙරට. මම මේ දානය උයන්න සහභාගී වෙලාම නෑ කවදාවත්ම. ඉතින් බොහොම ආසාවෙන් එයට සහභාගී වුණා. මේ දානය උයන්නෙ හරිම පිළිවෙලකට. පිරිත් , සති පට්ඨානය කියමින් තමයි කිරිබත උයන්නෙ. ඒක කරන්නෙත්, හිස බැඳගෙන ,  මුඛවාඩම් බැඳගෙන බොහොම පිරිසිදුවයි. මුලින්ම සහල් ගරලා ලිප තිබ්බා, එය ඉදෙනවිට පොල්කිරි එකතු කලා, ඊට පස්සෙ එළඟිතෙල්, මී පැණි, හකුරු, මුද්දරප්පළම්, කජු , රෝස වතුර එහෙම දානවා. හරිම සුවඳයි මේ කිරිබත. ඊළඟට හිමිහිට මේ කිරිබත ඉදෙන කල් වසා තබනවා. පිරිත් කියන එක නතරකරන්නෙ බත ඉදුනහම තමයි. උඩින් උඩු වියනින් වහල එහෙම තමයි උයන්නෙ. 











අපි  බොහොම ගෞරවයෙන් කිරිබත සකස් කලා. පාන්දරම නා ගෙන දෙවුරම්  වෙහෙරට යන්න සූදානම. මල් එහෙම අරගෙන කිරිපිඬු හිස තබාගෙන පෙරහරින් යන්නෙ දෙවුරමට.  

බුදුගුණ කියමින්,  දහම් ගුණ කියමින්, සඟ ගුණ කියමින් විහාරයට ආවෙ කිසිම වෙහෙසක් නැතිව. අටසිල් සමාදම් උනා දෙවුරම් වෙහෙරෙ. බොහොම හිත නිවෙන තැනක්.






මේ විහාර ගෙය ඇතුලෙ සිල් සමාදන්වෙන වෙලාවෙ.




සිල් සමාදන් වෙලා අපි තෙරුවන් වන්දනා කරල භාවනා වැඩුව. ඊට පස්සෙ උදේ දානය.

 ස්වාමීන් වහන්සේලාට දන් පුදලා ඊට පස්සෙ අපි සුමේධා මෑණියන් වහන්සේ සමඟින් දෙවරම් වෙහෙර බිමට පිය නැඟුවා.  

 උදෑසන හිමිදිරියෙ කොච්චර අසිරිමත් දසුනක් ද? මේ වෙහෙර බිම.  මුලින්ම ගියේ රාහුල ස්වාමීන්වහන්සේ වැඩ හිටිය කුටියටයි.  රාහුල පුංචි කුමාරයා දායාද ඉල්ලාගෙන ඇවිත් මහණ වුණාට පසුව බුදුහිමියන් සමඟ වැඩ සිටිය කුටිය තයි මේ. මෙහේදී අවවාද ප්‍රාර්ථනා කරන භික්ෂූන්  අතරින් අගතැන් පත් රහතන් වහන්සේ ලෙස අසූ මහා ශ්‍රාවක සංඝයා අතරට එක් විය. 



පූතිගත්ත තිස්ස තෙරුන්ගෙ කුටියට ඊළඟට අපි ගියෙ. මතකයිනෙ 
" යෝ ගිලානං උපටඨානි සෝ මං උපටඨති" කියල  දේසනා කලා. කුෂ්ඨ රෝගයකින් පෙලුන පූතිගත්ත තිස්ස හිමියන්ව ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ පැන් නහවා පිරිසිදු කලේ මේ කුටියේ දියි.

මේ දිනයෙ විස්තර ටික ටික තමයි දමන්න වෙන්නෙ. මොකද? දන්නවද දිගටම ලිව්වොත් නීරස වේවි. හරිම දිග දවසක්. ඒ නිසා තරහ වෙන්න එපා ඔන්න. 

ඊළඟට ගියෙ පොහොය ගෙය කියන තැනට. එතන අසලම සැරියුත් තෙරුන් ගේ සහ බුද්ධ දේව තෙරුන් වහන්සේලාගේ  ධාතු තැන්පත් චෛත්‍යයන් දක්නට තියෙනවා.

