Monday, December 24, 2012

ථේරි ගාථා - දුක නිපාතො - 4

අඩ්ඪකාසි තෙරණිය ගේ ගාථා.




අඩ්ඪකාසි තෙරණිය ගේ ගාථා.

කාශී ජනපදයට ලැබෙන බදු ආදායම වගේ ම ආදායමක් ඉස්සර මට ලැබුණ. ඒ පුංචි නගරෙ සිටි මිනිස්සු  ඒ ආදායමේ අගය මැනල. ඒකෙන් භාගයක වටිනාකම තක්සේරු කරල මාව "අභිචාරිකා" තනතුරේ තිබ්බ.

එහෙත් මං දැන් අවබෝධයෙන්ම යි රූපය ගැන කළකිරිල ඉන්නෙ.  ඒ නිසාමයි විරාගයට පත් වෙලා ඉන්නෙ. නැවත , නැවත, සැරිසරන ඉපිද ඉපිද යන මේ සංසාරෙට නම් මං ආයෙත් දුවන්නෙ නෑ. මං ත්‍රිවිද්‍යාව  ලබාගත්ත. බුදු සසුන සම්පූර්ණ කරගත්ත. 

මේ වනාහී අඩ්ඪකාසී නම් රහත් තෙරණිය වදාල ගාථාවන්ය. 










4 comments:

  1. කියවා සිතේ ධාරණය කර ගත්තෙමි..

    ReplyDelete
    Replies
    1. බලන්න චන්දන අභිසාරිකාවකටත් පුලුවන් උනානෙ තමන්ගෙ රූපය ගැන අවබෝධයෙන්ම කලකිරිල නිවනට යන්න. මේ වගේ ගිය තවත් කෙනෙක් තමයි අම්බපාලිය. බොහෝම පිං!

      Delete
  2. චාන්දි ඔබට පින් මේ දේවල් අපේ හිත් වලට දෙනවට

    ReplyDelete
    Replies
    1. කොච්චර කාර්යය බහුල උනත් මල්ලි මේ පැත්තට එන එක සතුටක්. ඔබටත් බොහෝ පිං!.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...