සාරාසංක්යය කල්ප
ලක්ෂයක් දස පාරමී පුරා බුදු බව පතන බෝසතුන් මනුෂ්‍ය ලොව පහල වීමට පෙර කරුණු පහක්
පිළිබඳව සලකා බැලීම සිරිත වේ.
කාලය - බුදුවරයෙකු
ලොව පහල වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අඩුත් නැති වැඩිත් නැති කාලයකයි. ඒ මිනිසුන්ගේ
ආයුෂ වැඩිකල ආඩම්බරයත්, අඩු කල මෝඩ කමත් අධික වීම නිසා ධර්මය
අවභෝධ කර ගැනීම අපහසු නිසාය.
දීපය - බුද්ධ වංශය අනුව දස පාරමී පුරණ උතුමන් දඹදිව
හැර වෙන කිසිම තැනක උපදින්නේ නැත.
දේශය - බෝසත්වරු
උපදින්නේම දඹදිව උතුරු කරයේමය.
කුලය - දඹදිව
කුලභේදය සමාජ පරිහානියට වගකිව යුතුය. දඹදිව බ්‍රාහ්මණ, ක්ෂත්රිය, වෛශ්‍ය, ශූද්‍ර යනුවෙන්
කොටස් හතරකට බෙදේ. බ්‍රහ්මණ කුලයේ අය පූජක පක්ෂය වේ. සම්මතයේ හැටියට බ්‍රහ්මණයින්
පහළ වෙන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙනි.
ක්ෂත්රිය කුලය රට පාලනය හා යුධ කටයුතු වල නිරත වෙයි. වෛශ්‍ය අය වෙළඳාම් වල
යෙදෙයි. ශුද්‍ර කුලයේ අය හම්වැඩ, වැසිකිළි, කැසිකිළි සුද්ද කිරීමේ යෙදේ. සැමට සෞම්‍ය නිසා බෝසත් වරු උපදින්නේ ක්ෂත්රිය
කුළයේය.
මව - බුදු බව ලබනා අන්තිම ජන්මයේ බෝසත්තුමා උපදින
කුසයේ තවත් කෙනෙකුට ඉපදීමට ඉඩක් නොතැබේ. ඒ බුද්ධනියාමක ධරමතාවකි. බෝසතුන් ඉපදීමෙන්
පසුව සත් දවසකින් මව්තුමිය මිය යෑමද සිදුවිය යුතුමය.
සුදොවුන් රජතුමා
විසින් බෝසත් කුමාරයා මව්කුස පිළිසිඳ ගැනීමෙන් පසුව මාස ගණන සම්පූරණ වීමත් සමඟම
මහාමායා දේවිය දෙව්දහ නුවරට පිටත් වීමට කටයුතු සම්පාදනය කරන ලදී. කපිලවස්තුපුරයේ
සිට දෙව්දහ නුවර යන අතරමග රුමෙන්ද්‍රා හෙවත් ලුම්බිණී උයන පිහිටා ඇත. රුමෙන්දා නම්
දෙවඟන සඳහා තනනා ලද දේවාලය නිසා මේ උයන රුමෙන්ද්‍රා උයන ලෙසද හඳුන්වයි.
මහාමායා දේවිය මේ
උයනේ විවේකය සඳහා නතරවූ අවස්ථාවේ විළිරුදා ඇතිවිය. සේවිකාවන් තිර ඇදීමෙන් පසුව
මායා දේවිය පින්වත් කුමරෙකු ලොවට බිහිකලාය. අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් පරිදි
පින්බර ධර්ම කථිකයාණන් කෙනෙක් ධර්මාසනයෙන් බැසයන්නේ යම් සේද ,
අග්ගෝ හමස්මිං
ලෝකස්ස
ජෙට්ටෝ හමස්මිං
ලෝකස්ස
සෙට්ඨෝ හමස්මිං
ලෝකස්ස
අයමන්ති මා ජාති
නත්ථි දානි පුනබ්බවෝ ති
යනුවෙන් අභීත සිංහනාද කර සත් පියුම් මත වැඩම කළ සේක. ලුම්බිණී උයනේ වෙහෙස නිවාගෙන දෙව්දහ නුවරට යන ගමන අතර මඟ නවතා දේවිය ඇතුළු පිරිස යළි කපිලවස්තුව බලා පිටත් විය.
යනුවෙන් අභීත සිංහනාද කර සත් පියුම් මත වැඩම කළ සේක. ලුම්බිණී උයනේ වෙහෙස නිවාගෙන දෙව්දහ නුවරට යන ගමන අතර මඟ නවතා දේවිය ඇතුළු පිරිස යළි කපිලවස්තුව බලා පිටත් විය.
මේ මායා කුමරියගේ පිළිරුවයි. මෙය හින්දු භක්තිකයින් විසින් දරුවන් ලැබීම උදෙසා ගලගාගෙන වතුර ගෙනයාම නිසා විනාශ වෙලා. මේ ස්ථානය ඇතුලේ පින්තූර ගන්න දෙන්නේ නෑ.