 සීවලී කුටිය ඊළඟට. සීවලී මහ රහතන් වහන්සේ වැඩ වාසය කල කුටිය.





අංගුලිමාල තෙරුන් වහන්සේ වැඩ වාසය කල කුටිය. 




සාරිපුත්ත මහ රහතුන් වහන්සේගේ ධාතූ තැන්පත් කල ධාතූ ගර්භය.



මහාප්‍රජාපතී ගෞතමියගේ ධාතු නිදන් කල චෛත්‍යය.




රාහු අසුරෙන්ද්‍රයාට දහම් දෙසූ සක්මන් මළුව.  


කෝසම්බි කුටිය. කොහොඹ ගස් කපා සෑදූ කුටිය. 


ජේතවන විහරයේ දර්ශන.





මේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ වාසය කල කුටිය.මගේ දෙනෙත් කඳුළින් පිරී ගියා මෙතනදී. හරීම සංවේදී මොහොතක් . මෙය ලියන්නෙත් ඒ විදිහටමයි. අනේ මන්දා මට ඒ හැඟීම දරා ගන්න බැහැ. දෙනෙත් තෙත් වෙනව උන්වහන්සේ ගැන සිහිවෙන කොට. දින හතක් මේ කුටියට වෙලා බුදුහිමියන් පිරිනිවන් පෑවට පසු ඇඬු කදුළින් වැඩ සිටි උන්වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාවට පෙරදා රැයෙහි මහරහත් බවට පත්වී සපතපන්ණී ගුහාවට වැඩම කල සේක. ආනන්ද ස්වාමීන් වහන්සේ නොසිටියේ නම් අදත් අපිට ධර්මය ඇසෙන එකක් නෑ. උන්වහන්සේ නිසා තම්යි අපිට මේ ශ්‍රී සද්ධර්මය නොවෙනස්ව අසන්නට ලැබෙන්නෙ. බුදුන් වදාල හැම දහම් පදයක්ම තම සිත් හි දරා ගෙන අපට පවසන්නට යෙදුනේ උන් වහන්සේ ගේ මහා කරුණා ගුනය නිසාමයි කියලම යි මට හිතෙන්නෙ. ධර්ම භාණ්ඩාගාරික තනතුරින් පිදුම් ලැබුවේත් මේ ජේතවනේදීමයි. බුදුන් වහන්සේ ගේ අග්‍ර උපස්ථායක ලෙස දිවා රාත්‍රී ශ්‍රී සුගන්ධ කුටිය වටා පැදකුණු කරමින් කොයි මොහොතේ බුදුහිමියන් තමා අමතාවිදෝ යි සිතමින් කල් ගෙවූ බව සඳහන් වේ. හිසතබා ගෙන කඳුළු පිරි නෙතින් බොහෝ වෙලාවක් වන්දනා කලා බොහොම ශ්‍රද්ධාවෙන්ම. 




සැවැත් නුවර මේ - දෙවුරම් වෙහෙරේ 
ගෞතම මුනිඳුන් - වැඩ ඉන්නේ
ලොවට උතුම් වූ - මුනිඳු දකින්නයි
දැන් අපි සැම දෙන - මේ යන්නේ

අනාථපිණ්ඩික - නැණැති උපාසක
රන් කහවනු මෙහි - අතුරන්නේ
ජේත කුමරුගෙන් - ඉඩම ලබා ගෙන 
දෙවුරම් වෙහෙරයි - තනවන්නේ

සුවඳ සඳුන් හර - ඒ ගඳ කිලියෙහි
සම්මා සම්බුදු - හිමි වැඩ ඉන්නේ
සියලු සතුන් හට - නිවන් සැපත දෙන 
සමිඳු දකින්නට - අපි යන්නේ

මහනෙල් මල් ගෙන - සුවඳ සඳුන් ගෙන 
සමිඳු දකින්නට - අපි එන්නේ
දෙවුරම් වෙහෙරේ - පාළුව පැතිරේ
කවදද සමිඳුන් - දැක ගන්නේ


