Tuesday, July 3, 2012

සංයුක්ත නිකාය - සත්ති වර්ගය 8 සූත්‍රය



මහා ධනය මුල් කොට වදාල දෙසුම.
(මහද්ධන සූත්‍රය )

සැවැත් නුවර ජේතවන අසපුවේදීය.

එකත්පසක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් සමීපයේ මේ ගාථාව ප්‍රකාශ කළා.

" මහා ධනය තියෙන , මහා සැප සම්පත් තියෙන රට - රජ්ජවල් තියෙන රජවරු පවා එකිනෙකාගෙ දේ ට ආසා කර කර ඉන්නෙ.  ඔවුන් කාමයන් ගැන සෑහීමකට පත්වෙලා නෑ. සංසාරෙ සැඩ පහරට අහුවෙලා සෑහීමකට පත් නොවී , කාමයම සොය සොයා යන ජනතාව අතර තණ්හාව දුරු කලේ කවුද? "


භාග්‍යවතුන් වහන්සේ:-

"ගිහි ජීවිතය අත්හැර දාල, අඹු - දරුවන් , හරක - බාන  ආදී ප්‍රිය දේවල් අත්හැර දාලා, මේ සාසනේ  මහණ වෙන අය ඉන්නව. ඔවුන් අවිද්‍යාව නැතිකරල, ද්වේශයත් නැතිකරල, ආස්‍රව රහිත වෙනව. ඒ තමයි රහතන් වහන්සේලා. ලෝකයේ කාමය සෙවීමේ කිසිම උත්සාහයක් ඔවුන් තුල නෑ." 


( මෙහි තේරුම රහතන් වහන්සේලා පමණක් මේ ලෝකයෙහි සම්පූර්ණයෙන්ම තෘප්තිමත්ව  වැඩ වෙසෙන බවයි. )

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...