මේ ඇතුලේ ඒ කියන්නෙ සුදු පාට විහාරය ඇතුලේ පින්තුර අන්තර් ජාලයෙන් ගත් ඒවායි.
වර්ථමාන නේපාලයේ භෟරව දිස් ත්‍රික්කයේ රැමිමින්දෙයි (ලුම්බිණී) නමි ගමෙහි ක්‍රි.පූ. 566 දී පමන සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ උපත ලබා ඇත.
ඉතාමත් සතුටු දායක ලෙස බුද්ධ චරිතයට අයත්, ස්ථාන සියල්ලම පුරා විද්වතුන් විසින් තහවුරැ කර ඇත. සිද්ධාර්ථ ගෞතම බෝසතානන් වහන්සේ ශාක්‍ය වංශයට අයත් සුද්ධෝදන නමි රජ කෙනෙකුගේ පුතෙකි. මව මහමායා.
සිද්ධාර්ථ ගෞතම බෝසතානන් වහන්සේ උපත ලැබුෙව ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සොන්රැලි දිස්ත්‍රික්කයේ නේපාල දේශ සීමාෙව සිට කි.මි.10 නේපාලයතුලට ගිය පසු භෛෟරව දිස්ත්‍රික්කයේ රැමිමින්දෙයි (ලුම්බිනි) නමි ගමෙහිය.
ක්‍රි.ව.1896 දී රැමිමින්දෙර් හි කැණීමි කරන ලදී. එහිදී ශිලාලේඛනයක් සහිත අශෝක අධිරාජ්‍යා පිහිට වූ ශිලා ස්ථමිභයක්ද හමුවිය. සිදුහත් උපත සිදු වූ ස්ථානය නිශ්ච්තව දැන ගැනීමට හැකි හොදම සාදකය වන්නේ එකී ලුම්බිනි ශිලා ලිපියයි. එහි සිංහල පරිවර්ථනය මෙසේය,
“....අභිෂේක කළ විසිවස් ඇත්තාවූ (ක්‍රි.පූ. 248 වසර ) දී දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු (හෙවත්, අශෝක අධිරාජ්‍යා: ක්‍රි.පූ. 268- 237 ) මෙහි ශාක්‍යමුණි වූ භාග්‍යවතුන් වහන්සේ උපන් සේකැයි තමා විසින්ම ඇවිත් පූජා කරන ලදී. ලුමිබිණි ග්‍රාමය අය බද්දෙන් නිදහස් කරන ලදී. ........”
ඉහත ශිලා ලේඛනෙය් සදහන් ‘ලුමිබිණි ග්‍රාමය’ සහ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්තවල සදහන් සිදුහත් උපත සිදු වූ බව කියන ‘ලුමිබිණිය’ පැහැදිළිවම එකම ස්ථනයකි. ශිලා ලිපියේ සදහන් “ශාක්‍යමුණි වූ භාග්‍යවතුන් වහන්සේ” ලෙස හදුන්වා ඇත්තේ බුදුන් වහන්සේ බව නිරවුල්ව හදුනාගෙන ඇත. ෙමි අනුව, වත්මන් නේපාලයේ භෛෟරව දිස්ත්‍රික්කයේ රැමිමින්දෙර් (ලුම්බිනි) නමි ගමෙහි ක්‍රි.පූ. 566 දී පමන සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ උපත ලබා ඇත.
ලෝකයේ මෙතෙක් උපත ලද ආගමික ශාස්තෘන් වහන්සේලා අතරින් උපන් ස්ථානය ශිලා ලේඛන සාක්ෂි සහිතවම දැන ගැනීමට හැකිවී ඇති එකමස්ථානය මෙකල නේපාල රාජ්‍යයට අයත් වන ලුම්බිනි පුදබිම හෙවත් රුම්මින්දෙයි නමින් අතීතයේ දී හඳුන්වන ලද මහා සල් උයනය. සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ මෙම ලුම්බිනි සල් උයනේ බව (ථෙරවාද) බෞද්ධ සාහිත්‍යයෙහි මෙන් මහායාන බෞද්ධ සාහිත්‍යයෙහිද ඉතා පැහැදිලි ලෙසින්ම සඳහන් වෙයි.
මේ ශිලා ලේඛනය පිහිටා ඇත්තේ ශිලා ස්තම්භයකය. (ශිලා ටැඹකය) ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබීමට සියවස් තුනකට පෙර මෙම ශිලා ලේඛනය සහිත වූ ස්තම්භය පිහිටුවන ලද පුද්ගලයා ගැන ද ඔහු එම ස්ථානයට පැමිණි බවද එම ශිලා ස්තම්භයේ සටහන් කර තිබීම බෞද්ධ අපට ඉතා වැදගත් කාරණයක් වන්නේය.
