Tuesday, December 25, 2012

සංයුක්ත නිකාය - භික්ඛුණී සංයුක්තය - භික්ඛුණී වර්ගය - උප්පලවණ්ණා සූත්‍රය



උප්පලවණ්ණා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම.
(උප්පලවණ්ණා සූත්‍රය )


සැවැත් නුවරදී.....

එදා උප්පලවණ්ණා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන ,
 පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර පින්ඩපාතෙ කරගෙන    දානෙ වළඳල ,දවල් කාලෙ  ගත කරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුලට ගිහිල්ල මල් පිපී ගිය එක්තරා සල් රුක් සෙවනක වාඩි වෙලා හිටිය.
එදා පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා.

 " උප්පලවණ්ණා භික්ෂුණිය බය කරවන්නට ඕනෙ. තැති ගන්වන්නට ඕනෙ , මවිල් කෙලින් කරවන්ට ඕනෙ. සමාධියෙන් දුරු කරවන්ට ඕනෙ" කියල. ඊට පස්සෙ මාරයා  උප්පලවණ්ණා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් උප්පලවණ්ණා භික්ෂුණිය ට ගාථාවක් පැවසුවා.

" ඒයි  භික්ෂුණිමුළ පටන් අගට ම මල් පිපිච්ච සල් රුකක් මුළට නෙව ඔයා ඇවිත් ඉන්නෙ. හැබැයි ඉතින් ඔයාගෙ රූපෙ ලස්සනේ හා සමාන දෙවැනි රූපයක් නම් නෑ. හැබැයි ඉතින් මෙහාට ආව අනෙක් කාන්තාවොත් ඔය විදිහම තමයි. ( මෙයින් අදහස් කරන්නේ ඔවුන් වීතරාගී බවයි. ) ඒයි  මෝඩි, ඔයා සල්ලාලයන්ට බය  නැද්ද? "

එතකොට උප්පලවණ්ණා   භික්ෂුණියට මෙහෙම හිතුණා.

 " කවුද මෙයා මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ.

එතකොට  උප්පලවණ්ණා   භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පවිටු මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, සමාධියෙන්  දුරු කරවන්ට කමති වෙලා තමයි ඔය ගාථා කියන්නෙ"

එතකොට    උප්පලවණ්ණා   භික්ෂුණිය  මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට  මේ ගාථා පැවසුවා.
" ඒයි මාරය ඔබ වැනි සල්ලාලයො ලක්ෂයක් ආවත් මගේ එක ලොම් ගහක් වත් සොළවන්නට බෑ. මං තැති ගන්නෙ නෑ. මං මේ තනියම හිටියත්, ඔබට බයත් නෑ. මං දැන් අතුරු දහන් වෙනව . ඔබේ බඩ ඇතුළට රිංගනව. ඇහි බැම මැද්දට රිංගනව. නහයෙනුත් රිංගනව. එතකොට ඔබට මාව දකින්න බැහැ. මේ සිත මට වසඟ වෙලයි තියෙන්නෙ. මං ඉර්ධිපාද හොඳට වඩලයි  තියෙන්නෙ. සියළු බන්ධන වලින් නිදහස් වෙලයි මං ඉන්නෙ. ආයුශ්මතමං ඔබට බය නෑ."

එතකොට පවිටු මාරයා, " මේ   උප්පලවණ්ණා   භික්ෂුණිය මාව දැනගත්තා නෙව "  කියල දුක් වුනා. නො සතුටු වුනා. එහිම  නොපෙනී ගියා.


සාදූ!   සාදූ!!   සාදූ!!!

14 comments:

  1. සාදු සාදු සාදු...ඉතාමත් සුමධුර සුභාවිත භාෂාවෙන් සරලව ලිවීම ගැන බොහෝ පින්..දහම ගැඹුරුයි..සුභාවිතයි..මාධූර්යයි...ආශ්චර්යයි..
    ඔබට බොහෝ පින්

    ReplyDelete
  2. සාදු සාදු සාදු...ඉතාමත් සුමධුර සුභාවිත භාෂාවෙන් සරලව ලිවීම ගැන බොහෝ පින්..දහම ගැඹුරුයි..සුභාවිතයි..මාධූර්යයි...ආශ්චර්යයි..
    ඔබට බොහෝ පින්

    ReplyDelete
  3. බොහොම පිං! ජයන්ත මේ පැත්තට ආවට. ගැඹුරු දහම දිනෙන් දින තේරුම් ගැනීම යි වටින්නෙ නේද?

    ReplyDelete
  4. අනිවාර්යයෙන්ම එහෙම තමයි..දහම ගැඹුරු නොව සැබැවින්ම සිදුවන්නේ නීවරණයන් ගෙන් වැසුනු පඤ්චකාම කෙලෙස් වලින් කිලිටි වූ මනසකට එය ස්පර්ශ කරන්න නොහැකි වීමයි.දහම යනු ධර්මතාවයයි.එනම් තිබෙන දේ පෙනෙන්නේ නැති පෙනෙන දේ නොපවතින යන අරුතයි.තිබෙන්නේ අනෙකක්.පෙනෙන්නේ සම්මුති සංඥාවයි යන්න තවෙකක්.මේ අවුල් ජාලාව ලෙහා ගත්තොත් ඒ කෙනා දහම වටහාගත්තා වෙනවා..මේ සදහා සබ්බාසව සූත්‍රය ඇසුරු කලා නම් එයමද සෑහෙයි..කැමති නම් ‍ම විසින් පවත්වන බ්ලොග් අඩවියට ගොඩවැදී ඒ ගැන කර ඇති සරල කෙටි හැඳින්වීම ඔබද ඇසුරු කරන්න.ඔබේ බ්ලොග් අඩවියට සහ ඔබට තෙරුවන් සරණයි.
    http://colombage-jayantha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සාදූ! සාදූ!! සාදූ!!! අපි මේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශණා කාලය සිට අහනවා. උන් වහන්සේව ඇසුරු කරනවා. ඔබට බොහෝ පිං අත්වේවි මේ දේශනා යලිත් මෙලෙස අපිට ලබා දෙනවාට.

      Delete
  5. චාන්දි අද දවසේත්(නත්තල්) ඔබ තමා නියම තැන ඉන්නේ.මට තාම බෑ මේ වගේ වෙන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! නලින් මල්ලි. උත්සහකරල බලන්න. මේ දේ හැමෝටම පුලුවන් ධර්මයේ සරණ හැමටම තියෙනවා .

      Delete
  6. සාදූ! සාදූ! සාදූ!
    මේ සිත අපිටත් ඔය වගේ පාලනය කර ගන්න පුළුවන්නම්.....

    ReplyDelete
    Replies
    1. දුව, ඔව් මේ විදිහට හිත පාලනය ගැහැනු දරුවකුට අවශ්‍යය මයි. එතකොට කවදාවත් වරදේ බැදෙන්නෙ නැහැ. ඒක බොහොම වටිනවා දුව ජීවිතේට. බොහොම පින්!

      Delete
  7. බොහොම පින් මෙවැනි දේ කියවන්නට සලස්වනවා ට..!

    ReplyDelete
  8. @ චන්දන;
    චන්දන මල්ලිටත් ගොඩාක් පිං! කොයි පලාතෙද මල්ලි ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. අක්කා, මං බලන්ගොඩ.

      Delete
  9. Replies
    1. ස්තූතියි පැමිණීම ගැන සමීර. තෙරුවන් සරණින් යහපතක්ම වේවා!

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...