බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Monday, May 19, 2014

ධම්ම පදය - චිත්ත වර්ගය 6

6. අනවට්ඨිතචිත්තස්සසද්ධම්මං අවිජානතෝ
පරිප්ලවපසාදස්සපඤ්ඤා පරිපූරති

සසරෙන් එතෙර වීමටනොපිහිටන විට මේ සිත
උතුම් සිරි සදහම්තේරුම් නොගෙන සිටි විට
කිසි අරුතක් නොමැතිව –  මහා පැහැදෙන සිතක් ඇති විට
ඔහු තුළ කිසි දිනකනැත නුවණ දියුණු වන්නේ


 

Wisdom Does Not Grow If the Mind Wavers

One of unsteady mind,
who doesn’t know True Dhamma,
who is of wavering confidence
wisdom fails to win.
Explanation: If the mind of a person keeps on wavering, and if a person does not know the doctrine, if one’s enthusiasm keeps on fluctuating or flagging,, the wisdom of such a person does not grow.

මෝඩ පැහැදීම තුළ %ඥාව නොවැඬේ

අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට ලැබෙන විට ධර්මය ගැන නුවණින් මෙනෙහි කරන්නට ඕන. කෙරෙහි සිතේ පැහැදීම ඇති කරගන්නට ඕන. එබඳු පැහැදීමක් තිබුනොත් අපට නැවත නැවතත් ධර්මය සිහි කරන්නට, හදාරන්නට, නුවණින් විමසන්නට හිතෙනවා. තුළින් අපට නුවණ වැඩෙනවා. නුවණ වැඩෙද්දී ධර්මය අවබෝධ කිරීමෙහි වුවමනාව අපගේ සිත තුළ ස්ථිරව පිහිටනවා. මේ ලක්ෂණ නැති කෙනා පැවිදි වෙලා හිටියත් %යෝජනයක් නෑ. කෙනා තුළ ධර්මය තුළින් ඇති වෙන %ඥාව වැඩෙන්නෙ නෑ. වීරිය වැඩෙන්නෙත් නෑ. ධර්මය කෙරෙහි සිත ස්ථිරව පිහිටන්නෙත් නෑ. එබඳු කෙනෙක් වුනත් උත්සාහයකින්, අධිෂ්ඨානයකින් කටයුතු කළොත්, ජයගන්නට පුළුවනි.   බව මෙම කථාවෙන් ඉතාමත් ලස්සනට පැහැදිලි වෙනවා.

කාලයේ සැවැත් නුවර එක්තරා ගොවියෙක් හිටියා. මොහුටත් රහතන් වහන්සේලාගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුනා. ධර්මය කෙරෙහි පැහැදීමකුත් ඇති වුනා. හැබැයි පැහැදීම ඇතිවුනේ නුවණින් මෙනෙහි කරලා නෙවෙයි. නුවණින් නොවිමසන නිසා සිත ධර්මය තුළ ස්ථිරව පිහිටියෙත් නෑ. නමුත් මෙම ගොවියාටත් පැවිදි වීමේ ආශාවක් ඇති වුනා. දිනක් මොහු ගෙදරට දන්වා පැවිදි වෙන්න ගියා. පැවිදි වෙන්න යද්දී තමා කුඹුරු වැඩ කළ උදැල්ල කටු පඳුරක සඟවා ගියා. ඉතින් මොහු භික්ෂූන් වහන්සේලා වෙත ගිහින් පැවිදි වුනා.

පැවිදි වී දින කිහිපයක් යන විට ධර්මය කෙරෙහි ඇති පැහැදීම වෙනස් වුනා. බිරිඳ මතක් වෙන්නට පටන් ගත්තා. තමා නැති නිසා තම බිරිඳ අයාලේ ගොස් නොමනා ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත් මතක් වුනා. ඉතින් මේ භික්ෂුව තමන් තුළ නූපන් රාගය ඉපදෙන ආකාරයට නුවණින් තොරව සිතන්නට පටන් ගත්තා. මොහු තුළ අකුසල් වැඩුනා. එය %හාණය කිරීම සඳහා %මාණවත් අධිෂ්ඨානයක් මොහු තුළ තිබුනේ නෑ. භාවනා කරන්නට වාඩි වූ විට ආයෙමත් සඟවා පැමිණි උදැල්ල මතක් වුනා. බිරිඳ මතක් වුනා. පංච කාමය මතක් වුනා. අරතිය වැඩි වුනා. ධර්මය කෙරෙහි ඇල්ම නැතිව ගියා. මොහු රහසේම සිවුරු හැර උදැල්ලත් රැගෙන ගෙදර ගියා.

