බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Friday, February 8, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 9 කපිලවත්තු නුවර දිනක්.


" කපිලවත්තු නුවර පිස හමා එක සිසිල් සුළඟ මගේ ගතටත් සිතටත් මහත් සැනසිළිදායකයි ආනන්ද" -  බුදුන් වහන්සේ. 






 සුද්ධෝදන රජ තුමා තම පුත් කුමරා වන සිදුහත් කුමරාට හේමන්ත, ග්‍රීෂ්ම , වර්ෂා යන සෘතු තුනේම සැපසේ වාසය කිරීම පිණිස මාළිගා තුනක් කරවීය. මේ මාළිගාවල එකක් මහල් පහකින් යුක්ත විය. ඒ මාළිගාවන්හි තමන් සුවසේ වාසයකල බව බුදුන් වහන්සේ පසු කලෙක සුඛුමාල සූත්‍රයේ පැහදිලි කලේය.  

මේ මාළිගා තුනෙහි යැයි විශ්වාස  කෙරෙන නටඹුන් දැන් සොයා ගෙන ඇත. 


කාළුදායි ඇමතියා සුදොවුන් රජ විසින් බුදු රජාණන් වහන්සේ ව කැදවා ගෙන ඒමට යවා එම භික්ෂූ පිරිසට වැඩ වාසය කිරීම පිණිස නීග්‍රෝධාරාමය කරවීය. එම ආරමය පිහිටි භූමියේ අද ගඩොලින් තැනූ චෛත්‍යයක් දක්නට ඇත.  ඔබ මෙහි දකින්නේ එයයි.










මේ විස්තරය කරන්නේ මහින්ද විහාරයේ වැඩ වාසය කරන නේපාල ජාතික භික්ෂූන් වහන්සේ නමක්. ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය ලැබූ නිසාවෙන් හොඳටම සිංහල කතා කරන්න පුළුවන්. උච්චාරනය වෙනස් උනත් පැහැදිළියි. 







මාළිගා අසබඩ නෙළුම් පොකුන හරිම ලස්සනයි. ලස්සන උයනක් එක්ක තිබුනෙ. ඒ කාලෙත් මෙහෙම වෙන්න ඇති.










රම්‍ය , සුරම්ය , සුබ මාළිගා වල නටඹුන් හා සුද්ධෝදන රජ මාළිගාව. 




කිඹුල්වත් නුවරට වැඩම කල අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ පිරිස නිග්‍රෝධාරාමයට වඩමවා ගෙන ගියහ. මානයෙන් අධික ශාක්‍යයෝ බුද්ධත්වයට පත් වූවත් අපට වඩා බාලයයි කියා බුදුන් වහන්සේට නොවැඳ බාල කුමර කුමරියන් හට මල් මාලා ආදිය දී වැන්ද වූහ. මේ ශාක්‍යයන් ගේ මානය දුරු කිරීමට සිතා බුදුන් වහන්සේ සතර වන ධ්‍යානයට සම වැදී අහසට නැඟ යමා මහ පෙළහර දැක්වූහ.  මෙය දුටු සුද්ධෝදන රජ තුමා මෙය මාගේ තෙවන වැඳීමය ‍යි කියා බුදුපාමුල වැඳ වැටුනා.  මේ දැක අන් ශාක්‍යයන් ද බුදුන් වහන්සේට වැඳ නමස්කාර කළහ. මේ දුටු පාවා නුවර මල්ල රජ පුත්‍රයින් සිව් දෙනෙක් වන ගොධික, සුබාහු, වල්ලභ, උත්තිය යන කුමාර වරු හතර දෙනා පැවිදිව රහත් බව ලැබූහ. 

මේ යමක ප්‍රාතිහාර්යය අවසානයේ වර්ෂාවක් ඇතිවිය. එම වැස්සට කැමති අය තෙමෙති, නොකැමති අය නොතෙමෙති, ශාක්‍යයෙනි පෙරත් මහවැසි ඇතිවූ බවත් පවසා වෙස්සන්තර ජාතකය වදාල සේක. නමුත් දෙසුම අවසානයේ සියල්ලන්ම මාලිගාවට ගියත් දනට ආරාධනා නොකළහ. 





පසු දින විසි දහසක් භික්ෂූන් සමඟ පිඬු සිඟා වඩිත්දී ලැජ්ජාවට පත් සුදොවුන් රජ තුමා" ස්වාමීනී, මේ නුවර පිඬුසිඟා යාමෙන් අප රාජ වංශයට අවනම්බු කරන්නේ දැ'යි විමසීය. "මහරජ ඒ ඔබේ වංශයයි, මාගේ වංශය බුද්ධ වංශයයි  , පිඬු සිඟා යාම අපේ සිරිතයි "කියා වදාලා.

උත්තිටෙඨනපපමජෙජය්‍ය - ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති -අසමිං ලොකෙ පරම්හි ච

උත්සාහ වන්තව නොපමාව කටයුතු කරන්න. සුචරිත ධර්මයෙහි හැසිරෙන්න. මෙලොව පරලොව දෙකෙහිම සුවසේ වාසය කරන්න. 


