Wednesday, June 4, 2014

බුදු සසුනේ උදාර චරිත cont.....




සසර පුරා මහබෝසතාණන් වහන්සේ ගේ සෙවනැල්ල සේ පෙරුම් දම් පුරා පැමිණි යසෝදරාවන්ට උපහාර පිණිස පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත කාව්‍ය පංතියකි.

01. පෙර සසරේ සිට – පෙමට පුදා සිත – ආවා ඔබ මෙහි යසෝදරා… යසෝදරා…
පෙරුම් පුරන බුදු – බවට ලෝල බැඳි – හිමි තනි නොකළේ යසෝදරා… යසෝදරා…
සෙවැණැල්ලක් සේ – ආවා පසුපස – හඬා වැටෙන සිත යසෝදරා… යසෝදරා…
දෙසිතක් නොමැතිව – හිමිට ආල වැඩු – පිවිතුරු සෙනෙහස යසෝදරා… යසෝදරා…

02. සඳකිඳුරා සිටි – හිමගිරි අරණේ – සඳකිඳුරිය ඔබ යසෝදරා… යසෝදරා…
මාල පැළඳ හිස – වස්දඬු රාවෙන් – ගීත ගැයූ ඔබ යසෝදරා… යසෝදරා…
බඹදත් රජු එහි – කිඳුරු මරණ විට – දැන සිටියේ නෑ යසෝදරා… යසෝදරා…
ආදර කිඳුරා – වැටී සිටිනු දුටු – හඬා වැටුණු ඔබ යසෝදරා… යසෝදරා…

03. පණ ඉල්ලාගෙන – කිඳුරුගෙ මළකඳ – වැළඳ සිටියෙ ඔබ යසෝදරා… යසෝදරා…
වැළපෙද්දී එහි – හිමගිරි දෙදරා – මල් බිම වැටුණා යසෝදරා… යසෝදරා…
දෙව්ලොව දෙවියෝ – ඔබෙ සෙනෙහස දැක – දුන්නා දිව ඔසු යසෝදරා… යසෝදරා…
අසරණ හිමි හට – යළි පණ දෙන්නට – හැඬුවා අසරණ යසෝදරා… යසෝදරා…

04. සොඳුරියෙ මම බුදු – බවට කැමති වෙමි – යන හිමි වදනට යසෝදරා… යසෝදරා…
බාධාවක් නැති – ආසිරි මල් ගෙන – හිමි පිදුවා ඔබ යසෝදරා… යසෝදරා…
තම හිමිසඳු හට – පෙරුම් පුරන්නට – දිවි පිදුවා ඔබ යසෝදරා… යසෝදරා…
හැම දුක් විඳ විඳ – ඝෝර සසරෙ වැද – පසුපස ආවා යසෝදරා… යසෝදරා…

05. මුව දෙන වී ඔබ – දරු කුසෙහි දරාගෙන – දිවි පුදනා විට යසෝදරා… යසෝදරා…
බෝසත් මුව රජ – හනික පෙරට වැද – ඔබ රැුකගත්තේ යසෝදරා… යසෝදරා…
වක් වී ගලනා – දිය කඳ විලසින් – වරදෙ බැඳෙන ලොව යසෝදරා… යසෝදරා…
හිමි හට රහසේ – වරදේ නොබැඳුණ – අසිරිය ඔබමයි යසෝදරා… යසෝදරා…

06. චපල සිතින් ලොව – වසන කතුන් මැද – අචපල සිත ඔබ යසෝදරා… යසෝදරා…
හිමි හට රහසේ – පෙම් බඳිනා ලොව – රහසක් නැති ඔබ යසෝදරා… යසෝදරා…
සොඳුරු හදට බැඳි – පෙමට ආල වැඩු – නපුරු වචන නැති යසෝදරා… යසෝදරා…
නෙතු සඟලින් ඔබ – තම හිමි මිස වෙන – කිසිවෙකු නොම දුටු යසෝදරා… යසෝදරා…

07. හංස කුලේ ඔබ – මානස විල මැද – පෙමින් බැඳුණු විට යසෝදරා… යසෝදරා…
අප මහ බෝසත් – රාජ හංසයා – අල්ලාගත් විට යසෝදරා… යසෝදරා…
අහසට නැගුණා – සියලූ හංසයෝ – ඔබ එහි රැඳුණා යසෝදරා… යසෝදරා…
සෙනෙහසකට දිවි – පුදා සියලූ කල – ඔබ ළඟ සිටියා යසෝදරා… යසෝදරා…

08. ඇත් රජෙකුව අප – බෝසත් හිමිසඳ – හිමගිරි අරණේ යසෝදරා… යසෝදරා…
දළ දෙක දන් දී – මිය යන විට දුකසේ – ඇතින්න වී ඔබ යසෝදරා… යසෝදරා…
තම හිමි ළමැදේ – තබමින් සොඬවැල – හඬා වැටුණු ඔබ යසෝදරා… යසෝදරා…
පුරන පෙරුම් කඳ – ආදර හිමිසඳ – වෙනුවෙන් දිවි දුන් යසෝදරා… යසෝදරා…

09. ලෙහෙන කුලේ ඔබ – දෙදෙන උපන් සඳ – දරු සිඟිති ඇතිව සිටි යසෝදරා… යසෝදරා…
බෝසත් ලෙහෙනා – බලා සිටිද්දී – දියේ වැටුණු ඔබ යසෝදරා… යසෝදරා…
ගිලෙනා විට ඔබ – සැඩ රළ පහරේ – ලෙහෙනා හැඬුවා යසෝදරා… යසෝදරා…
වළිගය තෙමමින් – සැඩ පහර සිඳින හිමි – ඔබ දුටුවේ නෑ යසෝදරා… යසෝදරා…

10. සසරෙන් එතෙරට – වඩින හිමිට ඔබෙ – සෙනෙහස වැඩුවා යසෝදරා… යසෝදරා…
සිල් සුරකින විට – ඔබගේ හිමිසඳ – සීලය නොබිඳින යසෝදරා… යසෝදරා…
වනගත වී හිමි – බවුන් වඩන විට – උවටැන් කරනා යසෝදරා… යසෝදරා…
දුක් විඳිමින් මේ – ඝෝර සසරෙ හිමි – තනි කෙරුවේ නැති යසෝදරා… යසෝදරා…

11. මන්ද්‍රි බිසව වී – වෙසතුරු සිරිතේ – හිමි පසු පස ආ යසෝදරා… යසෝදරා…
ජාලිය ක‍්‍රිෂ්ණා – දන් දුන් වග දැන – සෙනෙහස රැුකගත් යසෝදරා… යසෝදරා…
දන් දෙන විට ඔබ – දුගී බමුණු හට – හිමිට ආල වැඩු යසෝදරා… යසෝදරා…
තම හිමිසඳුගේ – පුරන පෙරුම් මඟ – තනියට සිටි ඔබ යසෝදරා… යසෝදරා…

ඉතිරි කොටස පසුවට. ...........

තෙරුවන් සරණයි! සැමට.

1 comment:

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...