කාත් කවුරුවත් - නොමැති නමුත් මෙහි 
සම්බුදු බණ පද - රැව් දෙන්නේ
 ඇති වී නැති වී - යන ලෝ දහමට 
නොඇලෙන දහමකි - හමුවන්නේ

සීල සමාහිත - නුවණ වැඩී ගෙන 
නිවනට යන මග - වැටහේවා
දහම කියාදෙන - කළණ මිතුරු හැම 
නිරතුරු ඇසුරට - පත්වේවා

ශෝක කෙලෙස් නැති - සීත නිවන් ඇති
සදහම් මග මට - සිහි වේවා
රාග විරාගිත - ඤාණ ප්‍රභාවිත
අමානිවන් සුව - වැටහේවා! 


මහමෙව්නාව MP3-16 

13 comments:

  1. වැදගත් තොරතුරු රැසක් ....

    ReplyDelete
  2. ඉතාම හොඳින් සංරක්ෂණය කර තියෙනවා වගෙයි. ටිකක් අපේ පොළොන්නරුව වගෙයි පෙනෙන්නෙ. හරිම ලස්සන නිස්කලංක තැනක්.
    මට පොඩි ගැටළුවක් තියෙනවා ඔය කුටි සම්බන්ධයෙන්. ඒ කාලෙ දැන් වගෙ හාමුදුරුවරු එක තැනක් අයිති කරගෙන වැඩ හිටියෙ නැහැනෙ. චාරිකාවෙ වඩින අතරතුර පන්සලකට ආවහම ඉඩ ඇති තැනක වැඩි හිටියා මිස. එතකොට අර විදිහට අසවලා වැඩ හිටි කුටිය කියලා ලේබලයක් වැටෙන්න විදිහක් නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. නංගී, මේවා සොයා ගෙන තියෙන හැටි පුදුමයි තමයි. ඒවාට වෙන වෙනම නම් දීල තියෙන්නෙ ඒ කාලෙ තිබුන ලෙසමයි. ආනන්ද කුටිය තියෙන්නෙ බුදුරදුන් වැඩ සිටි ශ්‍රී සුගන්ධ කුටිය අභිසය මයි. එතන තියෙනවා ගිලන් භික්ෂූ උපෝසතාගරයක් එය තට්ටු තුනකින් සමන්විත වුනා කියලයි කියන්නෙ. ජේත කුමාරයාගෙන් මේ උයන අරන් තියෙන්නෙ රන් කහවණු බිම පිරෙන්න අතුරලානෙ . ඉතින් මේ කුටි ඉඳි නොකලා යැයි කියන්නට පුළුවන්ද? අපි ඒ කහවනු ගබඩා ගිය ලිපියේ තිබුන හැටි කීවානෙ. ගැල් පුරවා ජේතවනයට කහවනු ගෙනාව කියනව බිම අතුරන්න. මේ දේවල් බුදු මුවින්ම වදාරලා තියෙනවා සමහර අවස්ථාවලදී. කනිංහැම් තුමා මේවා සොයා ගෙන බොහොම පැහැදිලි ලෙස කියා තිබෙනවා නෙ මේ ඒ ඒ තැන් බව. ඔබ කවදා හරිම මේ තැන් සැබැවින්ම දැක්කොත් විශ්වාස කරාවී. මගෙ කැමරා කාචයට පිං අත්වෙන්න හැම දෙයක්ම ඔබලාට දෙන්න පුළුවන් වුණා. ගොඩාක් පින් ඔබට මේ සටහන් කියවනවාට.

      Delete
  3. මේ තරම් පේ වෙලා වතාවත් මේ දේ වෙනුවෙන් කරනවා දැක්කේ අද.වෙනදා වගේ දහම් සිසිලින් සිත නිවා ගත්තා.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. නංගී, ගොඩාක් පින් ඔබට මේ සටහන් කියවනවාට. ඇත්තෙන්ම සතුටුයි හරියාකාරව වන්දනා කටයුතු කර ගත්තාට.

      Delete
  4. අපේ අම්මත් කිව්වා ඔය ස්ථාන වලට ගියාම නොදැනුවත්වම ඇහැට කදුළු එනවා කියල....

