Friday, December 9, 2011

සංයුක්ත නිකාය - සත්ති වර්ගය 3



අවුල ගැන වදාල දෙසුම. (ජටා සූත්‍රය )

සැවැත් නුවර ජේතවන අසපුවේදීය.


එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

"ජීවිතේ ඇතුලෙ තියෙන්නෙ අවුලක්. පිට තියෙන්නෙත් අවුලක්. මේ සත්ව ප්‍රජාව අවුලෙන් අවුල් වෙලයි ඉන්නෙ. පින්වත් ගෞතමයන් වහන්ස , මම ඔබ වහන්සේගෙන් විමසන්න කැමතියි, ඇත්තෙනම මේ අවුල ලිහා ගන්නේ කවුද?

භාග්‍යවතුන් වහන්සේ: " පඥාවන්ත මනුස්සයෙක සීලයක පිහිටලා, සමාධියත් ප්‍රඥාවත් වඩන්ට ඕනෙ. අන්න ඒ කෙලෙස් තවන වීරිය තියෙන, තැනට සුදුසු නුවණ තියෙන භික්ෂුව මේ අවුල ලිහා ගන්නවා"

" යමෙක් තුල රාගයත් , ද්වේශයත්, අවිද්‍යාවත් නැත්නම් ඒ උතුමන් ආස්‍රව රහිතයි. ඒ උතුමන් තමයි රහතන්වහන්සේලා. ඔවුන් තමයි ඔය අවුල ලිහාගත්තේ. "

"යම් තැනක නාමයත්, රූපයත්, එමෙන්ම මානසිකව ඇතිවෙන සඤ්ඤාවනුත්, ඉතිරි නැතිව නැතිවෙනව නම්, අන්න එතන තමයි මේ අවුල සිඳිල යන්නෙ."

සාදූ! සාදූ! සාදූ!

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...