Sunday, January 20, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 8 බුදුන් වහන්සේ ගේ ගම්පියස - කපිලවස්තු පුරය .



"භාග්‍යවතුන් වහන්ස, කපිලවස්තු පුරය පොහොසත්ය. සෞභාග්‍යවත් ය. මිනිසුන්ගෙන් පිරී ඇත. ඇතුන් හා අශ්ව කරත්ත වලින් නගරය පිරී ඇත. පවනේ ලෙල දෙන කොඩි සෑම තැනම දැකිය හැක."
 ( සංයුක්ත නිකාය බු.ජ 183 ) 


"කපිල " නම් සෘෂිවරයාගේ නම ප්‍රමුඛ කරගෙන ගොඩනගන ලද නගරය 'කපිලවස්තු' නම් වේ. 
කපිලවස්තුව ශාක්‍ය රජ වරුන්ගේ ප්‍රධාන නගරයයි .
 ශාක්‍ය රාජ පරම්පරාවේ රජතුමන් අතරින් සම්මානනීය රජු සුදොවුන් රජ තුමාය.



 කෝලිය රජ්‍යද ඒ අසලම පිහිටි නිසා වංශ දෙක අතර ආවහ විවාහ සිදුවීම සිරිතක්  විය. මේ නිසා සුදොවුන් රජ තුමා කෝලිය රාජ කුමාරිකාවක් වූ මහාමායා දේවිය විවාහ කර ගත්හ. මේ දෙදෙනාට දාව උපන් කුමරා සිදුහත් බෝසතුන් විය. මේ කුමරා තරුණ වයසට එනතෙක්ම සුදොවුන් රාජ  මාලිගාවේ ඇති දැඩි විය.

 කපිලවස්තු රාජ්‍ය විශාලම රාජ්‍යයක් නොවූවද ඉතාම බල සම්පන්න සශ්‍රික රාජ්‍යයක් විය. 









අප ලුම්බිණිය ට යන්න පිටත් වුනේ පාන්දර 3.35ට. දිනය 2012 ඔක්තොබර් 24 දින. මේ යන්නෙ බුදුන් වහන්සේ ගේ ගම්පියසටයි. මේ අසිරිමත් ගමනේ දී හමුවෙන වැදගත්ම තැන් මේ බලන්න යන්නෙ. පන්සිල් සමාදම් වෙලා උදේ ආහාරයත් අරගෙන පොඩි සින්දු කීපයක් කියන්න ලැබුන.







ගායිකාවො නම් බොහොමයි.







සමහරු නම් නිදි වැද. D; 



 ඇතුල් වෙන තැන පුවරුව. 



පිපිරහාවා නුවර කියා තමා සඳහන් වෙන්නෙ.



ඉතිරිය ඊළඟ දිනයේ දී...................



16 comments:

  1. සාදු සාදු සාදු..අපිට යන්න බැරිවාට යන අය දිහා බලලා හරි අපි පිං පුරවා ගන්නවා නෙව...

    ReplyDelete
    Replies
    1. @අමිල;
      ඉක්මනින්ම අමිලටත් යන්න ලැබේවා කියල පතනවා. අපි ගොඩාක් වෙලාවට ඉන්දියාවට යන්නෙ බඩු ගේන්න තමයි නෙ.මම නම් එහෙම ගිහින් නෑ. D;
      ඒ උනාට මේ ගමන තමයි හරිම වටින්නෙ. උත්සාහ කලොත් බැරි නෑ. ඔයා ඉන්න ෆීල්ඩ් එකේ හැටියට ගොඩාක් දුරක් යන්න පුලුවන් ඔයාට . අදිශ්ඨානය හා කැපවීම තමයි ඕනෙ. ජය!

      Delete
  2. හොඳ විස්තරයක් අක්කා වෙනද වගේම. පිපිරහාවා කියන නම නම් ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! චන්දන මල්ලි, තව ගොඩක් විස්තර ලියන්න තියෙනවා. මේ ප්‍රදේශය විශාලයි. මට මේ ටිකේ විවේකය හරිම අඩුයි. ආයිත් රැකියාවකට ආවා, ඉතින් ඉවර ඇති ලෙස ලියන්නම් මල්ලි.

      Delete
  3. කපිලවස්තු පුරයට තරමක් විනෝදයෙන් ගිය බවක් පේන්න තියෙනවා.

    සමහරුන්ට නින්දගියේ ගායිකාවන්ගේ දක්ෂතාවයද ( :D )? එහෙමත් නැත්නම් පාන්දරම පිටත් වූ නිසාද?

    ReplyDelete
    Replies
    1. ඔව්! මල්ලි, කොහෙත් ගියේ විනෝදෙන් තමා. නින්ද ගියේ නම් කලින්දා ජේත උයනෙ ඇවිදලා මහන්සියෙන්ම හිටියෙ, ඊලගට මහ පාන්දර නැගිට්ටා නේපාලයට යන්න. අතර මග තමයි කපිලවස්තුව හමුවෙන්නෙ. ඒකයි. කට්ටියට පොඩි විනෝදෙටත් එක්ක මේ ටික දැම්මෙ. මේ සමහර දෙනෙක් ඇහැරලා ඉන්නෙ. පින්තූරෙට වැටෙන විදිහ නෙ.