    ReplyDelete
    Replies
    1. ඇත්ත දුව , ඔයාටත් කවදා හරි ඉක්මනින්ම මේ ගමන යන්නට ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා. ඔයා ධර්මයේ ඉන්න කෙනෙක් නිසා වෙන් එය මහත් ශක්තියක් වේවි ඔබට.

      Delete
  5. //සීල සමාහිත - නුවණ වැඩී ගෙන
    නිවනට යන මග - වැටහේවා
    දහම කියාදෙන - කළණ මිතුරු හැම
    නිරතුරු ඇසුරට - පත්වේවා//

    මගෙත් පැතුම මෙය ම වේ!!

    ReplyDelete
    Replies
    1. හරිම ආසයි මෙහෙම අහන්න ලැබෙන එක. කල්‍යාණ මිත්‍ර අශ්‍රය කොච්චර වටිනවාද? නංගි.

      Delete
  6. මේ පින්තූර දකිද්දී එතන ඉන්නවා වගේ දැනෙන්නේ. විශාල කරලා බලන්න පුළුවන් වෙන්නම දාලා තියන එක වටිනවා. (මේ පින්තූර ටික අක්කගේ කම්පියුටර් එකේ විතරද තියන්නේ. DVD එකකට අරන් තියන්න.)

    හිත නිවෙනවා මේවා දකින විට සහ කියවන විට. බොහොම ස්තුතියි තොරතුරු වලට..!

    ReplyDelete
    Replies
    1. මල්ලී. මේවා මගෙ කොම් එකේ සහ ඩීවීඩී එකක තියෙනවා. ගත්ත වීඩියෝ පටියේ මම නම් ඉන්නෙ බොහොම ස්වල්ප තැනක . ඒකට හේතුව මම මේ සටහන් වලට අවශ්යය පින්තූර ගන්න ඇවිද්ද නිසා. සමහර තැන් වල සටහන් ලියන කොටම එතනින් යනවා. ඉතින් හරිම අමාරුයි මේවා එකතු කරගන්න. ඒකට මගේ කිසිම පසුතවිල්ලක් නම් නෑ. මම හිතාගෙනම ගියේ මේ සටහන් ටික මට පුලුවන් උපරිමෙන්ම දෙනවා කියල හිතාගෙන. සමහර පින්තූර මාත් සමඟ ගිය මගෙ අක්කාගෙ පුතාගෙ. මට මඟ හැරුන ඒවා පුතා ගත්ත ඒවයි. එයා හරිම කලා කාරයා. දක්ෂයි චිත්ර වලට. මේ ගමන එයාගෙ වයසට ගොඩාක් අත්දැකීම් එක් කලා. මාත් සමඟ අදහස් බෙදා ගත්තා. හොඳ දරුවෙක් එයා. වැඩි හිටි අයව බොහොම ආදරෙන් බලා ගත්තා.

      මේවා කවදාහරිම කාට හරි වැදගත් වේවි. යන්නට බැරි අම්මා කෙනෙක්ට මේවා දැකලා සැනසෙන්න ලැබේවි.

      ඔයාලගෙ වචනෙකින් මට හරිම සතුටක් දැනෙනවා. සමහර අය ලොකෙ එහා කොනෙන් ඇවිත් වදනක් නොකියාම මේ සටහන් කියවලා යනවා. ඒක හරිම සතුටක්. ගොඩක් ස්තුතියි! දැනුවත් කිරීමට , ඒ වගේම පිං!

      Delete
  7. කාර්ය බහුල සතියක ආවත් දුටු සැණින් සිත නිවන තුනක් බව දන්නවා. ඇත්තටම මනසින් දඹදිව සැරිසරන බවක් හැ‍ෙඟෙනවා. මේ පිංතූර ටිකත් දැක්කම ඒ පිතුරසදහා ලියූ චාරිකා සටහනට.

    බුදුන් දවස බැරිවුණත් ඒ මහා ගුණකඳ සිහිකරගෙන දෙව්රම් වෙහෙරට දානයක් දීම බුදුන්ට පිදූ හා සමාන පිංකමක් නොවේද.

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...