Saturday, August 13, 2011

සංයුක්ත නිකාය





කුටිකා සූත‍්‍රය!
කුටිය ගැන වඳාල දෙසුම .


දෙව්යන් : ඇයි ඔබ වහන්සේට කුටියක් නැත්ද? ඇයි කැදැල්ලක් වත් නැද්ද? ඇයි එතකොට කුල පරම්පරාවක් වත් නැත්ද? ඇයි බන්ධන වලින් මිදිල ද ඉන්නෙ? ”


භාග්‍යවතුන් වහන්සේ : ඇත්තෙන්ම මට කුටියක් නෑ. ඇත්තෙන්ම මට කැදැල්ලකුත් නෑ. ඇත්තෙන්ම මට කුල පරම්පරාවකුත් නෑ. ඇත්තෙන්ම මම සෑම බන්ධනයෙන්ම මිදිලයි ඉන්නෙ? ”


දෙව්යන් : ‘‘ මං ඔබ වහන්සේගෙ කුටිය කියල මොකක් ගැන කියන්ට ද?
මං කැදැල්ල කියල මොකක් ගැන කියන්ට ද? මං ඔබ වහන්සේගෙ කුල පරම්පරාව කියල මොකකට කියන්ට ද? ඔබ වහන්සේ නිදහස් වුනේ කොයි බන්ධනයෙන් කියල කියන්ට ද?


භාග්‍යවතුන් වහන්සේ : මව් ට තමයි කුටිය කිව යුත්තෙ. බිරිඳට තමයි කැදැල්ල කිව යුත්තෙ. දරුවන්ට තමයි කුල පරපුර කිව යුත්තෙ. තණ්හාවට තමයි බන්ධනය කිව යුත්තෙ.”


දෙව්යන් : ‘‘ ඔබ වහන්සේට කුටියක් නැති එකමයි හොඳ. කැදැල්ලකුත් නැති එකමයි හොඳ. කුල පරම්පරාවක් නැති එකමයි හොඳ. ඔබ වහන්සේ බන්ධනයෙන් මිදුන එකමයි හොඳ.”

සාදු ! සාදු !! සාදු !!!


No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...