Saturday, September 29, 2012

ථේර ගාථා 25



උභය තෙරුන් ගේ ගාථාව.

සූරිය වංශයේ උපන් බුදු සමිඳාණන් සුන්දර ලෙස වදාරන ලද දහම් පදයි මා අසාගත්තෙ.   මටත් ඒ සියුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකර ගන්ට පුළුවන් වුණා.   ඒක හරියට ම දක්ෂ දුනුවායෙක් ඉලක්කයට ම ඊයෙන් විදින්නාක් වැනි වැඩක්.

මෙය වනාහී ආයුශ්මත් උභය නම් රහත් මුණිඳුන් වදාළ ගාථාව යි.

6 comments:

  1. අද පෝය දවසේ මේ ලිපිය කියවල ලෑස්තිවෙන්නේ දුවල දෙන්නත් එක්ක පන්සල් යන්න.

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳයිද ? බෞද්ධ නිවසක සිරියාව ලෝකෙ කොහේවත් දකින්න පුලුවන්ද? අපි අද හැමෝම සිල් සමාදන් උනා. කාලෙක ඉඳල නොකඩවා සිල් ගන්නවා. අපේ තරුණ දරුවන් අපිත් එක්ක සිල් සමාදන් වෙන්ව කිසිම බල කිරීමක් නැතිව. ඔබලාගේ දියණියන් දෙදෙනාට ධර්මය දෙන්න. ඒක තමයි දෙමාපියන් ගෙන් දරුවෙකුට ලැබෙන උතුම්ම ධනය.

      Delete
  2. ඉලක්කයක් නැතිව ඉබගාතේ යන අයට බුදු දහම් වටිනාකම මතක් කරන වැදගත් ඔවදනක් චාන්දි අක්කා. පින්සිදු වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණි නංගි මේ පැත්තෙ ආවට. ධර්මය පහුරක් කර ගත්තානම් ඉලක්කයට යන්න හැකියි නේද?

      Delete
  3. බෞද්ධ සාහිත්‍යයේ ථෙර ථේරි ගාථා ඉතාමත් ඉහල සාහිථය රසයක් ඇතිවා සේම ඒතුල ඇති දහම ජීවිත වලට ආදාර්ශයක් සපයනවා. පොහෝ දින කරගත් මේ ධර්ම දානය උතුම් පුණ්‍යකර්මයක්..

    ReplyDelete
    Replies
    1. බොහෝ පින්! මේ සටහන් කියවන්න ආවට. ඇත්ත, ඒවා බොහෝවිට අපේ දිවිය හදාගන්නත්, ජීවිතාවබෝධයටත් උපකාරී වෙනවා.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...