Saturday, October 6, 2012

භික්ඛුනී සංයුක්තය - ආළවිකා සූත්‍රය.



අද අලුත් සංයුක්තයක් පටන් ගන්නෙ. හරිම අසිරිමත්!  මේ භික්ෂුණින් වහන්සේලාගේ වදන්. 


භික්ඛුනී සංයුක්තය.

භික්ඛුනී වර්ගය 

ආළවිකා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම.

ආළවිකා සූත්‍රය.

භාග්‍යවතුන් වහන්සේ ගෙන් මාහට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවන අසපුවේ.

එදා ආළවිකා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර ට පිඬු
සිඟා වඩියා.  සැවැත් නුවර  පිණ්ඩපාතෙ වැඩල දන් වළඳල . චිත්ත විවේකය කැමතිව අන්ධ වනයට පිටත් වුනා.

එතකොට පවිටු මාරයාට මේ විදිහට කැමැත්තක් ඇතිවුනා. " ආළවිකා භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. මවිල් කෙලින් කරවන්ට ඕනෙ. චිත්ත විවේකය නති කරවන්ට ඕනෙ" කියල , ඊට පස්සෙ මාරයා ආළවිකා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් ආළවිකා භික්ෂුණියට  ගාථාවක් කිව්ව. 

"මේ ලෝකෙ නිවන කියල දෙයක් නෑ. ඔය චිත්ත විවේකයෙන්  කුමක් කරන්ට ද? කාම සැප විඳල ඉන්ට. ඔන්න පස්සෙ දුක් වෙන්ට එපා".

එතකොට ආළවිකා භික්ෂුණියට මෙහෙම හිතුණා.
 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ.  

ඉතින් ආළවිකා භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පාපී මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, චිත්ත විවේකයෙන් දුරු කරවන්ට යි ඔය ගාථා කියන්නෙ" 
ඉතින්  ආළවිකා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, මේ ගාථාවලින් පවිටු මාරයාට පිළිතුරු දුන්නා.

 '' ලෝකයේ නිවන කියල දෙයක් තියෙනවා. මට ඒක ප්‍රඥාවෙන් අවබෝධ වුනා. පමාවූ ජනයාගේ  ඤාතියා වන මාරය, ඔබ ඒ අමා නිවන ගැන දන්නෙ නැති කෙනෙක්."

" කාමයෝ කියන්නෙ දරුණු ආයුධ වගේ දේවල්. මේ රූපස්කන්ධය  ඒ කාමයන්ට මස් වැදලි වගේ. ඔබ කාම සැපයක්ය කියල යම් දේකට කියනවා නම්, මට ඒක අරතියක්ම යි".

එතකොට පවිටු මාරයා, " මේ ආළවිකා භික්ෂුණිය මාව දැනගත්තා නෙව"  කියල දුක් වුනා. නො සතුටු වුනා. එතනම අතුරුදහන් වුනා. 


සාදූ!   සාදූ!!   සාදූ!!!

4 comments:

  1. සංයුක්ත නිකාය කිව්ව ගමන් නොදන්නා අයෙකුගේ ඉහ මොලේ රත්වෙනවා. ඒත් චාන්දි ඔබේ සරල බසින් කරන මේ සත් ක්‍රියාව තුළ දැනෙන නීවිම සැනසිම වචනයෙන් කියල නිමකරන්න බෑ.

    පැයක් බණ අහනවට වඩා විනාඩි කිපයක් මෙ වැනි පුංචි ඡේදයක් කියවල හිත නිවා පහන් කර ගැනීමේ පුණ්‍ය කුසලයම ඔබට අනුමෝදන් කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහෝ පින්! දයානන්ද . මා විසින් වපුරන ලද දේට ලැබෙන්නාවූ අස්වැන්න නොවේද? මේ වටිනා වදන් පෙල.

      Delete
  2. චාන්දි අක්කේ පවුකාර අපි කොහේද යන්නේ.ඔබට පිං.

    ReplyDelete
    Replies
    1. ඇයි? නලින්, ඔබ මනුසත් බව ලැබීමම මහඟු පිනක් නොවැ. අප්‍රමාදීවන්න මල්ලී. ශ්‍රී සද්ධර්මය තාම ලොවෙහි තාම බැබලෙනවා. ඒ නිසා ප්‍රමාද නොවී කටයුතු කරන්න. ඔබට ජය!

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...