Friday, November 23, 2012

අප්පමාද වග්ග 2.

               

එතං විසෙසතො ඤත්වා
අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදෙ පමොදන්ති
අරියානං ගොචරෙ රතා

ආර්ය නමැති බුදු - පසේබුදු- රහතුන් නිතර ආශ්‍රය කරන සතිපට්ඨානාදී ධර්මයන්හි ඇලුණු , නුවණැත්තෝ (කලින් ගාථාවේ කියවුණු සේ) අප්‍රමාදයෙහි ඇති මේ කාරණය විශේෂයෙන් දැන අප්‍රමාදයෙහි ඇලෙත්. එනම් ප්‍රමාද - අප්‍රමාද දෙකේ වෙනස හොඳට දන්නවා. ඒ නිසා ආර්යයන් වහන්සේලාගේ නවාතැන වන සත්තිස් බෝධිපාක්ෂික  ධර්මයේම ඇලෙමින් අප්‍රමාදී ගුණය ගැනම සතුටු වෙනව.

තෙ ඣායිනො සාතතිකා
නිච්චං  දළ්හපරක්කමා
ඵුසන්ති ධීරා නිබ්බානං
යොගක්ඛෙමං  අනුත්තරං

ධ්‍යාන වඩන්නා වූ, නිරතුරු පැවති වීර්යෙන් හා දැඩි උත්සාහයෙන් යුක්ත වූ ඒ නුවණැත්තෝ කාමබන්ධනාදී බන්ධනයන්ගෙන් නිදහස් වූ අත්‍යුත්තම වූ නිවණ ලබත්. එනම් සියළු බන්ධන වලින් නිදහස් වී අනුත්තර වූ ඒ අමා නිවනම සාක්ෂාත් කර ගන්නව.


Evaṃ  visesato ñatvā, appamādamhi paṇḍitā
Appamāde pamodanti, ariyānaṃ gocare ratā.

Distinctly understanding this, the heedful wise ones rejoice in
heedfulness, delighting in the realm of the Noble Ones.

Explanation: Those who are truly wise are especially aware of the need for sanity. They take delight in sanity. They take pleasure in the pursuit of sanity because it is the region of the super normal.


 Te jhāyino sātatikā, niccaṃ daḷhaparakkamā
Phusanti dhīrā nibbānaṃ, yogakkhemaṃ anuttaraṃ.

 The constantly meditative, the ever steadfast ones
realise the bond-free, supreme nibbāna.

Explanation:   Those wise individuals who steadfastly practice meditation, reach a level of understanding that enables them to experience Nibbana. Those wise individuals who unceasingly continue in their meditation, firmly and steadfastly, experience Nibbana, which is the supreme release from all bonds.

Sāmāvatī and Māgaṇḍiyā

The Buddha rejected Māgaṇḍiyā when her parents offered her hand in marriage, so she hated him. Sāmāvatī was a devout Buddhist. Both were married to the same king. Māgaṇḍiyā conspired with her relatives to burn Sāmāvatī alive with her attendants. After an investigation, the king had Māgaṇḍiyā and all her relatives cruelly executed. The monks discussed which of the two queens was alive
and which was dead. The Buddha explained that the heedless should be regarded as dead even if they live a hundred years, while the heedful should be regarded as alive even though they are dead.

12 comments:

  1. ධර්ම දානය උතුම් ම දානයයි කියනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒ උතුම් ධර්ම දානයේ ඔබත් කොටස් කරුවෙක් නොවේද ? මල්ලි. මා ලියනා දේ කියවන්න කෙනෙක් නොමැති නම් ලියන්නේ කාටද? ඒ නිසා ඔබටත් බොහෝ පින් අත්වේවි මේ සටහන් කියවනවාට.