      Delete
  4. තව විස්තර ටිකක් දාන්නකෝ.. අපිත් කපිල වස්තු ගියානේ ගිය අවුරුද්දේ කැලනියට..

    ReplyDelete
    Replies
    1. D;
      ඔව්, ඔව් එහේ නම් අපිත් ගියා. දාන්නම් දේශක තුමා.

      Delete
  5. පිපිරහාවා නුවර?? අදමයි ඇහුවේ....
    මේ රූප දිහා බලනකොට මට හිතුනේ වයසක අය විතරමද වැඩිපුර වන්දනාවේ යන්නේ කියලා.... මෙහෙම කිව්වට ඉතිං මාත් තාම ගිහින් නෑ..... :)

    ReplyDelete
    Replies
    1. ඔව් සමනළී වයසට ගිහාම තමයි හිතෙන්නෙ මේ ගමන යන්න ඕනෙ කියල. මම විදෙස් ගමන් යන්න පටන් ගත්තෙ වයස අවුරුදු දොළහේදී. ලෝකෙ ගොඩාක් තැන්වල ඇවිද්ද මටත් ඔන්න යන්න ලැබුනෙ වයස පනහ වෙලානෙ. ඒක හරිම වැරදියි. ඔයාල වගේ තරුණ අය තමයි මේවා දැක්බලා ගන්න ඕනෙ. දුවේ ඔයාටත් ඉක්මනින්ම යන්න ලැබේවා! කියල පතනවා. පිපිරහාවා නුවර ගැන විස්තර අනෙක් කොටසේ තියෙනවා දුව.

      Delete
  6. ගොඩක් ආසාවෙන් මේ තොරතුරු කියවන්නෙ.. ගොඩක් ස්තූතියි මේ වටින තොරතුරු අප හමුවෙ සටහන් තබනවට.. යන්න ආසාවෙන් ඉන්නවා.. :)

    ReplyDelete
    Replies
    1. නන්දු ඔයාටත් ඉක්මනින්ම යන්ට ලැබේවා! කියල පතනවා. සතුටුයි මේ සටහන් කියවන එකට නම්. එතකොට ගිහාම මේව මතක් වේවී. එහෙම කියවලා යන කොට වටිනාකම වැඩියි. ධර්මසිරි ගමගේ මහත්තයාගෙ පොත මා කියවා තිබූ නිසා ඒ සතුට මා ළග තිබුනා. නමුත් අප සමඟ ගිය අජිත් මහත්තයාගෙන් ලැබුන දැනුම කියා නිම කරන්න බැහැ. මේ හැම තැනක දීම ඔහු කල පැහැදීම හදපතුලටම කිඳාබැස්සා.

      Delete
  7. කපිලවස්තු පුරයේ පිංතූර ටකි අගෙයි. මේ දවස්වල අදරයේ සිදුකල ශෛළ්‍ය කර්මයක් නිසා බණදහම් පොත් පත් කියවන්න වැඩි කාලයක් ලැබුණා

    ReplyDelete
    Replies
    1. ඉක්මන් සුව තිසරණේ බෙලෙන් ලැබේවා! මල්ලි ඔයාට. මෙහෙම දේවල් අපිට වෙන්නෙ අපිව ටිකක් සන්සුන් කරන්න තමා. එක හැල්මේ දුවන අපේ මනසට ගතට විවේකයක් දෙන්න තමයි සොබාදහමේ අකරතැබ්බ වෙන්නෙ මල්ලි. ගත ලෙඩ උනත් මනස නීරෝගීව ඉන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. බොහොම හොඳා ධර්මය ඇසුරු කරගත්ත එක මේ අවස්ථාවේදී.

      Delete
  8. ඉතිරියත් ඉක්මනටම දාන්න........... මේක අණක් දනන්වනේ කෝරලේ මහත්තයා වසා.........යි :) මටත් යන්න ආසාවක් තියෙනවා දඹදිව. සිරිපාදේ යන්න තිබුණු ආසාව ගිය අවුඋරුද්දේ සම්පූර්ණකරගත්තා. දැන් ඉතිරි සොළොස්මස්ථාන ටිකත් වැඳපුදාගෙන දඹදිව යන්න ඕනේ ඊට පස්සේ මලත් කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. දන්නව දන්නව නොකලොත් දඬුකදේ ගහනව නෙව. අපෝ දැන්ම මැරෙන්න හිතන්න එපා. අර බනියාට මොකෝ වෙන්නෙ? එතකොට. තව ගමන දුරයි. ඒ අතරේ ඉක්මනින්ම දඹදිව යන්න ලැබෙන්න කියල ඔන්න මාත් ප්‍රාර්ථනා කරනවා කෝරලේ මහත්තයෝ.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...