මේ දේශනාව ඇසූ රජ තුමා සෝවාන් විය. රජතුමා බුදුරජාණන් වහන්සේ  ප්‍රමුඛ මහා සංඝයා මාළිගාවට වඩමවා දන් පිලිගැන්වූහ. නමුත් මෙහිදී යශෝදරාවන් නොදුටු වේ ඇය 'මාගේ යම් ගුණයක් වෙත් නම් බුදුන්වහන්සේ මා දකින්නට එතැයි'  සිතා තම කුටියෙහිම සිටි නිසාය. මෙය දිවැසින් දුටු බුදු හිමියන් අගසව් දෙනම කැටිව පියරජු හා යශෝදරාවන් සිටි මාළිගයට පිටත්විය. මහමඟදී ඇයට සිත්සේ වඳින්නටත් හඩන්නටත් ඉඩ දෙනලෙස අගසව් දෙනමට කියා,  පනවන ලද අසුන් වල වැඩ සිටි සේක. මේ වෙලාවේ යශෝදරාව පැමිණ සිරිපතුල් වන්දනා කරමින් හඬා වැලපුන හ. මහා කරුණාවෙන් ඇය දෙස බලා ඇයගේ ශෝකය සංසිඳී ගිය පසුව සඳ කිඳුරු ජාතකය වදාලා ඇය සැනසූහ. මේ වෙලාවේ ඇය මහණ වීමට අවසර පැතූවද එය නොසලකා නිග්‍රෝධාරමයට වැඩම කළහ.



අදටත් කිඹුල්වත්පුරය හරිම සශ්‍රීක වත්. කෙත්වතු හැම තැනම. ලස්සන ගෙඋයන් පිරිච්ච නගරයක්.  වප්මඟුල ලස්සනට තියෙන්න ඇති කියල හිතෙන්නෙ මේ සාර කෙත්වතු දැක්කමයි. 

18 comments:

  1. අගනා පිංතුර සහිත පෝස්ටුවක්.. ආයිමත් යන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම පින් නලින් මල්ලි, ආයෙත් යන්න ලැබේවා!

      Delete
  2. නලින් අයියේ මට නම් ගියා වගේ තමයි.ඒතරම් හදවතට දැනේන පින්තුර සහ වටිනා පෙළ ගැස්විමක්.පිං.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම පිං ගයනි නංගි. මට හරිම සතුටක් මෙහෙම අහන එක. මේ ටිකේ ටිකක් අවිවේකියි.

      Delete
  3. පින්තූර ටිකේ ඔරිජිනල් සයිස් එක බැලූවම මාර සැනසිලි හැඟීමක් දැනෙනවා හිතට

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම පිං යසිත්. ස්තූතියි පැමිණීමට.

      Delete
  4. අපුරුයි.... යෑමේ ආශාව වැඩි වෙනවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සමනළී. ඉක්මනින්ම යන්න බලන්න.

      Delete
  5. අර නෙලුම් විල නම් වඩාත් ලස්සනයි.. යසිත් කිව්වා වගේ විශාල කරලා බලද්දී එතන ඉන්නවා වගේ දැනෙන්නේ.. විස්තර වලට ස්තුතියි අක්කා.!

    ReplyDelete
    Replies
    1. බොහොම පිං චන්දන මල්ලි. ඒ නිසාමනෙ මේ පින්තූර දමන්නෙ. මම නම් එකක වත් නෑ වගේ. ඒ උනාට මට හරිම සතුටුයි මේවා ඔයාලට දෙන්න ලැබුන එකට.

      Delete
  6. විස්තරයට හා පින්තුර වලට බොහොම පින්...

    ReplyDelete
    Replies
    1. බොහොම පිං සංජය. ගොඩක් ස්තූතියි! ආවට.

      Delete
  7. Replies
    1. බොහොම පිං දේශක තුමා . ගොඩක් ස්තූතියි! ආවට.

      Delete
  8. ඇත්තටම මටත් හිතුනේ මේ පිංතූර ටික දැක්කම ලංකාවේ වගේ එක දිගය තේවතු යායවල්. මිනිසුන් වුණත් ඉතාම ඉහල සමාජමට්ටමක් ජිවිත ගතකරනවා ඇති.

    ReplyDelete
    Replies
    1. බොහොම පිං මල්ලි . ගොඩක් ස්තූතියි! ආවට. ඔව්, ඒ හරියෙ වැඩිය යාචකයින් එහෙම දැක්කෙ නෑ. නමුත් සෙනඟත් එහෙමට නෑ. ජනග්‍රහනය අඩුයි. සශ්‍රීකයි පලාත. ගහකොල පිරිල. අඹ උයන් තැන තැන තිබුන දැක්ක. වී තමයි ප්‍රධාන වගාව.

      Delete
  9. බුදුන් පහස ලැබූ සිත නිවෙන මේ වැනි පරිසරයක මොහොතක් හෝ ගතකරන්නත් පෙර පින් කර තිබිය යුතුයි.

    මුල් චායාරූපයේ වූ සරුව වැඩුණු වෙලත්,මලින් බර වූ නෙඵම් විලත්,අනෙකුත් චායාරූපත් අවට පරිසරයේ සාරවත්බව අපූරුවට කියාපානවා.

    වටිනා විස්තරයටත් ලියු අක්කාටත් බොහෝම පින්!

    ReplyDelete
    Replies
    1. බොහොම පින් මල්ලි මේ පැත්තෙ ආවට. ගමේ හිතවතා නමට ගොඩාක් කැමතියි. මේ හිතවත් කම නොසැලී තිබේවා!

      Delete