      Delete
  2. අක්කේ මේ වගේ දේවල් කවුරුවත් දෙන්නේ නෑ. බොහො දෙනෙක් කියවන්නේත් නැතිව ඇති. ඒත් ඒ දේට කැමත් අය වෙනුවෙන් හෝ ඔබ තරන උදාර සද් කාර්යය අගයන්න වචන නෑ මට. පාලි ගාථා යුනිකේතවලින් නිවැරදිව කොටන්න අමාරුයි. ඒක මම දන්නවා. ඔබට තිසරණ සරණයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නලින්, පාලි වචන ලියන්න යුනිකෝඩ වලින් අමාරුයි, ඒ නිසා උච්චාරනය වෙන විදිහට ලියන්න උත්සාහ ගන්නවා. කියවන්න එන අය අඩුයි. කමෙන්ටු නොදැම්මාට පිට රට ඉන්න අපේම සොහොයුරු, සොහොයුරියන් කියවන්න එන බව මා දන්නවා. ඔවුන් වෙනුවෙන්, ඔබ වැනි අය වෙනුවෙන් මේ කරන කාර්යය දිගටම කරනවා මල්ලි. පින්, වචනයකින් හරි කරන දිරිදීම මට බොහෝ වටිනවා.

      Delete
  3. අපි බුද්ධාගම කිව්වට දන්නේ පන්සිල් පද ටිකයි නාමෝ තස්ස භගවතෝ විතරයි.ඒත් මෙතරම් පුළුල් විෂයයක් පිළිබඳව අක්කා කරන ක්‍රියාදාමය වැදගත් මෙන්ම වටිනවා.

    ReplyDelete
    Replies
    1. අනාන්දයෙන් ප්‍රඥාවට අක්කා එවපු කොමින්ට් එක මගේ ජිමෙල් එකට විතරයි ඇවිත් තියෙන්නේ.ස්තුතියි ඒ ශක්තිමත් වචන ටිකට.

      Delete
    2. ස්තූතියි ගයනි නංගී, ඔයාගෙ වචන ටිකත් මට බොහෝසේ වටිනවා නංගි. තෙරුවන් සරණින් ඔබගේ කටයුතු සාර්ථක වේවා!

      Delete
  4. ධම්ම පදය බෞද්ධ සාහිත්‍යයයේ මුදුන් මල්කඩ වගේම ගිත සාහිත්‍යයේත් මුදුන් මල්කඩ වගේ කිව්වොත් නිවැරදියි ධම්මපදය ඇසුරින් ලියැවුණ ගීත ගැන බලද්දි.

    හැමදාමත් වගේ ඔබේ උතුම් ධර්ම දානයේ ආනිසංසයෙන් යහපතක්ම වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දයානන්ද මල්ලි, හැමදාම ඇවිත් වචනයක් ලියා කරන දිරිගැන්වීම කොච්චර මට වටිනවාද කියල කියන්න වචන නෑ මට. ඔබ වැනි අය මෙය බලන්න එන්නේ නැති නම් මා ලියන්නෙ කාටදැයි හිතා ගන්නට බැහැ. කොහොම උනත් ඈත දුර රටවල ඉන්නා අපේම අයට බණ පදයක් ලියන එක හරිම සතුටක්.

      Delete
    2. ගීත සාහිත්‍ය අගයන්න ඔබ තරම් දක්ෂ නෑ නොවැ මම.

      Delete
    3. චාන්දි ඇත්තටම මම ධම්මපද ගිතය යනුවෙන් ලිපි මාලාවක් ලියන්න හිතා ඉන්නවා අස්වැන්නෙන්. අපේ ගිත බොහොමයක් තියෙනවා ඔම්මපදය ඇසුරින් ලියැවුනඅපි අහලතියෙන අපි හොහිතන සමහර ප්‍රේම ගිත රැසක් ඒඅතර තියෙනවා.

      Delete
  5. අනේ ඉතින් ඉක්මනින්ම ලියන්නකො මල්ලි. ඉතාම........ ආසාවෙන් බලා ඉන්නවා. මම තේර, තෙරී ගාථා වලටත් දක්වන්නෙ මහ පුදුම ඇල්මක්. සසර පුරුද්දක් ද මන්දා.

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...