Monday, November 26, 2012

ථේර ගාථා 27

අද  ඉල් පොහෝ දවසයි.  

 වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක් පොහොයයි.

 මෛති‍්‍රය බෝසතුන් වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධර්ම දූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධර්ම ර්‍ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, චීවර මාසයේ අවසාන පොහොය වීම, සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධර්මය  අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම, ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය. මෙම සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට වැදගත් වේ.


සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම ට අවසර ඉල්ලීම.


මේ නිසා මේ ටිකේ පොස්ට් ටිකක් ලඟ ලඟ වැටුනා. එවා හැම දෙයක්ම කියවන්න සුපින්වත් ඔබට හැකිනම් එයයි මා ලද සතුට!


ජම්බුගාමික පුත්ත තෙරුන්ගේ ගාථාව.

 ඔබ සිවුරු වලට රෙදි සොය සොයා කල් ගෙවන්නේ නෑ නේද? ඇඟපත සරසන්නට කැමති කෙනෙක් නොවේ නේද? ඔබෙන් ඔය හමන්නෙ සිල් සුවඳ නේ? අනෙක් උදවිය ගෙන් නම් එවැනි සුවඳක් හමන්නේ නෑ.

මේ වනාහී ජම්බුගාමික පුත්ත නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.

12 comments:

  1. ඔන්න පොය දවසෙ උදේම ධාර්මික දෙයක් කියවන්න ලැබුණා... සාධු..!!!

    ReplyDelete
    Replies
    1. යාන්තිකයාට මහත් වූ පින්! අත්වේවි මේ ධර්මය කියවන්න ආවට. තෙරුවන් සරණයි!

      Delete
  2. හිත සැනහෙන දෙයක් අහන්න ලැබෙන එක කොච්චර දෙයක්ද.. අගනා විස්තරයක් අක්කේ. ජම්බුගාමික පුත්ත තෙරුන්ගේ ගාථාව නම් මං ඇහුවමයි මේ.අද පෝය දවසේ නොදන්නා දෙයක් දැන ගන්න ලැබුන.

    ReplyDelete
    Replies
    1. මහත්වූ පිනක් ඔබ අත් කරගන්නෙ චන්දන මල්ලි. තේර ගාථා ලියන කොට මහ පුදුම හැඟීමක් එන්නෙ, මේ සසර නිසරු බවත්, නිවනේ තියෙන සැනසීමත් කොයි තරම් සුන්දරව මේ රහතන් වහන්සේලා කියනා වදන් වලින් අපිට දැනෙන වා ද? තෙරුවන් සරණයි!

      Delete
  3. Replies
    1. එන්නම් නලීන් ඉක්මනින්ම. අද සිල් සමාදන් වෙලා ආවෙ. පින් ඔබට සටහන් කියවන්න ආවට. තෙරුවන් සරණයි!

      Delete
  4. ඔබ මේ ථේරි ගාථාව ඊයේ දැම්මත් අද පොහොය දවසසේ අලුයමින්ම කියෙව්වේ මේක.ඒත් කමෙන්ට් එක දාන්නේ පෝය ගෙවෙන්න හෝරා දෙකකට විතර කලින්.
    පෝය දවසේ බෙදා දුන් ධර්ම දානය ආනිංසයෙන් ඔබට නිදුක් නිරෝගී සුවය අත්වේවා.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුව දමන්න පහු උනාට කමක් නැහැ, දයානන්ද මල්ලි, මටත් මේ ටිකේම නෙට් ප්‍රශ්ණ නිසා ලියන්න අමාරු වෙලා හිටියෙ. යන්තම් මාසෙ මුල නිසා හරි දැන්. බොහෝම පින්! මේක කියවලා යනවට.

      Delete
  5. අක්කා වගේ නිවී සැනසුන අයවලුන් ආශ්‍රය සිත සමනය කරන්නක් .

    ReplyDelete
    Replies
    1. පෙර ආත්මෙක ඉඳන් අපි එකට ඉන්න ඇති, නැත්නම් මෙහෙම හමුවේවි ද? පින්! නංගි මේ පැත්තෙ එනවට. ලංකාවට ආවම කතා කරන්න.

      Delete
  6. පෝය ගෙවුනා විතරයිනේ. ධර්ම කරුණු අපිට පැහැදිලිව කියා දෙනවාට ගොඩක් පින්....

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම පින්! ප්‍රියන්ත මල්ලි මේ පැත්තෙ ආවට. ස්තූතියි!

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...