භාරතයේ පුදබිම් පිළිබඳ විමසා බලන විට මෙම පුදබිම බෞද්ධ සංචාරකයන්ගේ පමණක් නොව අන්‍ය ආගමික සංචාරකයින්ගේද ගෞරව බහුමානයට හේතු වූ පුදබිමක් ලෙසින් ලුම්බිනි සල් උයන ඉතා වැදගත්ය.
මේ මයා පොකුණයි. මේ පොකුණෙන් කුමරා නැහැවූ බව විශ්වාස කෙරේ.
වර්ථමාන ඉන්දියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් පිපිරහාවා ප්‍රදේශය අතීත කපිලවස්තු නගරයයි.
ඉන් පසුව වයස 27 තෙක් සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ ජීවත්ව ඇත්තේ සුද්ධෝදන පිය රජුට අයත් කිබුල්වත් නුවරය. ෆා - හියං නමි චීන ජාතික දේශාටක භික්ෂුව ක්‍රි.ව. 5 සියවස කිබුල්වත් නුවරට ගොස් ඒ ගැන වාර්තා කර ඇත. ෆා- හියං වාර්තා අනුව ලුමිබිණියට කි.මී. 50ක් පමණ දුරින් කිබුල්වත් නුවර පිහිටා ඇත.
මෙම ඉපැරණි නගරය ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් පිපිරහාවා ප්‍රදේශය ලෙස ක්‍රි. ව. 1971 දී එහි කැණීමි කළ කේ. එමි. ශ්‍රී වාස්තව නැමැති පුරාවිද්වතා හදුනාගෙන ඇත. පිපිරහාවා ග්‍රාමයේ තිබූ එක් ඉපැරණි ස්ථුපයක කරඩුවක තිබී අගනා ශිලා ලිපියක් හමු විය. එහි සිංහල පරිවර්ථනය මෙසේය,
මෙම ඉපැරණි නගරය ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් පිපිරහාවා ප්‍රදේශය ලෙස ක්‍රි. ව. 1971 දී එහි කැණීමි කළ කේ. එමි. ශ්‍රී වාස්තව නැමැති පුරාවිද්වතා හදුනාගෙන ඇත. පිපිරහාවා ග්‍රාමයේ තිබූ එක් ඉපැරණි ස්ථුපයක කරඩුවක තිබී අගනා ශිලා ලිපියක් හමු විය. එහි සිංහල පරිවර්ථනය මෙසේය,
“මෙය භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ ධාතූන්වහන්සේලා ශාක්‍ය සුකිට් සහෝදරවරැන්, සොහොයුරියන් පුත්‍රයන් සහ පතිනිවරැන් සමගින් පුදකරන ලද දානයයි.........”
මෙම ධාතු කරඩුව පිහිටි ප්‍රදේශය කොතැනද එය බුදුරජානන් වහන්සේගේ “ශාක්‍ය ” ඥාතීන් වාසය කළ ප්‍රදේශය බව කිසිම සැකයක් නැත.
එබැවින් , බුදුරජානන් වහන්සේගේ “ශාක්‍ය” ඥාතීන් පිළිබද සදහන් මුද්‍රාවේ ඵලක හමු වූ පිරහාව ස්ථූපය අවට ප්‍රදේශය අතීත ශාක්‍යයන්ගේ ජනපදය ලෙස හදුනාගත හැකිය. පිපිරහාවා ස්ථුපයට නුදුරැ තැනක තිබු ගොඩනැගිල්ලක භික්ෂූන් ලියූ මැටි මුද්‍රා ඵලක කීපයක්ම හමුවිය. ඒවායේ, "කපිලවස්තු භික්ෂු සංඝස්ස ” සහ “ මහ කපිලවස්තු භික්ෂු සංඝස්ස ” යන වැකි සහිත මුද්රාම ඵලක කීපයක්ම හමුවිය. ඒවායේ සදහන් “කපිලවස්තු” නැමැති ස්ථානය සහ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සදහන් සුද්ධෝධන රජුගේ අගනුවර වූ කපිලවස්තු (කිබුල්වත් නුවර) එකම ස්ථානයක් ලෙස නිරවුල්ව පිළිගත හැකිය. “ කපිලවස්තු භික්ෂු ”න් වහන්සේලා පිළිබද සදහන් මුද්‍රා ඵලක හමු වූ පිපිරහාවා ස්ථූපය අවට ප්‍රදේශය අතීත කපිලවස්තු නගරය බව වඩ-වඩාත් තහවුරැ විය.
සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ වසර 27 පුරා ජීවත්ව ඇත්තේ, මෙම වත්මන් ඉංදියාවෙ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් පිපිරහාවා ප්රදේශයේය.
යාන්තම් මම ඉන්න පින්තූරයක් තියෙනවා. වමේ ඉන්නෙ මම.
මේ දැනට සල්ගස කියල ඉන්දියාවෙ තියෙන ගසයි. ඒක අපේ සල්ගස වගේ නෙවෙයි.





























.jpg)
.jpg)
.jpg)



.jpg)
.jpg)
.jpg)


.jpg)



