Thursday, November 8, 2012

සංයුක්ත නිකාය - භික්ඛුනී සංයුක්තය. 3


කිසාගෝතමී භික්ෂුණිය මාරයාට  පැවසූ  දෙසුම.

(ගෝතමී සූත්‍රය )


සැවැත් නුවරදී.....


එදා කිසාගෝතමී භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර ට පිඬු සිඟා වඩියා.  සැවැත් නුවර  පිණ්ඩපාතෙ වැඩල , දන් වළඳල ,දවල් කාලෙ චිත්ත විවේකය ඇතිව ගත කරන්න කැමතිව අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුලටම ගිහින් එක්තරා රුක් සෙවනක දවල් කාලෙ ගත කරනව කියල හිතාගෙන වාඩි වුනා.

එතකොට පවිටු මාරයාට මේ විදිහට කැමැත්තක් ඇතිවුනා.

 " කිසාගෝතමී   භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. තැති ගන්වන්නට ඕනෙ , මවිල් කෙලින් කරවන්ට ඕනෙ. සමාධියෙන් දුරු කරවන්ට ඕනෙ" කියල. ඊට පස්සෙ මාරයා කිසාගෝතමී   භික්ෂුණිය ළඟට ගියා. ගිහින් කිසාගෝතමී  භික්ෂුණියට  ගාථාවක් කිව්ව.

"  හා ! ඔය මොකද? දරුවන් මැරිච්ච කෙනෙක් වගේ මූණත් එල්ල ගෙන , තනියම ඉන්නෙ මොකද? මේ වනන්තරෙ ඇතුලට ඇවිල්ල මිනිහෙක්ව හොයන්නට ආවද?  ."
එතකොට කිසාගෝතමී   භික්ෂුණියට මෙහෙම හිතුණා.

 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ.

ඉතින් කිසාගෝතමී  භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පාපී මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, සමාධියෙන්  දුරු කරවන්ට කමති වෙලා තමයි ඔය ගාථා කියන්නෙ"

එතකොට   කිසාගෝතමී  භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, මේ ගාථා පැවසුවා.

"  ඇත්ත වශ්යෙන්ම මං දරුවන් මැරුන කෙනෙක් තමයි. මිනිසුන් වත් ඒ පැත්තටම දීලයි ඉන්නෙ. මං ශෝක කරන්නෙ නැහැ. මං අඬන්නෙ නැහැ. ඒ වගේම ආයුශ්මත , මං ඔබට බයත් නැහැ. ".

" හැම දෙයක් ගැනම තන්හාව නැති කරල දැම්ම. අවිද්‍යා අන්ධකාරය බිඳල දැම්මා. මාර සේනාව ජය ගත්තා. මං දැන් ඉන්නෙ ආස්‍රව රහිතවයි." 
Chandi


එතකොට පවිටු මාරයා, " මේ කිසාගෝතමී   භික්ෂුණිය මාව දැනගත්තා නෙව"  කියල දුක් වුනා. නො සතුටු වුනා. එහිම  නොපෙනී ගියා.


සාදූ!   සාදූ!!   සාදූ!!!

11 comments:

  1. අදත් අපට ආගම දහම දෙසට නැඹුරු කරවන අපුර්ව ලියැවිල්ලක්. ස්තුතියි.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. පින්! නලින් ඔබට, කොච්චර වැඩ රාජකාරී තිබ්බත් මේ ටික කියවන එකම හරිම වටිනවා. තෙරුවන් සරණින් හැම දෙයම සාර්ථක වේවා!

      Delete
  2. කොච්චර කෙටි වුනත් කියවා අවසන්වන විට හිතට දැනෙන නිරාමිස සතුට වගේම බෞද්ධ සාහිත්‍යයේ ඉගැන්වීම්වල හරය නම් විශ්මිතයි.

    ධර්මය බෙදා දිමේ කුසලය හේතුවෙන් ඔබට යහපතක්ම වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දයානන්ද මල්ලී. මේ සතුට වෙන කොහෙන් ලබන්නද? දඹදිව විස්තරෙත් බලන්න ඉවර තියෙන වෙලාවක.

      Delete
    2. කෝ.. දඹදිව විස්තරේ ..මම දැක්කෙ නැහැනේ..

      Delete
    3. ඔන්න මේ ලින්ක් එකෙන් බලන්න . ස්තූතියි!

      http://piyumvila.blogspot.com/2012/10/blog-post_30.html

      http://piyumvila.blogspot.com/2012/11/2.html

      Delete
    4. http://chandigesithuviliuyana.wordpress.com/

      Delete
  3. මේ දවස් වල විශේස පුහුණුවක මම.පිඩනය වැඩියි මනසට.දාඩිය දලා හොදටම හවස ඇවිත් ඇඟ හොදාගෙන ඇවිත් ලැප්‍ ටොප් එක ඔන් කරලා අක්කගේ බ්ලොග් එක ඔපන් කරේ ඉස්සර වෙලා.හිතට හරි සැහැල්ලුවක් මෙක කියවලා අවසානේ.පිං
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනේ නංගි, ඔයාල නිසානෙ අපේ ජීවිත රැකුනෙ. අද අපි නිදහසේ හුස්මක් ගන්නෙ ඔයාලට පින් සිදු වෙන්නයි. ඉතින් මගෙන් යන්තම් හරි කෙනෙක්ට සහනයක් සතුටක් වෙනව නම් ඒ තරම් සතුටක් මට කොයින්ද? ඔයාටත් පින් ! මේ පියුම් විලට ගොඩ වෙනවාට. කීයෙක් කී දෙනා ද මෙහෙම එන්නෙ. වල්පල් කියවන්න නම් ඕනෙ තරම් යාවි.

      Delete
  4. මේ කතාව මං ඇහුවේ අදමයි. බොහොම පින් අක්කට මේ වගේ සිත නිවන දේ ලියන එකට.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහෝම පින් අත් වේවි මල්ලි. මේ වගේ දේ කියවන්න එන අය හරිම අඩුයි. ගොඩක් අය යන්නෙ වෙන වෙන දේ පස්සෙ නෙ. ඔයාල වගේ බොහොම ටිකයි මේ පැත්තෙ එන්නෙ. ඒ උනාට මම ලියන්නෙම ඒ එන ටික දෙනා හරි ධර්මය බිඳක් හෝ දකීවි කියල හිතා ගෙනයි. වෙලා ඇති විටෙක දඹදිව වන්දනාවෙ යන්නත් එන්න.
      http://piyumvila.blogspot.com/2012/10/blog-post_30.html

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...