Thursday, July 14, 2011

සංයුක්ත නිකාය


දුක්කර සූත‍්‍රය!
දුෂ්කරතාව ගැන වඳාල දෙසුම.
දෙව්යන් : ඉවසන්න බැරි කෙනාටත් ,මෝඩ පහේ කෙනාටත් මහණකම් කිරීම දුෂ්කරයි. එබදු අඥාණ පුද්ගලයාට හරියට බාදා තියෙනව. ඔහු මහණකමින් පස්සට විසිවෙනවා. ”
භාග්‍යවතුන් වහන්සේ : ''ඉතින් එහෙම නම් , තමන්ගෙ හිත පවින් වළකා ගන්නේ නැතිනම්, සැබෑ මහණ කමක් කොච්චර දවසක් කරන්නද? පාපී අදහස් වලට වසඟ උනාට පස්සෙ පියවරක් පියවරක් පාසා පස්සට විසි වෙනවා.
ඉබ්බෙක් තමන්ගේ අවයව කටුව අස්සට ගන්නවා වාගේ භික්‍ෂුවක් තමන්ගේ මනෝ විතර්ක භාවනා අරමුනේ එකඟ කරන්නට ඕනේ . පාපී අකුසල් ඇසුරු කරන්නේ නැතිව අනුන්ව වෙහෙස වන්නේ නැතිව පිරිනිවී යන භික්‍ෂුව කාටවත් චෝදනා කරන්නේ නෑ. ”
සාදු ! සාදු !! සාදු !!!

2 comments:

  1. බොහොම පින් මේවාගේ දේවල් වලින් අපේ හිත් නිවෙනවා සැනසෙනවා

    ReplyDelete
  2. ඔබටත් බොහොම පින්! ධර්මය දකින්නා බුදුන් දකී. නිතර ධර්මයේ හැසිරෙන්නා නිවන කරාම පියනගයි. තෙරුවන් සරණින් ඔබේ දිවිය සරුවේවා!

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...