පැවිදි වෙන්නට ගිය ස්වාමියා නැවත කුඹුරේ වැඩ කරනු දැක බිරිඳ ගොඩාක් සතුටු වුනා. හොඳින් කෑම බීම දී උපස්ථාන කළා. නමුත් ටික දවසක් යද්දී බිරිඳ ඇනුම් පද කියන්නට පටන් ගත්තා. එතකොට මොහු ආයෙමත් කළකිරුනා. “නුඹත් සමඟ ගත කරන මේ ජීවිතයට වඩා පිඬු සිඟා අනුභව කරමින් ගතකරන හුදෙකලා වාසය මොනතරම් වටිනවාද කියා නැවතත් උදැල්ලත් රැගෙන පිටත් වුණා. අර කටු පඳුර අස්සේ උදැල්ල ගැහුවා. ස්වාමීන් වහන්සේලා වෙත ගොස් පැවිදි වුනා.
ටික කලක් ගතවුනා. ආයෙමත් ගිහි ජීවිතය මතක් වෙන්නට පටන් ගත්තා. බිරිඳ විසින් උයා පිහා දෙන කෑමවල රස මතක් වුනා. බිරිඳගේ ආදර බස් මතක් වුනා. “අනේ. මට භාවනා කරගන්නට අමාරුයි. හිත විසිරෙනවා. ගෙදර ගිහින් නිදහසේ ඉන්නට ඇත්නම් කියලයි හිතෙන්නේ…” මෙම භික්ෂුවට දැඩි වීරියක් ගැනීමේ හැකියාවක් තිබුනේ නෑ. සිත විසිරෙද්දී කලබල නොවී සිටීමට හැකියාවක් තිබුනේ නෑ. කාම සිතුවිලි ඇතිවෙද්දී සතර සතිපට්ඨානය සිහි කරන්නට හැකියාවක් තිබුනේ නෑ. අවස්ථානුකූලව බෝධිපාක්ෂික ධර්ම ගලපා ගන්නට හැකියාවක් තිබුනෙ නෑ. ආයෙමත් උදැල්ල මතක් වුනා. හොරෙන්ම පිටත් වුනා. සිවුරු හැර උදැල්ලත් රැගෙන කුඹුරට ගියා. එදත් බිරිඳට හරිම සතුටුයි. ආදරෙන් කතා බස් කළා. රසවත් කෑම බීම දුන්නා. ටික දවසයි ගියේ. ආයෙමත් ඇනුම් පද ඇසෙන්නට පටන් ගත්තා. බිරිඳගේ වෙනස්කම්වලට මුහුණ දෙන්නට සිදු වුනා. “නුඹ සමඟ ගත කරන දීගෙට වඩා මහ වනයේ ගස් සෙවණක නිකම් වාඩිවෙලා සිටියත් සැපයි.” කියල උදැල්ලත් අරගෙන පිටත් වුනා.
වෙනද වගේම උදැල්ල කටු පඳුර අස්සේ හැංඟුවා. ආයෙමත් පැවිදි වුනා. පැවිදි වුන මුල් දවස් කීපයේ නම් මෙම භික්ෂුව ඉතාමත් හොඳයි. නමුත්  ශ්‍රද්ධාව රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. වීරිය රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. සිත ධර්ම මාර්ගය තුළ ස්ථිරව පිහිටුවා ගන්නට බැහැ. ආයෙමත් ගෙදර මතක් වෙනවා. “මොනවා කිව්වත් එයා මගේ බිරිඳ නෙව. මට රසවත් කෑම බීම හදල දෙනව නෙව. ඕනෙම ගෙදරක ඔය හැලහැප්පිලි තියෙන එකේ මං විතරක් මොකටද ගැන අමුතුවෙන් කලකිරෙන්නෙ?” ඉතින් මේ භික්ෂුවට සතර සතිපට්ඨානය අමතක වුනා. කටු පඳුර අස්සේ සඟවපු උදැල්ලමයි මතක් වුනේ. ආයෙමත් සිවුරු හැරියා. උදැල්ලත් අරගෙන ගෙදර ගියා. මේ විදිහට මේ භික්ෂුව හය වතාවක් සිවුරු හැරියා. හිතේ පැහැදීම ඉක්මනින් වෙනස් වෙනවා. අධිෂ්ඨානය ඇති කරගන්නටත් බෑ.
දිනක් කුඹුරට ගොස් පැමිණෙද්දී බිරිඳ පැදුරක් එලාගෙන උඩුබැල්ලෙන් නිදාගෙන හිටියා. ඇයගේ හිස කෙස් අවුල් වෙලා. විසිරිලා තිබුනා. කට ඇරිලා තිබුනා. කුණු කෙල වැගිරෙමින් තිබුනා. ඇය ගොරව ගොරවා සිටියා. මේ දර්ශනය දුටු ගමන් මොහුගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. හැමදෙයක්ම එපා වුනා. බිරිඳටත් නොකියාම මහණ වෙන අදහසින් ආයෙමත් උදැල්ලත් අරගෙන පිටත් වුනා. කටු පඳුර ලඟට ආවා. එතකොට සිහිනුවණ ඇති වුනා. “මේ උදලූ කෙටිය තමයි හැම විපතකටම මුල. මේ උදලූ කෙටිය කටු පඳුරේ හංගපු එක තමයි කැරකි කැරකි පල දුන්නේ. ආයෙමත් නම් මේ මෝඩ වැඬේ කරන්නෙ නැහැ. ආයෙ කිසි දවසක මේ හිස් ජීවිතය උදෙසා උදලූ කෙටිය මේ අත් දෙකෙන් අල්ලන්ට මට ඕන කමක් නැහැ.” කියල හැකිතාක් වීරිය අරගෙන ඈත ගැඹුරු මඩවලකට වීසි කළා. එදා මොහුට මහ සතුටක් ඇති වුනා. සතුටින් යුතුව ස්වාමීන් වහන්සේලා සොයා ගෙන ගියා. ආයෙමත් පැවිදි වුනා. මොහු වසඟ වූ සිතටම හසුව සිටි නිසාචිත්තහත්ථ යන නම පටබැදුනා.

