Saturday, January 26, 2013

ථේරි ගාථා, - දුක නිපාතෝ 5




 චිත්තා තෙරණිය ගේ ගාථාව


මං ගොඩාක් කෙට්ටුයි. ලෙඩ වෙලා දුර්වල වෙලා ඉන්නෙ. එත් මං හැරමිටියෙ එල්ලී ගෙන ගිජුකුළු පර්වතේට නැග ගත්ත. 

පාත්තරේ මුනින් නවල පැත්තකින් තිබ්බ. 
 දෙපට සිවුරත් පැත්තකින් තිබ්බ. ගල්පර්වතයක් මත වාඩි වුණා. 
මේ ජීවිතේ තුල තිබුන " අවිද්‍යාව " නම් වූ කළුවර කෙලෙස් කඳ නැති කරල දැම්මා.  

මේ වනාහී චිත්තා තෙරණිය ගේ ගාථාවයි. 


" Though I be suffering and weak, and all my youthful spring  be  gone,  yet I climbed , leaning upon my staff, the mountain crest. 
Thrown my shoulder hangs my cloak, o'er turned. My little  bowl . So against the rock I lean and prop   this self of me , and break away the wildering  gloom that long had closed me in. "


18 comments:

  1. ම්ම්ම්ම්ම්ම්ම්ම්.... මට පැහැදිලි මදිනේ :(

    ReplyDelete
    Replies
    1. මල්ලි, මේ කියන්නේ, මේ සසර මේ තරම් දුරගෙවාගෙන අමාරුවෙන් ඇවිත් ඒ හැම බැඳීමක්ම පැත්තකින් තියල අවිද්‍යා අන්ධකාරය දුරුකරල නිවන ලබා ගත්තා කියන එකයි. ඉංග්‍රීසි තෙරුමේ හරියටම පැහැඳිළියි මම කියල අල්ලා ගෙන හිටිය හැම දෙයක්ම අත්හැර නිවන ලබා ගත්තා කියන එක.

      Delete
  2. තේරුනේ නම් නැහැ නැන්දේ.........

    ReplyDelete
    Replies
    1. කෝරලෙ මහත්තයෝ, අපි ඉතින් සසරෙ මේ වාගේ දුක් ගොඩක් කරපින්නාගෙන දරු මල්ලන් හදමින් ඇවිදිනවා නොවැ. තාම ඉතින් ඔය දුක් ගොඩ කරගහගෙන ද? දන්නෑ ඉතින් නැන්ද නම්. ඉතින් ඔන්න ඔය කියන මගේ කියන දෙවල් සේරම අත්හැරල ඈ නිවන ට ගියා කියල උදම් ඇනීම තමයි මේ.

      Delete
  3. මට නම් පැහැදිලියි ථෙර, ථේරි ගාථාවන් සරල බසින් ඉදිරිපත් කිරීමම කුසලයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම පිං දයානන්ද මල්ලී. දැන් තෙරුවන් සරණින් සම්පූර්ණයෙන්ම සුව ඇතියැයි හිතනවා ඔබට.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ගයනි, මේ ටිකේ අළුත් ව්‍යාපාරයකට අතගැහුවා. අලුත්මත් නෑ කරගෙන ගිය දේම නව මුහුණුවරක් දී කරන්න හිතුවා. ඒ නිසා විවේකය හරිම අඩුයි. පුලුවන් ලෙස ඉල්ලීම ඉටු කරන්නම්.

      Delete
  5. පින් සිදු වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන මල්ලි. ඒ වගේම ඔබට බොහොම පිං.

      Delete
  6. අසීරු වුවත් දැඩි උත්සාහයකින්
    ආධාරකය උපකාරයට ගෙන
    අරගෙන ගිය ජීවිතේ බර පැත්තකින් තියලා
    අන්ධකාරයෙන් ගොඩ එන සත්‍ය දැකීම

    කෙටියෙන් ථේරි ගාථා වලින් කියාදෙන වටිනා අදහස්. ස්තූතියි චාන්දි අක්කා!!!!

    ReplyDelete
    Replies
    1. නංගිගෙ පැහැදිලි කිරීම මෙය එළියකලා. මේ ටිකේ අළුත් ව්‍යාපාරයකට අතගැහුවා. කරගෙන ගිය දේම නව මුහුණුවරක් දී කරන්න හිතුවා. ඒ නිසා විවේකය හරිම අඩුයි.අපේ තැනම අපි කලින් කරපු මෙෂින් ටූල්ස් විකිණීම පටන් ගත්තා. නංගී ඔයාගෙන් ලැබුණු දිරිය හරිම වටිනවා. වචනෙකින් හරි ඔබ කලේ මට දිරි දීමක්. බොහොම ස්තූතියි!

      Delete
  7. වටිනා කියන ගාථා; සරලව අසා දැනුවත් වීමට අපත් පිං කර ඇති බවකුයි හැඟෙනුයේ..

    මේවා සටහන් කරන ඔබට බොහෝම පින් !!

    ReplyDelete
    Replies
    1. මල්ලී ඔබටත් බොහෝ පිං. මේ අඩවි වල සැරිසරන්නෙ අතලොස්සක්ම පමණයි. ඒ අය ටික දෙනා අතරට ඔබ එක්වීම හරිම සතුටක්.

      Delete
  8. Replies
    1. මේ පුංචි සමනළීයට බොහෝ පිං අත්වේවා! කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද?

      Delete
  9. අක්කේ, මේ තේරී ගාතා සහ ඒවායේ තේරුම් කියවනන් මම පුදුම ආසවකින් හිටියේ. බොහෝම ස්තූතියි. දැන් විඩෙන් විඩේ ඇවිත් මේ ටික ඔක්කෝම කියවන්න ඕන. කොමෙන්ට් නොකලට තරහා වෙන්න එපා ඕන්.

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...