මොහුට බාධාව වශයෙන් තිබුණ උදලූකෙටිය අත්හළ නිසා හිතට වීරිය ගෙන භාවනා කළා. අරතිය එනකොට මැඬගත්තාශ්‍රද්ධාව හොඳින් පිහිටුවා ගත්තා. ධර්මය අවබෝධ කිරීමේ අරමුණ සිත තුළ ස්ථිර කරගත්තා. සතර සතිපට්ඨානයේ සිත මනාව පිහිටියා. චතුරාර්ය සත් ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වුණා. රහතන් වහන්සේ නමක් බවට පත්වුනා.

චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලාඇයි දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද?” කියලා ඇසුවා. “ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ.” කියල පිළිතුරු දුන්නා. මේ තුළින් උන්වහන්සේ අරහත්වය %කාශ කළා කියල ඇතැම් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා.

එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉල්පෙන %ද්ධාව තිබුනොත්  m%ඥාව වැඩෙන්නෙ නැති බවයි. සඳහන් කරමින් මෙහි පළමු ගාථාව වදාළා

4 comments:

  1. ස්තුතියි බින්දි.. මේවා වටින කතා..

    ReplyDelete
  2. ස්තුතියි මේ අගනා ලිපියට

    ReplyDelete
  3. රහත් වූ උතුමන් තමන් රහත් වු වග පවසනවාද.ලස්සන කතාව. හරිම වටිනා කතාවක් කාලයට ගැළපෙනව. එ්ත් මටනම් උදලු කෙටිය අත හරින්න බෑ. දරුවො බඩගින්නෙ මැරේවි

    ReplyDelete